​හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්

‘කලාව’ පිළිබඳ මනෝවිශ්ලේෂණික ප්‍රවේශය (Art and Psychoanalysis) 

​⚈ සම්මානිත මහාචාර්ය රෝලන්ඩ් අබේපාල  - Prof. Roland Abepala​
2020 ජුනි 29
මනෝවිශ්ලේෂණවාදයට   අනුව    සංගීතය,   කාව්‍යය,   චිත්‍ර, මූර්ති,  නෘත්‍ය  ආදී  ලලිත  කලා  හෝ  වෙනත්  කලා  ක්ෂේත්‍රයක  හෝ නිර්මාණ    යනු අවිඥානික    මනසේ    ප්‍රකාශන    වේ.    එහෙයින්, මනෝවිශ්ලේෂකයෝ      කලාව      ගැන      උනන්දුවක්      දක්වති. නිර්මාණශීලීභාවයට      පාදක      වන්නේ      මානසික      ආවේගබව විශ්ලේෂණවාදීන්ගේ අර්ථ නිරූපණයයි.

මේ   අනුව   මනෝ   විශ්ලේෂණය   කලාව   දකින්නේ   පැතුම් ඉටුවීමක්  හෝ  නිරාකරණය  නොවූ  මානසික  ගැටුමක  ප්‍රකාශනයක් ලෙසිනි.
“කලාවේ  බලය  ජනිත  වන්නේ...  විඥානය  සහ  සමාජය  විසින් ඉදිකරනු  ලබනු  බාධක  අතරින්  මතුවීමට  තරම්  බලගතු  කලාකරුගේ චෛතසික    ශක්තීන්ගේ    බලය    තුළින්ය.    ඔහුගේ    ශිල්පය    රඳා පවත්නේ,  තම  ආශාවන්  සඳහා  සංකේතාත්මක  ප්‍රකාශනයක්  සොයා
ගැනීමට  ඔහු  සතුව  පවත්නා  බෙහෙවින්  අවිඥානක  වූ  හැකියා  තුළ
පමණකි.”   (
Kernan, 1979)

ලස්සන  සහ  අවලස්සන  යනු  සෞන්දර්යාත්මක  අනුභූතියෙහි අංග  දෙකක්  බැව්  හඳුනා  ගනිමින්  විශ්වාස  කළේ  පූර්ණ  අත්දැකීමක් සඳහා  එම  අංග  දෙකම  දක්නට  ලැබිය  යුතු  බවය.  අවලස්සනභාවය යනු  කැබලි  වී  විනාශ  වුණු  අතීතයයි.  ලස්සන  යනු  නැවත  යථා තත්ත්වයට  පත්කරන  ලද  වස්තුවය.  (Likierman, 1989)  ලස්සනෙහි මූලික අංග ලෙසින් මනෝ චිකිත්සකයන් සලකන්නේ සමස්තය වීම, සම්පූර්ණ දෙය වීම සහ රිද්මානුකූල දෙය වීමයි.

මේ  අනුව  නම්,  කලාකරුවා  විසින් කරනු  ලබන්නේ, යථාර්ථය වෙතින්      ඉවතට      හැරී,      මනස්ශ්‍රැතීන්      වේගවත්      කරමින්, මර්දිත සමාජානුකූල     නොවන     හැඟීම්     සහ     සිතුවිලිවලට සංකේතාත්මක   ප්‍රකාශනයක්   සැලැස්වීමය.   අවිඥානක   සහනයක් අත්කර   ගනිමින්  විෂාදය     මැඩපවත්වා   ගැනීමට   සහ   අහිමිවුණු වස්තුවක්  යළි  නිර්මාණය  කිරීමට  ද  උත්සාහ  ගනිමින්  කලාකරුවා, තමන්ට   පිළිගත   හැකි  අයුරින්   තමාගේ   මනස්ඍෂ්ටීන්   පිටකරන කලාකෘතී    නිර්මාණය    කරයි.    එමඟින්    කලාකරුවෝ    සුවිශේෂ පුද්ගලයන්  හෝ  වීරයන්  බවට  පත්  වෙති.  තම  කලාව  ඔස්සේ  ඔවුහු අලුත්  ආකාරයක  යථාර්ථයක්  හැඩගස්වමින්,  ඉහතකදී  නොපැවැති නිදහස  අත්කරගනිති.  සිග්මන් 
ෆ්‍රොයිඩ්ගේ  මුණුබුරකු  වන  Lucian Freud ගේ  චිත්‍ර  මගින්  බොහෝ  විට  ප්‍රකාශ  වන්නේ  සමාජානුකූල නොවන (Unsocial) හැඟීම් සහ සිතුවිලිය.

සෞන්දර්ය  විද්‍යාවට  අදාළ  මනෝවිශලේෂණ  ක්‍රම  ගැන  සිතා බලන  විට, සෞන්දර්යය විද්‍යාව  අවබෝධ  කරගැනීමට උපකාරී  වන අන්තර්දෘෂ්ටීන්  ගණනාවක්  දක්නට  ලැබෙයි.  මනෝවිශ්ලේෂණයෙහි අවධානය   යොමුවන්නේ   විපාකයන්   හෙවත්   ආනිශංසයන්   වෙත නොව,   යම්   යම්   ක්‍රියාවන්   හටගැන්වීමට   පාදක   වන   මානව අභිප්‍රේරණ   සහ ක්‍රියා අවබෝධ කරගැනීම කෙරෙහිය.
​
Picture
Sigmund Freud
එක්   දර්ශන   පථයක්   වෙනුවට   වෙනකක්   තෝරා   ගැනීමට මුල්වන මානව චෛතසික ක්‍රියාවලීන් අවබෝධ කරගැනීමට මෙන්ම, සංකේතවාදයට   අනුකූලව,   දර්ශනපථයන්හි   අන්තර්ගතය   පැහැදිලි කිරීමට ද මනෝවිශ්ලේෂණය උපකාරී වන බව පිළිගත හැකිය. එසේ වුවද,  දර්ශන  පථයක  ගුණාත්මකභාව  තක්සේරු  කිරීම  සඳහා  එය ප්‍රයෝජනයට  ගැනීම  පහසු  නොවනු  ඇත.  නරඹනු  ලබන  වස්තුව පිළිබඳවද    නරඹන්නා    කෙරෙහි    බලපාන    අන්දම    පිළිබඳවද, එකිනෙකට   වෙනස්   අර්ථකථන   මනෝවිශ්ලේෂණ   ක්‍රමය   මඟින් ඉදිරිපත්  වීමට  ඉඩ  ඇති  හෙයින්,  සියලු  දෙනාටම  සාධාරණ  වන ආදර්ශයක් තෝරා ගැනීම දුෂ්කර වීමට ඉඩ තිබේ.

මනෝවිශ්ලේෂණයේ    දී    විද්‍යාත්මක    ක්‍රමයෙහි    මූලධර්ම අනුගමනය  නොකරනු  ලබන  හෙයින්  එහි  වලංගුතාවක්  නොමැති බවද  ඇතැම්හු  සලකති.  (විද්‍යාත්මක  ක්‍රමයට  පාදක  වනුයේ  පාලිත තත්ත්වයන්  යටතේ  සිදු  කෙරෙන  නිරීක්ෂණයන්ය.  ක්‍රියාත්මක  විය යුතු  නිර්මිතයන්ය.  (එනම්  පැහැදිලිව  විශේෂීකරණ  වූ  සහ  හඳුනාගත හැකි       ආනුභවික       ප්‍රඥප්තීන්       සහිත       වීමය.)       එසේ පරීක්ෂාවට  ලක්කළ  හැකි  උපන්‍යාසක්  සහිත  විය  යුතුය.  කෙසේ වුවද  ප්‍රවේශමෙන්  සිදුකරන  ලද  අධ්‍යයන  ඔස්සේ  ලබාගන්නා  ලද සාක්ෂි     පදනම්  කරගනිමින්    මෙලනි  ක්ලීන්   නිගමනය  කරන්නේ ෆ්‍රොයිඩියානු සංකල්ප අතුරින් බහුතරය තහවුරු වී ඇති බවය.


මේ  අනුව  මනෝවිශ්ලේෂණ  ක්‍රමය,  දර්ශන  පථ  සෞන්දර්යය පිළිබඳ  මානව  සම්ප්‍රජානනයන්  අවබෝධ  කර  ගැනීම  සඳහා  අදාළ වන  බව  සලකනු  ලබයි.  ඉතාමත්ම   මූලික  මට්ටමේ  දී,  විචල්‍යය ප්‍රේරණ     සහ     ආශාවන්     හේතුවෙන්     හටගැනෙන     පුද්ගලික මානසික   විෂමතාවන්හි  වැදගත්කම  එමඟින්  වැරගැන්වෙයි.  එසේම බිලිදු  සමයේ  සිට  සියලු   මානවයන්ට  පොදු  වූ  අත්දැකීම්  පරාසයක් (උදා:  මාතෘත්වය,  වර්ධනය)  ද  චෛතසික  යාන්ත්‍රණයන්  ද  (උදා: අන්තරීක්ෂේපණය,  ප්‍රක්ෂේපණය,  මනෝඍෂ්ටිය,  සංකේත  භාවිතය, ඌර්ධවපාතිතය) එමඟින් හඳුනා ගනු ලබයි.

එහෙයින්  ප්‍රත්‍යෙක  චෛතසිකයට  අදාළව 
ෆ්‍රොයිඩ් ඉදිරිපත් කළ    මූලික    ආදර්ශය    සාරාංශ    කර    දැක්වීම    ප්‍රයෝජනවත්ය. චෛතසිකය සමන්විත වන්නේ:

■
ඉඩ් සංස්කාරය (The id)  : කෙනකුගේ අවිඥානක සහජාසයයි.
■ අහම 
(The ego&) : පුද්ගලයා යථා ලෝකයට සම්බන්ධ කෙරෙන්නේ මෙමඟිනි.
■ අධි  අහම  
(Super ego) :  පුද්ගලයාගේ  සදාචාර  සුසමාදර්ශ  හා සම්බන්ධ අංශයයි.
■ අවිඥානය   
(The Unconcious)   :   සැඟවුණු   අන්තර්ගතයන් සහසජාසයන්   අඩංගු අංශයයි.
■ මෙම සාධක මත පුද්ගල චෛතසිකය නිර්මිත වෙයි. අභ්‍යන්තර  සහ  බාහිර  ලෝක  සම්බන්ධනය  කෙරෙන  විවිධ
යාන්ත්‍රණ පුද්ගලයා තුළ පිහිටා ඇත. කලාව හා අදාළ වන සේවා කිහිපයක් මෙසේ පෙන්වා දිය හැකිය.
■ අන්තරීක්ෂේපණය  (
Introjection)  :  සුඛවේදනාව  ගෙන  දෙන දේ අහම තුළට ගැනීම.
 
■ ප්‍රක්ෂේපණය  (
Projection)  :  දුක්ඛවේදනාව  ගෙන  දෙන  දේ අහම තුළින් පළවා හැරීම.
■ සංකේතභාවිතය  (
Symbolism)  :  බාහිර  වස්තූන්ට  අභ්‍යන්තර අර්ථ ගැන්වීම.
■ මනෝඍෂ්ටිය (
Phantasy) : බාහිර වස්තූන් පිළිබඳව අවිඥානක වීමේ තත්ත්වය
■ උත්කර්ෂය (
Sublimation) : සමාජයීය වශයෙන් පිළිගත නොහැකි
සිතුවිලිවලට  සහ  ප්‍රේරණයන්ට  සමාජයීය  වශයෙන්  පිළිගත හැකි ප්‍රකාශනයක් කැවීම.
​
සෞන්දර්යය   විද්‍යාව   පිළිබඳ   සාකච්ඡා   බහුතරයකදී   විෂය කරගනු      ලබන්නේ      කලාත්මක      නිර්මාණයයි.      ලෝකයෙහි ස්වභාවික  සුන්දරත්වය  ගැන  සඳහන්  කරන්නේ  ටික  දෙනෙකි.  කලා නිර්මාණ   සහ   දර්ශන   පථය   අතර   සුවිශේෂ   වෙනස්කම්   තිබේ. මනෝවිශ්ලේෂණික     වශයෙන්     ඉතාමත්ම     වැදගත්     වනුයේ, නරඹන්නකුට,    උත්කර්ශණය    
(Sublimation)    ඔස්සේ    ප්‍රකාශිත කලාකරුගේ  අවිඥානක  ආශාවන්  සමඟ  ප්‍රතිබද්ධ  විය  හැකි  නමුදු, දර්ශන පථයන්ට අදාළව එසේ කළ නොහැකි වීමයි.

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්