ජෝර්ජ් ෆ්ලොයිඩ් සහ හමේ වර්ණයේ සුලමුල
George Floyd and the evolution of human skin color
2020 ජුනි 19
හමේ වර්ණය කළු නිසා කළු ජාතිකයෙකු වශයෙන් හඳුන්වනු ලබන්නෙකු වූ ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) පොලිස් නිලධාරින් විසින් මරණයට පත් කිරීම නිසා හටගත් විරෝධතා මුළු ලොව පුරා පැතිරිණ. කළු වර්ණයෙන් යුතු හමක් තිබෙන මිනිසුන් පහත් ලෙස ද සුදු වර්ණයෙන් යුතු හමක් තිබෙන මිනිසුන් උසස් ලෙස ද සැලකීම වර්ණ භේදය (Apartheid) ලෙස සැලකේ. ඇත්ත වශයෙන් ලොව විවිධ රටවල ජීවත් වන මිනිසුන්ගේ හමේ වර්ණය ගැන සැලකීමේ දී එය ඉතා තද දුඹුරු වර්ණයේ (කළු) සිට ඉතා ලා පැහැයක් දක්වා පරාසයක පවතින බව පෙනේ. යමෙකුගේ හමේ වර්ණය ඇති වීමට බලපාන කරුණු නම් එම පුද්ගලයාගේ දෙමව්පියන්ගෙන් ලැබූ ජාන හා සූර්යාලෝකයට නිරාවරණය වීම ය.
|
ජාන නිසා හමේ වර්ණය ඇති වීම සිදුව ඇත්තේ සූර්යයාගෙන් ලැබෙන ආලෝකයේ අඩංගු පාර ජම්බුල කිරණ (Ultra Violet rays) ප්‍රමාණය පාලනය කිරීම සඳහා මිනිස් පරිණාමයේ දී සිදු වූ ස්වාභාවික වරණය (Natural selection) නමැති ක්‍රියාවලිය නිසා ය. යම් පරිසරයක ජීවත්වන ජීවීන් අතුරින් එම පරිසරයට වඩාත්ම උචිත ලක්ෂණ සහිත ජීවීන්ට එම පරිසරයේ ජීවත් වී වැඩි සංඛ්‍යාවක් දරුවන් ඇති කිරීමට සමත්වීම ස්වභාවික වරණය ලෙස හැඳින්වේ. මෙය සිදුවන අන්දම යම් සිදුවීමක් ඇසුරින් පැහැදිලි කළ හැකිය. එංගලන්තය කාර්මීකරණයට පෙර බිස්ටොන් බෙටියුලේරියා (Beston betularia) නම් සලබයන් වර්ගයක් ජීවත් විය. මෙම සලබයන් අතර එක් වර්ගයක් කළු පුල්ලි සහිත සුදු පියාපත් දැරූ අතර අනෙක් වර්ගය කළු පියාපත් දැරීය. කළු පැහැති ස්ථානවල සිටින කළු පියාපත් දරන සලබයන් විලෝපියන්ගෙන් ආරක්ෂා වූ අතර සුදු පියාපත් දරන සලබයින් විලෝපියන්ට පහසුවෙන් ගොදුරු විය. කාර්මීකරණය සිදුවීම හරහා කර්මාන්ත සඳහා ගල් අඟුරු භාවිතය වැඩිවීම නිසා වාතයට එකතු වූ කාබන් අංශු ගස්වල කඳන්වල තැන්පත් වීමෙන් ඒවා අඳුරු පැහැයට හැරුණේය. මේ නිසා එම පරිසරයේ ජීවත් වූ සුදු පියාපත් දරන සලබයින් විලෝපියන්ට ගොදුරු වූ අතර කළු පියාපත් දරන සලබයින් ආරක්ෂා විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කල්යෑමේ දී සුදු සලබයින් විනාශ වී කළු සලබයින් ඉතා සුලබ විය. පසු කාලීනව ගල් අඟුරු භාවිතය අඩුවීමත් සමග ශාක කඳන්වල කළු පැහැය නැති වීමෙන් පසු කළු පියාපත් දරණ සලබයින් අඩු වී සුදු පියාපත් දරණ සලබයන් වැඩි විය.
මිනිසුන්ගේ හමෙහි වර්ණය ඇති කරන ප්‍රධාන සාධකය නම් මෙලනින් (melanin) නැමති වර්ණකය ය. මෙයින් ලැබෙන කළු වර්ණයෙන් කෙරෙන කාර්යය නම් පාර ජම්බුල කිරණවලින් සිදුවන හානිය වැලැක්වීම ය. මෙම කිරණ නිසා විටමින් B වර්ගයක් වන ෆොලේට් විනාශ වී ශරීර ක්‍රියාකාරිත්වය කෙරෙහි අනිසි ලෙස බලපායි. එම නිසා සූර්යාලෝකය වැඩි ප්‍රදේශවල ජීවත්වන අයට කළු හමක් ඇතිවීම ඔවුන් එම පරිසරයේ ජීවත්වීමට හා ප්‍රජනනය කර දරුවන් ඇති කිරීම සඳහා වඩා සුදුස්සන් බවට පත් කර ඇත. එම නිසා කල්යෑමේ දී තද සූර්යාලෝකය පවතින ප්‍රදේශවල කළු හම ඇති මිනිසුන් ඇති වී ඇත.

මිනිස් සමෙහි වර්ණයන් ඇතිවීම ආරම්භ වී ඇත්තේ මෙයට වසර මිලියන 1.2 ක් පමණ පෙර යයි සැලකේ. මෙයට වසර මිලියන 5 සිට 7 තරම් පෙර කාලයක දී හොමිනිඞ් වර්ගයේ වානරයින් විශේෂයක් කකුල් දෙකෙන් ඇවිදීමට පටන්ගෙන ඇත. දෙපයින් ඇවිදින මේ අයගේ ශරීරයේ උණුසුම දහඩිය පිට කිරීමෙන් වඩා හොඳින් ඉවත් කිරීම සඳහා ශරීරයේ ලෝම ක්‍රමක්‍රමයෙන් ඉවත් වී ඇතැයි සැලකේ. මෙයට වසර මිලියන 1.2 ක් පමණ පෙර ඇති වූ විශාල නියඟයක් නිසා මෙම ආදි මිනිස් වර්ගය වියළි විවෘත භූමිවලට සංක්‍රමණය වී ඇත. එම ප්‍රදේශවල පැවති තත්වයන් යටතේ වැඩිපුර පාරජම්බුල කිරණ ඔවුන්ගේ ශරීර වලට ලැබී ඇත.
|
මෙම අධික පාරජම්බුල කිරණවලින් සිදුවන ෆොලේට් විනාශයෙන් ආරක්ෂා වීම සඳහා හමෙහි වර්ණක උපකාරී වී ඇති බව සැලකේ. ලෝම රහිත හමක් ද, දහඩිය ග්‍රන්ථි විශාල ප්‍රමාණයක් ද, මෙලනින් වර්ණකය අඩංගු හමක් ද ඇතිවීම නිසා මුල් මිනිසුන්ට සූර්ය රශ්මිය යට ශරීර උෂ්ණත්වය වැඩි නොකර විශාල කාලයක් ඇවිදීමට ද දිවීමට ද හැකි විය. මේ නිසා මේ අයට අනික් සතුන්ට වඩා පරිණාමීය වාසියක් ද ඇති විය. එනම් එම ජනගහනය වැඩි විය. දැනට වර්ෂ මිලියන 1.2ක් පමණ පෙර ජීවත් වූ ආදි මානවයින්ට අප්‍රිකාවේ සහරා කාන්තාරයට පහළ ප්‍රදේශවල ජීවත්වන නූතන මිනිසාගේ ජාන සංයුතියම තිබෙන්නට ඇතැයි සැලකේ. ව්‍යුහමය වශයෙන් නූතන මිනිසාට සමානකම් ඇති හෝමෝ සේපියන්ස් මානවයන් මෙයට අවුරුදු 100,000 - 70,000ක් පමණ පෙර, ඝර්ම කලාපයේ සිට උතුරු ප්‍රදේශයට සංක්‍රමණය වී ඇත. උතුරු ප්‍රදේශවල දී සූර්යාලෝකය අඩුවෙන් ලැබීම නිසාත්, ශීත දේශගුණය නිසා ඇඳුම් පැළඳීම නිසා සූර්යාලෝකයට අඩුවෙන් නිරාවරණය වීම නිසාත් පාරජම්බුල කිරණ වලින් සිදුවන ෆොලේට් විනාශය අඩු වී ඇත. මේ නිසා හමේ සුදු පැහැය ඇති කරන ජානයන් පැවැත්වීම වැළැක්වෙන පරිණාමීය පීඩනය අඩු විය. මෙයට අමතරව පාට අඩු හමකට විටමින් D වැඩි ප්‍රමාණයක් නිපදවා ගත හැකි නිසා, සූර්යාලෝකය අඩුවෙන් ඇති පරිසරයක දී සුදු පැහැය සෞඛ්‍යයට වාසිදායක වී ඇත. මේ අනුව මිනිස් හමෙහි වර්ණය ඇති වීම පිළිබඳව ඉදිරිපත් කර ඇති ප්‍රධාන මතය යෝජනා කර ඇති කරුණු මෙසේය.
1. මෙයට වර්ෂ මිලියන 1.2 සිට 100,000 කට අඩු කාලයකට පෙර ආදී හෝමෝ සේපියන්ස් ඇතුලු පැරණි මානවයින්ට කළු පැහැ හමක් තිබී ඇත.
2. හෝමෝ සේපියන්ස් ජනගහනය උතුරු ප්‍රදේශවලට සංක්‍රමණය වන විට, හමෙහි වර්ණය කළු පැහැ කිරීමට පැවති පරිණාමීය සාධකය, උතුරට සංක්‍රමණය වන දුරට අනුපාතිකව අඩුවීම නිසා, උතුරට සංක්‍රමණය වූ ජනයා අතර හමෙහි වර්ණ පරාසයක් ඇති විය.
3. යම් අවස්ථාවක උතුරට සංක්‍රමණය වූ ජනගහන සමහරකට විටමින් D වැඩියෙන් ලැබීම නිසා ධනාත්මක ස්වභාවික තේරීමකට ගොදුරු වූ අතර කළු හම ඇති කරන ජානය මෙම ජනගහනවලින් වඳ විය.
4. ඉන්පසු විවිධ ප්‍රමාණවලින් පාර ජම්බුල කිරණ ලැබෙන ප්‍රදේශවලට සංක්‍රමණය වීම නිසා අද අපට දක්නට ලැබෙන විවිධ හමේ වර්ණ ඇති විය.
පැහැය අඩු හමකට හේතුවන ජානය නැගෙනහිර ආසියාතික ජනයා හා බටහිර යුරෝපීය ජනයා අතර මඳක් වෙනස් වුව ද මෙම කණ්ඩායම් දෙකම එම ප්‍රදේශවල දී සමාන පරිණාමීය පීඩනයකට භාජනය වී ඇතැයි සැලකේ. පර්යේෂණයකින් (ජිනා ජැබ්ලොන්ස්කි) පෙන්වා දී ඇත්තේ වර්ෂ 10,000 සිට 20,000 අතර කාලයක් මානවයා තුළ යම් ප්‍රදේශයකට උචිත හමේ වර්ණය ඇති කිරීමට සමත් බවයි. ආහාර වර්ග, ඇඳුම් පැළඳුම් හා වාසස්ථන ද මෙම කාලය කෙරෙහි බලපාන බව ද සැලකේ. සමහර ජනගහනවල ස්ත්‍රීන්ට පුරුෂයින්ට වඩා අඩු පැහැයක් ඇති බව නිරීක්ෂණය කර ඇත. මෙයට හේතුව වශයෙන් සැලකෙන්නේ ස්ත්‍රීන්ට ගර්භනී අවස්ථාවේ දී සහ මව්කිරි දීමේ දී කැල්සියම් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන නිසාත් කැල්සියම් අවශෝෂණය සඳහා විටමින් D අවශ්‍ය වන නිසාත් වැඩිපුර විටමින් D ලබා ගැනීමට යෝග්‍ය වන ලෙස හමෙහි වර්ණය අඩු වීමයි.
සූර්යාලෝකයට නිරාවරණය වූ විට ද මෙලනින් වර්ණකය නිපදවන සෛල හෙවත් මෙලනෝසයිට ක්‍රියාත්මක වී වැඩිපුර මෙලනින් වර්ණකය නිපදවන නිසා හම කළු පැහැ වේ. එහෙත් මෙම කළු වර්ණය තාවකාලික ය. එමෙන්ම හිරු රැස් නිසා හම පිලිස්සීම ද සිදු වේ. හමේ වර්ණය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන්නේ වර්ණය ඇති කරන ජාන මඟිනි. හමේ වර්ණය ඇති කිරීමට ජාන අඩු වශයෙන් තුනක් බලපානු ඇතැයි සැලකේ. මෙම ජාන තුනේම ප්‍රමුඛ ජානය හා නිලීන ජානය වශයෙන් ප්‍රභේද දෙක බැගින් ඇත. ප්‍රමුඛ ජානයකින් මෙලනින් නමැති කළු වර්ණකය වැඩි ප්‍රමාණයක් නිපදවන අතර නිලීන ජානයකින් මෙලනින් අවම ප්‍රමාණයක් නිපදවයි.

Charles Darwin
|
මෙම ජානවල ප්‍රමුඛ ජාන තුන A,B හා C ලෙස දැක්වුව හොත් සෛලවල අඩංගු වන වර්ණදේහ යුගල වශයෙන් තිබෙන නිසා, තද කළු පැහැ හමක් ඇති අයෙකුගේ ජාන සංයුතිය AA , BB හා CC ලෙස දැක්විය හැකි ය. මෙම ජානවල නිලීන ජාන තුන a,b හා c ලෙස දැක්වුව හොත් සුදු පැහැ හමක් ඇති අයෙකුගේ නිලීන ජාන තුනම පැවතිය හොත් එම ජාන සංයුතිය aa, bb හා cc ලෙස දැක්විය හැකිය. යමෙකුගේ මෙම ජාන සංයුතිය Aa, Bb, Cc ලෙස තිබේනම් එම අයගේ හමේ කළු හා සුදු අතර වර්ණයක් ඇති වේ. ප්‍රජනන ක්‍රියාවලිය සඳහා ජන්මානු (ශුක්‍රාණු හා ඩිම්බ) නිපදවීමේ දී සිදුවන විශේෂ සෛල බෙදීමේ ක්‍රියාවලියේ දී පියාගේ මව් සෛලවල තිබෙන සෑම වර්ණදේහ (chromosomes) යුගලයකින්ම එක වර්ණදේහය බැගින් ජන්මානුවකට ලැබෙන නිසා, සෑම ජන්මානුවකටම හමේ වර්ණය ඇති කරන ජාන තුන බැගින් ලැබේ. නිදසුන් වශයෙන් පියාගේ වර්ණදේහ යුගලක කළු වර්ණය ඇති කරන ජාන තුනේම ප්‍රමුඛ ආකාරය තිබුණේ නම්, එම වර්ණදේහ යුගලේ ජාන තුන වන A,B හා C ජාන AA, BB හා CC වශයෙන් දැක්විය හැකිය.
|
පියාගේ ශුක්‍රාණුවල එම ජානවලින් එක බැගින් අඩංගු වේ. එනම් සෑම ශුක්‍රාණුවකම මෙම ජාන සංයුතිය එක සමාන වන අතර එය A,B හා C ලෙස දැක්විය හැකිය. ප්‍රමුඛ ජාන තුනම මවගේ ඇත්නම් සෑම ඩිම්බ සෛලයකටම මෙම ජාන එක බැගින් ලැබෙන නිසා, මවගේ ඩිම්බ සෛලවල මේ ජාන සංයුතිය A,B,C ම වේ. එබැවින් එවැනි දෙමව්පියන්ගෙන් ඇතිවන සෑම දරුවෙකුටම පියාගේ A,B,C ජාන අඩංගු වර්ණදේහයක් ද මවගේ A,B,C ජාන අඩංගු වර්ණදේහයක් ද ලැබෙන නිසා දරුවාගේ මෙම ජාන සංයුතිය AA, BB හා CC ලෙස දැක්විය හැකිය. එවිට දරුවාට තද කළු පැහැ හමක් උරුම වේ. සුදු පැහැ හමක් ඇති අයෙකුගේ නිලීන ජාන 3ම අඩංගුවන නිසා ජාන සංයුතිය aa, bb, cc ලෙස දැක්විය හැකිය.
යමෙකුගේ ජාන සංයුතිය Aa,Bb,Cc වූයේ නම් එම අයට මධ්‍යම ප්‍රමාණයට මෙලනින් ලැබෙන අතර කළු සහ සුදු වර්ණ අතර පැහැයක් හමට ලැබේ. දෙමව්පිය දෙදෙනාටම Aa, Bb, Cc යන ජාන සංයුතිය තිබේ නම්, මව සහ පියා යන දෙදෙනාම මෙම ජානවල විවිධ සංයුති 8ක ජන්මානු සාදයි. එනම් ABC, aBC, AbC, ABc, abC, Abc, aBc සහ abc වේ. මේ නිසා මෙම දෙමව්පියන්ගේ ජන්මානුවලට හැට හතර ආකාරයකට සම්බන්ධ විය හැකිය. එයින් හමේ වර්ණ වර්ග හතක් ඇති වේ. සමහරවිට හමේ වර්ණය කෙරෙහි ජාන හතරක් බලපායි නම් හමේ විවිධ වර්ණ 9ක් හෝ වැඩි ගණනක් ඇති වේ. මේ නිසා ඇමරිකාව වැනි රටවල කළු හා සුදු අතර වර්ණ විශාල පරාසයක හමේ වර්ණය සහිත ජනයා දක්නට ලැබේ.
මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ හමේ වර්ණය කුමක් වුව ද දැන් ලොව විවිධ රටවල ජීවත්වන මිනිසුන් සියලු දෙනාම අප්‍රිකාවේ වානර වර්ගයකින් පරිණාමය වූ කළු හමකින් යුක්ත වූ හෝමෝ සේපියන් මානවයන්ගෙන් පැවත එන බවයි. එනම් සෑම මිනිසෙකුම එක සමාන ය. අද දක්නට ලැබෙන බොකුටු කෙස්, දිග කෙස්, නිල් කොළ හා දුඹුරු පැහැ ඇස් ආදී විවිධ ශරීර ලක්ෂණ තිබුණ ද ජාතීන්, ආගම් වශයෙන් වෙන් වී සිටිය ද සැම දෙනාම එක සමාන මිනිසුන් බව අප අවබෝධ කර ගත යුතුය.