යථාර්ථවාදී සමාජ සන්දර්භය තුළ බහු සංස්කෘතිකවාදය.
බහු සංස්කෘතිකවාදය (Multiculturalism) යනු විවිධ වූ සංස්කෘතීන්හි සහයෝගී පැවැත්මයි. මෙහිලා සංස්කෘතිය යන්නට ගෝත්‍රික ආගමික සහ සංස්කෘතික කණ්ඩායම් අයත්වන අතර, භාෂාව ආගම, සාම්ප්‍රදායික චර්යා, සාරධර්ම, චින්තන රටා සහ සන්නිවේදන විලාශ ආදිය ඔස්සේ සංස්කෘතිය නිරූපණය කෙරෙයි. කිසියම් දේශයක් තුළ බහු සංස්කෘතිකවාදය හට ගැනීමට මූලික වන්නේ අතීතයෙහි සිටම පැවත එන විවිධ ජනකොටස්, කාලයක් පුරා විදේශ ආධිපත්‍යයකට යටත්ව පැවතීම, සංක්‍රමණික ජනයා මෙන්ම සංක්‍රමණික ශ්‍රමිකයන් ආදී විවිධ සාධකයන්ය.
සමාජ විද්‍යාවට අනුව බහු සංස්කෘතිකවාදය යනු, කිසියම් සමාජයක් සංස්කෘතික විවිධත්වයට අදාළව කටයුතු කරන ආකාරයයි. මේ අනුව විවිධ සංස්කෘතීන්ට අයත් ජනයාට සාමකාමීව, සහයෝගීව පැවතිය හැකිය යන පදනමෙහි පිහිටා බහුසංස්කෘතිකවාදය යන්නෙන් ප්‍රකාශ වන මතය නම්, සංස්කෘතික විවිධත්වය ආරක්ෂා කිරීමෙන් දිරි ගැන්වීමෙන් හා එයට ගරු කිරීමෙන් සමාජයක් පෝෂණය වන බවය.
දේශපාලන දර්ශනයෙහි ක්ෂේත්‍රය තුළ බහු සංස්කෘතිකවාදය යනු, විවිධ සංස්කෘතීන්ට එක හා සමානව සැලකීමට අදාළව, කිසියම් සමාජයක් මගින් තම නිල ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙන හා ක්‍රියාවට නැගෙන අන්දමය. විවිධ වූ සංස්කෘතීන් එකම සමාජයක් ලෙසින් සමෝධානය වන අන්දම පැහැදිලි කෙරෙන ජනප්‍රිය රූපක දෙකක් වෙයි. ඒවා නම්, “ලෝහ ද්‍රවීකරණ කටාරම්” න්‍යාය ("the melting pot" theory) සහ “සලාද බදුන” න්‍යාය (The ''Salad bowl" theory) යනුයි.
ලෝහ ද්‍රවීකරණ කටාරම් න්‍යාය :
ලෝහ ද්‍රවීකරණ කටාරම තුළ සිදු වන්නේ යකඩ සහ කාබන් එකට උණු වී, වඩාත් ප්‍රබල තනි ලෝහයක් එනම්, වානේ බවට පත්වීමය. ඒ අයුරින්ම රටක වෙසෙන විවිධ ජනකොටස් තම තමන්ගේ සුවිශේෂ සංස්කෘතික ලක්ෂණ ක්‍රමයෙන් අතහැර දමා අවසානයේදී ප්‍රධාන සමාජයට අන්තර්ග්‍රහණය වනු ඇති බව විශේෂයෙන් ඉදිරිපත් කරන ලද්දේ විවිධ ජාතීන්ට සහ සංස්කෘතීන්ට අයත් සංක්‍රමණිකයන්ගෙන් යුත් ඇමරිකා එක්සත් ජනපදයට අදාළවය. ප්‍රංශ ඇමරිකානු සංක්‍රමණිකයකු වූ St. John de crevecour 1982 දී මෙසේ ලියා ඇත. “සියලුම ජාතීන්ට අයත් පුද්ගලයන් එකම මිනිස් ගෝත්‍රයක් බවට උණුව පදම් වී ඔවුන්ගේ ශ්‍රමය සහ අභිවෘද්ධිය මගින් ලෝකයේ විශාල වෙනස්වීම් සිදු කරනු ඇත.” එහෙත් ලෝහ ද්‍රවීකරණ කටාරම් න්‍යායට එරෙහිව නැගෙන විවේචනයක් නම්, ඒ අනුව රජයේ බලකිරීම්වලට පාත්‍ර වී මිනිසුන්ට තම සම්ප්‍රදායයන් අහිමි වන බවත් එමගින් විවිධත්වයට හානි වන බවත්ය.
සලාද බඳුන න්‍යාය :
මෙය බහුසංස්කෘතිකවාදයට අදාළ වඩාත් ලිබරල්වාදී න්‍යායකි. එමගින් අදහස් කෙරෙන්නේ තමන්ගේ සම්ප්‍රදායික සංස්කෘතියෙහි සුවිශේෂී ලක්ෂණ සමහරක් හෝ ආරක්ෂා කරගනිමින් සහයෝගීව පැවැත්ම ගෙන යන විෂමජාති සමාජයකි. සලාදයක අන්තර්ගතයන්හි රස හා සුවඳ බෙහෙවින් එලෙසින්ම ආරක්ෂා වන්නාක් මෙන් තම තමන්ගේ සම්ප්‍රදායික සංස්කෘතික අංග එලෙසම පවත්වා ගනිමින් සහයෝගීව පැවැත්ම ගෙන යන සමාජයකි. Little India Little Odessa, china town වැනි සුවිශේෂ ජනවාර්ගික ප්‍රජාවන්ගෙන් සමන්විත නිව්යෝක් නගරය සලාද බඳුන් සමාජයට නිදර්ශනයක් ලෙස පෙන්වා දිය හැකිය. එංගලන්තයේ ලන්ඩන් නගරය තවත් එවැනි නිදසුනකි. ඉන්දියාව, මැලේසියාව හා ශ්‍රී ලංකාවේද විවිධ ජාතීන් වෙසෙන නිසා එම රටවල් ද සලාද න්‍යාය ට හසුවන සේ සැලකිය යුතුවේ.
සලාද බඳුන් න්‍යාය මගින් පෙන්වා දෙනු ලබන්නේ ප්‍රබල සමාජයෙයි සාමාජිකයන් ලෙසින් සලකනු ලැබීම පිණිස මිනිසුන් තම සංස්කෘතිය අත්හැරීම අවශ්‍ය නොවන බවය. අනිත් අතට සලාද බඳුන් න්‍යාය මගින් සංස්කෘතික විෂමතාවන් දිරිගන්වනු ලබන බවටද, ඒ හේතුවෙන් අගතියට හා වෙනස්කොට සලකනු ලැබීමට ඉඩ ඇති බවටද මත පළ කෙරෙයි.
බහු සංස්කෘතික සමාජයක ලක්ෂණ
බහු සංස්කෘතික සමාජයක එක් ලක්ෂණයක් නම්, විවිධ ගෝත්‍රයන්ට ජනවර්ගයන්ට සහ ජාතිකත්වයන්ට අයත් ජනයා එකම ප්‍රජාව තුළ එක්ව ජීවත්වීමය. බහු සංස්කෘතික ප්‍රජාවන්හි මිනිස්සු තමන්ගේ සුවිශේෂ සංස්කෘතික ජීවන ක්‍රම භාෂා, කලා, සම්ප්‍රදායන් හා චර්යාවන්ද ආරක්ෂා කරගනිති. පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරති. උත්සවාකාරයෙන් එළිදක්වති. හවුලේ භුක්ති විඳිති. ශ්‍රී ලංකාවේ වෙසක්, පොසොන්, නත්තල්, දීපවාලි, රාමසාන් වැනි උත්සව ඊට නිදසුන් වශයෙන් දැක්විය හැකිය.
රජයේ පාසල්හි පෙළපොත් පවා සකස් කරනු ලබන්නේ සංස්කෘතික විවිධත්වයෙහි වටිනාකම සහ ප්‍රයෝජන ළමයින් තුළට කාවද්දන අන්දමිනි. පන්ති කාමරය තුළදී සහ පෙළපොත් මගින් ද සුළු ජනයාගේ ඉතිහාසය සහ සම්ප්‍රදායන් ද සවිස්තරව දක්වනු ලබයි. නිදසුනක් වශයෙන් සිංගප්පූරුවේ පාසල් පොත්වල එරට වෙසෙන වෙනත් ජාතීන්ට අයත් සංස්කෘති පිළිබඳ පාඩම් අන්තර්ගත වේ. අප රට ද පාසල් දරුවන්ගේ ඇතැම් පෙළ පොත්වල විවිධ ආගම් හා ජාතීන්ට අයත් ජාතික වීරවරයන් හා ජාතික උත්සව ගැන පාඩම් ඇතුළත් වේ.

වත්මන් ලොව ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් නොව, ලෝකය පුරාම, සමහර රටවල බහු සංස්කෘතිකවාදීලක්ෂණ පැහැදිලිව දක්නට ලැබෙයි. නිදසුනක් වශයෙන් ආර්ජන්ටිනාවෙහි පුවත්පත් ලිපි, ගුවන්විදුලි හා රූපවාහිනී වැඩසටහන් රටෙහි ජාතික භාෂාව වන ස්පාඤ්ඤ භාෂාවෙන් මෙන්ම, ඉංග්‍රීසි, ජර්මන්, ඉතාලි, පෘතුගීසි සහ ප්‍රංශ ආදී භාෂාවන්ගෙන් ද ප්‍රචාරය කරනු ලබයි. තම වැසියන්ට රටවල් ගණනාවක වුවද පුරවැසිභාවය තබා ගැනීමට ආර්ජන්ටිනාවේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ ලැබී තිබීමද විශේෂයකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතියේ භාෂාව වන ‘සිංහල’ සමග සුළු ජාතික භාෂාව වන ‘දෙමළ’ ද ජාතික භාෂා වශයෙන් සැලකෙන අතර ‘ඉංග්‍රීසි’ අන්තර් මාධ්‍ය භාෂාව ලෙසද සැලකේ.
කැනඩාව විසින් රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙසින්ම බහු සංස්කෘතිකවාදය පිළිගනු ලැබූයේ 1970, 1980 දශකයන්හි පියරේ ටෲඩෝ ගේ අග්‍රාමාත්‍යධූරය යටතේය. එසේම කැනේඩියානුබහු සංස්කෘතික පනත Canedian Multicuturalism සහ Act Broadcasting Act මගින්ද බහු සංස්කෘතික විවිධත්වයෙහි වැදගත්කම පිළිගනු ලැබ ඇත. සමීක්ෂණ වාර්තාවන්ට අනුව, අවම වශයෙන් විවිධ ජනවාර්ගික සංස්කෘතික කණ්ඩායම් නියෝජනය කරමින් 200,000 ට වැඩි සංඛ්‍යාවක් ජනයා කැනඩාවට සංක්‍රමණය වෙති. මේ අතරට ශ්‍රී ලාංකික සිංහල/දෙමළ/මුස්ලිම් වැසියෝද අයත් වෙති.
බොහෝ රටවල සුළු ජනයා වෙනුවෙන් විවිධ පහසුකම් සලසනු ලැබ ඇත. පොදු නීතිය කෙරෙන් මුක්තිය (මුස්ලිම් විවාහ නීතිය, ආගමික මුක්තීන් ආදී) බහුතරයට තනිවම කළ හැකි කාර්යයන් සඳහා සුළු ජනයාට සහාය වීම. (උදා: බහු භාෂික ඡන්ද පත්‍රිකා, සුළුතර භාෂා පාසල් සහ ජනවාර්ගික සංගම් සඳහා අරමුදල් රජයේ ආයතනයන්හි සුළු ජනයා වෙනුවෙන් නියෝජනය ආදි) ඒවායින් කිහිපයකි.
සංස්කෘතිකව විවිධාකාර වූ රටවල අනෙකුත් ගෝත්‍රික කණ්ඩායම් අතහැර, එක් කණ්ඩායමකට හෝ කිහිපයකට පමණක් රාජ්‍ය අනුග්‍රහය සලස්වනු ලැබ ඇති අවස්ථා අපට කොතෙකුත් දැකිය හැකිය. භාෂා ගණනාවක් රට තුළ භාවිතයෙහි පවතිද්දි, බහුතරයකගේ භාෂාව රාජ්‍ය භාෂාව කිරීමද, ආගම් ගණනාවක් අතුරින් බහුතරයේ ආගමට පමණක් රජයේ විශේෂ අනුග්‍රහය ලැබීමද එයට නිදසුන්ය. ආගම සම්බන්ධයෙන් කෙසේ වුවද භාෂාව සම්බන්ධයෙන් නම් රජයේ පාසල්හි ඉගැන්වීම සහ රාජ්‍ය කටයුතු ද සඳහා බහුතරයේ භාෂාව යොදා ගැනීම හැර අන් විකල්පයක් ඇතැයි කිව නොහැක. රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමේදී ද, එක් ජාතියක ඉතිහාසයට සහ ආගමට විශේෂ තැනක් ලැබීමද බෙහෙවින් දක්නට ලැබෙන තත්වයකි.
යම් යම් ජනවර්ගයන්ට සහ ආගම්වලට විශේෂ අනුග්‍රහයක් දක්වනු ලැබීමට අමතරව, පාසල් නිල ඇඳුම පිළිබඳ නීතියද යම් යම් ආගමිකයන්ට තර්ජනයක් වෙයි. රජයේ පාසල් ශිෂ්‍යයාවන් සිය ආගමික ඇඳුමින් පැමිණීම තහනම් කරමින් ප්‍රංශ රජය මගින් පනවන ලද නීතිය එවැන්නකි. මෑතක සිට ශ්‍රී ලංකාවේ ද ඊට සමාන ප්‍රශ්න මතුවී තිබේ. මුළු ශරීරයම වැසෙන සේ අඳින බුර්කා ඇඳුම, මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය හා හිංදු තේසවලාමේ නීතියද එවැනි ප්‍රශ්න ගත මාතෘකා අතර වෙයි.
නූතන රාජ්‍යයන් සංවිධානය කරනු ලැබ ඇත්තේ, ප්‍රබල කණ්ඩායමෙහි හෝ කණ්ඩායම්හි ඓතිහාසිකව නිර්මාණය වුණු භාෂාව සහ සංස්කෘතික ප්‍රතිමාන වටාය. ප්‍රබල කණ්ඩායම්හි සාමාජිකයන් මුහුණ නොදෙන බාධකයන්ට තමන්ගේ සමාජයීය ආභාෂයන් හඹා යාමේදී සුළුතර සංස්කෘතික කණ්ඩායම්හි සාමාජිකයෝ මුහුණ දෙති. සුළුතර කණ්ඩායම්වලට අසාධාරණයක් සිදුනොවනු පිණිස, ඔවුන් රාජ්‍ය මැදිහත්වීමෙන් නිදහස් කළ යුතු බවටද ඇතැම් න්‍යායවාදීහු තර්ක කරති. (Kukathas, 1995, 2003) ඒ අතර කණ්ඩායම්හි විෂමතා ඉවසා දරා සිටීමෙන් පමණක් ඔවුන්ද සමානයන් ලෙස සලකනු ලැබීමක් සිදු නොවන බවට ඇතැම්හු තර්ක කරති. අවශ්‍ය වන්නේ “කණ්ඩායම් විශේෂිත අයිතිවාසිකම්”(group- diffentiated rights- Will kymlicka) ඔස්සේ සුළුතර කණ්ඩායම්හි භාවිතයන් පිළිගෙන ඒවා සඳහා ධනාත්මක පහසුකම් සලස්වා දීමය.
බහු සංස්කෘතික සමාජ තුළ සාම්ප්‍රදායිකව බෙහෙවින්ම නොතකා හරිනු ලබන කණ්ඩායම් ලෙසින් විචාරකයින් විසින් හඳුන්වා දෙනු ලැබ ඇති ජනකණ්ඩායම් මෙසේය.
1. සංක්‍රමණික සුළුතර කණ්ඩායම් (Immigrant minorities) : මෙම ප්‍රවර්ගයට අයත් වන්නේ සත්කාරක සමාජයේ භාෂාවට සහ සංස්කෘතිකයට වෙනස් වූ ඔවුන්ගේම භාෂාවක් හා සංස්කෘතිකයක් සහිත නිත්‍ය පදිංචි කරුවන්ය. මුල් සංක්‍රමණික යන්ගෙන් පැවත එන, ඔවුන්ගේ පාරම්පරික සංස්කෘතියට අනුව හැඩ ගැසුණු, ජනයාද එම ගණයට අයත් වෙති.
2. රැකවරණය පතා එන පුද්ගලයන් (Persons seeking Asylum): සරණාගතයන් සහ තාවකාලිකව රැඳී සිටීමේ බලපත්‍රයක් සහිත පුද්ගලයන් මෙම ගණයට අයත් වෙයි.
3.සංක්‍රමණික ශ්‍රමිකයන්(Migrant workers): තාවකාලික සංක්‍රමණික ශ්‍රමිකයෝ සහ ඔවුන්ගෙන් යැපෙන්නෝද මෙම ගණයට ඇතුළත් වෙති. ඔවුන් ස්ථීරව රැඳී සිටීමට අදහස් නොකරන, තාවකාලික පදිංචිකරුවන්ය. තාවකාලිකව රැඳී සිටින රටෙහි රජයේ ප්‍රතිපත්තිය අනුව තමන්ගේම කැමැත්ත පරිදි ඇතැම් විට ඔවුන්ට ස්ථීර පදිංචිය ලැබිය හැකිය. රැකියාව පිණිස ඕස්ටේ්‍රලියාව, කැනඩාව වැනි රටවලට සංක්‍රමණය වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එම රටවල “ස්ථිර පදිංචිය” ලැබීම මේ සඳහා නිදසුනකි.
4. ජාතික සුළු ජනයා (National minorities) : මොවුහු දේශීය හෝ සුවිශේෂ ජනවාර්ගික, භාෂාමය සහ සංස්කෘතික අනන්‍යතාවයක් සහිතව දීර්ඝකාලීනව ස්ථාපිත වූ කණ්ඩායම්ය. බහුතරයෙන් වෙනස්ව කැපී පෙනෙන ඔවුන් රටෙහි ප්‍රධාන භාෂාව භාවිත කරන්නන් විය හැකිය. ඕස්ටේ්‍රලියාවේ ඇබෝජනීස් ලංකාවේ ආදීවාසී ජනයා ද මේ සඳහා නිදසුන් කොට දැක්විය හැකිය.
සංස්කෘතික විවිධත්වයෙහි වැදගත්කම
රටක සංස්කෘතික විවිධත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ බහු සංස්කෘතිකවාදයයි. එම විවිධත්වය නිර්මාණය වන්නේ විවිධ ගෝත්‍රයන්ට, ජාතිකත්වයන්ට, ආගම්වලට ජනවර්ගයන්ට සහ දර්ශනයන්ට සම්බන්ධ ජනයා එක් වී ප්‍රජාවක් සෑදුනු විටය. සැබැවින්ම විවිධාකාර වූ සමාජයක එහි ජනයාගේ සංස්කෘතික විෂමතා හඳුනා ගනියි. අගය කරයි.
සංස්කෘතික විවිධත්වය අගය කරන්නන්ගේ තර්කණයට අනුව, එමගින් මානව සංහතිය ශක්තිමත් කරන අතර, එහි දීර්ඝකාලින පැවැත්මටද හේතු වෙයි. 2001 දී “සංස්කෘතික විවිධත්වය පිළිබඳ විශ්ව ප්‍රකාශනය (Universal Declaration on Cultural Diversity) හඳුන්වා දෙමින් සඳහන් කළේ ‘ස්වභාව ධර්මයට ජෛව විවිධත්වය කෙතරම් අවශ්‍යවේද මානව වර්ගයාට සංස්කෘතික විවිධත්වය එතරම්ම අවශ්‍ය වේ.” (^..Cultural diversity is as diversity is for nature) යනුවෙනි.
වර්තමානයෙහි සමස්ත රටවල් ද රැකියා ස්ථාන සහ පාසල් ද වැඩි වැඩියෙන් සමන්විත වන්නේ විවිධ වූ සංස්කෘතික, ගෝත්‍රික සහ ජනවාර්ගික කණ්ඩායම් වලිනි. එම විවිධ වූ කණ්ඩායම් හඳුනා ගැනීමෙන් සහ ඒවා ගැන ඉගෙනීමෙන් ප්‍රජාවේ සියලු සංස්කෘතීන් අතර විශ්වාසය, ගෞරවය සහ අවබෝධය ගොඩනඟා ගනිති.