‘කොරෝනාව’ සහ විරෝධාකල්පික ගීතය (Corona and the songs of protest)
⚈ ජෝන් ඩැනියෙල් - John Daniel
2020 ජුනි 29
2020 ජුනි 29
ගෝලීය වසංගතය හමුවේ සියලු ම සමාජ සම්බන්ධතාවන් හිරිවට්ටා තිබේ. ඇත්තට ම මානව සම්බන්ධතා බලහත්කාරයෙන් දූරස්ථ කොට ඇත. කලාවේ දෘෂ්ටියෙන් ගත් කල්හි, මින් පෙර දේශපාලනික හා සාමාජීය වෙනස්කම් හමුවේ ප්‍රථමයෙන් ප්‍රතික්‍රියා දක්වන අංගය වන්නේ වේදිකා නාට්‍යයි. ඉන් විරෝධය පෑමත්, බොහෝ විට දේශපාලනඥයන් හා ඔවුන්ගේ දේශපාලන හැසිරීම හාස්‍යයට නැංවීමත් කෙරේ. එනමුදු මෙවර අද්‍යතන සමාජ කලබැගැනිය හමුවේ විරෝධාකල්පික ධාරාවේ ගායකයන් තුළ ප්‍රබල හැඟීම් ජනනය වී ඇති බව පෙනෙන්නට ඇත.
මෙම කාරණාව අපට පසුගිය මාස කීපය තුළ විශද ලෙස ‘යූටියුබය’ ඔස්සේ දැක ගන්නට පුඵවන් විය. මේ වන විට ‘කොරොනා’ මුල්කොට ගෙන ගැයුණු ගීත 10ක් පමණ ‘යූටියුබය’ ඔස්සේ අසන්නට හැකි ය. ඉන් එකක් හැරුණු කොට අනෙක් ගීත තුළින් කියැවෙන්නේ ‘හැකි ඉක්මනින් ම කොරෝනා දුරුවේවා’ යන අදහස ය. එ මෙන් ම ඒවා රූප රාමු මඟින් ගායක ගායිකා කණ්ඩායමේ මුහුණු පෙන්වීමට දරන වෑයමක් පමණක් බවට පත් ව ඇත. ගීතය අසන්නාට යම් ආවේශයක් ඇති කිරීමට ඒ ගායනා අසමත් ය.
මා සුවිශේෂ වශයෙන් සඳහන් කළ ‘විරෝධාකල්පික’ ගීතය නම් කෙරී ඇත්තේ ‘Moonshine Waltz for Covid – 19' නොහොත් කසිප්පු නැටුම’ වශයෙනි.
ගීතයේ ගේයපද පහත පරිදි ය:
කසිප්පු කාලයි සුරුට්ටුවයි
බීඩි සමහර වේලාවට
හාලුත් හිඟයි, පන්දාහක් මදී
හීන වලට පෙන්ෂන් නැහැ
සිරාවට
පේමන්ට් එක අතුගාලා
මාලිගාව සරසලා
දෙයියෝ බුදුන් වලදාලා
හොයමු ආදරේ
කසිප්පු කාලයි සුරුට්ටුවයි
බීඩි සමහර වේලාවට
හාලුත් හිඟයි, පන්දාහක් මදී
හීන වලට පෙන්ෂන් නැහැ, සිරාවට
පිරිත් පැනට ශැන්ඩි දාලා
බයිට් එකට බණක් අහලා
තොල් වැහෙන්න මාස්ක් දාලා
රකිමු මීටරේ
ආමිත් හොඳයි, නේවිත් හොඳයි
සිංහල විතරක් කතාවට
පොලීසියත් හරිම හොඳයි
When I talk in English
ලතාවට
දණගාලා බඩගාලා
අතගාලා කටගාලා
රඟපාලා කීයක් හරි
හොයමු බස් එකේ
ගීතයේ පදමාලාව සාමුහික ප්‍රයත්නයකි. ඒ සඳහා ගායක දෙපළ හැරුණු කොට ධනංජය බණ්ඩාර සම්බන්ධ විය. ගීතය ගායනා කරන්නේ අජිත් කුමාරසිරි හා නාමිණි පංචලා ය. සංගීතය අජිත් කුමාරසිරිගෙන් ම යි.
කටහඩේ සුවිශේෂිතාව නිසා ම චිත්‍රපට ගණනාවක තේමා ගීතය ගායනා කිරීමට අජිත්ට අවස්ථා ලැබුණු අතර, පසුගිය වසර දහයක පමණ සිට විරෝධාකල්පික ගීත ධාරාවේ ප්‍රමුඛ ගායකයෙකි. මේ වන විට ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙකි. නාමිණි වයස අවුරුදු 15 දී පමණ හින්දුස්තාන් සංගීත විශාරද විභාගය සමත් වූ අතර තබ්ලාව, වයලීනය හා ගායනය ප්‍රගුණ කළා ය. (ඇමෙරිකාවේ) State university of New York හි උසස් අධ්‍යාපනය හැදෑරු ඇය, විශ්වවිද්‍යාලයේ දී ඒකපුද්ගල වයලීන සංදර්ශනයක් පැවැත් වීමට සමත් වූවා ය. තව ද වයලීන වාදිකාවක වශයෙන් වාද්‍ය කණ්ඩායමේ ද සහභාගි වූ ඇය, ඒ අතරේ කටහඬ ද පුහුණු වූවා ය. ඇය ‘යූටියූුබය’ ඔස්සේ ගායනය කළ පළමුවැනි ගීතය මෙය යි.
මෙම ගායනයට පසුබිම් වී ඇත්තේ ‘කොරෝනා’ ගෝලීය වසංගතය යි. මට මේ ගීතය ඇසු පමණින් ම, අනෙක් ‘කොරෝනා’ ආශ්‍රිත ගීතවලින් පරිපූර්ණ ව වෙන් කොට හඳුනා ගත හැකි විණි. ගායක දෙපළ පද මාලාවෙන් කියා පාන්නා වූ අර්ථය බිඳලන්නේ නැතිව ගීතය ගායනා කරති. ගීතය තුළින් කියැවෙන්නේ, මේ දිනවල ලුම්පන් නිර්ධන පන්තියේ අයෙකුගේ ජීවිතයේ හරස්කඩකි. වත්මන් පන්ති සමාජයේ පහළම සමාජ කණ්ඩායමට අයත් ලුම්පන් නිර්ධන පන්තිය ‘සංස්කෘතියෙන්’ මුඵමනින් ම වියෝ වී සිටිති.

මොවුන් දරුවන් ලෙස නිසි ලෙස පාසැල් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව නොදල පිරිසකි. මොවුන්ගේ කුටුම්භය තුළ ඇති නිමක් නොමැති ගැටලු මධ්‍යයේ පාසැල් අධ්‍යාපනය සුනු විසුනු වී යන්නේ කටුක ආකාරයකට ය. ඉන් එහාට පා තබන තරුණ ජීවිතය මෙන් ම වැඩිහිටි ජීවිතය ද අතිශයින් ම දුෂ්කර වූත්, කාලකණ්ණි වූත් එකකි. ඔවුන්ට ‘හොඳ' පොතක් කියවීමට නොලැබෙන තරම් ය. ඔවුන්ට ‘හොඳ’ කෑමවේලක් ලැබීම සුන්දර සිහිනයක් ය. ඉතින් ‘හොඳ’ චිත්‍රපටයක්. ‘හොඳ’ ගීතයක් අසන්නට ලැබීම ගැන කවර කතා ද ? ඇත්තට ම ධනේශ්වර ක්‍රමය මෙම පිරිසට අත් කර දී ඇත්තේ මුස්පේන්තු සමාජ තත්ත්වයකි.
ඉතින් මෙවන් පිරිසකට ගෝලීය වසංගතය හමුවේ අත්වන ඉරණම කුමක් ද? පළමු කොට ම එදාවේල සරි කර ගැනීමට නොහැක. මුව ආවරණ පැලඳගෙන සිටින්නැයි කීම යහපත් සෞඛ්‍ය උපදෙසක් වූවත් තම ජීවන ක්‍රමය විසින් ම ඒවා නොතකා සිටීමට මොවුන්ට බල කර කෙරී ඇත. මොවුන්ගේ පවුල් ජීවිතය තුළ අඹුසැමි සම්බන්ධතාව හෝ වේවා දෙමව්පිය දරුවන් අතර සම්බන්ධය වේවා සීල් තබා ඇතැයි පෙනෙන්නට තිබීම අරුමයක් නො වේ. වත්මන් ධනපති පන්ති සමාජය තුළ අනෙක් සෑම ජන කණ්ඩායම් ඒකකයකට වඩා මෙකී ජන කණ්ඩායමේ මෙයාකාර අසරණ භාවය තිබීම අහම්බයක් නොවන්නේ, සමාජ අසමානතාව තීව්‍ර කිරීම මෙම ධනපති ක්‍රමයේ ම නෛසර්ගික ස්වාභාවයක් බැවිනි.
ඉතින් ඉතිරිව ඇති ඔසුව වන්නේ කසිප්පු වීදුරුවක් බීම පමණ යි. ඉන් ඇති වන ‘ගැම්මට’ බොහෝ සිහින දකින්නට පුඵවන. ඇත්තට ම ඒවාට නිමක් නැත. මේ යුවළ ගායනා කරන පරිදි සිහිනවලට පැන්ෂන් නැත. ඔවුන්ට ශැන්ඩි කරන්න සෝඩා නැත. බයිට්වලට බැඳපු මස් නැත. අජිත් හා නාමිණි හාස්‍යයට කියන්නේ, අපේ කතා නායකයාට ශැන්ඩි හා බයිට් එකට ඇත්තේ හිමිදිරි පාන්දර සිට මධ්‍යම රාත්‍රිය තෙක් ධනපති රාජ්‍ය යාන්ත්‍රණය විසින් විසුරුවා හරින පිරිත් හා බණ පමණ යන්න යි. ලැබෙන සොච්චම් ආධාර මුදලින් දින කීයක් දිවි රැක ගන්න ද?
එහෙත් ධනපතියන්ගේ හා ඉහළ මධ්‍යම පන්තිකයන්ගේ මධු ප්‍රේමීන්ට නම් මේ නිමේෂය සපුරා වෙනස් ය. ඔවුහු මහත් ප්‍රීතියෙන් විස්කි සමඟ අයිස්කැට ද, නානා විධ මාංශ වර්ග ද සිහින් ව ඇසෙන සංගීත රාවයෙන් ද මුසපත්ව, ප්‍රියම්බිකාවගේ තොල් සිප ගනිති.
ඕනෑ ම රටක ත්‍රිවිධ හමුදාවේ කාර්ය භාරය වන්නේ ධනපති රාජ්‍ය යාන්ත්‍රණය රැකීම යි. මෙය ඕනෑ ම රටකට අදාළ පොදු සත්‍යයකි. මේ මොහොතේ, ඇමෙරිකාවේ වීදි දිගේ දහස් ගණනකගේ උද්ඝෝෂණය එල්ලය වී ඇත්තේ ත්‍රිවිධ හමුදාවේ ක්‍රෑරත්වයට එරෙහි ව යි. වෙනත් රටවල් කරා ද මේ උද්ඝෝෂණය දිගේලි වී ඇත. මේ අරගල ධනපති රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහි ව යි. සමාජ අසමානත්වයට එරෙහි ව යි. මේ අරගල තුළ දී, දේශපාලන නායකත්වයේ හිඩැස පිරවීමට මාක්ස්වාදීන් දිවා රෑ නොබලා සටන් කරනු ඇත. මේ ගීතය තුළින් ධනපති රාජ්‍ය යාන්ත්‍රණය රකින්නන් හාස්‍යයට ලක් කරන ආකාරය අපූරු යි.
ලුම්පන් නිර්ධන පන්තියට අවසානයට ඉතිරිව ඇත්තේ කුමක් ද? ඉඩක් ලද සැණින් දරුවන්ට කෑමබීම ලබා ගැනීමට, කීයක් හරි සොයා ගන්න තමන් ‘දන්න රස්සාව’ කරා යන්න යි.
මේ ගීතය, මා මුලින් සඳහන් කළාක් මෙන් ‘ලුම්පන් නිර්ධන පන්තියේ’ අයෙකුගේ ජීවිතේ හරස් කඩකි. මෙහි සංගීත භාණ්ඩ හඬ යටපත් කොට, කටහඬ ඉස්මත්තට ඒම තුළින් ගීතය අපූරුවට රස විඳිය හැකි ය. මොවුන් ගීතය පුරාවට ම වාදනය කරන්නේ බොක්ස් ගිටාරය පමණ යි. මෙයත් විශේෂත්වයකි.
මම අජිත්ගේ හා නාමිණීගේ අදහස් විමසා බැලීමට උත්සුක වුණෙමි. ඔවුන්ට තම කලාත්මක ප්‍රවේශය පිළිබඳ කීමට ඇත්තේ කුමක් ද ? අපි ඔවුන්ගේ කතාවට ඇහුන්කන් දෙමු.
අජීත් කතාව පටන් ගත්තේ චෝදනාවක් සමඟ යි: “අපි ගීතය යුටියුබ්එකට දාලා දවස් දෙක තුනකින් ම, ගීතය සොරකම් කළා. ඒක කළේ වෙබ් සයිට් දෙකකින්. එකක දාලා තිබුණා, ‘ගායකයා මැරිලා’ කියල. අපි ගූගල් එකට පැමිණිලි කරලා එය නවත්ව ගන්න පුඵවන් වුණා. තාක්ෂණය දියුණුවත් එක්කලා, ‘හොරකමත්’ යහමින් යනවා.” මම ඔවුන් සමඟ ගීතය ගැන කතා කළෙමි. “මේ සිංදුවත් සමඟ ම ඒ ඉතිහාසය ගැන කියන්න.” |
අජිත්: “මේ ගෝලීය වසංගයත් එක්ක, ඇමරිකන්වරුන්ගේ ‘චිත්ත ධෛර්ය’ වැඩි කරන්න, ‘We are the Champions’ කියන ගීතය නැවත නිෂ්පාදනය කළා. ඒ කළේ The Judische Kulturbund Project එකෙන්. මේ ආයතනය ගැනත් කෙටියෙන් කියන්නම්. මේ සංසදය දෙවන ලෝක යුද්ධයේ දී, නාසිවාදයට විරුද්ධව වැඩ කළ කලාකරුවන් පිරිසකගේ එකතුවක්. මේ සංසදය තවමත් ක්‍රියාකාරී යි. මොවුන් විවිධ රටවල සිටින විරෝධාකල්පික කලාකරුවන්ගේ නිර්මාණ ප්‍රකාශයට පත් කරනවා. මෙහි හොලිවූඞ් කලාකරුවොත් ඉන්නවා. මෙය සංගීතය විතරක් නෙවේ, කලාව යටතේ සෑම අංශයක් ම අදාළ වෙනවා. ඉතින් මොවුන් අපි දෙන්නාටත් කතා කළා. අපි අපේ කටහඬ යැව්වා. නාමිණිගේ කටහඬ තේරුණා. නමුත් මගේ කටහඬ තේරුණේ නැහැ. ඔවුන්ගේ අනෙක් කණ්ඩායම් ගීතවල දී නාමිණිත් සම්බන්ධ වේවි. කොහොම නමුත් මේක එක හේතුවක් වුණා, අපි දෙන්නා මේ ‘කසිප්පු’ ගීතය එක්ව ගායනා කරන්න.”
සම්භාෂකයා: “ගෝලීය වසංගතය හමුවේ මෙබඳු ගීතයක් නිර්මාණය කිරීමට ආවේශයක් පැන නැඟුණේ කොහොම ද? එහෙම නැතිනම් දැනුනේ කොහොම ද?”
අජිත්: “අපට විශාල පීඩනයක් දැනුනා. නාමිණි එයාගේ ගෙදර හිරවෙලා සිටියා. මම මගේ ගෙදර හිරවෙලා හිටියා. අපට එළියට බහින්න බැහැ. එක පැත්තකින් මේ රෝගය දේශපාලනීකරණය වෙලා. මෙයාකාරයක පීඩනයක් තමයි, තිබුණේ. අපි මේ පීඩනය සම සම ව බෙදා ගත්තා. මේ පීඩනය එළියට ආවේ මේ සිංදුවෙන්.”
නාමිණි: “අපි දෙන්නාට තිබුණු පෞද්ගලික පීඩනයට අමතරව අපි දැක්කා අනෙක් මිනිස්සු කොයිතරම් දුක් වින්දා ද කියල. බොහෝ අයට කන්න බොන්න පවා තිබුණේ නැහැ. අපට කන්න මොනවා හරි තිබුණා. නමුත් ගොඩාක් මිනිස්සුන්ට එහෙම තිබුණේ නැහැ. මේ වසංගතය හරියට කළමණාකරනය නොකළ නිසා මිනිස්සු හරියට පීඩනයට පත් වුණා. අනෙක් අය පීඩනයට පත්වෙලා ඉන්න කොට තමන්ටත් ඒක දැනෙනවා. ඒ සියල්ල ම එළියට මුදා හරින්න තමයි, මේ සිංදුව කළේ.”
සම්භාෂකයා:“කොරෝනා ගැන ගායනා කළ අනෙක් ගීත අහලා තිබුණා ද ? ”
අජිත්: “අපි අනෙක් සිංදුවලින් චිත්‍රාල් කරපු සිංදුව විතරයි අහල තිබුණේ.”
නාමිණි: “මමත් අහල තිබුණේ නැහැ. අජිත් කිව්වාට පසුව තමයි, මමත් චිත්‍රාල්ගේ සිංදුව ඇහුවේ. වසංගතයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සිංදුවක් කරමු කියල කිව්වාට, එහෙම හොඳ නිර්මාණයක් කරන්න බැහැ. තමන්ගේ ඇතුළේ තියෙන දෙය පුපුරා එළියට ඒම මිසක්, අනෙක් අය කළ නිසා අපට කරන්න බැහැ. එහෙම නැත්නම් මේ කාලයට හරියන දෙයක් කරන්නවත් අපට පු`ඵවන් කමක් නැහැ. ඒ විදියට හොඳ නිර්මාණයක් කරන්න බැහැ.”
සම්භාෂකයා: “මේ ගීතයේ පදමාලාව කාගේ ද ?”
අජිත්: “මුලින් ම මේ අදහස ගේන්නේ ධනංජය. ඔහු නුවරඑළියේ ඉන්න, ගුරුවරයෙක්. ධනංජය කොලයක ලියලා තිබුණා, ‘කසිප්පුකාලයි සුරුට්ටුවයි, බීඩි සමහර වේලාවට”පද ටික. ඊට අපි එකතු වුණා. මේක ටීම් වර්ක් එකක්.”
සම්භාෂකයා: “පදමාලාව නිර්මාණය වෙනකොට කොහොම ද ආවේශය ගැනුණේ. එහෙම නැත්නම් ඔයගොල්ලොන්ගේ ඔලුවලට ආවේ කොයි විදියට ද ? පදමාලාව එකතුවෙලා සකස් කළ බව ඇත්ත යි. ඊට පිටුපසින් තියෙන යථාර්ථය මොකක් ද ?”
අජිත්: “ලංකාවටම එල්ලවෙලා තියෙන පීඩනය තුන් දෙනෙක් හරහා පදමාලාවට ආවා. සම පීඩනයක් තියෙන්නේ ඇත්තේ. මිනිසුන්ට කන්න බොන්න නැහැ. ධනංජයටත් තියෙන්න ඇති හිතේ කැරැල්ලක්. නාමිණිටත් හිතේ කැරැල්ලක් හටගෙන තිබුණා. මටත් ඒ වගේ ම තිබුණා. අපි තුන් දෙනා ම ලිව්වා. පස්සේ ‘එක මිටියකට’ ආවා. තුන් දෙනාගේ සම ක්‍රියාකාරීත්වයක්.”
සම්භාෂකයා: “මේ පදමාලාවේ වචන සුන්දර නැහැ. අනෙක් පැත්තට ඒකෙ තේරුම, අපට දකින්න තියෙන යථාර්ථය සුන්දර වචනවලින් තේරුම් කරල දෙන්න බැරි මට්ටමකට ගිහිල්ලා කියන එක ද ?”
අජිත්: “සුන්දරත්වය කියන්නේ මොකක් ද? What is beauty ? මෙය සෞන්දර්ය ඉතිහාසය පුරා ම තියෙන ප්‍රශ්නයක්. මම ‘ජිනීවා’ සිංදුවෙන් කියන්නේ කනකොට මසුත් ලස්සනයි කියල. කන මිනිහාට මස් කැතට පේන්නේ නැහැ. එක සිංදුවක තියෙනවා, අපි රෝස මලෙන් පිච්ච මලට මාරු වුණා. පිච්ච මලෙන් ගංජා මලට මාරු වුණා කියල. සුන්දරත්වය තුවාලයක් තුළ තියෙන්නට පුඵවන්. ඉතින් මේ සුන්දරත්වය මාර්කට් එකේ තියෙන ජනප්‍රිය ‘සුන්දරත්වයට’ වඩා වෙනස්. මෙය වෙන ම ‘සුන්දරත්වයක්’. මෙයත් ‘සුන්දරත්වයක් ම’ තමයි. දැන් වෙලා තියෙන්නේ ‘සුන්දරත්වය’ කියන්නේ ‘මෙහෙම එකක්’ කියල තියෙනවා. ඉතින් සෑම ‘සුන්දරත්වයක් ම’ අර කියන විදියට තියෙන්න ඕන. ඒ අයට ම ‘ලස්සන’ කියන එක අර්ථකථනය කර ගන්න බැරි වෙනවා. වචන සුන්දරයි කියල හඳුන්වලා තියෙන්නේ ව්‍යාජයක්. ප්‍රයෝගික භාෂාව එක්ක තමයි, මම වැඩ කරන්නේ. භාෂාවට ‘අතිරික්ත වටිනාකමක්’ දෙන්න ඕනෑකමක් නැහැ. භාෂාවේ මට ගැළපෙන වචන හදා ගන්නවා.”
නාමිණි: “අපි ‘භාෂාව’ යටත් කරගන්නවා ද, නැතිනම් අපි ‘භාෂාවට’ යටත් වෙනවා ද?”
සම්භාෂකයා: “ගීතයක් කරන්න ඔයගොල්ලෝ සුදානම් වන විට, වස්තු බීජයක් සොයා ගන්න විට, ඒක කොයි විදියේ ක්‍රියාදාමයක් ද ?
අජිත්: “මට ජීවිතේ අමුතු ආවේශයක් ගන්න දෙයක් නැහැ. ආවේශ එන්නේ ම සමාජ ක්‍රියාදාමයක් හරහා ම යි. මට මම ම කියල හදාගන්න පුඵවන් ආවේශයක් නැහැ. මට ක්‍රියාත්මක වෙන්න යථාර්ථයෙන් බලපෑමක් තියෙන්න ඕන. මම සාමාජික පුද්ගලයෙක්. මම ජීවත් වෙන්නේ අනෙක් මිනිසුන් සමඟ. මම ලෝකයේ තනියෙන් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් මේ ආවේශය කවුරු දෙනවා ද කියල මුලින් කියන්න බැහැ. සතෙකුගෙන් ද, මිනිහෙකුගෙන් ද සිදුවීමකින් ද කියල කලින් ම තීරණය කරන්න බැහැ. මට ඉස්සෙල්ලා තිබුණු පැවැත්මට වඩා වෙනස් පැවැත්මකට යන්නට බලපෑමක් නිර්මාණය කරනවා. එහෙම නැතිනම් කොන්දේසියක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ පරණ විදියට පවතින්නට බැරි තත්ත්වයක් මට උදා කරල තියෙනවා. මොකක් හෝ සිදුවීමක් ඔස්සේ හෝ කැතක් හෝ ලස්සනක් ගෙනැල්ලා මට පරණ විදියට පවතින්න බැරි තත්ත්වයක් නිර්මාණය කරල තියෙනවා. ඒ වේලාවට මම මගේ විෂය තුළට යන්න තමයි, පුරුදුවෙලා තියෙන්නේ. ඒ කියන්නේ සංගීතය හා ගායනය තුළට යන්න තමයි, පුරුදුවෙලා තියෙන්නේ.”
නාමිණි: “මට කියන්න තියෙන්නේ අජිත් කිවු දෙයට ළඟින් යන දෙයක් තමයි. මම පොඩි කාලයේ ඉඳල කවි ලියනවා. මට කවුරුහරි කිව්වොත් ‘අරක ගැන ලියන්න’, ‘මේක ගැන ලියන්න’, මට එහෙම ලියන්න බැහැ. මට කියන්න කියල සිංදු ලියලා දීලා තියෙනවා. වෙනත් අය තනු දාලා තියෙනවා. ඒවා මට ලස්සනට කියන්න පු`ඵවන්. නමුත් මම රස විඳින්නේ නැහැ. දවසක් මම බස් එකේ යද්දී, දැක්කා, වයසක අම්මා කෙනෙක්, ඉරිච්ච ඇඳුම්, හිමිහිට බස්එකෙන් බැහැල, වැටෙන්නත් ගියා, ආපස්සට හැරිලා, කොන්දොස්තර සමඟ හිනාවෙනවා. ඒ හිනාවේ පුදුම ලස්සනක් තිබුණේ. මම ඒ හිනාවට වශී වුණා. හිනාව ඇතුළේ හරිම අහිංසක කමක් තිබුණා. මම ඒවේලාවේ ම ෆෝන්එක අරගෙන ආච්චිව විස්තර කරල ඉංගිරිසි කවියක් ලිව්වා,"‘she is the most beautiful woman in the world.’ නමුත් කවුරුහරි ‘beauty' ගැන කවියක් ලියන්න කිව්වොත් ඒක මට කරන්න බැරිවේවි. තමන්ට හිතන දේ අනුව, දැනෙන දේ අනුව තමයි, නිර්මාණයක් එන්නේ. අපි ‘අම්මා’ ගැන සිංදුවක් ලියමු දැයි කිව්වාට, මට කරන්න බැහැ. කියන්නත් බැහැ.”
සම්භාෂකයා: “අජිත් කියල තියෙන සිංදු බොහෝමයක් ම මේ ‘ධනපති ක්‍රමයට’ විරුද්ධව යන්නේ. අජිත් කාලයකට ඉස්සෙල්ලා ජාතික ගීයේ නිර්මාණකරුවා ගැන ගීතයක් ගැයුවා. අජිත්ගේ ගීත බොහෝමයක් මේ සිස්ටම් එකත් එක්ක ගැටෙනවා. මෙවැනි ආකල්පයක් අරගෙන ක්‍රියා කිරීමේ දී පිටුපසින් තිබෙන කාරණාව මොකක් ද ?”
අජිත්: “මම සිස්ටම් එකත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. මගේ න්‍යාය තමයි, ‘සිස්ටම් එක මට කෙළින්නත් බැහැ, මම සිස්ටම් එකට කෙළින්නෙත් නැහැ.’ ප්‍රයෝගිකව මට දැනෙන සංවේදනාව, උගුල්වලින් බේරිලා ඉදිරිපත් කරන්න ඕන. උගුල් කියන්නේ භාෂාමය උගුල් තියෙනවා, සංගීතමය උගුල් තියෙනවා. ඒ කියන්නේ මට අවශ්‍ය දේ කියන්න අපහසු තරමේ සීමාවන් භාෂාව තුළත් සංගීතය තුළත් තියෙනවා. ඒවායින් බේරිලා තමයි, මගේ සංවේදනාව, සංගීතය හා ගීත ගායනය තුළින් ඉදිරිපත් කරන්නේ. ”
සම්භාෂකයා: “අජිත්ගේ සිංදුවල ‘සංගීතයට’ වඩා ‘කටහඬ’ තමයි ප්‍රමුඛව ඇසෙන්නේ. මේ තත්ත්වය අජිත් විස්තර කරන්නේ කොහොම ද ?”
අජිත්: “සමහර ගායකයෝ තමන්ට කියන්න තියෙන දෙයට ප්‍රමුඛතාව දෙනවා. ගායනය අභිභවා යන සංගීතයක් යොදල බාධා කරගන්නේ නැහැ. විශේෂයෙන් ලෝකයේ විරෝධාකල්පික ගායකයෝ තමන්ට කියන්න තියෙන දෙයට වැඩි සංගීතයක් යොදල බාධා කර ගන්නේ නැහැ. මෙම ගායනයත් එහෙම යි. නමුත් මම ‘ස්වර’ සාම්ප්‍රදායික තැනක තිව්වේ නැහැ. මේ නිසා සමහර කියන්න පටන් ගත්තා මම නියාමාකාරයට ස්වර මට්ටම්වල ගායනය කරන්නේ නැහැ කියල. මෙය මු`ඵමනින් ම වැරදි යි. මම වෙන තැනක ‘ස්වර’ තියල තියෙන්නේ. ලංකාවේ වැඩියෙන් භාවිත වන්නේ major minor ස්වරය. මගේ ගීතවල කනට නුපුරුදු ස්වර ගෙනිහින් තියෙන්නේ, එවිට ගායනයත් එතැනට යනවා. මම සිංදු කියන විට මුල දී සමහර අය කියන්න පටන් ගත්තා, ‘ඔය කටහඬින් සිංදු අහන්න බැහැ. කටහඬ හදාගෙන එන්න කියල.’ දවසක් චිත්‍රපටයක ගීතයක් පටිගත කරන්න ස්ටුඩියෝ එකකට ගියා. මම සිංදුව කියන්න පටන් ගන්න කොටම, සිංදුව පටිගත කරන්න හිටපු තාක්ෂණික නිලධාරියා වැඬේ නවත්වලා කිව්වා, “අපෝ, අපෝ, ඔයා ගිහිල්ලා කටහඬ හදාගෙන එන්න. මෙහෙම පටිගත කරන්න බැහැ” කියල. එතකොට චිත්‍රපට අධ්‍යක්ෂක කිව්වා, “ඔයා කියන්නේ කටහඬ සුමට නැහැ කියල නේ. අපි දුර ඉඳලා ආවේ ඒ සුමට නැති කටහඬ ගෙන යන්න තමයි, ඔයා කටහඬ නිරීක්ෂණය කරන්නේ නැතිව සිංදුව පටිගත කරල දෙන්න.” එහෙම තමයි, ‘සුරංගනාවිය’ ගීතය පටිගත කළේ.
සම්භාෂකයා: “විරෝධාකල්පික’ ගීතවල දී ඔබ කියන කටහඬ ම අවශ්‍ය යි කියල ද අජිත් කියන්නේ ?
අජිත්: “නැහැ, එහෙම අවශ්‍ය නැහැ. නමුත් අවංක හඬක් තියෙන්න ඕන. වචනවල අවංක බවක් තියෙන්න ඕන, ගායනයේ දී අවංක බවක් තියෙන්න ඕන. අනුන්ගෙන් ‘හොරකම්’ කරපු එකක් නොවෙන්න ඕන. මේ තත්ත්වය කෘත්‍රිම ව හදපු දෙයක්. 1940 ගණන්වල දී එම්. ජේ. පෙරේරා ‘ගීත ශික්ෂාව’ කියල පොතක් රචනා කළා. ඔහු ගුවන් විදුලියේ සභාපති වෙලත් සිටියා. ඔහු ඒ කෘතිය තුළින් ඉදිරිපත් කරල තිබුණා, ‘කටහඬ’ මෙයාකාරයට වෙන්න ඕන කියල. ඊට පස්සේ සුනිල් සාන්ත ඇතු`ඵ ගායක ගායිකාවන්ට අර පොතේ සඳහන් වූ ආකාරයට කටහඬ සකස් කර ගන්න සිද්ධ වුණා. දැන් ඉන්න ගායක ගායිකාවන් පවා ඒ ‘ගීත ශික්ෂාව’ පොතට අනුව තමයි, කටහඬ හුරු කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ‘ගීත ශික්ෂාවට’ අනුගත වූ කටහඬ නිර්ණායක මත තමයි, දැන් ප්‍රචලිතව ගීත ඇසෙන්නේ. එහෙම නැත්නම් බොහෝ කටහඬවල් ‘ගීත ශික්ෂාවට’ යටත්. ඒ පොතේ කටහඬ සම්බන්ධව නීතිරිති බොහෝ තියෙනවා. සංගීත භාණ්ඩ සම්බන්ධව නීතිරිති තියෙනවා. සංගීත නීතිරිති බිඳ දමන ලද කැරලි ඉතිහාසය පුරා තිබෙනවා. ලංකාවේ මහ සංගීත කැරැලි ඇවිත් නැහැ. ‘ගීත ශික්ෂාවට’ පදනම් වුණේ ‘සංගීත මකරන්ද’ වගේ ඉන්දියානු සංගීත පොත්.”
සම්භාෂකයා: “සිංදුවට ‘කසිප්පු නැටුම’ කියන නම ගැළපෙනවා ද ?”
අජිත්: “නම හැදුණේ මේ විදියට යි. ඔයා දන්වානේ Waltz කියන නැටුමක් තියෙනවා. මාටින් වික්‍රමසිංහ කියන්නේ ‘හිම කිරම නැටුම’ කියල. න්John Stuess ගේ Waltz කියන නැටුමක් තියෙනවා. One….Two…..Three…./One….Two….Three…. මේ රිද්මයට ලංකාවේ පළමුවෙන් ම සිංදුවක් ගායනා කළේ සුනිල් සාන්ත. “සුවඳ.. රෝස.. මල්.. නෙළා.. මාලයක්..” මෙය ලංකාවේ ප්‍රචලිත Waltz ගීතයක්. ඊට පස්සේ බොහෝ අය මේ රිද්මයට ගීත ගායනා කළා. කසිප්පු කියන්නේ moonshine. ඉතින් සිංහලෙන් ‘කසිප්පු නැටුම’ කියල නම් කළා.”
අද්‍යතන යුගය පෙළපාලි හා අරගලවලින් පිරුණු එකකි. ඇත්තට ම මේ නිමේෂය කැලඹිලිකාරී නිමේෂයකි. අපගේ සාකච්ඡාවට බඳුන් වූ ජන කණ්ඩායම අසංස්කෘතික මෙන් ම මහා සමාජ ප්‍රවාහයට නොවැදගත් පිරිසක් ය. එනමුදු ගායක යුවළ ‘මේ පිරිස’ වස්තු බීජය ලෙස තෝරා ගත්තේ මන්දැයි යන පැනයට යුක්ති සහගත පිළිතුරක් මම නොලද්දෙමි. එසේ වුවත් කලාකරුවන්ට අණ පැනවීම අපගේ කාර්යය නො වේ. “ ‘වස්තු බීජය’ එහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන” යන්න පැවසීම ‘ජනතා කලාකාරයෝ’ ලෙස නම් පටබැඳි ස්ටැලින්වාදි ගුරුකුලය පවරා ගත් රාජකාරියකි. එහෙයින් එකී ප්‍රතිගාමි රාජකාරිය අප කිසි දිනක බාර ගන්නේ නැත.
කරුණු මෙසේ වූවත් කලාකරුවා නිර්මාණකරනයේ දී යථාර්ථය තේරුම් ගැනීම වස්, යථාර්ථය පොර බදන්න හා විනිවිද යන්න බරපතළ ආයාසයක් ගනියි. ලෝකයේ පවතින තත්ත්වය කෙරෙහි මෙම කලාකරුවන් දෙදෙනා බලවත් විරෝධයක් දක්වන බව පෙනේ. එහෙත් එබඳු විරෝධයක් සාධනීය ලෙස කිරීමට නම් ගැඹුරු පන්ති මූලයන් කරා කිඳා බැසීමට අවශ්‍ය බුද්ධිමය ශ්‍රමය යෙදිය යුතු වේ. පවතින ධනේශ්වර දෘෂ්ටිවාදය කපාගෙන විනිවිදින්න හැකි වන්නේ එබඳු බුද්ධිමය ශ්‍රමයකින් පමණි.