තිස්ස ජනනායක ලිපිය: ප්‍රතිචාර සහ පිළිතුරක්.
2020 ජූලි 4 දින පළ වූ ඒ.ඩී. ගුණසේකර මහතා විසින් ලියන ලද විද්‍යාව නමින් අවිද්‍යාව ඉගැන්වීම : තිස්ස ජනනායක ලිපියට සනත් ජයලත් මහතා එවූ ප්‍රතිචාරයත් එයට ගුණසේකර මහතා එවා ඇති පිළිතුරත් පහත පළ කරමු.
සුනිල් අල්ගම මහතා විසින් 2021 ජනවාරි 18 වන දින එවන ලද ප්‍රතිචාරය ද මෙහි පළකර ඇත.

ප්‍රතිචාරය-
⚈ සනත් ජයලත් - Sanath Jayalath
2020 සැප්තැම්බර් 19
තිස්ස ජනනායක මහතා උගන්වන බෞද්ධ ආගම සම්බන්ධ ඇතැම් කරුණු විද්‍යාව මගින් පැහැදිලි කිරීම අපහසු විවාදාත්මක කරුණු බව පෙනෙනවා . නමුත් බෞද්ධ දර්ශනය සම්බන්ධ ලේඛන හා සුත්‍ර දේශනා වල එබදු කරුණු අඩංගු වන බව දැකිය හැකියි ... එබැවින් පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන සය වැනි ඉන්ද්‍රිය ගෝචර එනම් දියුණු කරනු ලැබූ මනසින් විමසා බැලිය යුතු කරුණු අඩංගු බුද්ධ භාෂිතය හොදින් අවබෝධ නොකර, බටහිර විද්‍යාව මත පමනක් පදනම්ව ජනනායක මහතා කියන කරුණු බැහැර කිරීම නොවටී... ඔහුට මෙම කරුණු පිළිබඳව යම් කියවීමක් ඇති බැව් පෙනීයයි.. පංචේන්ද්‍රිය ගෝචර දේවල් සෑමවිටම යතාර්ථය නොවන බැවින් එවාගේ ස්වභාවය අවබෝධ කරගැනීමට විද්‍යාව අවශ්‍ය වේ. බෞද්ධාගම හා බටහිර විද්‍යාව පූර්ණ ලෙස එකට හමුවන දිනය බොහෝ දුර වියහැකියි ... එදිනට ආලෝකයේ වේගය යතාර්ථයක් වී තිබෙනු ඇති බැවින් මෙවැනි ගැටලු ඇති නොවනු ඇත ...

පිළිතුර -
⚈ ඒ.ඩී.ගුණසේකර - A.D. Gunasekara
2020 සැප්තැම්බර් 22
විද්‍යාව නමින් අවිද්‍යාව ඉගැන්වීම යන මාතෘකාව යටතේ මා විසින් ලියන ලද ලිපියට පිළිතුරක් ලෙස සනත් ජයලත් මහතා විසින් එවා ඇති ලිපිය සම්බන්ධයෙනි,
තිස්ස ජනනායක මහතා උගන්වන බෞද්ධාගම සම්බන්ධ ඇතැම් කරුණු විද්‍යාව මගින් පැහැදිලි කිරීම අපහසු බව ද බෞද්ධ දර්ශනය සම්බන්ධ ලේඛණ හා සූත්‍රවල එවැනි කරුණු අඩංගු බව ද ඔහු පවසයි. මේ ගැටලුව පැන නැගී ඇත්තේ ආගමික ග්‍රන්ථ වල අඩංගු කරුණු ප්‍රශ්න නොනගාම, සාක්ෂි නොවිමසාම ඒ ආගම් වල අනුගාමිකයන් විසින් සත්‍ය කරුණු ලෙස පිළිගන්නා නිසාය.
සියලු ආගම් විශ්වාස මත පදනම්ව ඇත. විද්‍යාව පදනම් ව ඇත්තේ සාක්ෂි මත ය. බුද්ධ භාෂිතයේ අඩංගු කරුණු ගෝචර වන්නේ හයවැනි ඉන්ද්‍රිය හෙවත් දියුණු කරන ලැබූ මනසින් විමසා බැලීමට බව ඒ මහතා පවසන්නේ ඒවාට සාක්ෂි නැති නිසාය. පංචේන්ද්‍රීයට ගෝචර වන දේවල් සෑම විට ම යථාර්ථය නො වන බව ඒ මහතා පවසයි. පංචේන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා නිරීක්ෂණ වඩා නිවැරදිව ලබා ගැනීම සඳහා විද්‍යාව කැමරා, අන්වීක්ෂ, දුරේක්ෂ ආදි විවිධ උපකරණ භාවිතා කරන්නේ ඒ නිසාය.
බෞද්ධාගම ද අනෙක් සියලු ආගම් මෙන්ම විශ්වාසය මත මිස සාක්ෂි මත පදනම්ව නැති නිසා සාක්ෂි මත පදනම් වූ විද්‍යාව සමඟ ඒ කිසි දිනක එක් නොවුණු ඇත. අනාගතයේදී සිදුවනු ඇත්තේ මිනිසුන් සියලු ආගමික විශ්වාස වලින් බැහැරවීමය.

⚈ සුනිල් අල්ගම - Sunil Algama
⚈ සුනිල් අල්ගම - Sunil Algama
2021 ජනවාරි 19
සනත් ජයලත්ට පිළිතුරක්
බෞද්ධාගමත් විද්‍යාවත් එකට මුණ ගැසෙන දිනයක් ගැන මෙහි සඳහන් වීම ගැටලු සහගතය. එසේම මෙහි ඇත්තේ පරස්පර විරෝධතා මතුවන, හුදෙක් තම ශාස්තෘවරයා අතිශයෝක්තියෙන් ඉහළට ඔසවා තැබීමට කෙරෙන නිරර්ථක වෑයමක ඡායාවකි. බෞද්ධාගම හා විද්‍යාව එකට මුණ ගැසෙන දින ආලෝකයේ වේගය යථාර්ථයක් බවට පත්වන බව යෙදුම අව්‍යක්ත හා නුසුදුසු එකකි. ආලෝකයේ වේගය විද්‍යාත්මකව තහවුරු කර ඇත. විද්‍යාව යනු වෙනස්වන දෙයකි. ඒ නිරීක්ෂණ , උපකල්පන හා පරීක්ෂණ මත විකාශය එළැඹෙයි. මෙහිදී, ලේඛකයා ඊට පසුව කරන බුද්ධාගම ආගමක් යන්න සහ දෙවනුව දර්ශනයක් යන්න ලෙස ඒ දෙකෙහිම එබ්බවීමට දරන වෑයම තුළ වඩාත් වික්ෂිප්ත වෙමින් අසරණ වෙයි.
බෞද්ධාගම යනු ශාස්තෘවරයා දෙසූ පණිවිඩය පරම සත්‍ය ලෙස ගෙන කෙරෙන ඇහීමකි. ආගමකි. දර්ශනය තර්කය මත ගොඩනැගෙමින් ප්‍රත්‍යක්ෂයකට එළඹෙන එහෙත් අනාගතයේ නිරන්තරයෙන් වාදවලට බඳුන් වන්නකි. බෞද්ධාගම පරම සත්‍ය නම් ලේඛකයා සඳහන් කරන ආකාරයට විද්‍යාව පමණක් දියුණු වී එම තත්වයට පැමිණිය යුතුය. එවිට ආලෝකයේ වේගය යථාර්ථයක් බවට පත්විය යුතුය. එහෙත් ලේඛකයාගේ අනවබෝධය නම් ඔහු පවසන පරම සත්‍ය වසර 2500 කට පෙර අවධියේ තිබූ තැනම තිබීමත් (නිර්මල දහමක් ලෙස එසේ විය යුතුය) විද්‍යාව දියුණු වෙමින් ලොව පිළිබඳව පැවති මිථ්‍යා මත බිඳ හෙළමින් වර්තමානය වන විට ලෝකයේ වේගය යථාර්ථයක් බවට පත්කර තවත් වසර ගණනාවක් ගණනාවක් ඉක්ම ගොස් ඇති බවත් මගහැර තිබීම ය. විද්‍යාව තව තවත් ඉදිරියට යයි.
සයවන ඉන්ද්‍රියක් තුළින් කෙරෙන අවබෝධයක් ගැන ද මෙහි කියැවෙයි. එවැන්නක් තිබේ නම් වර්තමානය දක්වා අප එවැනි දැනීම් තුළින් පෝෂණය විය යුතුය. මේ තාක් අප ලබා ඇති දැනුම් සම්භාරය ලැබී ඇත්තේ දාර්ශනික හා විද්‍යාත්මක චින්තන පසුබිමක් තුළය. අප කවුරුත් අපට පෙර විසූ වියතුන්ගේ දැනීමෙන් පෝෂණය වෙයි. බුදු උපතට පෙර සිට ඉතා ගැඹුරු ඤණ සම්භාරයක් භාරතයට උරුමව පැවතිණි. පතංජලී යෝග සූත්‍ර ග්‍රන්ථය බිහිවුණේ වසර 25000 ක ඉපැරැණි දැනීමෙනි.
මේ නිසා විද්‍යාව, ආගම හා දර්ශනය යන ත්‍රිත්වය පටලවා නො ගත යුතු ය.

කුඩා කාලයේ සිටම දෙමව්පියන්, පූජකවරුන් සහ සමාජය විසින් දරුවන්ට ලබා දෙන විවිධ ආගමික විශ්වාසවලට තර්කානුකූල බවක් හෝ විද්‍යාත්මක පදනමක් හෝ නොතිබුණ ද එම දරුවන්ගෙන් වැඩි පිරිසකට වැඩිහිටියන් වී උගතුන් බවට පත් වීමෙන් පසුව ද එම විශ්වාසවලින් ...
|