විමල් දිසානායකගේ මනෝ රූප ශතකය සහ වෙනත් කවි කාව්‍ය සංග්‍රහය පිළිබඳ සාහිත්‍ය විචාරයකි
නිදහස් කාව්‍ය සම්ප්‍රදාය කවියේ බොහෝ නිම්වළලු පුළුල් කළ සම්ප්‍රදායකි. මෙම කාව්‍ය සම්ප්‍රදායේ දෙවන පරපුරේ කවියෙකු ලෙස ගැනෙන විමල් දිසානායක කවිය පිළිබඳ ආසක්ත බවකින් මෙන් ම දෙස් විදෙස් කාව්‍ය සම්බන්ධ ගැඹුරු අධ්‍යයනයකින් ද යුතු ව කාව්‍යකරණයේ නියැළුනෙකි. සිරිගුණසිංහයන්ගේ සෙවණේ පේරාදෙණි ගුරුකුලයේ සිටිමින්, පැවති ගතානුගතික කාව්‍ය සම්ප්‍රදායයන් අභියෝගයට ලක් කිරීම මෙම ගුරුකුලයේ භාවිතය වුවද විමල් දිසානායක එම භාවිතයට සම්පූර්ණයෙන් ම අනුගත නොවූවෙකු බව විචාරක මතය යිග
කවිය පිළිබඳ මුල් යුගවලදී විමසුමට ලක්කළ විචාරකයන් විසින් පරිහරණය කෙරුණු භාවිතාවක් වන්නේ චිත්තරූප යන්න යිග ශබ්ද රසය හා අර්ථ රසය මැනවින් ගළපමින් චිත්තරූප මැවීමේ දක්ෂයා කවියා ලෙස සලකනු ලැබිණි. කෙසේ වුවද සංකල්පරූපවාදය කාව්‍යකරණයෙහිලා යොදා ගනිමින් කාව්‍යකරණයේ නිම්වළලු පුළුල් කිරීමට විමල් දිසානායක බෙහෙවින් දායක විය. දැනට අඩසිය වසකට එහා කාලය තුළදී ඔහු විසින් රචිත බොහෝ කවි සංකල්පනා අතර මියගිය උවැසිය බෙහෙවින් ජනප්‍රිය වූවකි. සංකල්පරූප මත ම නිර්මාණය වූ එම කාව්‍යය අපූර්වත්වයකින් යුතු සාර්ථක නිර්මාණයකි. |
පිරුවානා පොත් වහන්සෙ කනප්පුවේ පෙරළී ඇත
මිදුල පුරා වියලුණු කොල ඒ මේ අත විසිර තිබේ
මිදුලෙ පහන් පැලේ නිතර සැලුණු දැල්ල නිවී ගොස් ය
ඉද හිට ගෙයි පිළිකන්නේ බල්ලකු උඩු බුරනු ඇසේ
විමල් දිසානායක පවසන ආකාරයට ම ඔහු තරුණවියේදී ම ඔහුගේ සිත සංකල්පරූපවාදය වෙත ඇදී ගොස් ඇත. ඒ අනුව එදා මෙදා තුර විමල් දිසානායක විසින් රචිත කාව්‍ය සංකල්පරූපවාදය ආත්ම කොටගත් ඒවා යැයි පැවසීම යුක්ති යුක්ත ය. ඒ අනුව සංකල්පරූපවාදය මුලින් ම විමසීම විමල් දිසානායකගේ කාව්‍ය විමසීමට බෙහෙවින් උපස්ථම්භක වෙයි. සංකල්පරූපවාදයේ විශේෂ ලක්ෂණයක් වන්නේ කවියා විසින් උපයුක්ත සංකල්ප රූපයක් තුළ වින්දනයත්, චින්තනයත් සම්මිශ්‍රණය වීම යි. විමල් දිසානායක පවසන ආකාරයට මෙම ලක්ෂණය චිරන්තන චීන කවිවල දැකිය හැකි ය. මෙම සංකල්ප රූපවලින් පිරිපුන් චීන කවි සමූහයක් විමල් දිසානායක විසින් සිංහලයට පරිවර්තනය කෙරිණි.
මෙම කාව්‍ය සංග්‍රහය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙයි. ඉන් පළමු කොටස විවිධ තේමා ඔස්සේ රචිත නිර්මාණවලින් සමන්විත ය. කාලය, ජීවිතය, මරණය, ළමා විය හා කාව්‍යයක අස්තිත්වය (existence or entity) මෙම තේමා ලෙස හඳුනා ගත හැකි ය. දෙවන කොටස මනෝරූප ශතකය නම් වෙයි. මෙම කොටස පිළිබඳ පසුව විචාරයට ලක්කෙරෙන අවස්ථාවේදී වැඩිදුර සාකච්ඡා කෙරේ.
මෙම කාව්‍ය සංග්‍රහයේ මුල් කොටස්වල එන කාව්‍ය දෙස බලන විට පෙනී යන්නේ පරිණත කවියෙකුගේ දාර්ශනිකත්වය විවිධ තේමාවන් ඔස්සේ ගලා එන බවකි. විමල් දිසානායක තුළ ගොඩ නැගී ඇති දාර්ශනිකත්වය වූකලි චිරන්තන හා අද්‍යතන මෙන් ම ප්‍රාචීන හා ප්‍රතිචීන වශයෙන් සාහිත්‍යයද එමෙන් ම ඊට සම්බන්ධ දර්ශනවාදයන් ද හදාරා තිබීමෙන් උපන්නක් වන අතර ඒ සම්බන්ධ ජගත් සම්භාවනාවට පාත්‍ර වී තිබීමෙන් ම එහි ඇති විශිෂ්ටත්වය විද්‍යමාන වෙයි. 1960 ගණන්වල ඇරඹි පේරාදෙණි ගුරු කුලයට අයත් වූවකු ලෙස සැලකෙන විමල් දිසානායක නිදහස් කාව්‍ය සම්ප්‍රදායේ දෙවන පරපුර නියෝජනය කරන කවියෙකු ලෙස සැලකෙයි. නිදහස් පද්‍ය ආර ගුරුකොටගත් නමුදු චිරන්තන කාව්‍ය සම්ප්‍රදාය හා ජනකවි ආර ද තම කාව්‍යකරණයේදී පදනම් කොට සැලකීම නිසාත් ඉහතින් කී ආකාරයට සංකල්පරූපවාදය ආත්ම කොට ගත් නිසාත් විමල් දිසානායක පේරාදෙණි ගුරු කුලයේ අන්‍ය නිදහස් කවීන්ට වඩා වෙනස් මගක් ගත් අයෙක් විය. මොහුගේ කාව්‍යකරණයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ අත්දැකීමට උචිත පරිදි කාව්‍ය ආකෘතිය යොදා ගැනීම යි. එය තවදුරටත් විස්තර කළහොත් තම කාව්‍ය සංකල්පනා, සැකසූ ආකෘතියක බහාලීම වෙනුවට කාව්‍ය අනුභූතිය විසින් ඉල්ලා සිටින ආකෘතිය ඊට සැපයීම ඔහුගේ ආර විය. කාව්‍ය නිර්මාණයේදී අත්දැකීම් හුදු රූපකයකට නිර්මාණය කරනු වෙනුවට එම කාව්‍යානුභූතියේ පත්ල කරා කිමිද සංකල්ප රූපයක්සේ මනාව ගොඩනගා ඉතා සියුම් ලෙස එම අනුභූතිය නිරූපණය කිරීමට විමල් දිසානායක කවියා හැබෑ සමතෙකි. කාව්‍ය භාෂාව සම්බන්ධයෙන් ද කිව යුත්තේ උපයුක්ත කාව්‍යානුභූතිය විසින් ඉල්ලා සිටින භාෂාත්මක ප්‍රයෝග ඔස්සේ කාව්‍යකරණයේ යෙදීම ඔහුගේ කාව්‍යකරණයේ සුවිශේෂ ලක්ෂණයක් බව යි.
අද්‍යතන සංකීර්ණ අනුභූතීන් පද්‍යකරණයට විෂය කර ගැනීමේ දී භාෂාවේ සීමා ඉස්මතු වන බව පවසමින් සම්ප්‍රදාය තුළ සීමාකිරීමත් තම කාව්‍ය බස ඉන් ඔබ්බට ගෙනයාමට මැලිවීමත් ගුණදාස අමරසේකර තුළින් දැකිය හැකි වුවද එම සීමාවන් සමතික්‍රමණය කරන විමල් දිසානායක භාෂාවේ භාව ප්‍රකාශනයට හානියක් නොවන ආකාරයට එහි ඥානාත්මක අගය (cognitive value) ද රැකගනිමින් කාව්‍යකරණයේ යෙදීම ද ඔහුගේ කාව්‍යකරණයේ සුවිශේෂීතාවක් ලෙස ගිනිය හැකි ය.
විමල් දිසානායකගේ කාව්‍යකරණ ප්‍රයත්නයේ කූටප්‍රාප්තිය ලෙස මෙම මනෝරූප ශතකය හා වෙනත් කවි කාව්‍ය සංග්‍රහය හඳුන්වා දිය හැකි ය. මෙහි එන ජීවිතය තේමා කරගත් කාව්‍යයකි සිරගෙවල්. ජීවිතය පැහැදිලි ඉලක්කයකින් හෝ දැක්මකින් තොර ව ගෙවන විට ක්‍රමයෙන් වියපත් වන පුද්ගලයා තුළ ගොඩනැගෙන භීතිකාවන් පිළිබඳ ව අත්දැකීමක් මෙම පද්‍ය පන්තිය ඇසුරෙන් විශද වෙයි.
බිං ගෙයකි ඔබේ හදවත
කෙළවරක් නැති
එය තුළට පිවිසි මට
සදා ගනඳුර උරුමව ඇත (44 පිටුව)
අවිද්‍යා අන්ධකාරය පදනම් කොට ගත් ජීවින පැවැත්ම විසින් පුද්ගලයා ලෝභ, ද්වේෂ, මෝහ ආදි අහිතකර දහරාවන් තුළ ගිලෙන විට ජීවිතය අඳුරු ගුහාවක් වෙයි. එහි තව තවත් ඇලිමට කෙරෙන ඇරයුම කවියා රූපකාර්ථවත් ලෙස මෙසේ දක්වයි.
ඈත සිට ඈත සිට
පැහැපත් තටු විහිදා
මා වෙත ඔබ එවූ පෙම් ගීය
සමනළ තටු විදහා
මහලු මට අත වනයි...(44 පිටුව)
අවිදු අඳුරෙහි වෙළෙමින් ජීවිතයේ යථාර්ථය විනිවිද නොදකින පුද්ගලයා මවන සිහින දැනට ගත කරන ජීවිතයටද වඩා දරුණු වෙයි. එයට හේතුව ඔහු හෝ ඇය විසින් මවන සිහින සංසාරයේ අඳුරු පැවැත්ම තහවුරු කිරිම ය. ඒ හේතුව නිසා ම එම සිහින විසින් ඉදිරියේ මවන සිරගෙවල් හෙවත් අඳුරු සසර පවතින ජීවිතයේ සිරගතවීමට වඩා දරුණු ය. එහි වා රැලිත් නැත. රූපක භාවිතයෙන් ඉතා අලංකෘත ලෙස කවියා ජීවිතය විනිවිද දකින්නේ මෙසේ ය.
ජීවිතය සිරගෙයකි, කවුළු නැති
බියකරු සසර
කවියා විසින් අපූර්ව රූපකයක් ඇසුරින් මෙසේ නිරූපණය කරයි.
බිං ගෙයකි ඔබේ හදවත
මෙම කවියේ දාර්ශනික සිතිවිල්ලක් සංකල්ප රූප භාවිතයෙන් මෙන් ම ඊටම ගැළපෙන ආකෘතියකින් ද සමන්විත වෙයි. නිදහස් ආරට නෑකම් කියන ආකෘතියක් වුව ද කාව්‍යානුභූතියට ගැළපෙන රිද්මයකන් සමලංකෘත වී ඇති අයුරු අපූරු ය.
ජීවිතය මෙන් ම කාලය ද තේමා කොට ගත් පැදි පෙළකි, "කෙළවර”. කවියා මෙම කව අරඹන්නේ ම ඉතා අපූර්ව සංකල්පරූපයක් ගොඩනගමිනි.
කාලයේ කුරුල්ලා පියඹා යයි
ඈතින් ඈතට නොපෙනී යන තෙක්
ඔරුව පැමිණ ඇත තොටුපළට
තොටියා අත වනයි මට
මතකය කැඩී බිඳී බිම වැටෙයි
අවුලමි කැබලි හැකි පමණින්
හැරී බලමි ආ මඟ දෙස
සිහින් මීදුමක් පාර වසා ඇත (48 පිටුව)
රසිකයා භාවාත්මක ව ජීවිතාවර්ජනයකට යොමු කිරිමටත් ඉතා සුන්දර ලෙස ගෙවි යන කාලය හා ජීවිතය දැකිමටත් රසිකයා නතු කර ගැනිමට කවියා සමත් වෙයි. කාව්‍යානුභූතිය විසින් අයදින ආකෘතිය සොයා යන කවියා ඉතා අපූර්ව ලෙස දෙපද කාව්‍ය අකෘතිය තෝරා ගනි. වියපත් අයෙකු විඩා හරිමින් පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන ආකාරය රිද්මයක් උද්දීපනය කරන ආකෘතිය කාව්‍යය තුළින් මතුවන දැක්මෙහි කූටප්‍රාප්තියට කවියා රසිකයා ඔසවා තබයි.
කාලයේ කුරුල්ලා
සර්පයෙකු සේ පිවිසෙන කනස්සල්ල
ආදී උපමා හා උපමා රූපක ද ඔරුව, තොටියා, බෙරහඬ, සුදු කොඩි හා පහන් දැල් ආදී සංකේත ද ගලපමින් සමස්ත කාව්‍ය අත්දැකීම ම සංකල්පරූපාවලියක් බවට පත් කරන කවියා අපූර්ව ජීවන අත්දැකිමකින් රසික නිම් වළලු පුළුල් කරයි.

මවක මියයෑම සාමාන්‍ය සංසිද්ධියකි. අම්මා මියගොස් සතර මසකට පසුව නැවත ගෙදරට එන පුතෙකුට දැනෙන සිතුවිල්ල කවියා ඉතා අපූර්ව ලෙස ඉදිරිපත් කරන්නේ "අම්මා මියගොස් සාරමසකි” පද්‍ය පන්තිය ඇසුරිනි. රිද්මයානුකූල ව යොදාගන්නා බස්වහර මව නොමැති ගෙදර ඇති පාළුව නිසා හද ගැහෙන ආකාරය මනාව නිරූපණය කරයි. කුමාරතුංග මුනිදාසගේ "පිය සමර” පද්‍යාවලියේ එන විරිත සිහිගන්වන මෙම කවියේ විරිත මගින් මව හා පුතු අතර තිබූ සබැඳියාව හා ළබැඳයාව මනාව පිළිබිඹු වෙයි. කවියාට අවේනික මනා සංකල්පරූප ගොඩනැගිමේ සක්‍යතාව ස්පුට කරමින් දෙවන කවෙහි අපූර්ව සංකල්පනාවක් ගොඩ නගන කවියා රසිකයා සමග ම තම සංකල්පරූප ලෝකයට පිවිසෙයි.
බලා සිටියෙමි එදෙස නෙතඟ කඳුළැලි ඇතිව සසල වී වා ගැබෙන් නැගෙයි මුදු රූපයක් ඒ ඇගේ රූපයයි ඈ සිනාසෙයි සෙමෙන් "ඇවිත් දැන් හුඟ වෙලා දෝ ” අසයි ඈ මගෙන් (85 පිටුව) මෙම සංකල්පරූපමය අවස්ථාව කෙතරම් තාත්වික වේද යත් මව අසන්නේ යැයි කවියාට හැඟෙන පැනයේ හඬ රසිකයාටද ඇසෙන තරම් ය. |
Kumaratunga Munidasa (1887-1944)
|
ජීවිතයේ කඳුමුදුනට නැගෙන අයෙකට ආපසු හැරී බලන විට පෙනෙන තම ළමා කාලය පිළිබඳ වූ ආනන්දජනක සිතිවිලි කවියට නැගීමට විමල් දිසානායක උත්සුක වී ඇති ආකාරය මෙම පද්‍ය සංග්‍රයේ එන කවි කිහිපයකින් ම පිළිබිඹු වෙයි. ඉන් "අවසානය” කවි පෙළ ඉතා අපූර්ව ලෙස ළමා කාලය හා සබැඳ මවගේ චරිතය ද ඇසුරුකරමින් මනාව පිවරෙන් පියවර රසෝද්දීපනය වන අයුරින් කවියා ඉදිරිපත් කරයි. කවි පෙළ ඇරඹෙන්නේ අපූර්ව සංකල්පරූපයක් විශද කරමිනි. අම්මා මරණාසන්නව සිටින බව කවියා ඉතා චමත්කාරජනක ලෙස ව්‍යංගාර්ථයෙන් පවසයි.
අම්මා ඔත්පොලව යහන මත වැතිර ඇත.
සැඳෑ හිරු නිවි යන්නට ආසන්න ය
සැඳෑ හිරු බැස යන්නේ නම් නැවත හෙට නැගෙනු ඇත. එහෙත් සැඳෑ හිරු නිවී ගිය පසු....? මවගේ ලෙඩ ඇඳ වටා පවතින ස්වභාවය තුළට කවියා රසිකයා කැඳවන්නේ අපූර්ව ආකාරයෙන් බස හසුරුවමිනි. කෙනෙකෙුගේ මතකය මරණාසන්නයෙදීි වියැකෙන ආකාරය කවියා දක්වන්නේ රසිකයා තුළ ද එම අත්දැකීම යම් ප්‍රමාණයකට තහවුරු කරමිනි.
ඇයට මා නමක් නැති රුවක් වීමට පෙර
ඇයට මා රුවක් නැති නමක් වීමට පෙර
සෙවනැලි අතර සෙවනැල්ලක් වීමට පෙර
ඈතට ඈතට නොපෙනී යන කළු තිතක් වීමට පෙර
මුළු ලොව දැවැන්ත පරුවතයක් වීමට පෙර
නිහැඬියාව සක්වල ගිලගන්නට පෙර
කතා කරමි කතා කරමි නොනැවතී
යළි අසමි යළි අසමි නොනැවතී (18 පිටුව)
ඉන් පසුව කවියා ක්‍රමයෙන් ළමා වියට පිවිසෙයි. කවියා තුළ බුර බුරා නැගෙන සිතිවිලි දාමය හා කවියාගේ හදවත තෙරපෙන ආකාරය පුනරුක්තිය ඇසුරින් මනාව තහවුරු කරයි.
කතා කරමි, කතා කරමි නොනැවතී
යළි අසමි යළි අසමි නොනැවතී
පුද්ගල අතිත මතකය හා බෙහෙවින් ම බැඳී පවතින්නේ මවගේ චරිතය යි. මව ඇසුරින් කවියා අතීිතය දකියි. ඉතා සංකේතාත්මක ව මව පිළිබඳ කවියා හඳුන්වන්නේ මෙසේ ය.
මතකයේ දොරටුව සදහට ම වැසෙන්නට පෙර
මෙහිදී "අවසානය” ලෙස කවියා සන් කරන්නේ මවගේ අවසානය ගැන පමණක් ද? නැතහොත් තම අතිතාවලෝකනයේ අවසානයත් ඒ සමග සනිටුහන් වන්නේ ද? යන පැනය රසිකයාට කාව්‍ය අවසානයේ නැගෙයි.
මෙම කාව්‍ය සංග්‍රහයේ මුල් කොටසේ කවි ගණනක් ම නිර්මාණය වී ඇත්තේ කාව්‍යයක අස්තිත්වය (existence or entity) යන තේමාව පාදක කොට ගෙන ය. පාවි ගිය කවිය, මහලු කවියා, ලේඛක ප්‍රාර්ථනාව මගේ කවිය, මහා කාව්‍යය, කවිය හා නිහැඬියාව, පණ ලද කවිය, හා මරුකතරක ජනිත ගස යන පද්‍ය මෙම තේමාව ඔස්සේ ලියැවුණු කවි ලෙස දැක්විය හැකි ය.
ගැඹුරු අරුතකින් හා සරල පෙළ ගැස්මෙන් යුක්ත කවිය අභිබවා යමින් කුකවීන්ගේ නිසරු පද පෙළගැස්ම හේතුවෙන් කවියේ මළගම සිදුවිය හැකි බව විමල් දිසානායකට වැටහෙයි. ඒ පිළිබඳ ඔහු තම පෑන ඉතා සියුම් ලෙස හසුරුවයි. දැක්මකින් යුක්ත කවීන්ගේ කවි බස සරල වී ඇත්තේ ගැඹුරු දැක්ම හා සතත අභ්‍යාසය නම් ගලෙහි මුවහත් වීම නිසා ය. එහෙත් කුකවියා ඒ දෙස පටු ලෙස බලා සරල වදන් ගොන්නක් ගොඩගැසීමෙන් කවියක් නිමවේ යැයි සිතයි. මේ ආකාරය ගම්බද ගැමියාගේ වහරින් කිවහොත් නාගයා අලංකාර ලෙස පෙන ගොබය විහිදුවා පෙන්වන විට ගැරඬියා කට්ට පුප්පා පෙන්වන්නා වැනි ය. කවියේ සැබෑ අරුත නැංවෙන්නේ වදන් හරඹයක් තුළ නැගෙන ගෝෂාව මත නොව ඒ ගෝෂාව මැඩ නැගෙන ගැඹුරු නිහැඬියාව තුළ බව විමල් දිසානායක තම පණ ලද කවිය ඇසුරින් පෙන්වා දෙයි. පරිකල්පනයෙන් හෙබි කවියා තුළ කාව්‍යානුභූතියක් නැගෙන්නේ කුස තුළ කලල රූපයක් මෙනි. මෙම කලල රූපය කාව්‍යෝක්ති, අලංකාර, දැක්ම, ආකෘතිය හා හරවත් සරල බස් වහර ආදී දේ තුළ ගිලෙමින් පිරිපුන් බිජුවටක් වූ විට එය නිහැඬියාවේ හඬ නගා මතුවන්නේ අශ්ව කුර හඬ රිද්මයට නැගෙන ලෙස යැයි කවියා පණ ලද කවිය ඇසුරින් රසිකයාට දනවයි. මෙම කව තුළ කවියා කවිය ලියන්නේ යැයි පැවසෙන කොටස ලේඛන රිද්මයෙන් ගොඩ නැගි ඇති අතර අපූර්ව සංකල්පරූප ගොඩනගමින් කවියා දෙදරවාගෙන සැබෑ කවිය නැගෙන්නේ නිහඬබව දෙදරවාගෙන එන නව නිහැඬියාවක් ලෙසිනි. කාව්‍යයක අස්තිත්වය (existence or entity) තේමා කොටගත් කාව්‍ය අතරින් එම තේමාවේ කූටප්‍රාප්තිය ලෙස දැක්විය හැක්කේ මරු කතරක ජනිත ගස පැදි ළෙ යි. සතරපද ආකෘතියෙන් අරඹන පැදි පෙළ මුල් කොටස පමණක් සතරපද ආකෘතියෙන් නිමවන කවියා ඉතිරිය දෙපද කවි ලෙස නිමවයි.

Prof. Wimal Dissanayake
|
එසේ ආකෘතිකමය වෙනසක් සිදු කොට ඇත්තේ සුපුරු ලෙස කාව්‍යානුභූතියේ හඬට අවනත වීමේ අටියෙනි. කවිය කිනම් ආරක පිහිටිය යුතු ද යන්න විමසීම තේමා කොටගත් මෙම කාව්‍යය අස්තිත්වයේ දිශානති සලකුණු කරන කවක් ලෙස හැඳින්විය හැකි ය.
කවිිය තුළින් කවියා බිහි වනු මිස ක කවියා තුළින් කවි නොනැගෙයි කිසිදින ක (31පිටුව) මෙම කාව්‍ය සංග්‍රහයේ දෙවන කොටස ලෙස ගැනෙන්නේ මනෝරූප ශතකය යි. එය කවියා මෙසේ හඳුන්වයි. "මෙහි ඇතුළත් පද්‍ය සියය ස්වාධීන ය. එකිනෙකට අසම්බන්ධ ය, ආත්ම සංවෘත ය.” මෙම ක්ෂුද්‍ර කාව්‍ය නොහොත් කෙටි කවි හයිකු කවි ලෙස දැක්වීමට විමල් දිසානායක මැලි වෙයි. ඔහු පවසන්නේ මෙම කවි හයිකු කවි සම්ප්‍රදායේ කවි නොවන අතර මෙම මනෝරූප කවි තුළ කාව්‍යාත්මක නිමේෂයක් (poetic moment) නිරූපණය වන බව යි. ඒ අනුව එම කවි සංක්ෂිප්තතාව ආත්ම කොට බිහි වූ ඒවා වෙයි. මෙම කවිවල ලක්ෂණ තුනක් ඒකාබද්ධ ව ඇතැයි මෙම කාව්‍ය සංග්‍රහයේ පෙරවදනෙහි විමල් දිසානායක සඳහන් කරයි. ඒවා නම් අතිෂයින් ම පුද්ගල වින්දනයක් පද්‍ය රචනයට මුල් වීම, මනෝරූප වටා පද්‍ය රචනා ගොඩනැගීම හා කිසියම් දාර්ශනික චින්තාවකින් හෝ විචාරාකල්පයකින් එම රචනාවන් හැසිරවීම යි. |
තම කවිය ම මනෝ රූපයක් සේ කවියා දකින්නේ ඉතාමත් චමත්කාරජනක විලාශයකිනි.
අඳුරු රැයේ නිහඬ අතර
වීදි කොනේ සංයත ලෙස
මනහර කවියක් බබලයි
දිදුලන රූපක විදහා
පහන් ටැඹක් සේ සුලකළ (111 පිටුව)
නිසි පිලිතුරු නොමැති ප්‍රශ්නාවලියකින් පුද්ගල සන්තානය විඳවන ආකාරය පිළිබඳ කවියාගේ මනෝරූපය අපූර්වත්වයෙන් යුක්ත වෙයි.
පරවී ගිය මල විලසින්
මැලවී ඇත ප්‍රශ්න එමට
කණාටු කටු අතු වාගේ
උත්තර පමණක් නැග ඇත (112 පිටුව)
සුනාමි ඛේදවාචකය හා සයුර පිළිබඳ මනෝරූපය ද සංකල්රූප නංවයි.
කුපිත දහස් අත් අහසට ඔසවා
දහස් ගණන් මරු මුවට ගොදුරු කළ
ගොඩබිම යටකොට ගැලූ සයුරු දිය
නිසලව අද සිටිනා හැටි පුදුමයි
සිල්ගත් තැන්පත් උවැසියෙකු ලෙසින්
කවිය යනු කුමක් දැයි යන පැනයට පිළිතුරක් ලෙසින් නැගෙන මනෝ රූපය පොත් ගණනාවකින් කිවයුත්තක් සතර පෙළකින් පවසන අයුරු මනරම් ය.
බස ඇතුළෙහි තවත් බසකි
එබස ඇතුළෙ තවත් බසකි
තෙවැනි බසෙහි දොර විවරව
පියඹා එයි කවි විහඟෙක් (113 පිටුව)
ඉතිහාසය ගැනත් එහි සිරවී සිටීම ගැනත් අනගි මනෝරූපයක් ගොඩනගන්නේ කවියට අවැසි උපමා ආදී දේ කාව්‍යානුභූතිය විසින් ම නිපදවන බව පසක් කරමිනි.
මහ හඬ දී ලොව කලඹා
දිගට ඉදිරියට දිව යන
දුම්රියක් ය, ඉතිහාසය
එයින් පිටට පැන ගන්නට
වරම් නොමැත කිසිවෙකු හට
එය තුළ තද වී සිර වී
සිටිමු නොදැන අපි ඉරණම (118 පිටුව)
ජීවිතයේ ප්‍රාර්ථනා ඉටු නොවුණු කල ඒවා ද්වේෂයේ කඩු පහරින් නසා දමමින් ගිය ගමනක අවසන සිංහාවලෝකනය කිරිම, බිය ජනක කටයුත්තක් බව කවියා මෙම මනෝරූපයෙන් අව්‍යජ ලෙස නිරූපණය කරයි.
ආපසු හැරිලා බලන්ට බිය වෙමි
ආ මග නෙක මළ සිරුරු පිරී ඇත
කුඩා කළ පටන් පැතූ පැතුම් හැම
මිය ගොස් වැතිරී ඇත මඟ දෙපසෙහි (127 පිටුව)
කවියා තම චිත්තාභ්‍යන්තරයට එබිකම් කරන ආකාරය අව්‍යාජ ව මෙසේ මනෝරූපයට නගයි.
දශක ගණන් මා සිත තුළ
පිළිරැව් දුන් බිඳුණු පැතුම්
සර්පයන් වගේ බියකරු
ගේ පිටුපස සැඟවී ඇත
නිසි ගොදුරක් පැමිණෙන තුරු (135පිටුව)
අවසාන වශයෙන් ගත් කල අඩ සියවසකටත් වඩා වැඩි කාලයක පටන් කාව්‍යකරණයේ නියැළෙමින් කවියේ සෑම පැතිකඩක් ම පෝෂණය කිරීමෙහිලා සාධනීය දායකත්වයක් සැපයූ විමල් දිසානායක කවියාගේ කවි මගෙහි ස්වර්ණමය අදියරක මං සලකුණු පෙන්වන මනෝරූප ශතකය හා වෙනත් කවි නම් වූ කාව්‍ය සංග්‍රහය, විවිධ සීමාවලට කොටුවෙමින් එසේ ම විවිධ පුද්ගලයින්ගේ අතකොලු බවට බඳුන්වෙමින් පවත්නා සිංහල කවිය ස්වාධීන මගකට ගැනීමට මග පෙන්වන ප්‍රදීපස්ථම්භයක් ලෙස දැක්වීම අතිශයෝක්තියක් නොවනු ඇත.
මූලාශ්‍රය
විමල් දිසානායකගේ මනෝ රූප ශතකය සහ වෙනත් කවි කාව්‍ය සංග්‍රහය, 2014, සරසවි ප්‍රකාශකයෝ