හෙගලියානු අඩවිය 8: ස්වාමි/සේවක දයලෙක්තිකයේ දේශපාලන ආර්ථිකය
Andrew Cole
|
‘ස්වාමි/සේවක දයලෙක්තිකයේ භෞතිකවාදය’ නම් පසුගිය ලිපියෙන් සාකච්ඡා කළේ ස්වාමි/සේවක දයලෙක්තිකය හුදෙක් වියුක්ත සංකල්පයක් නොව භෞතිකවාදී අන්තර්ගතයක් සහිත ඉතිහාසයට සම්බන්ධ, ජර්මනියේ හෙගල්ට සමකාලීනව පැවති වැඩවසම් සමාජ සම්බන්ධතාව දාර්ශනික ලෙස අවබෝධ කර ගැනීමට ගත් උත්සාහයක් බව ය. හෙගල් මෙහිදී කථා කරන්නේ ස්වාමි/වහල් සම්බන්ධයක් නොව වැඩවසම් ක්‍රමයේ පැවතුණු රදළ/ප්‍රවේණිදාස සම්බන්ධයේ දයලෙක්තිකය බව ඇන්ඩෲ කෝල්ගේ මතය විය. මෙම ලිපියෙන් ඉහත කරුණු තවදුරටත් වර්ධනය කරමින් ස්වාමි/සේවක දයලෙක්තිකය පිටුපස තිබෙන දේශපාලන ආර්ථිකමය කාරණාවන් කිහිපයක් සාකච්ඡා කෙරෙයි.
සේවකයාගේ ශ්‍රමය හෙගල් සිය System of Ethical life කෘතියේදී එක් ශ්‍රම ආකෘතියක සිට වෙනත් ශ්‍රම ආකෘතියකට පරිවර්තනය වීම සම්බන්ධයෙන් කරුණු දක්වයි. මෙහිදී ඔහු කතා කරන්නේ වැඩවසම් ක්‍රමයේ සිට ධනපති ක්‍රමය දක්වා සමාජය පරිවර්තනය වීම ගැන නොවේ. එමෙන්ම මෙහිදී මේ සමාජ පරිවර්තනය ගැන කථා කරන්නේ මාක්සියානු අර්ථයෙන්ද නොවේ. හෙගල් මෙහිදී කරන්නේ සමාජ ක්‍රමය ශ්‍රමයට තිබෙන සබඳතාව වෙනස් වූ ආකාරය විග්‍රහ කිරීමකි. මාක්ස් පරාරෝපිත සබඳතාවන්ගේ සිට නිෂ්පාදන සබඳතාවන් ගවේෂණය දක්වා යොමු වූවත් හෙගල් පරාරෝපිත සබඳතාවන් ගවේෂණයේ නිරත වෙයි. හෙගල් මෙහිදී ආකාර දෙකක සබඳතාවන් හඳුනා ගනී. |
එහි පළමුවැන්න ජීවමය ස්වාභාවික සබඳතාවන්ය (the living natural relations) මෙහි ස්වාභාවික සබඳතාව හෝ ස්වාභාවික ශ්‍රමය යනු සමස්ත ජීවන මාර්ගය ය. ශ්‍රමය හරහා සපුරා ගන්නා සියලුම ආකාරයේ අවශ්‍යතාවන් මේ යටතට ගැනෙයි. හෙගල් දක්වා සිටින අනෙක් සබඳතාව වන්නේ ඝනීභූත සබඳතාවන් ය (fixed relations) මේවා ඓතිහාසික ශ්‍රම ආකෘතීන් ය. වැඩවසම්වාදයේ සිට පූර්ව ධනවාදී සමාජ ක්‍රම දක්වා පරිවර්තනය වීමේදී ජනිත කළ ඉඩම් අයිතිය හා භුක්තිය අහෝසි වීම, පරාරෝපණය වීම ආදිය මේ සබඳතාවන්ට අයත් ය. හෙගල් සාකච්ඡා කරන්නේ මේ ශ්‍රම ආකෘතීන් දෙක අතර ඇති වූ ගැටුම ය. සාර්වත්‍රික ඝනීභූත ශ්‍රමය ස්වාභාවික ශ්‍රමය මත ආධිපත්‍යය හෙළන විට පරාරෝපණය නම් සංසිද්ධිය බිහි වූ බව හෙගල් කියයි. මේ ක්‍රියාවලියේදී ස්වාභාවික ශ්‍රමය කැබලිකරණයට ලක්වූ බවත් එම ශ්‍රමය යාන්ත්‍රිකකරණයට ලක් වූ බවත් කියයි. මිනිසාව ස්වාභාවික ජීවන සමස්තය තුළින් එළියට ඇද දැමු බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි. යම් ස්වාභාවික ශ්‍රමයක් සාර්වත්‍රික ඝනීභූත ශ්‍රමයට අන්තර්ග්‍රහණය නොවූ තත්ත්වයක් තුළ අතිරික්තය බිහි වූ බවත් මේ අතිරික්තය අත්පත් කර ගැනීමට අරගලයන් බිහි වූ බවත් ඔහු පෙන්වා දෙයි. මෙහි අතිරික්තය යනු පරාරෝපණයේ ප්‍රකාශනයකි. මේ අතිරික්තය යම් පුද්ගලයෙකුගේ අවශ්‍යතාව ඉටුකරනවාට වඩා එයින් ඔබ්බට ගියේ ය. යමෙකු ළඟ සන්තකය (possession) බිහිවුයේ ඒ ආකාරයට ය. හෙගල් පවසන ආකාරයට ස්වාමියා යනු අතිරික්තයේ අයිතිකාරයාය. සේවකයාට හෝ ප්‍රවේණිදාසයාට මේ අයිතිකාරකම නැත.
ස්වාමි/සේවක පන්ති අරගලය
ස්වාමි/සේවක පන්ති අරගලය
Georg Wilhelm Friedrich Hegel
|
හෙගල් System of Ethical life කෘතියේ සමාජය පන්ති තුනකට බෙදා දක්වයි: පරම වශයෙන් නිදහස් පන්තිය, සත්‍යවාදී පන්තිය හා නිදහස නැති ස්වාභාවික සදාචාරාත්මක ජීවිතය. මේ පන්ති තුන වෙනත් ආකාරයකට හඳුනා ගත්තොත්, පළමුවැන්න, ස්වාමි/රදළ පන්තිය. එනම් හමුදා බලයක් සහිත ඉඩම් හිමි පන්තිය ය. දෙවැන්න ධනේශ්වර පන්තිය ය. එනම් සත්‍යවාදී පන්තිය ය. මේ අය අනෙක් පන්තින් දෙක අතර සම්බන්ධීකරණයක් කරයි. ගොවි පන්තිය මහපොළොව, ගස් හා සතුන් සමඟ වැඩ කරමින් තම ජීවිතය රැක ගනී. ස්වයං-විඥානයේ හඬ ඇසෙන්නේ ගොවියන්ගේ ශක්තිය, උනන්දුව හරහා ය. මේ අය ය මරණයේ අනතුරේ සිටින්නේ. රදළ පන්තියටත් පෙන්නුම් කළ හැකි ශක්තියක් ඇත. මේ නිසා අරගලයක් උද්ගත වන්නේ රදළ හා ගොවීන් නම් පන්ති දෙක අතර ය.
හෙගල් කතා කරන්නේ පසුකාලීන වැඩවසම්වාදය හා නින්දගම් ක්‍රමය (serfdom) පිළිබඳව ය. එමෙන්ම සංක්‍රමණීය වැඩවසම්වාදයට (transitional feudalism) හෙගල්ගේ අවධානය යොමු වේ. 18 වන සියවසේ මුල් භාගයේදීත් ජර්මනියේ විප්ලවයක් හෝ ප්‍රතිසංස්කරණයක් නොවී පැරණි වැඩවසම් සමාජ ක්‍රමය ශේෂගත ව පැවතිණි. |
මෙහිදී වඩාත් වැදගත් වන්නේ හෙගල් 'knecht' යනුවෙන් අදහස් කළේ කුමක්ද යන්නත් එය සමකාලීන 'servitude' යන්නට සම්බන්ධ වූයේ කොහොමද යන්නත් ය; මේ ප්‍රපංචය මධ්‍යකාලීන හා නූතන යුරෝපය අත්වින්දේ කෙසේද යන්නත් ය.
හෙගල්ගේ Philosophy of Right කෘතියේ පළමු කොටසේ (Absolute Right) පළමු සාකච්ඡාව 'Property' යන්නට යොමු වේ. එහිදී හෙගල් සන්තකය/අයිතිකාරකම විස්තර කරන්නේ යම් වස්තුවක් අත්පත් කරගෙන එය යමෙකුගේ බලය වර්ධනය කර ගැනීම සඳහා යොදා ගැනීමක් ලෙසට ය. මෙහිදී සාකච්ඡා කරන්නේ යාන්ත්‍රික බලය, උපකරණ, අවි ආයුධ පාවිච්චි කර යම් සන්තකයක් අත්පත් කර ගැනීම ය; තමා වටා තිබෙන දේපළ තමාගේ අධිෂ්ඨානයට අනුකූලව හැඩගස්වා ගැනීම ය. මෙය කරන්නේ ශ්‍රමය අනුසාරයෙනි (Hegel 1967, 76). යම් දෙයක් අත්පත් කර ගැනීම ආකාර තුනකින් සිදුවන බව හෙගල් කියයි. (Hegel 1967, 40) 1. භෞතිකව යමක් සෘජුව ග්‍රහණය කර ගැනීම 2. දෙයක් අධිෂ්ඨානයට අනුව ආකෘතිගත කිරීම, හැඩයක් ලබාදීම 3. දෙය තමන්ගේ වශයෙන් සලකුණු කිරීම.
මෙම ක්‍රියාවලිය කාෂිකර්මයෙන් ගත් උදාහරණයක් ආශ්‍රයෙන් හෙගල් පහදයි. බිම කොටා, සකස් කර පැල සිටවා, සතුන් හීලෑ කර, යාන්ත්‍රික උපකරණ පාවිච්චි කර, එමෙන් ම සොබාදහමේ බලවේග උපයුක්ත කර, යම් ද්‍රව්‍යමය නිෂ්පාදනයන් කිරීමෙන් සිදුවන්නේ සොබාදහම මත ආකෘතියක් පැනවීමයි. නිෂ්පාදනය තුළ ද්‍රව්‍යයන්ට තවත් ද්‍රව්‍යයක් මත බලපෑමක් ඇති කළ හැකිය. මෙසේ නිෂ්පාදනය කළ දෙය තමන්ට අයිති දෙයක් ලෙස සලකුණු කිරීම මෙහිදී සිදුවේ. යම් දෙයක් අත්පත් කර ගැනීමෙන් පසු තවත් දෙයක් අත්පත් කර ගැනීමේ ආශාවන් හට ගන්නා බවත් හෙගල් කියයි. මේ ආශාත්මක ක්‍රියාවලියේ දිගුවක් ලෙස යම් ස්ව-අනන්‍යතාවක් (self) අත්පත් කර ගැනීමට මෙහෙයවන බව හෙගල් කියයි.
පන්ති අරගලය සහ පිළිගැනීම ලබාගැනීම සඳහා අරගලය
හෙගල්ගේ විග්‍රහයේ විශේෂ ස්ථානය වන්නේ ස්ව-අනන්‍යතාව අත්පත් කර ගැනීමේ ආශාව පිළිබඳ ව කරන විග්‍රහය ය. මේ අනන්‍යතාව අත්පත් කර ගැනීමෙන් ය යමෙකුට ස්වයං-විඥානය අත්පත් කර ගත හැක්කේ. තමන්ව වෙනත් කෙනෙකුට අයත් දේපළක් නොවී තමන්ට අයත් දේපළක් බවට පත් කර ගැනීම මෙම ක්‍රියාවලියේ සුවිශේෂ අවස්ථාවකි. මේ අවස්ථාවේදී ය හෙගල් කතා කරන ස්වාමි/සේවක සබඳතාව බිහිවන්නේ. මේ ස්වාමි/සේවක සබඳතාවට තිබෙන ගාමක බලය වෙන්නේ පිළිගැනීම ලබා ගැනීම සඳහා කරන අරගලය ය. කෙසේ නමුත් මේ අරගලය ඓතිහාසික ක්‍රියාවලිය තුළ තබා විග්‍රහ කිරීමට ය හෙගල් යොමු වන්නේ. හෙගල්ගේ විශේෂත්වය වන්නේ ස්වාමි/සේවක හෝ රදළ/ප්‍රවේණිදාස දයලෙක්තිකය වඩාත් සංයුක්ත හා ඓතිහාසික උදාහරණවලින් පැහැදිලි කිරීම ය; ජර්මනියේ මධ්‍යකාලීන යුගයේ පැවති අයිතිය පිළිබඳ කාරණය ආශ්‍රයෙන් පැහැදිලි කිරීම ය; දේපළ අත්පත් කර ගැනීමට කරන අරගලය තුළ රදල/ප්‍රවේණිදාස සබඳතාව ක්‍රියාත්මක වූයේ කෙසේද යන්න පැහැදිලි කිරීම ය. මෙහිදී පිළිගැනීම ලබා ගැනීම සඳහා කරන අරගලය යම් පාර්ශවයන් දෙකක් අතර ඇතිවන අසමානතාව විසඳා ගැනීමට උත්සාහ කිරීම, එක් පාර්ශවයක් තමන්ගේ අධිෂ්ඨානය හා දේපළ වෙනත් පාර්ශ්වයක අධිෂ්ඨානයට හා බලයට යටත් කිරීම අවධානයට ලක්වේ.
හෙගල් දකින ආකාරයට ආරක්ෂාව සඳහා ඇති අවශ්‍යතාව යම් සංවිධානාත්මක රාජ්‍යයක් ඇති වීමට බලපෑවේ ය. සෑම පුද්ගලයෙකුටම තම තමන්ගේ අයිතීන් ගැන දැන ගන්නා අතරම තමන්ගේ සන්තකයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සිදුවිය. මිනිසුන්ට තමන්වම ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ තත්ත්වයක් ඇති වූ විට සංවිධානාත්මක සමාජ ආයතනයක අවශ්‍යතාව ඇති වේ. මෙහිදී ඓතිහාසික ලෙස රදළ/ප්‍රවේණිදාස දයලෙක්තික සබඳතාව බිහි වේ. මිනිසුන් යම් ආකාරයක අනාතභාවයකට, අසරණභාවයකට පත් වූ විට ඔවුන් යම් බලවත් පුද්ගලයන්ගේ ග්‍රහණයට ලක්වේ. දුර්වලයා හා දුප්පතා තමන්ගේ සන්තකය බලවත් පුද්ගලයෙකුට යටත් කිරිමක් සිදු වේ. මෙය තම සන්තකයෙහි තම ආරක්ෂාව වෙනුවෙන් කරන්නකි. මේ ආකාර බලවත් පුද්ගලයන් වූයේ රදළයා (lord), ආශ්‍රමයාධිපති (Abbot), කන්‍යාරාමාධිපති, බිෂොප්වරයා වැනි වැඩවසම් ස්වාමිවරුන් ය.
හෙගල්ගේ උත්සාහයක් වන්නේ වැඩවසම් ක්‍රමයේ අභ්‍යන්තරික දයලෙක්තිකය පරිපූර්ණ පසමිතුරුතාවන් දක්වා පරිවර්තනය වූ ආකාරය පැහැදිලි කිරීම ය. සමහර අවස්ථාවලදි විප්ලවයන් දක්වා ක්‍රියාත්මක වු ආකාරය පැහැදිලි කිරිම ය. සන්තකය යම් පිරිසක් අත විශාල වශයෙන් සමුච්චනය වන විට සමස්ත පද්ධතිය දෙදරා යන තත්ත්වයන් උද්ගත විය. මෙහි බර, මිනිසුන් මත කඩා වැටීම වැලැක්වීමට ඉදිරියට පැමිණියේ පල්ලිය ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පල්ලිය අතිමහත් බලයක් සහිත තැනක් බවට පත් විය. බෙත්ලෙහෙම, ගොල්ගොතාව ඉහළට මතුවූයේ මෙහිදී ය. සමාජය තුළ වැඩි වැඩියෙන් විසංවාදයන් මතු වූ විට සමාජය බිඳ වැටෙන මට්ටමට පත් විය. ප්‍රතිසංස්කරණ, ලුතරියානුවාදය, නුතන රාජ්‍යය බිහි වීම දක්වා සමාජය ගමන් කරන්නේ මේ නිසා ය. දේපළ සහ එහි ඇති පරාරෝපිත ස්වභාවය නිසා විප්ලවයන් සඳහා තත්ත්වයන් නිර්මාණය කළ බව හෙගල් පවසයි.

මේ ආකාරයට සංයුක්ත විග්‍රහයක් ඉදිරිපත් කළ හෙගල් තමන්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේදී දාර්ශනික ආකාරයට ස්වාමි/සේවක දයලෙක්තිකය සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත් කරයි. මෙහිදී ස්වාමි/සේවක දයලෙක්තිකය නම් කර තිබෙන්නේ 'Independence and Dependence of Self-Consciousness' නම් අනුමාතෘකාව ලෙසය. මෙම විග්‍රහය තුළ හෙගල් වැඩවසම් ක්‍රමය ගැන සඳහන් කිරීම කරන්නේ නැත. නමුත් ස්වාමි/සේවක දයලෙක්තිකය දාර්ශනික පිරිපහදු කිරීමක් කර තිබෙන්නේ ඓතිහාසික-සංයුක්ත විග්‍රහයක් හරහා ය. මේ සංයුක්ත විග්‍රහය පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය තුළ නොව ඔහුගේ අනෙක් කෘති තුළින් සොයාගත හැකිය. පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය තුළදී සිදුවන්නේ සමාජ බලවේග දෙකක් මරාගැනීමේ අරගලයේ සිට පිළිගැනීම ලබා ගැනීම සඳහා අරගලයට ප්‍රවේශ වීමත්, එතනින් සන්තකය අත්පත් කර ගැනීමට යොමු වීමත්, මේ අරගලය විඥාන හැඩයන් දෙකක් අතර අරගලයක් ලෙසට ප්‍රකාශයට පත් කිරිමත් ය. එය හෙගල් ඉතාමත් සංක්ෂිප්තව දක්වන්නේ two opposed shapes of consciousness: the first is the lord, the other is the bondsman’ (Hegel 1977,115) ලෙසට ය. මෙය ඔහු අතින් Lordship and Bondage (Herrschaft and Knechtshaft) ලෙස නම් කෙරෙයි. පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේදී මේ සංකල්පය සම්බන්ධයෙන් කෙරෙන න්‍යායාත්මක විග්‍රහය වඩාත් ඉහළ ය. ස්වාමියා (Herr) තමන්ටම සම්බන්ධ වෙන්නේ දාසයා (Knecht) නම් දෙය, වස්තුව (thing) හරහාය. මේ දෙය මාධ්‍යය කරගෙන ය ස්වාමියා ජීවත් වන්නේ. එනිසා ඔහු පරාධීනයකු වේ. දාසයාට තමන් නිෂ්පාදනය කරන දෙය මත ආධිපත්‍යයන් ඇත. ඔහු දේපළ වෙනස් කරයි. නිශේධනය කරයි. මේ නිසා දාසයා යම් ස්වාධීනත්වයක් බුක්ති විදියි. හෙගල් ලියන ආකාරයට,
the lord relates himself mediately to the bondsman through a being (a thing) that is independent (Hegel 1977, 115)
මේ දෙය (thing) කුමක්ද? එය ඉඩම (land) ඉඩම වෙනස් කළේ, එයට හැඩයක් ලබාදෙන්නේ දාසයා හෝ ගොවියා ය. මේ ඉඩම අත්පත් කර ගැනීමට ය. වැඩවසම් ක්‍රමය යටතේ අරගලය ක්‍රියාත්මක වූයේ, සේවකයා ඉඩමට සම්බන්ධ වෙන්නේ නිශේධනීය ආකාරයට ය. හෙගල් පවසන ආකාරයට:
Equally the lord relates himself mediately is the thing through the bondsman: the bondsman, qua self-consciousness in general also relates himself negatively to the thing (Hegel 1977, 155-116)
මෙහි නිශේධනමය ක්‍රියාකාරකම යනු සේවකයා සොබාදහමේ වස්තූන් මත වැඩ කරමින් ඒවා නිශේධ කිරිම ය. ගසක් කපා එහි ලී දඩු වලින් ගෙයක් සෑදීම, බිම කොටා පැළයක් සිටවීම මේවා කරන්නේ සේවකයා ය. මේ අනුව ශ්‍රමය යනු නිශේධනමය ක්‍රියාකාරීත්වයකි. ස්වාමියා රසවිඳින්නේ සේවකයා නිශේධනය කළ, පරිවර්තනය කළ දෙය වේ.
මෙයින් පෙනී යන්නේ හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ සාකච්ඡාවට ගැනෙන ස්වාමි/සේවක දයලෙක්තිකය ඉතිහාසයක් නැති වියුක්ත දාර්ශනික සංකල්පයක් නොවන බව ය. ඒ වෙනුවට ස්වාමි/සේවක දයලෙක්තිකය භෞතිකවාදී සංකල්පයක් වන බව ය. එය වැඩවසම් ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ භෞතිකමය ක්‍රියාකාරකමකි. එමෙන්ම වැඩවසම් ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ භෞතිකමය සබඳතාවකි. කෙසේ නමුත් මෙම වැඩවසම් ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ දයලෙක්තික ආකෘතිය හරහා මුලුමහත් ප්‍රපංචවිද්‍යා කෘතිය කියවීමත් එය සාමාන්‍යකරණය කරමින් හෙගලියානු දර්ශනය කියවීමත් වැරදිය.

වැඩවසම් ක්‍රමය, හෙගල් හා මාක්ස්
Karl Marx
|
මාක්ස් විසින් වර්ධනය කළ දෘෂ්ටිවාදය හා පාරිභෝගික භාණ්ඩ අර්චනකාමය (commodity fetishism) යන සංකල්පයන් හෙගල්ගේ වැඩවසම්වාදය පිළිබඳ විග්‍රහය සමඟ සබඳතාවක් තිබෙන බව පෙනෙයි. මාක්ස් ඉදිරිපත් කළ කාරණයක් වූයේ ප්‍රාග්ධනය ආධිපත්‍යය දරන යුගයක මිනිසුන් හා මිනිසුන් අතර සබඳතාව දේවල් හා දේවල් අතර සබඳතාවන් බවට පත් වන බව ය. එමෙන්ම දේපළවලට බන්ධනය කරන ස්වභාවයක් බිහිවන බව ය. මාක්ස් විසින් ධනවාදය වැඩවසම් ක්‍රමයට සම්බන්ධ කළ මොහොතක් ලෙසට මෙය හඳුනාගත හැකි ය. මාක්ස් සාකච්ඡා කරන වැඩවසම් ක්‍රමය හෙගලියානු වැඩවසම් ක්‍රමය ලෙසට හඳුනාගත හැකි ය. වැඩවසම් ක්‍රමයක භෞතික ශරීර පිටුපස දිව්‍යමය ශරීරයක් තිබෙනවා යැයි ගත්තාසේම ධනේශ්වර ක්‍රමයක පාරිභෝගික භාණ්ඩයක් පිටුපස දිව්‍යමය ශරීරයක් තිබෙනවා යැයි ගනියි.
|
හෙගලියානු අඩවිය 6 වන ලිපියෙන් අවධානයට ලක් වූයේ ක්‍රිස් ආතර් ස්වාමි/සේවක දයලෙක්තිකය සම්බන්ධයෙන් කළ විග්‍රහයට ය. ඔහුගේ තර්කය වූයේ මාක්ස් හෙගල්ගේ ස්වාමි/සේවක දයලෙක්තිකයට සුවිශේෂ තැනක් ලබා නොදුන් බවත් ඔහුගේ විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාවේ අවසන් පරිච්ඡේදය වන ‘පරම ඥානය’ නම් කොටසට බවත් ය. කෙසේ නමුත් ක්‍රිස් ආතර්ගේ මේ තර්කයට වෙනස් අදහසක් ඇන්ඩෲ කෝල් ඉදිරිපත් කරයි. මෙහිදී ඔහු ක්‍රිස් ආතර් සම්බන්ධයෙන් විවේචනාත්මක ද වේ. එය නම් මාක්ස්ගේ වඩාත් පරිණත කෘතියක් වූ Grundrisse කෘතියේ හෙගල්ගේ ස්වාමි/සේවක දයලෙක්තිකයට යොමු වී තිබෙන බවය (Andrew Cole 2014,204). මාක්ස් Grundrisse කෘතියෙහිි 'Herrschaftsverhältmis’ යනුවෙන් යෙදුමක් පාවිච්චි කරයි. එහි තේරුම නම් ‘master-servant relation’යන්න ය. වැඩවසම් ක්‍රමයේ ආධිපත්‍යය ක්‍රියාත්මක වූයේ මේ සබඳතාවට අනුකූලව බව මාක්ස් හඳුනා ගනියි. මාක්ස් Grundrisse කෘතියේ සඳහන් කරන ආකාරයට සතුන් හා ඉඩම් ස්වාමි/සේවක සබඳතාව මත පිහිටුවිය හැකි නොවේ. සතුන් යම් ස්වාමියෙකුට සේවයක් සැපයුවත් ඒ තුළ ස්වාමි/සේවක දයලෙක්තිකය ක්‍රියාත්මක වන්නේ නැත. එවන් ආකාර දයලෙක්තිකයක් ක්‍රියාත්මක වීමට නම් පරාරෝපිත අධිෂ්ඨානයන් (alien-will) දෙකක් එකිනෙක මුණගැසිය යුතුයි. මාක්ස් Grundrisse කෘතියේත් කියන්නේ මෙවැන්නකි.
Here the master-servant relation [Herrschäftsvechöltnis] as essential element of appropriation of animals, lands etc.cannot take place in a master-servant relation, although the animal provides ‘service’. The presupposition of the master-servant relation is the appropriation of an alien will. Whatever has no will, e.g. the animal may well provide a service, but does not thereby make its owner into a master.
(Marx 1973,500-501)
සතුන් හා ඉඩම් නිෂ්පාදන කටයුත්තකදී සේවයක් සැපයුවද එය මිනිසා හරහා ප්‍රතිනිෂ්පාදනය වෙන සේවයකි. හෙගල් මෙන්ම මාක්ස්ද හොඳින් දන්නා පරිදි ස්වාමි/සේවක දයලෙක්තිකය ක්‍රියාත්මක වීම සඳහා අධිෂ්ඨානයන් දෙකක් අතර ගැටුමක් හෝ සබඳතාවක් අවශ්‍ය ය. මේ වැඩවසම් දයලෙක්තිකය ප්‍රාග්ධන යුගයේදීත් වෙනත් රූපකාරයකින් ක්‍රියාත්මක වන බව මාක්ස්ගේ මතය ය. මාක්ස්ට අනුව එහිදී සිදුවන්නේ සමාජ බලවේග දෙකක් අතර ගැටුමක් ලෙසට ය.
මෙයින් පෙනී යන්නේ හෙගල්ගේ ස්වාමි/සේවක දයලෙක්තිකය තුළ භෞතිකවාදී මෙන් ම දේශපාලන ආර්ථික විද්‍යාත්මක අන්තර්ගතයක් ඇති බව ය. එය සමාජ ඉතිහාසයේ නිශ්චිත අවධියකදී ක්‍රියාත්මක වූ දයලෙක්තික සබඳතාවක් බව ය. හෙගල් සිය පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේදී මෙම සංයුක්ත ක්‍රියාවලිය විඥානමය ක්‍රියාවලියක් දක්වා පිරිපහදු කරන බව පෙනෙයි. හෙගල්ගේ දර්ශනයේ විශේෂත්වය වන්නේ සංයුක්තයේ සිට වියුක්තය දක්වාත් වියුක්තයේ සිට සංයුක්තය දක්වාත් ගමන් කිරීම ය. හෙගල්ගේ ස්වාමි/සේවක දයලෙක්තිකය තුළ පූර්ව මාක්ස්වාදී ඡායාවක්ද ඇති බව ය.
කෙසේ නමුත් මාක්ස්ට හෙගල්ගේ මුල්කාලීන ලිපි ලේඛන කියවීමට අවස්ථාවක් තිබුණේ නැත. විශේෂයෙන් ම The System of Ethical life සහ Jenaer Realphilosophie I and II 20 වන සියවස දක්වා මුද්‍රණය වී තිබුණේ නැත. පිළිවෙළින් මේ කෘති මුද්‍රණය වූයේ 1923 දී හා 1931 දීය. මේ කෘති දෙකෙහිම අඩංගු වන්නේ හෙගල්ගේ ආර්ථික විද්‍යාත්මක චින්තනය, ධනවාදය පිළිබඳ ඔහුගේ අදහස් සහ සිවිල් සමාජය පිළිබඳ විග්‍රහයන් ය.
ආශ්‍රිත ග්‍රන්ථ

- Andrew Cole (2004): ‘What Hegel’s Master/Slave Dialectic Really Means’ in Journal of Medieval and Early Modern Studies, Volume 34. Number 3, pp. 577-610.
- Andrew Cole (2014):The Birth of Theory, Chicago: The University of Chicago Press.
- Hegel G.W.F. (1967):Hegel’s Philosophy of Right, London: Oxford University Press.
- Hegel G.W.F. (1977):Phenomenology of Spirit, Oxford: Oxford University Press.
- Hegel G.W.F. (1979): System of Ethical life (1802/3) and First Philosophy of Spirit, Albany: State University of New York Press
- Karl Marx (1973) Grundrisse, Penguin Books.
හෙගලියානු අඩවිය ලිපි මාලාව
-
-
⚈ හෙගලියානු අඩවිය 1:පරමාත්මය ගැන හැඳින්වීමක්.
⚈ හෙගලියානු අඩවිය 2 : නිරපේක්‍ෂය ගැන සමපේක්‍ෂණය
⚈ හෙගලියානු අඩවිය 3: සත්‍යය, සාරාර්ථය සහ ආත්මය
⚈ හෙගලියානු අඩවිය 4: විඥානයෙන් ස්ව-විඥානයට
⚈ හෙගලියානු අඩවිය 5: ස්වාමි සේවක සබඳතාව
⚈ හෙගලියානු අඩවිය 6: මාක්ස්-කොජෙව් විසංවාදය
⚈ හෙගල් අඩවිය 7- ස්වාමි/සේවක දයලෙක්තිකයේ භෞතිකවාදය