Georg Wilhelm Friedrich Hegel
|
ප්‍රගතිය පිළිබඳ අදහස බිඳ වැටී ඇති යුගයක නූතනත්වය පිළිබඳ අපේක්ෂාවන් වියැකී ඇති යුගයක ප්‍රගතිය ගැන විශ්වාසය තැබූ නුතනවාදී දාර්ශනිකයෙකු වූ හේගල් කියවීම කෙතරම් යුක්තියුක්ත ද? ආගම පිළිබඳව, පරමත්වය පිළිබඳව අපේක්ෂාවක් නැති යුගයක හේගල් කියවීම ප්‍රයෝජනවත් කටයුත්තක් ද? මාක්ස්වාදය, සාංදෘෂ්ටිකවාදය, මනෝවිශ්ලේෂණය, ප්‍රපංච විද්‍යාව, ව්‍යුහවාදය, පශ්චාත්-ව්‍යූහවාදය, නව්‍ය-උපයෝගීතාවාදය, පශ්චාත්-නූතනවාදය, සමපේක්ෂණ සත්වාදය වැනි හේගල් ට පසුව බිහි වූ දර්ශනවාද තිබිය දී 19 වන ශත වර්ෂයේ සිටි චින්තකයකුට යොමු වීම පිස්සුවක් නොවන්නේ ද? ප්ලේටෝගෙන්, ඩේකාට්ස්ගෙන්, ස්පිනෝසාගෙන් හෝ කාන්ට්ගෙන් පටන් නොගෙන යමෙකු හේගල්ගෙන් පටන් ගැනීමට තරම් සාධාරණීකරණය කළ හැකි කාරණයක් තිබේ ද? හේගල්ගෙන් පසුව බිහි වූ බොහෝමයක් දාර්ශනිකයන් හෙගල් සම්බන්ධයෙන් බරපතළ විවේචන ඉදිරිපත් කර තිබිය දී යමෙකු හෙගල් වෙත පල්ලම් බැසීම කොතරම් දුරට සාධාරණ ද?
හෙගල් මිය ගොස් වසර 200කට ආසන්න ව තිබිය දී හෙගල්ගේ දාර්ශනික බලපෑම යල්පැන යමින් තිබෙන්නේ ද? එසේ නැත් නම් හෙගල්ගේ දර්ශනය තව තවත් තහවුරු වෙමින් පවතින්නේ ද යන්න සාකච්ඡාවට ලක් කළ යුතු කරුණක් නො වේ ද? |
1912 තරම් කාලයක දී බෙනඩිටෝක්‍රෝච නම් ඉතාලියානු විඥානවාදී දාර්ශනිකයා හා ඉතිහාසඥයා What is Living and What is Dead of the Philosophy of Hegel යනුවෙන් පොතක් ලියූ අතර හේගල්ගේ ප්‍රධාන කෘති සම්බන්ධයෙන් අටුවාවන් ලියූ හෙගල් උගතෙකු වූ හෝවාර්ඩ් පීකයින්ස් (Howard P. Kainz) තමන් ලියූ G.W.F Hegel කෘතියේ අවසන් පරිච්ඡේදය නම් කළේ What is living and what is dead in Hegel today ලෙස ය. ස්ලොවොයි ජිජැක් තමන් විසින් ලියූ අතිවිශාල හෙගල් ග්‍රන්ථය වූ Less Than Nothing:Hegel and the Shadow of DialecticalMaterialism කෘතියේ එක් පරිච්ඡේදයක් නම් කළේ Is It Still Possible to Be a Hegelian Today? ලෙසට ය. හෙගල් සම්බන්ධයෙන් ජිජැක් විසින් 2020 දී ලියන ලද Hegel in a Wired Brain කෘතිය ආරම්භ වන්නේ මෙසේ ය. In 2020, we are celebrating the 250th anniversary of the birth of Hegel. Is Hegel just a historical curiosity or does his thought still address us? ලෙසට ය. මිය ගිය හෙගල් කෙනෙක්, ජීවමානව පවතින හෙගල් කෙනෙක් හා වර්තමානයේ දී හෙගලියානුවෙක් වීමේ හැකියාව මේවා තුළින් නන් ආකාරයට ආමන්ත්‍රණය වී ඇත. හෙගල් මිය යමින් පවතින්නේ ද තව තවත් ජීවමාන වෙමින් පවතින්නේ ද යන්න ගැන සාකච්ඡාවන් ඇති වෙමින් පවතී. මා දකින ආකාරයට හෙගල්ව නැවත නැවත උපද්දවන බලවේගය ඔහු විසින් වර්ධනය කළ නිෂේධනය පිළිබඳ සංකල්පය ය. මේ ලිපියෙන් උත්සාහ කරන්නේ හෙගලියානු නිෂේධනයේ අතිමහත් බලය සාකච්ඡා කිරීම ය.
හෙගල්ගේ සමස්ත දර්ශනයේ සාරය ‘නිෂේධනය’ (negativity)නම් බලවේගය වේ. මේ නිෂේධනය ය ජර්මානු, ප්‍රංශ සහ ඇංග්ලෝ ඇමෙරිකානු-හෙගලියානු මෙන්ම ප්‍රතිහෙගලියානු දර්ශනවාදීන්ව වසර 200 වැඩි කාලයක් කම්පනයට ලක් කරනු ලැබූවේ. ඇතැම් හෙගලියානුවන්ගේ ද ප්‍රති-හෙගලියානුවන්ගේ ද පිටුපස හඹා ගෙන ආ අවතාරය හෙගලියානු නිෂේධනය ය. හෙගල් තමන්ගේ දර්ශනයේ නියම බලය කුමක්ද යන්න පැහැදුවේ ‘The tremendous power of the negatives; It is the energy of thought of the pure I’ (Hegel, 1977) ලෙසට ය. මෙම නිෂේධනයන්ගේ අතිමහත් බලය වූකලි ශුද්ධ ආත්මයේ චින්තනයේ ශක්තිය යි. තමන්ගේ දර්ශනයේ පමණක් නොව සමස්ත චින්තනයේත් ශක්තිය ලෙසටත් ශුද්ධ ආත්මයේ බලය ලෙසටත්, ගත්තේ ය.) මෙය අතිමහත් බලයක් පමණක් නොව තැති ගන්වනසුලු බලයක් ද වේ. මේ නිෂේධනමය සාරයට හෙගල් විවිධ ආකාරයට ප්‍රවේශ විය. ඔහු අකිංචනය / කිසිත් නැති (Nothing) යැයි ගත්තේ සත්භවය (Being) තුළ ම ඇති නිෂේධනමය ස්වභාවය පෙන්නුම් කිරීමට ය. ඔහු තවත් තැනක නිර්ණයමය නිෂේධන (determinate negation) ගැන සාකච්ඡා කළේය. එයින් ඔහු අදහස් කළේ යමක් නිශ්චිත කිරීම, නිර්ණය කිරීම තුළ පවතින නිෂේධනමය ක්‍රියාව පෙන්නුම් කිරීමට ය. යම් අනන්‍යතාවක්, සංකල්පීයකරණයක්, සුවිශේෂකරණයක් තුළ ම නිෂේධනමය ක්‍රියාවන් සිදුවන බව ඔහු මෙයින් ඇඟවීය. දයලෙක්තිකය ඉදිරියට මෙහෙයවන ගාමක බලවේගය ද නිෂේධනය වේ. තවත් තැනක මේ බලය නිෂේධනයේ නිෂේධනය ලෙසටත් ගෙන ඇත. හෙගල්ගේ සමස්ත කෘතීන් හරහා දිව යන ශක්තිය නිෂේධනයේ බලය වේ. කාන්ට් දැනුමේ සීමිත බව, පරිමිත බව අවධාරණය කළත් හෙගල් එසේ නො කළේ ය. මෙවන් පරිමිතභාවයන් විනිවිදයාමට නිෂේධනයේ බලය සමත් ය. හෙගල් දැනුම හා චින්තනය සම්බන්ධයෙන් මෙන් ම දාර්ශනික සමපේක්‍ෂණය හෝ දේශපාලන ක්‍රියාව සම්බන්ධයෙන් හුදු නිෂේධනමය ආකල්පයක් දරන්නේ නැත. හෙගල් කියන්නේ නිෂේධනය හරහා ප්‍රතිජානමය ගම්‍යයන් උදාවන බව ය. මෙයින් පෙන්නුම් කරන්නේ හෙගලියානු නිෂේධනය විනාශකාරී බලයක් පමණක් නොව නිර්මාණාත්මක සහ යමක් ගොඩනගනසුලු බලවේගයක් ද වන බව ය. දයලෙක්තික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නේ නිෂේධනයේ බලය හරහා ය.

Slavoj Žižek
|
18 වන ශතවර්ෂයේ බුද්ධි ප්‍රබෝධයේ අරමුණ බුද්ධියේ ආලෝකය බවත් එයින් සෑම සමාජ, දේශපාලන හා ආර්ථික ප්‍රශ්නයක් ම විසඳී යනවා යැයි කීවත් මේ බුද්ධි ආලෝකය යටින් අඳුරු ප්‍රචණ්ඩත්වයක් ගමන් කළේ ඇයි දැයි යන්න හෙගල්ගේ විමසුමට ලක් විය. බුද්ධියේ ආලෝකය බාහිරට පෙනෙන වාස්තවික යථාර්ථයක් වුවත් මේ යටින් දිව යන අභ්‍යන්තරික අඳුරු ආත්මීය සැබෑවක් ක්‍රියාත්මක වේ. ප්‍රංශ විප්ලවයෙන් බුද්ධිමය ආලෝකයක් නිකුත් වුණත් මේ යට දැවැන්ත ලේ වැගිරීමක් අවිචාරී ලෙස මිනිස් ඝාතනයක් අරාජකභාවයක් හා ත්‍රස්තයක් ක්‍රියාත්මක විය.
හෙගලියානු නිෂේධනය අධ්‍යහාර ලෙසට නීතියකට යටත් නොවන අරාජක ස්වරූපයකින් යුක්ත ය. ප්‍රංශ විප්ලවයට අරාජක ප්‍රචණ්ඩත්වය හරහා නොයා විප්ලවයේ බුද්ධිමය ආලෝකය සාක්ෂාත් කරගත නොහැකි ය. පරම ආත්මය තුළ නිෂේධනය ක්‍රියාත්මක වන ආකාරයට ම පුද්ගල ආත්මයත් පියවරෙන් පියවර සිය විඥානය ගැඹුරු කරගනිමින් තමන්ව ශුදධ කරගනියි. එය ශුද්ධ ප්‍රතිභානයක් (pure intution) දක්වා ගමන් ගනී. විඥානයට අවශ්‍ය වන්නේ අතාර්කික ඝනීභූත හෝ ආධානග්‍රාහිත්වයක් ඉක්මවා යමින්, නිෂේධනමය ක්‍රියාවලියක් ඔස්සේ ගැඹුරු සත්‍යය වෙත හෙවත් පරමත්වය දක්වා ළඟා වීම ය. (Hegel 1969, 68-70). |
හෙගල් විශ්වාස කරන ආකාරයට ආත්මයට ආත්ම-වස්තු විභේදනය ඉක්මවා යමින් තමන්ව ම ගොඩනැගුණේ කෙසේද යන්න සම්ප්‍රජානනය කර ගත හැකිය. එමෙන්ම මේ ආත්මය මගින් ම වස්තූන් ගොඩනගන ආකාරයත් ඒවා දේවල් බවට පරිවර්තනය වන ආකාරයත් ගැන සම්ප්‍රජානනය කර ගත හැකිය.
ලෝකය දැනගන්නට උත්සාහ කරන ආත්මය තමන් ගැන පූර්ණ සම්ප්‍රජානනයට හා පාරදෘශ්‍යභාවයට ළඟා වීම ස්ව-විඥානය අත්පත් කරගැනීම ලෙසට ගනියි. ස්ව විඥානය තුළ තිබෙන්නේ පරාවර්තනමය සම්ප්‍රජානනයකි
(self-reflective awareness). මෙහි දී සිදුවන ක්‍රියාවලිය යම් ඥානමය ආත්මයක් විසින් පරිබාහිර වස්තුවක් ග්‍රහණය කර ගැනීමේ ඥානවිභාගාත්මක කටයුත්තක් නොව ආත්මය තමන් ම හිරවී සිටින බාධාවන්ගෙන්, අසම්පූර්ණත්වයන්ගෙන් ක්‍රමානුකූලව ගැලවෙමින් පරම ඥානනය අත්පත් කර ගැනීමේ සද්භවවාදී කටයුත්තකි. හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ විස්තර වන්නේ ආත්මය මෙහි දී ලබන අභ්‍යන්තර විඥානමය අත්දැකීම ගැන ය.
විඥානය සිය වස්තූන් විනිවිදීමට උත්සාහ කිරීමේ දී තමන් තුළම විසංවාදයන් ජනනය වෙන අතර තමන් අභිමුඛ වෙන වස්තූන් තුළත් විසංවාදයන් හඳුනාගනී. තමන් තුළ මෙන් ම වස්තුව තුළත් අසම්පූර්ණත්වයක් දකියි.
සත්‍ය (පරමත්වය) කරා යන ගමනේදී සත්‍යය සම්බන්ධයෙන් පූර්ව මතීන් සමුච්චනය කරගන්නවා වෙනුවට ප්‍රගතිගාමී ආකාරයට සිදුවන මතීන් දිය කර හැරීමක් (progressive dissolution) සිදුවේ.
පරමත්වයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය තුළ හෙගල් පෙන්වා දෙන්නේ විඥානය තමන් ම හිරවී සිටින බාධාවන්ගෙන් ගැලවීමට දරන උත්සාහය යි. මේ ගමන් පථයේ අවසාන ඥානනය පරම වන අතර එය හුදෙක් පරම සාරාර්ථයක් සමඟ අනන්‍යවීමක් නොව ආත්මය තමන්ගේ ම අභ්‍යන්තරික සාරය පිළිබඳ සම්ප්‍රජානනය වීම ය. ද්වෛතවාදයන් හා ඒකත්වවාදයන් යනු විඥානය හිරවී සිටින බාධාවන් ය. ද්වෛතවාදී ලෙස යථාර්ථය සංවිධානය වී ඇත ය නැත්නම් ඒකත්වවාදී ලෙස යථාර්ථය සංවිධානය වී ඇත ය යන සද්භවවාදයන් යම් විඥානයක් විසින් අනන්‍ය විය යුතු සාරාර්ථයන් නොව විඥානය විසින් ඉක්මවා යා යුතු ඒවා ය. කාන්ට් මෙන් ම ෆිෂ්ට විසින් වර්ධනය කළ ආත්මීය විඥානවාදය කේන්ද්‍රගත වූයේ ආත්මවාදී සාරාර්ථයන් වටා ය. ඔවුන් දෙදෙනාටම ද්වෛතවාදී චින්තනය ඉක්මවා යාමට හැකි වූයේ නැත. කාන්ට් මෙන් ම ෆිෂ්ට ආත්මීය ආකාරයේ ඒකත්වයක් නඩත්තු කළේ ය. ස්පිනෝසා දිව්‍යමය ඒකත්වවාදී සාරාර්ථයක් පිළිගත්තේ ය. එහෙත් ස්පිනෝසා විසින් ඉතාමත් වටිනා දාර්ශනික අදහසක් වර්ධනය කර තිබිණි. එය නම්, ‘omnis determination est negatio’ යන්න ය. එහි ඉංග්‍රීසි අර්ථය ‘all determination is negation’: සෑම නිර්ණයක්ම නිෂේධනයකි. හෙගලියානු නිෂේධනයට පදනම වන්නේ ස්පිනෝසාගේ මේ අදහස ය. ස්පිනෝසා නොදැකපු නිෂේධනයේ ඇති අතිමහත් බලය හෙගල් විසින් අවධාරණය කළේය. ස්පිනෝසා නිෂේධනයේ නිෂේධනය (negation of negation) ගැන අවධානයට ලක් කළේ නැත. එමෙන්ම සපිනෝසා සාරාර්ථය වෙත යොමු වන විට ආත්මීයත්වය සහ ආත්මීයත්වය තුළ සිදුවන ස්ව නිෂේධනය (self-negation) ඔහුගෙන් බැහැර විය.
ස්පිනෝසා අතින් බැහැර වූ ආත්මීයත්වය කාන්ට් නැවතත් දර්ශන තලයට රැගෙන ආවේ ය. මේ ඔස්සේ යමින් හෙගල් විඥානයේ දයලෙක්තික ස්වරූපය සිය පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය තුළ සාකච්ඡාවට ගත්තේ ය. මෙහි දී විඥානය තමන් ගැන ම සම්ප්‍රජානනය වීම හෙවත් ස්ව-විඥානය අත්පත් කර ගැනීම ගැන සාකච්ඡාවට ලක්වේ. ස්ව-විඥානයේ ස්වභාවය වන්නේ විඳවීම ය (suffering)' එනම් තමන් ගැන ම සංතෘෂ්ටිමය නොවීම ය. මේ විඳවීම ඉක්මවා යාමට ය ආත්මය උත්සාහ ගන්නේ. තමන් තුළ සුසංවාදයක් (harmony) ගොඩනගා ගත්තත් එය බිඳ වැටෙනසුලු ය. ස්වයං-නිෂේධනය යැයි කියන්නේ මෙයට ය. විඥානය තමන්ට පැවතුණා යැයි සලකන පැරණි සුසංවාදයක් නැවත ස්ථාපනය කර ගැනීමට උත්සාහ ගත්තත් එය නැවත අත්පත් කර ගත නොහැක්කකි.
අනතුරුව විඳවීම (suffering) නම් නිෂේධනමය ක්‍රියාවලිය හරහා මනුෂ්‍ය ඉතිහාසය වටහා ගැනීමට හෙගල් මෙහෙය වේ. හෙගල්ට අනුව, බුද්ධි ප්‍රබෝධයේ අරමුණු වුණේ මිනිසාට ඉතිහාසයේ සත්‍ය සැබෑ ආත්මය බවට පත්වීමට ඉඩකඩ විවෘත කිරීම ය. මිනිසාට කිසිදු ආකාරයක බාහිර බලවේගයකට යටත් නොවෙමින් ස්වාධීනව සිතන්නට ඉඩ ලබාදීම ය. මෙහි දී ඔහු විවිධ ආකාරයේ විඳවීමේ ආකෘති තේරුම් ගන්නේ පරමාත්මයේ අභ්‍යන්තරික නිෂේධනමය බලයේ ප්‍රකාශයට පත්වීම් ලෙසට ය. මේ ආකාර විවිධ විඳවීම් ආකෘති හරහා පරමාත්මය ගමන් කරන්නේ ස්වයං-සම්ප්‍රජානනය හා නිදහස අත්පත් කර ගැනීමට ය.
විඥානයේ සෑම නව ආරම්භයක් ම අලුත් පැවැත්මක ආරම්භයක් ද වේ. සෑම ආරම්භයක් ම නව නිර්ණයක් (determination) වේ. මේ නිර්ණයන් හරහාය විඥානය වර්ධනය වන්නේ. කෙසේ නමුත් මේ ඒකීය වර්ධනය අවසානයක් නොමැති පුනරාවර්තනයක් නොවේ. සෑම නව වර්ධනයක් ම කලින් අවධියට වඩා ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයකි. විඥානය අත්පත් කර ගන්නා ඒකත්වය තාවකාලික හා අසම්පූර්ණ එකකි. හැම විට ම තමන් හා අනන්‍ය නොවන නිෂේධනමය ඉතුරුවක් විග්‍රහයට මුණ ගැසේ. මේ ශේෂගත නිෂේධනය ය තවත් තාවකාලික ඒකත්වයකට, සුසංවාදයකට අපව යොමු කරන්නේ. |
Baruch Spinoza
|
හෙගල් අවබෝධ කර ගත් ආකාරයට, ඇරිස්ටෝටලියානු, කාටීසියානු හා නිව්ටෝනියානු සම්ප්‍රදායන් මගින් බිහි කළ ආත්මය හා වස්තුව හුදෙක් පරිබාහිර වශයෙන් ස්ථාපනය වූ ද්වෛතයන් ය. හෙගල්ට අනුව, මේවා නිෂ්ක්‍රීය ධ්‍රැවයන් නොවේ. මේවා බිහි වී තිබෙන්නේ අභ්‍යන්තරික වශයෙන් ක්‍රියාත්මක වන නිෂේධනීය ශක්තියකිනි. අභ්‍යන්තර ආතතියක් මඟින් ය එක් ප්‍රතිවිරෝධයක සිට තවත් ප්‍රතිවිරෝධයක් දක්වා බලවේගයන් ඉදිරියට තල්ලු කෙරෙන්නේ. විඥානය මේ අභ්‍යන්තරික ආකෘතිය අත් විඳින්නේ විඥානයට දරා ගත නොහැකි ආතතියක් ලෙසට ය. මේ නිසා ම විඥානය මේ දරාගත නොහැකි ආතතිය ඉක්මවා යාමට කටයුතු කරයි. මේ අවශ්‍යතාව විඥානයේ අතිමහත් බලය වේ. මෙයින් විඥානය වඩාත් ඉහළ මට්ටම්වලට යාමට පෙලඹේ.
සෑම පාර්ශ්වීය ඒකත්වයක් ම පරිපූර්ණ සුසංවාදයක් ඇත ය යන දිශාවට විඥානය තල්ලු කිරීමට හේතු වේ. මෙයින් වෙනස්ව හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව විඥානය නැවතත් මුලින් පැවතුණු විඥාන අවධියකට ආපසු යෑම දක්වා පෙළඹුමක් ඇති කරන්නේ නැත.
නිෂේධනය: අභ්‍යන්තරික සංකල්පීය විලක්ෂණය ලෙස
හෙගල් 1801 දී ලියනු ලැබූ Essay on the Difference between Fichte’s and Schelling’s System කෘතිය තුළ නිෂේධනය යන්න සංකල්පගත කළේ අභ්‍යන්තරික සංකල්පීය විලක්ෂණයක් ලෙසට ය. මෙම කෘතිය තුළ දී ඔහු පෙන්වා දුන් කාරණයක් වූයේ දර්ශනයට ඉදිරියට යා හැක්කේ ෆිෂ්ටගෙන් සහ ශෙලිංගෙන් වෙනස්ව නව ඓන්ද්‍රීය දර්ශනයක් ගොඩනැගීමෙන් බව ය.
හෙගල් අවබෝධ කර ගත් ආකාරයට මේ විලක්ෂණය (differentiation) ක්‍රියාවලියකි. මේ විලක්ෂණමය ක්‍රියාවලිය නිසා ය ආත්මය විවිධ හැඩයන් හරහා ප්‍රකාශමාන වන්නේ. විඥානයේ ස්වරූපය වන්නේ තමන්ගේ ම උත්පත්තිය හා වර්ධනය නිරීක්‍ෂණය කිරීම ය. විඥානය තුළ ඉතාමත් බලවත් නිර්මාණාත්මක ශක්‍යතාවක් තිබේ. එයට හැමවිට ම වෙනස්වීම අවශ්‍ය ය. සෑම විඥාන ආකෘතියක් ම තමන්ගේ අද්විතීයත්වය ප්‍රකාශමාන කිරීමට උත්සුක වේ. මේ ක්‍රියාවලිය සාමුහික ක්‍රියාවලියක් තුළ මෙන් ම පුද්ගල විඥානයක් තුළ ද සිදුවේ. 1801-1807 කාලයේ දී හෙගල් තුළ දැකිය හැක්කේ නිෂේධනයේ බලය අවබෝධ කරගන්නා ආරම්භක අවධිය ය.
යිනාවලට පැමිණීමත් සමඟ හෙගල් උත්සාහ කරන්නේ ෆිෂ්ටගේ දයලෙක්තික මතිය (dialectical notion) සහ ශෙලිංගේ පද්ධතිගත දර්ශනය මත පදනම්ව තමන්ගේ ම වූ දර්ශනයක් ගොඩනැගීමට ය. නමුත් මෙහි දී හෙගල් ෆිෂ්ටගේ ද්වෛතවාදී ආත්මීයවාදය ඉක්මවා යාමට උත්සාහ ගනී. ෆිෂ්ටට අනුව, ඕනෑ ම යථා අනෙකකු හුදෙක් උත්තේජකයක් (trigger=Anstoss) පමණි. මේ උත්තේජකය ප්‍රාථමික ආවේගයකි (primordial impulse). මෙය මම (අහංභාවය) තුළ පවත්නා ආගන්තුක ශරීරයකි. යම් විඥානයකට තමන්වම (the I/das Ich) තමන්ට එරෙහි මම නොවන්න (Not I/das Nicht- Ich) උපග්‍රහණය කිරීමට ආවේගයක් ලබා දෙයි. ෆිෂ්ටේගේ ‘Anstoss’ මා තුළ පවත්නා මට අයිති නැති දෙයකි. හෙගල් මේ අදහස හරහා නිර්ණයමය නිෂේධනය නම් සංකල්පය වර්ධනය කරන අතර මුල්වතාවට ඔහු ස්ව-උපග්‍රහණය (self-positing) නම් අදහස ගෙන හැර දක්වයි. මෙයින් යමක් තුළ පවත්නා එයට ම එරෙහි ගතිකත්වය ගැන අදහසක් ඉදිරිපත් කෙරේ. හෙගලියානු ආත්මීයත්වයේ ඇති ප්‍රධාන ලක්‍ෂණය වන්නේ මේ අභ්‍යන්තරික ප්‍රතිවිරෝධභාවය ය. මේ ස්ව-උපග්‍රහණය තුළ අන්තර්ගත වන්නේ යමක් තුළ පවත්නා එයට ම එරෙහි බලවේගයේ ගාමකය ය.

Wilhelm Joseph Schelling
|
හෙගල් ෆිෂ්ටගේ අදහස්වලින් පෝෂණය වෙමින් කියා සිටින්නේ නිෂේධනය මඟින් පරිමිත සංකල්පයන් බිහිවන බව ය. එහෙත් මෙම නිෂේධන ක්‍රියාවලියට අභ්‍යන්තර මැදිහත්කරණයක් (Internal mediation)ඇත. ඒ තුළම නිෂේධනයේ නිෂේධනය (Negation of Negation)ක්‍රියාත්මක වන අතර පළමු නිෂේධනයෙන් පසුව එන නිෂේධනය මඟින් කිසි ම විටක කලින් පැවතුණු අවස්ථාවකට ආපසු නොයයි. ඒ වෙනුවට හෙගලියානු නිෂේධනයේ නිෂේධනය නව ස්වයං-සම්ප්‍රජානනයක් ඇති කරයි. මෙය අනවරත ක්‍රියවලියක් වේ.
හෙගල්ට අනුව යථා දාර්ශනිකයා ක්‍රියාවලිය පිළිගන්නාසුලු චින්තකයෙකි. එවැන්නකුගේ චින්තනය මෙහෙය වන්නේ ප්‍රාග් ආනුභූතික මූලධර්මයන් අනුව නොවේ. මෙවැනි චින්තකයකු විඥානයේ ව්‍යූහාත්මක රටාව තුළ ඇති වෙනස්වීමේ ගතිකය ග්‍රහණය කර ගනී. මිනිස් ඥානයේ ඇති අභ්‍යන්තරික ව්‍යූහය හෙගල්ගේ පරම නිෂේධනය තුළ සිදුවන ස්වයං- නිෂේධනයේ (self-negation) ව්‍යූහය දරයි. මේ ස්වයං නිෂේධනය හෙගල්ගේ සංකල්පීය මදය තුළ ම පවතී. එහි ආවශ්‍යයක කාර්ය වන්නේ පරිබාහිර යථාර්ථයක් සංකල්පනය නොකිරීමය. වෙනත් ලෙසකින් කීවොත් අභ්‍යන්තරික වශයෙන් සිදුවන විභේදන ක්‍රියාවලියේ ප්‍රතිඵලය මගින් විඥානයට තමන් ගැන සම්ප්‍රජානනය වීමට මඟ විවෘත කරන අතර එය මගින් යථාර්ථය නිර්මාණය කරයි. යථාර්ථය යනු අභ්‍යන්තරික නිෂේධනයේ බාහිර ප්‍රකාශමාන වීමකි. |
දයලෙක්තිකය නිෂේධනයේ විධික්‍රමය ලෙස
පරම නිෂේධනය (absolute negation) වනාහි දයලෙක්තිකයේ අභ්‍යන්තරික බලය ය. හෙගලියානු පද්ධතිය තුළ ඝනීභූත ආරම්භයක් හෝ ඝනීභූත අවසානයක් නොමැත. සියලු ම ප්‍රතිවිරෝධතා ඉක්මවා යන සහ සමනය වන අවසන් සුසංවාදී මොහොතක් හෙගල් විසින් ඉදිරිපත් කරන්නේ නැත. වෙනත් ලෙසකින් කීවොත් අතීතයේ හෝ අනාගතයේ පැවතුණු /පැවතිය හැකි අවසන් සුසංවාදී මොහොතක් හෙගල් අතින් ඉදිරිපත්වන්නේ නැත. හෙගල්ගේ මූලික අවධානය යොමු වන්නේ එකිනෙක ගැටෙන බාහිර බලවේග දෙකකට නොවේ. විභේදනයක් තුළ පවතින අභ්‍යන්තරික ක්‍රියාවලියකට ය. දෙකක් වශයෙන් පෙනෙන බලවේග එකක් තුළින් හට ගන්නා විභේදනයක් ලෙසට පෙන්නුම් කිරීමට ය. වෙනත් ලෙසකින් කීවොත් එකක් දෙකක් බවට පත් වන ආකාරය ය හෙගල් විසින් විශ්ලේෂණය කරන්නේ.
මෙහි දී සෑම ප්‍රවර්ගයක් ම තමන්ව ස්වයං ආකාරයට පරීක්‍ෂා කරමින් එහි ප්‍රතිවිරුද්ධය (අනෙකා) බවට පත්වීම විස්තර කෙරේ. යම් ප්‍රවර්ගයක් මිලිනව වී ගිය සැණින් එයින් ම අලුත් ආකෘතියක් මතු වන අතර එයින් විඥානය නව අවධියකට ප්‍රවේශ වේ. ප්‍රවර්ගයන් තමන්ව ම දයලෙක්තික ලෙස පරිවර්තනය කර ගනිමින් අලුත් ප්‍රවර්ගයන් බවට පත් වේ. මෙහි තිබෙන්නේ අභ්‍යන්තරික ඓන්ද්‍රීය දිගහැරුමකි
(organic inner unfolding). එය යාන්ත්‍රික වශයෙන් සිදුවන පරිවර්තනයක් නොවේ. යාන්ත්‍රික ආකාරයට සිදුවන පරිවර්තනයන් හුදෙක් පරිබාහිර හා ප්‍රමාණාත්මක වශයෙන් සිදුවන වෙනස්කම් ය. හෙගල් කථා කරන්නේ අභ්‍යන්තරික වශයෙන් සිදුවන දයලෙක්තික පරිවර්තනයක් ගැන ය.
සබුද්ධික සාරයේ වර්ධනයට තමන්ට එරෙහි තමන්ට බාධා කරන අනෙකෙකු අවශ්‍යය ය. හෙගල් පවසන ආකාරයට දයලෙක්තික තර්කණයේ ප්‍රතිවිරුද්ධ බලවේගයන් ඝනීභූත ඒවා නොවන අතර ඒවා ගතිකමය වේ. මේ නිසා ම දයලෙක්තික ධ්‍රැවීකරණයන් ඇරිස්ටෝටල්ගේ චින්තන මූලධර්මවල ඇති අවිසංවාදී නියමය මෙන් නිෂ්ක්‍රීය ඒවා නොවේ. ඒවා නිරන්තරයෙන් සංස්කරණය කරගැනීමේ (constructing) පුනර් සංස්කරණය කරගනිමින් (reconstructing), විසංයෝජනය කරගැනීමේ (deconstructing) ක්‍රියාවලියක නිරත වේ. මේ ක්‍රියාවලිය තුළ පුද්ගල මනසේ තත්වය පමණක් නොව පරිබාහිර ලෝකයේ තත්වය ද ඉහළට ඔසවා තැබේ. හෙගල්ට අනුව දයලෙක්තිකය ක්‍රියාත්මක වන්නේ අසම්බන්ධිත ප්‍රපංචයන් දෙකක් අතර නොවේ. එය ධ්‍රැව දෙකක් හෝ කඳවුරු දෙකක් අතර සිදුවන ගැටුමකින් නව ප්‍රපංචයක් හෝ කඳවුරක් බිහිවීමක් ද නොවේ. වෙනත් ලෙසකින් කීවොත් වාදය ප්‍රතිවාදය අතර ගැටුමකින් බිහිවන නව සහවාදයක් නොවේ. හෙගලියානු දයලෙක්තිකයේ මූලධර්මය වන්නේ එකම ප්‍රපංචයක් තුළ නිෂේධනය හරහා බිහි වන අනෙකකු සමඟ ඇති ගැටීමෙන් මුල් ප්‍රපංචය ඉහළ තලයක් දක්වා වර්ධනය වීම ය. තවදුරටත් කීවොත් එකම ප්‍රපංචය තුළ එහි අන්‍ය ආත්මයක් ක්‍රියාත්මක වීම ය. මෙය හෙගල්ගේ ම උදාහරණයෙන් පහදමු. ඔහු සිය තර්ක විද්‍යාවේ මෙවැන්නක් කියයි.
පියා වනාහි පුතාගේ අනෙකා ය. පුතා වනාහි පියාගේ අනෙකා ය. මේ එකිනෙකා අනෙකාගේ අනෙකා ය. එකම විට එක් නිර්ණයක් සිදුවන්නේ අනෙකාට ඇති සම්බන්ධය අනුව ය. මේ අයගේ සත්තාව අනෙකා මත යැපෙයි. පියා යන්න සිය පැවැත්ම ලබා ගන්නේ පුතාට තිබෙන සම්බන්ධය හරහා ය. පුතාට ඇති සම්බන්ධයෙන් පිටස්තරව ඔහු පියා නොව හුදෙක් තවත් එක් මිනිසෙකි. පුතාට ඇති සම්බන්ධය හරහාය යමෙකු පියා වෙන්නේ. ඔවුන් එකිනෙකා සම්බන්ධ වන්නේ නිශේධනීය ආකාරයට ය. මේ නිසා ඔවුන් එකිනෙකාගෙන් වෙන් කළ නොහැකිය. (Hegel 1969, 441)
හෙගල්ගේ මේ අදහස ඉතාමත් පරිස්සම් සහගතව සිතා විමසා බැලුවොත් මෙයින් පෙනී යන්නේ හෙගල්ගේ සැබෑ අභිමතය ය. එය වනාහි ස්වයං විසංවාදී ක්‍රියාවලිය හෙළිදරව් කිරීමය. ජීවයක් නැති ඇරිස්ටෝටලියානු ස්තිථික, රේඛීය, තාර්කික ව්‍යූහය වෙනුවට හෙගල්ගේ දයලෙක්තික සංකල්පය ජීවයක් සහිත, ගතික, අන්තර් සම්බන්ධිත පද්ධතියක් ලෙස සිය නිෂේධනමය ආත්මය අන්තර්ගත කර ගනී. ආත්මයේ තිබෙන අභ්‍යන්තරික ආතතිය නිසා ම තමන්ගේ අනෙකා බවට පරිවර්තනය වීම හෙගල්ගේ දයලෙක්තිකයේ ස්වභාවය වේ. යම් ප්‍රපංචයක තිබෙන අභ්‍යන්තරික ආතතිය විසඳා ගත හැක්කේ ඉදිරියට වර්ධනය වීම හරහා විනා පටන් ගත් තැනට ආපසු යාම හරහා නොවේ. මේ ඓන්ද්‍රීය ක්‍රියාවලියේ ගැඹුර සහ සංකීර්ණත්වය වඩාත් පැහැදිලි වන්නේ ආත්මයක් තමන් තුළ ම ඇති පරිමිත විසංවාදී බව අවබෝධ කර ගත් විට ය. මෙහි සෑම පාර්ශ්වයක් ම තමන්ගේ ම වූ අනෙකා අන්තර්ගත කරගනී. දයලෙක්තිකයේ කේන්ද්‍රීය මූලධර්මය වැටී තිබෙන්නේ ආත්මය හරහා ය. මේ ආත්මීයත්වයේ සාරය නිෂේධනය වන අතර එය සාරාත්මක වශයෙන් හිස් ය.
සබුද්ධික ආත්මයක් ගත් විට එය තුළ මේ නිෂේධනමය බව ප්‍රකාශ නොවේ. විද්‍යාත්මක විධික්‍රමය පදනම් වී තිබෙන්නේ පරිබාහිර මූලධර්මයන් මත ය. ප්‍රාග් ආනුභූතික මූලධර්මයන් මත ය. ඒවා කලින්ම සිට නිශ්චය වූ මූලධර්මයන් ය.
හෙගල් විසින් කාන්ට්ගේ ඥානවිභාගය ප්‍රශ්න කිරීමට එක් හේතුවක් වූයේ කාන්ට් විසින් ප්‍රාග් ආනුභූතික මූලධර්මයන් පිළිගැනීම ය. හෙගල්ගේ තර්ක විද්‍යාවේ පළමු පරිච්ඡේදයේ ම හෙගල් වැදගත් ලෙස සලකන කාරණයක් වන්නේ අලුත් විද්‍යාවක් ආරම්භ විය යුත්තේ පූර්ව උපකල්පනවලින් තොර ව (presuopsitionless begining) බව ය. එනම් පූර්ව කොන්දේසිවලින් තොර ව බව ය.
විඥානයට ආවේණික දයලෙක්තික චලනය කඩා වැටෙනසුලු ආපතික (contingent) ක්‍රියාවලියක් වන අතර එය කාලය ඔස්සේ විකාශනය වේ. දයලෙක්තික ක්‍රමයේ දී තමන්ට අවශ්‍ය ආකෘති පනවා ගන්නේ තමන් ම ය. රූපික තර්ක ශාස්ත්‍රය මෙයින් වෙනස්ව පුනර්වාචකමය වේ. එහි දී ද්විත්ව නිෂේධනය නැවත මුල් ස්ථානයට ම ගමන් කරයි. හෙගලියානු නිෂේධනයේ නිෂේධනය මේ පුනර්වාචකයන්ගෙන් අපව ගලවා නිදහස් දිශාවකට තල්ලු කරයි.

දයලෙක්තික ක්‍රියාවලිය තුළ දී තමන්ව ම පරිවර්තනය කර ගන්නා පුද්ගලයා උත්සාහ කරන්නේ සංකල්පීය ආකෘතිය අනාවරණය කරමින් එහි ඇති අභ්‍යන්තරික සංකීර්ණත්වය හෙළිදරව් කිරීමට ය. ගැඹුරු ව්‍යූහයන් මතුපිටට රැගෙන ඒම මෙහි දී සිදුවේ. හෛඩගර් වැනි චින්තකයකු ඉදිරිපත්කරන සාධනීය සද්භවවාදය
(positive ontology) වෙනුවට හෙගල් ඉදිරිපත්කර තිබෙන්නේ පරම නිෂේධනයට (absolute negativity) අනුකූලව ක්‍රියාත්මක වන නිෂේධනීය සද්භවවාදයකි(negative ontology).නමුත් මේ නිෂේධනීය සද්භවවාදයට අපරිමිත ජනනමය හැකියාවක් ඇත. හෙගල් ඉදිරිපත්කරන්නේ ස්වයං-ජනනමය තර්කයකි. (self-generating logic)නිෂේධනයට ආකෘතියක් නැත(formlessness).එය වාදය-ප්‍රතිවාදය-සහවාදය වශයෙන් ආකෘතියකට හෝ අනන්‍යතා-අවිසංවාදී-මධ්‍ය බහිෂ්කාර වශයෙන් නීතින්ට සීමා කළ නොහැකිය. |
Immanuel Kant
|
විශ්ලේෂි දර්ශනය විශේෂ අවධානය යොමු කළේ අවකාශයේ පවතින පරිබාහිර වස්තූන් සම්බන්ධයෙනි. ඒ නිසාම විශ්ලේෂී දර්ශනයට අන්‍යෝන්‍ය වශයෙන් තත්වාරෝපණය කරන ප්‍රපංචයේ අභ්‍යන්තරික ක්‍රියාවලිය ග්‍රහණය කරගැනීමට නොහැකි වේ. එමෙන්ම සමස්තය හා කොටස අතර පවතින සද්භවවාදී ගතිකය ගිලිහී යයි.
සොබාවික විද්‍යාව තුළ සිදුවන්නේ ඇරිස්ටෝටලියානු තර්ක ශාස්ත්‍රය, ජීවය විරහිත ස්ථිතික හා ආකෘතික ව්‍යූහයකට ඌනනය කරන ලද විධික්‍රම සහ ඥාන විභාගයන් පාවිච්චි කිරීම ය. මෙහි දී මනුෂ්‍ය විද්‍යාවන්ට සාර්වත්‍රික වශයෙන් පිළිගත හැකි තාර්කික ක්‍රමයක් ලෙසට ‘වාස්තවික’ ක්‍රමවේදයන් හඳුන්වාදීමක් සිදු වී ඇත. හෙගල් මෙවැනි ආකාරයේ ඌනිතවාදයන් පිළිගන්නේ නැත. ඒ වෙනුවට හෙගල් පිළිගන්නේ පරමාත්මයේ හෙවත් මිනිස් ස්වභාවයේ ස්වයං ආකාරයට සිදුවන නිෂේධනීය වර්ධනය ය. අභ්‍යන්තරික වශයෙන් සිදුවන පරිවර්තන ක්‍රියාවලිය මගින් නව ආකාරයක ස්වයං-සම්ප්‍රජානනයේ නව ක්ෂිතිජයන් බිහිවීමක් මෙහි දී සිදුවේ.
හෙගල් ස්වයං-නිෂේධනයේ දයලෙක්තිකය සිය පරමාත්මයේ ප්‍රපංච විද්‍යාව කෘතිය තුළින් වර්ධනය කිරීමට පටන් ගත් අතර තර්ක විද්‍යාව කෘතිය තුළදී මෙයට පද්ධතිගත සහ ක්‍රමානුකූල පදනමක් ලබා දෙයි. ඔහුගේ Encyclopedia කෘතියේදී දයලෙක්තිකය ඉහළ ම තලයකට ඔසවා තබයි. හෙගල්ගේ Encyclopedia කෘතියේ පළමු කොටසෙහි දයලෙක්තිකයේ පොදු ව්‍යූහයක් ඉදිරිපත් කෙරෙයි. මෙහි දී හෙගල් පවසන ආකාරයට දයලෙක්තියකට මොහොතවල් තුනක් ඇත. නමුත් මේවා තර්කයේ කොටස් තුනක් නොවේ. එකම ක්‍රියාවලියේ අවස්ථා තුනක් පමණි. මෙහි පළමු අවස්ථාව යමක් ඝනීභූත ලෙස පෙන්නුම් කරන අවස්ථාව ය. මේ අවස්ථාවේ දී සංකල්පයන් හා ආකෘතීන්ට ස්ථාවර නිර්වචනයක් හෝ නිර්ණයක් තිබෙනවා යැයි පෙනෙයි (Hegel 2010, 126) දෙවන අවස්ථාවට ‘දයලෙක්තිකය’ යැයි හෙගල් කියයි (Hegel 2010, 128). එයට නිෂේධනීය ලෙස සබුද්ධික (Hegel 2010, 125යැයි කියයි. මේ අවස්ථාවේදී පළමු මොහොත තුළ සැඟවී පැවැති දෙය හෙළිදරව් වේ. පළමු අවස්ථාවේදී පැවතුණු ඝනීභූත නිර්ණය දෙවන අවස්ථාව වෙන විට වෙනත් දෙයක් දක්වා පරිවර්තනය වේ. මේ ක්‍රියාවලියට හෙගල් කියන්නේ ස්ව-සමතික්‍රමණය (self-sublation) කියා ය. (Hegel 2010, 128). තුන්වන මොහොතට කියන්නේ සමපේක්‍ෂණ අවධිය කියාය (Hegel 2010, 125) 132). මේ තුන්වන මොහොත මුල් අවස්ථා දෙකෙහි ඒකත්වයක් ලෙසට ගත හැකිය. මුල් අවස්ථා දෙක නිෂේධනය කිරීමෙන් පැමිණුනු සාධනීය මොහොත ලෙසට මේ අවස්ථාව සැලකිය හැකිය (Hegel 2010, 132). මෙම සමපේක්‍ෂණ මොහොත මගින් ඝනීභූත මොහොත නිෂේධනය කරන අතර එයින් තවත් ඉදිරි ක්‍රියාවලියකට මාර්ගය විවෘත කරයි. සමපේක්‍ෂණ මොහොත ගත් විට එයට නිර්වචනයක් ඇත. එමෙන්ම එයට අන්තර්ගතයක් ඇත. එසේ සිදුවන්නේ සමපේක්‍ෂණ අවධිය ඉපදී වැඩී එන්නේ ඊට කලින් අවධිය වූ ඝනීභූත අවධියෙන් වන අතර සමපේක්‍ෂණ අවධිය එයින් මෙම ඝනීභූත අවධියේ චරිත ලක්‍ෂණ ඒකාබද්ධ කරනු ලබයි (unity of distinct determinations) (Hegel 2010, 132). හෙගලියානු දයලෙක්තිකය ඉදිරියට ඇදෙන්නේ යම් අන්තර්ගතයක් තුළ ඊට ආවේණික වශයෙන් පවත්නා ස්වභාවයෙන්ම ය (Hegel 1965, 54). එය සිය Encyclopedia පළමු වෙලුමේ හෙගල් දක්වන්නේ ‘immanent connection’ සහ ‘necessity’ ලෙසට ය.
පරම නිෂේධනය පිළිබඳ හෙගල්ගේ නියමය
හෙගලියානු පරම නිෂේධනයේ (Absolute Negativity) විධික්‍රමවේදී හා ඥානවිභාගාත්මක අරමුණ වන්නේ සම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයේ ප්‍රවර්ගයන්, එනම් පරිමිත ප්‍රජානනය සමස්ත නිෂේධනමය ක්‍රියාවලියේ චලනමය බලවේගයක් බවට පත් කිරීම ය. එමෙන්ම පරම නිෂේධනයේ තවත් බලාපොරොත්තුවක් වූයේ තර්කණයේ ඇති අභ්‍යන්තරික ගතිකත්වය ක්‍රමානුකූල කිරීම ය. මේ ක්‍රියාවලිය හෙගල් දකින්නේ කාන්ට්ගේ අනුභූති උත්තර ක්‍රියාදාමය නැවත සංකල්පගත කිරීමක් ලෙසට ය. හෙගල් සිය විධික්‍රමය ලබා ගන්නේ ගණිතය වැනි විෂයකින් හෝ ව්‍යවහාරික දැනුමෙන් (common sense) නොවේ. මේ විධික්‍රමය හෙගලියානු අන්තර්ගතයෙන් ම බිහිවන අතර නැවත මේ අන්තර්ගතයම පරිවර්තනය කර ගැනීම මෙහි දී සිදුවේ (Hegel 1969,27).

හෙගල් සිය තර්ක විද්‍යාව කෘතියේ පළමු මුද්‍රණයට ලියන ප්‍රස්ථාවනාවේ තමාගේ විඥානවාදී ව්‍යාපෘතියට බලපෑ හේතුව විග්‍රහ කරයි. මෙහි දී හෙගල් කියන්නේ කාන්ට් විසින් ඉදිරිපත්කළ ‘අවබෝධනය’ (the understanding) තමන්ගේ විඥානවාදී ව්‍යාපෘතියේ අන්තර්ගතය තීන්දු කළ බව ය. නමුත් මෙහි දී හෙගල් කියා සිටින්නේ සිය විඥානවාදී ව්‍යාපෘතීන් පිටුපස ඇති ගාමකය වන්නේ නිෂේධනමය ගාමකයක් බව ය. එහි සාමාන්‍ය ස්වභාවය වන්නේ පරිමිත නිශ්චයභාවයන් (finite determinations) බිඳගෙන චින්තනය ඉදිරියට වර්ධනය වීම ය. හෙගල් තමන්ගේ ව්‍යාපෘතියේ ගාමක බලවේගය ලෙස තර්කය හා අවබෝධනය යන දෙකෙහි දයලෙක්තික සබඳතාව සංකල්පයේ අභ්‍යන්තරික වර්ධනයට හේතු වන බව දක්වයි. එමෙන්ම හෙගල්ගේ දයලෙක්තික චලනය සමස්තය හා කොටස අතර පවතින සබඳතාව හරහා සිදුවෙයි. හෙගල්ගේ විධික්‍රමය මෙන් ම ඥානනයේ අන්තර්ගතය සමන්විත වන්නේ සමස්තය හා කොටස අතර පවත්නා නිශේධනීය සම්බන්ධය ය මඟින් ය.
පරිමිත නිර්ණයන් පිළිබඳ ප්‍රජානනය සංකල්පයන්හි ස්වයං-පරිබාහිර පාර්ශ්වය ය. මෙය දැනුමේ ආරම්භක අවස්ථාව පමණි. පරිමිත නිර්ණය සමස්ත ක්‍රියාවලියේ තාවකාලික පෙනී සිටීමක් පමණි. හෙගල් සොයාගත් කාරණයක් වූයේ සෑම පරිමිත නිර්ණයක් ම අවශ්‍යයෙන්ම නිෂේධනමය පෙනී සිටීමක් බව ය. එමෙන්ම සෑම පරිමිත නිෂේධනයක් ම සම්බන්ධිතමය වේ. ඒවායේ පැවැත්ම එකකට එකක් ගෑවී පවතියි. සෑම පරිමිත නිර්ණයක්ම තමන්ව නිර්වචනය කරගන්නේ අන්තර් සම්බන්ධයන් හරහා ය. එමෙන්ම පරමත්වය නිර්වචනය වන්නේ සියලු පරිමිත නිර්ණයන්ට දක්වන නිෂේධනීය සම්බන්ධය හරහා ය. පරම නිෂේධනයේ තර්කය දිගහැරීමට පටන් ගැනීම නිසා අව්‍යවහිත තහවුරුවීම් (immediate affirmation) නිර්ණයමය තහවුරුවීම්(determinate affirmation)බවට පත්වේ (Bowman 2015,48). මෙය ගැඹුරු ආකාරයට අවබෝධ කර ගන්නා තරමට හෙගල්ගේ තාර්කික ප්‍රවර්ගයන් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ.

නිෂේධනීය ක්‍රියාවලිය තුළ දී එයින් සියලු ආකාරයේ දෘඪ නිර්ණයවීම් දිය කරහරියි. එය හුදෙක් සරල නිෂේධනයක් නොවේ. කොළපාට අඹ ගෙඩියක් රතුපාට අඹ ගෙඩියක් බවට පත්වීම හුදු සරල නිෂේධනයකි. යම් ප්‍රපංචයක් සෑදී තිබෙන සංඝටකයන්ගේ ව්‍යූහය වෙනත් ව්‍යූහයක් බවට පත්වීම පරම නිෂේධනයක් ලෙස සැලකිය නොහැකිය. පරම නිෂේධනයකදී ඥානාත්මක වෙනසක් මෙන්ම ගුණාත්මක වශයේ පරිවර්තනය වීමක් ද සිදු වේ. වාස්තවික වශයෙන් පමණක් නොව ආත්මීය වශයෙන් ද පරිවර්තනයක් මෙහි දී සිදුවේ. මේ පරිවර්තනයෙන් පසු නැවත මුල් අවස්ථාවලට යා නොහැකි ය. මේ සඳහා ය හෙගල් සමතික්‍රමණය (sublation)/Aufhebung) නම් වචනය යොදා ගනු ලැබුවේ. මෙම පරම නිෂේධනයට යටත් දයලෙක්තික ක්‍රියාවලියේ දී හැම විටම ශේෂයක් අතිරික්තයක් ඉතිරි වේ. මේ ඉතිරිය ඊළඟ මට්ටමට යාම සඳහා සද්භාවාත්මක ලෙස බලපානු ලබයි. එය ඊළඟ අවධිය සඳහා උනන්දු සහගත තත්ත්වය (supportive condition) ලෙස ක්‍රියාත්මක වේ.
|
කාන්ට් දුටු ආකාරයට පුද්ගල ආත්මයේ ස්වතන්ත්‍රතාව බුද්ධි ප්‍රබෝධයේ පරමාදර්ශය වේ. මේ තුළ ඇති මූලික අදහස වන්නේ ස්වයං-නිර්ණයේ ස්වාධීනත්වය (freedom of determination) ය. මේ අදහස හෙගලියානු පරම නිෂේධනය යටතේ ගතිකාත්මක ක්‍රියාවලියක් බවට පත් වේ. මෙහි දී විඥානය ස්වයං-පරිවර්තනයකට ලක්වේ. පරමාදර්ශයක් දක්වා මේ පරිවර්තනය සිදුවේ. නැවතත් මේ ක්‍රියාවලිය සම්පිණ්ඩනය කළොත් පළමු මට්ටමේ දී සත්තාවේ, ඍජු, අව්‍යවහිත සහ වෙනස් නොවන ස්වභාවය, තවමත් සවිඥානක නොවූ අවිඥානක ස්වභාවය දෙවන අවස්ථාවේ දී සවිඥානක වීමට පටන් ගනී. තුන්වන අවස්ථාවේ දී පුද්ගල ආත්මය පරම අදහස (Absolute Idea) පූර්ණ ලෙස සම්ප්‍රජානනය කරයි. ස්වාර්ථ සත්‍යය (truth-in-itself) පමණක් නොව පරාර්ථ සත්‍යය (truth-for-itself) යන දෙපාර්ශවයව පූර්ණ ලෙසට ග්‍රහණය කර ගනී.
මෙම නිෂේධන ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමේ දී සියලු ම ආකාරයේ දෘඪ නිර්ණයන් වියැකී යයි. මේ ක්‍රියාදාමය හෙගල්ගේ දර්ශනයේ හදවතේ ම පවතී. මේ අර්ථයෙන් හෙගල්ගේ දාර්ශනික පද්ධතිය විමුක්තිය හා නිදහස දිශාවට ඇත.
හෙගල්ගේ අරමුණ වන්නේ හෙගල්ව කියවන්නාව සබුද්ධික මිනිස් ආත්මයක් බවට පත් කිරීමය. පුද්ගලයා පූර්ණ මිනිසෙකු බවට පත් කිරීම හා ස්වයං-සවිඥානක සත්වයකු බවට පත් කිරීම ය. මේ මාර්ගය දිගේ ගමන් කිරීමෙන් පුද්ගලයාට නිදහස අත්පත් වේ.
හෙගලියානු නිෂේධනයේ අතිමහත් බලය - (දෙවන කොටස)
👨 ආචාර්ය සමන් පුෂ්පකුමාර
2021 ඔක්තෝබර් 17

අප ගැන.
වර්තමාන නවකතාව, කෙටිකතාව, කවිය, සිනමාව සහ නාට්‍ය ආදිය පිළිබඳ න්‍යායික සහ විචාරාත්මක රචනා අඩංගු වේදිකාවකි. ඊට අමතර ව මෙහි සමාජ විද්‍යාත්මක ලිපි, දාර්ශනික කතිකාවන් සහිත විවාදාත්මක ලිපි පළ වේ. පුළුල් අනාගත සංස්කෘතික සංවාදයකට දොරටු හැරීම අපේ අරමුණයි.. |
Contact Us
071 800 99 55 071 441 48 55 |
Copyright © 2021 www.kinihiraya.com All rights reserved.