කුලතිලක කුමාරසිංහ මහාචාර්යතුමා විසින් රචිත 2013 සිංහල නවකතා විචාර ග්‍රන්ථය කරුණු කිහිපයක් අතින්ම වැදගත් කෘතියක් වෙයි. 2013 වර්ෂයේ රචිත ප්‍රවීණ සහ ආධුනික ලේඛක ලේඛිකාවන්ගේ නවකතා පිළිබඳව පාඨකයා දැනුවත් වීම සහ එම නවකතා පිළිබඳව ඉතා ගැඹුරු විශ්ලේෂණාත්මක විචාර කියවා එම කෘතීන් ගැන ගුණ දොස් දැනගැනීම මහඟු කාර්යයක් වෙයි.
නවකතා 85ක පමණ විචාර මෙම ග්‍රන්ථය තුළ අඩංගු වී ඇත. එයින් සමහරක් සම්මාන උත්සවවලදී තෑගි ලබාගත් නවකතාය. සමහර නවකතා නමවත් අසා නැති ආධුනික ලේඛකයන් ගේ ය. ආධුනික හෝ ප්‍රවීණ බව නොසලකා මෙම නවකතා පිළිබඳව ඉතා සාධාරණ විචාර ඉදිරිපත් කිරීම මෙම කෘතියේ විශේෂ ලක්ෂණයකි. නවකතාව යනු කුමක්ද? එහි චරිත සහ අවස්ථා නිරූපණය විය යුත්තේ කෙසේද? එසේම එම කෘතිවල අන්තර්ගත දේශපාලන දැක්ම කෙබඳුද? යන්න සමාජ සංස්කෘතික තලයක කතා විග්‍රහ කිරීම පාඨකයාට නව අත්දැකීමක් වනු ඇත. දෙස් විදෙස් රටවල නවකතා සහ විචාර විධි ක්‍රම පිළිබඳ මනා අවබෝධයක් ඇති කතුවරයා ඒ සෑම අත්දැකීමක් ම උපයෝගී කරගනිමින් මෙම විචාරයට අවතීර්ණ වී ඇත. සමහර සම්මාන දිනූ නවකතා පවා අවසානයේ ඔහුගේ නිර්දය විචාරයට හසු වී ඇත. |
ස්වර්ණ පුස්තක සම්මානය පවා දිනූ ලියනගේ අමරකීර්තිගේ “කුරුළු හදවත” නවකතාවේ චරිත නිරූපණයේ දුර්වලතා පිළිබඳව ඔහු මෙසේ පවසයි.
“නවකතාව ගොඩනැගෙන දිනසිරිගේ චරිතය ඔහුගේ මානසික විකෘතියක් මිස සජීවී ප්‍රාණවත් චරිතයක් නොවේ. එබැවින් ඒ චරිතය නවකතාව අවසානයේ නිශ්ක්‍රිය චරිතයක් බවට පත් කර ඇති අයුරින් පෙනේ. දිනසිරිගේ ප්‍රයත්නය ඒ චරිතයේ ස්වතන්ත්‍රතාව යටපත් කර ස්වභාවික විකාශනය පලුදු කර නිෂ්ක්‍රීය තත්ත්වයට පත්කර ඇත (124 පිටුව කුරුලු හදවත).
ස්වර්ණ කාන්ති පෙරේරා ගේ “චෛතසික නෑයෝ” කෘතිය පිළිබඳ ඔහු මෙසේ පවසයි,
විඥානය සහ උප විඥානය අතර ඇතිවන ඝට්ටනය අනුසාරයෙන් මිනිසාගේ පැවැත්ම පිළිබඳව ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක වෙයි. බොහෝ විට උප විඥානය ග්‍රහණය කරගන්නා සිත විසින් විඥානයෙහි ක්‍රියාකාරිත්වය සිදු වෙයි. මේ සංකීර්ණ ක්‍රියාදාමය නිරූපණය කිරීමට දරන ලද උත්සාහයක් ලෙස ස්වර්ණ කාන්ති පෙරේරා ගේ “ චෛතසික නෑයෝ” නවකතාව දැක්විය හැක( චෛතසික නෑයෝ 341 පිට). මෙම විචාර තුලදී ලේඛකයා නිර්මාණය ගැන පමණක් කථා කිරීමට උත්සුක වී ඇත (මෙය රොලන්ඩ් බාත් ගේ අදහසකි). නිසාම ඕනෑම ලේඛකයෙකුට සාධාරණය ඉටු කිරීම ඔහුගේ අභිප්‍රාය වී ඇත. නවකතා 85ක් පිළිබඳව කතුවරයා ලියා ඇති විචාර විග්‍රහ කිරීමට මෙම කෙටි ලිපියෙන් නොහැකි වුවද එම විචාර එකකට එකක් අනිකට නොදී වනසේ පාඨකයාගේ විචාර බුද්ධියට හසු වනු ඇත.
නවකතාව ප්‍රබල සමාජ විවරණයක් කළ හැකි කලා මාධ්‍යයක් බව ද සාහිත්‍ය නිර්මාණය ප්‍රබල ඤාණ ගවේෂණයක් බව ද, මෙම නවකතා විචාර තුළින් කතුවරයා මනා ලෙස මතුකර පෙන්වයි. නවකතාකරුවා තම අත්දැකීම් ්ෂේත්‍රය පුළුල්ව පර්යේෂණාත්මකව යථාර්ථවාදය, මායා යථාර්ථවාදය ප්‍රවේශයන්ට ද ආවරණ විය යුතු බව කතුවරයා අවධාරණය කරයි. එවැනි දියුණු වින්දනයක් ඇති නවකතා පිළිබඳවද තුවරයා මතු කරන අදහස මෙම ග්‍රන්ථය තුළ ඇත.මොහාන් රාජ් මඩවලගේ “ලොවීනා” එවැනි නවකතාවක් බව විචාරකයා සඳහන් කරයි. මෙලෙස උසස් චරිත නිරූපණය සහ දුර්වල චරිත නිරූපණ අවස්ථාද මතු කරමින් මෙහි සඳහන් නවකතා පරිශීලනය ට ක්කරමින් කරන විග්‍රහය පාඨකයාගේ ඥාන මණ්ඩලය පුළුල් කිරීමට කතුවරයා වෙහෙස දරා ඇත. “ලොවීනා” නවකතාවේ එකී අවස්ථාවක් උපුටා දක්වන ඔහු මෙසේ පවසයි,
“ රොඩී මිනිසුන් තහංචි රැසකට මුහුණ දීමට සිදුව තිබූ අයුරු නවකතාකරුවා මුඛ කතා පුවතට හානියක් නොවන අයුරින් කලාත්මක ගුණයට බාධාවක් පැන නොනඟින ලෙස නිරූපණය කිරීමට ප්‍රකට විවේක බුද්ධිය අපගේ ඇගයීමට ලක් විය යුතුය ( ලොවීනා 80 පිටුව)"
මෙම කෘතියේදී මතුකර පෙන්වන තවත් උසස් නවකතාවක් වන්නේ පී බී ජයසේකර ගේ “මරියා සිලොනිකා වස්තුව” නමැති කතාවයි. දේශපාලනිකව, ස ංස්කෘතික ලෙස සහ ආර්ථික වශයෙන් දරුණු ප්‍රපාතයකට ලක්වී ඇති නූතන ලාංකික සමාජය නිර්දය විවේචනයකට ලක් කිරීම සඳහා මෙම නව කතාව රචනා කර ඇත. මෙම නව කතාවේ සඳහන් කරුණාපාලගේ චරිතය සාධාරණය කිරීම සඳහා නව කතාවේ සමහර කොටස් කතුවරයා උපුටා දක්වයි. මේ එක් අවස්ථාවකි. ජාතිවාදයද පිටුදකින කතුවරයා ාක්ස්වාදියෙකු ලෙස ප්‍රශ්න දෙස බලන කරුණාපාලගේ චරිතය අගය කරයි. සමාජ ප්‍රශ්න මුල්කොටගෙන චරිතම වීම විචාරකයා අගය කරන බව පෙනේ. සාහිත්‍ය හුදෙක් රස වින්දනය සඳහා පමණක් නොව, සාහිත්‍ය කලාවන්හි මූලික අරමුණු වශයෙන් එම කලාවන් බිහි වුණ සමාජයේ ආර්ථික සම්බන්ධතා ද නිරූපණය විය යුතු යැයි කාල් මාක්ස්ගේ වදන ද මෙහි දී සිහියට නැඟේ. සරල ලෙස කතන්දර ලිවීම නවකතා නොවන බව කුලතිලක මහතා මෙම කෘතියේ නොයෙක් තැන්වලදී සඳහන් කරයි. බොහෝ සම්මාන දිනූ නවකතා ද කතුවරයාගේ නොමද විවේචනයට හසු වෙයි. ඒ අනුව නවකතා 85 ම කියවන පාඨකයෙකුට නවකතාව යනු කුමක්ද යන්න හැදෑරීම සඳහා මනා පිටුවහලක් සපයයි.
මංජුල වෙඩිවර්ධන නවකතා ක්ෂේත්‍රයෙහි දී අත්හදා බැලීම් කරන කතුවරයෙකි. එහෙත් ඔහුගේ “ආදරණීය යක්ෂණි” නවකතාව එම අත්හදා බැලීම්වලට පමණක් සීමා වෙයි. නාට්‍ය කලාවේ දුරස්ථකරන රීතිය සිහිගන්වන මෙම නවකතාව පැහැදිලි කතා වස්තුවක් නොමැතිකමින් පාඨකයා ගේ අවධානයට ලක් නොවන බව විචාරකයා පවසයි. නව රීති අත්හදාබැලීම් ප්‍රශංසනීය වුවද එය පාඨකයාගේ ග්‍රහණයට හසු නොවේ නම් න් ප්‍රයෝජනයක් නැත. විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වූ පමණින් උසස් නවකතා ලිවිය නොහැකි බව චන්ද්‍රසිරි පල්ලියගුරුගේ “සීමා” නවකතාව දෙස් දෙයි. එහි පැහැදිලි කතා වස්තුවක් තිබුණද, භාෂාව ප්‍රශස්ත ලෙස ඉදිරිපත් කළ ද එහි අන්තර්ගතය තුළින් ජීවිතයේ යථාර්ථය ප්‍රකට නො වීම නිසා එය උසස් ගණයේ නවකතාවක් නොවන බව විචාරකයා පවසයි. එය සත්‍යයකි. මේ ලෙස නොයෙක් වස්තු බීජයන් සහිත නිර්මාණ එම කේන්ද්‍රයේ පුවත් වලට අනුරූප වෙමින් ඉතා වෙහෙසකාරී විචාරාත්මක විමර්ශනයකට නතු කිරීම තුළ කුලතිලක කුමාරසිංහ මහතාගේ මෙම නිර්මාණශීලී අරමුණ ඉතා සාර්ථක ව ඉෂ්ට කරගෙන ඇත. මෙම කෘතිය විශේෂයෙන් පාඨකයන්ගේ ත් විචාරකයන්ගේ ත් අවධානයට ලක්විය යුතුය.