ස්වදේශීය සංස්කෘතීන් පිරිහීමේ හෝ තුරන්ව යාමේ තර්ජනයට මුහුණ පා සිටිනුයේ ඇයි ? ඒ ඒ රටවල දේශපාලනය සහ ගෝලීයකරණයේ කාර්යභාරය.
⚈ මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි - Prof. Desmond Mallikarachchi
2020 ඔක්තෝබර් 20
2020 ඔක්තෝබර් 20
දකුණු ආසියාවේ පරිහානියට ලක්වෙමින් යන සංස්කෘතීන් (Diminishing Cultures) පිළිබඳ සම්මේලනයට මෙසේ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට මා හට පිරිනැමුන ඇරයුම සම්බන්ධයෙන් සාක් සංස්කෘතික මධ්‍යස්ථානයට මගේ හද පිරි කෘතඥතාවය පිරි නමනු කැමැත්තෙමි. අනේකවිධ හේතූන් මත දකුණු ආසියාවේ පමණක් නොව පෘථිවියේ අන් කලාපවල පවා දේශීය සංස්කෘතීන් (Indigineous Cultures) වියැකී යාමේ (Disappearence) මුවවිටට ම පැමිණ ඇත්තා වූද එමෙන්ම තවත් සංස්කෘතීන් කිහිපයක් සහමුලින්ම තුරන්ව යාමේ (Extinction) තර්ජනයකට මුහුණ පා ඇත්තා වූද තත්වයකට සාක්ෂි දැරීමට අපට සිදුව ඇති හෙයින් මේ සම්මේලනයේ තේමාව සාකල්‍යයෙන් ම ගැලපෙන හා කාලෝචිත එකක් බව කිවයුතුය. මේ වනාහි අවිවාදිතව ම බැරෑරුම් ගැටළුවකි.
|
එහෙයින් ම එය කඩිනම් විසඳුමක් ද ඉල්ලා සිටියි. කෙසේ වෙතත් ‘සාක්’ සංස්කෘතික මධ්‍යස්ථානය අපේක්ෂා කරන පරිද්දෙන් අප ද මේ සංස්කෘතීන් සුරැකීම හා සංරක්ෂණය කෙරේ බැරෑරුම්ව සිත යොමන්නේ නම් හා සංස්කෘතික ප්‍රවර්ධනය උදෙසා කැපවීමට ගැඹුරින් කල්පනා කරන්නේ නම් අපට මේ තුරන් වීමේ ක්‍රියාවලිය (Diminishing process) බලපාන්නා වූ සැබෑ සාධක හා මූලයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීම අත්‍යවශ්‍යය. හුදෙක් අප විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් අතිශය දියුණු හා සංකීර්ණ (Sophisticated) ලොවක විසීමට භාග්‍යවන්ත වූ පමණින් ම අපට කෙසේවත් මේ විරළ එමෙන් ම විචිත්‍ර (Exotic) ප්‍රජාවන් බිඳී විසිර යාමට ඉඩ හැර බලා සිටිය නොහැක. ඊට හේතුව මේ සෑම ප්‍රජාවක් ම ඊට ම ආවේණික වූ ආකාරයකට අද්විතීය (Unique) වන හෙයිනි. එහෙයින් සංස්කෘතික මෙන් ම ආචාරධාර්මික (Cultural and ethical) හේතූන් යන දෙඅංශය ම මත පිහිටා තව දුර පමා නොවී එමෙන් ම කවර වෙහෙසක් හෝ දරා තුරන් වෙමින් යන මේ ප්‍රජාවන් සුරැකීම අපේ පරම වගකීම බවට පත්ව තිබේ.
මෙකී අරමුණු කරා ළඟා වීමේ ප්‍රයත්නයේ දී හැකියාවක් තිබේ නම් මේ බිඳී විසිර යාමට (Disintergration) නැවතීමේ තිත තැබීම හා ගෝලීය සංස්කෘතික විවිධත්වය සුරැකීම උදෙසා වන තිරසාර විසඳුමක් සැකසීම අනුල්ලංඝනීය වගකීමක් වන්නේ ය. සත්‍යයකි, මෙකී ගැටළුව සඳහා සදාකාලික හෝ ස්ථිරසාර විසඳුමක් සෙවීම යනු ළඟාවිය නොහැකි ඉලක්කයකි යන කරුණ සම්බන්ධයන් සැබවින් මම එකඟ වෙමි (එසේ ම යම් හෙයකින් එය ළඟා කර ගත හැකි නම් එය සුවිශිෂ්ට ජයග්‍රහණයක් ද වනු ඇති. කෙසේ වෙනත් යථාර්තවාදියකු වශයෙන් මට හැක්කේ ඒ කෙරේ මගේ සංශයවාදී බව (doubt) පල කිරීම පමණි. මන්දයත් ගෝලීයකරණය නම් වූ යෝධ යාන්ත්‍රණය නිසැකව ම අහිංසක ස්වදේශික ප්‍රජාවන් පවා ඉතිරි නොකරමින් ඊට හමුවන සියලු දෑ නිරනුකම්පිත ලෙස වනසාලමින් ඉදිරියට ඇදෙන හෙයිනි)
කෙසේ හෝ වේවා, සාක් සංස්කෘතික මධ්‍යස්ථානය කරනා පරිද්දෙන් අපට ද මේ කරුණ සම්බන්ධයෙන් ගැඹුරු හා බැරෑරුම් කතිකාවක් ගොඩනැංවිය හැකි නම් අවම වශයෙන් අපට මේ බිඳී විසිරී යාමේ අදියරෙහි වේගය අඩු කිරිමට හෝ අවම කිරීමට එසේත් නැතිනම් මේ නොවැළැක්විය හැක්ක (එනම් තුරන්ව යාමේ තර්ජනය) තව දශක දෙක තුනකට පමා කිරීමට හැකි වනු ඇත්තේය. එහෙත් ඊට මේ අනතුරු ඇඟවීම අදාළ කරගනිමිනි, අප කෙසේවත් චාල්ස් ඩාවින්ගේ “බලවතා (මේ කරුණේ දී පීඩකයා) රැකෙයි. දුබලයා (මේ කරුණේදී ස්වදේශික ප්‍රජාවන්) නැසී යයි” යන තාර්කික ප්‍රකාශනය අමතක නොකළ යුතුය. සරළ ප්‍රවාදයන් මෙන් නොව මෙය මානව සනාථ කරන ලද න්‍යායක් වන හෙයින් මම මෙහිදී ස්ථිරසාර විසඳුම හා වෙනකක් තබා අර්ධ ගැලවීමක් යන දෙඅංශය කෙරෙහි ම බෙහෙවින් සංශයවාදී වෙමි. එසේ වතුදු මම අඩු ගනනේ මෙහි සඳහන් දෙවෙනි පිළියම ළඟා කරගැනීම කෙරේ වන විශ්වාසය අත් නොහරිමි.
උපාය මාර්ගික හේතූන් මත පිහිටා මේ ඉලක්ක සපුරා ගනු පිණිස අප මේ අසරණ එමෙන් ම පීඩිත ප්‍රජාවන් පිළිබඳ මානව වංශ විද්‍යාත්මක හා පෙළපත් කරුණු පිළිබඳ ලිවීමෙන් හා කියවීමෙන් බැහැර විය යුතුය. ඒ උදක්ම මේ තේමාවන් පිළිබඳ සාහිත්‍යය බහුලව පවත්නා නිසා නොව එකී ප්‍රජාවන් පාගා දැමීමේ ක්‍රියාවලිය වඩා හොඳින් අවබෝධ කරගත හැක්කේ අප සමකාලීන දේශපාලන හා ආර්ථික රඟමඩලෙහි සිදුවන දෑ පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් පමණක් වන හෙයිනි. කරුණාකර මෙහි දී මා වරදවා වටහා නොගනු මැනවි. මේ ප්‍රජාවන් උදාහරණ ලෙස වැද්දන්, ඕස්ට්‍රේලියානු ස්වදේශිකයන්, මවුරියානුවන් හෝ අන් කවර අදාළ පාර්ශවයන් පිළිබඳ වුව මනාව වංශ විද්‍යාත්මක ලේඛන සම්පාදනය හා ඔවුන් පිළිබඳ ඉතිහාසය වාර්තා නිරවද්‍යකරණය නොවටින්නේ යයි මම කෙසේවත් නොපවසමි. එසේ ම සෙලිග්මාන්, ජේම්ස් බ්‍රවුන්, නන්දේව විජේසේකර වැන්නවුන් විසින් සැපයුන දායකත්වය හා මෑත දී ගනනාථ ඔබේසේකර විසින් සම්පාදිත කෘති මෙන් ම “ද කල්චරල් සර්වයිවල් ඔෆ් ශ්‍රී ලංකා” හා අනෙක් පාර්ශව විසින් ඉටු කරන ලද කාර්යයභාරයන් ද මම කෙසේවත් අවතක්සේරු නොකරමි. මා මෙහිදී අවධාරණය කරන කරුණ වනුයේ අප මේ ප්‍රජාවන්හි පරම්පරාගත අංශයන්හි සංඛ්‍යාත්මක දත්ත හා අනෙක් කරුණු පිළිබඳව දැනුවත් වන අතරේ ධනවාදී හා අධිරාජ්‍යවාදී පාලකයන් විසින් වත්මනෙහි ක්‍රියාත්මක කරනු ලබන පීඩක යාන්ත්‍රනයන් පිළිබඳව ද අප මනාසේ දැනුවත් විය යුතුය යන්නයි.
මගේ දැක්ම අනුව නම් ස්වදේශික සංස්කෘතීන්හි ව්‍යුහයන් ව්‍යාකූලත්වයට පත් කිරීමට හා බිඳ හෙළීමට එක හෙලා වගකිව යුත්තේ එම පාලනයන්ය. එහෙයින් මෙහිදී ස්වදේශික ප්‍රජාවන්ගේ මානව වංශ විද්‍යාත්මක කරුණු පිළිබඳව ලිවීම එකකි. එමෙන් ම ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරිම ඉඳුරාම වෙනස් ක්‍රියා මාර්ගයකි. බොහෝ ශාස්ත්‍රවන්තයින් උත්සුක වනුයේ තමන් විසින් තෝරා ගනු ලබනා ප්‍රජාවන් පිළිබඳ මානව වංශ විද්‍යාත්මක හා ඓතිහාසික කරුණු ලේඛනගත කිරීමට ය. එහෙත් අප ‘යක්ෂයා සෙවිය යුත්තේ ඌ සිටිනා තැන මිස නොසිටිනා තැන නොවේ’. එසේ ම මානව වංශ විද්‍යාවට කෙසේවත් ස්වදේශික ප්‍රජාවන් ඔවුන් මුහුණ පා ඉන්නා පීඩනයෙන් මුදවා ගත නොහැක්කේමය.
මෙහි දී ක්‍රියාත්මක ව පවත්නා පීඩක යාන්ත්‍රණයන් බොහෝ තිබුණ ද කාලයේ සීමා කෙරේ සැලකිලිමත් වෙමින් මෙම කරුණු දෙකේ පමණක් සාකච්ඡාවට බඳුන් කිරීමට අදහස් කරමි. ඒ අනුව සාකච්ඡා කෙරෙනා කරුණු දෙක වනුයේ දේශපාලන අවභාවිතාව (Political manipulation) හා ගෝලීයකරණ ක්‍රියාවලියයි.
දේශපාලනයේ කාර්යභාරය
ස්වදේශික ප්‍රජාවන් ආන්තීකරණයට ලක් කිරීමෙහිලා දේශපාලකයන් විසින් ඉටු කරනුයේ තීරණාත්මක කාර්යභාරයකි. මේ වනාහි විශ්වීය ප්‍රපංචයකි. එය අතීතයේ දී සිදු වූ සේම මේ අද පවා සිදුවේ. මේ සම්බන්ධයෙන් උදාහරණ විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හැකි වූව ද දේශපාලකයන් විසින් සලකනු ලබන ආකාරය විස්තර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැදි ප්‍රජාව ගැන පමණක් කතා කිරීමට මම අපේක්ෂා කරමි. පසුගිය දශක ගණනාව පුරාම අපේ ස්වදේශික ප්‍රජාවට එනම් වැදි ජනයාට පැවති රජයන් විසින් සලකන ලද ආකාරය ශ්‍රී ලාංකිකයෝ ඉතා හොඳින් දනිති. කෙසේ වෙතත් කාලය ඉක්ම යන හෙයින් මම ඔවුන්ගේ සානුකම්පිත පුවත කරුණු අනුසාරයෙන් මෙසේ පෙළ ගස්වනු කැමැත්තෙමි.
1. 1974 සිට පත්වූ සෑම රජයක් ම වැදි ප්‍රජාවට අක්කර 1500 ක් බෙදා දෙන බවට පොරොන්දුව සිටිය ද එය හුදෙක් කඩදාසිවලට පමණක් සීමා වී තිබේ. සත්‍යය නම් වැදි ප්‍රජාවට එක පර්චසයක් පමණවත් ලබාදී නැතිය යන්නයි. එහෙයින් ම අද දක්වා ම එය කඩවුණ පොරොන්දුවකි.
2. 1993 වසරේ දී බලහත්කාරයෙන් සිය පාරම්පරික වාස භූමි වලින් ඉවත් කරන ලද විශාල වැදි පවුල් සංඛ්‍යාවක් මහවැලි ‘සී’ කලාපයේ පදිංචි කෙරිණි. යාන්ත්‍රික දිවි පෙවෙතක් ගතකිරීමට ඔවුන් තුළ කිසිඳු අභිලාෂයක් නොවූ හෙයින් මෙසේ තමන් මහවැලි කලාප තුළ ජනපදගත කිරීමට ඔවුන් කිසිම කැමැත්තක් පල කළේ නැති ඔවුන් සතුටු වන්නේ සිය වන බිම් තුළ ගෙවන දිවියකට ය. රජය පැත්තෙන් ගත් කල මේ වනාහි උපායක්‍රමික වැඩපිළිවෙලකි. මින් අපේක්ෂිත සැලසුම වූයේ සංවර්ධයේ නාමයෙන් වැදි ප්‍රජාව ඔවුන්ගේ බිම් වලින් නෙරපා හැර එම වනාන්තර දැව ජාවාරම් කරුවන්ට විවෘත කර දීමටය. (අහම්බෙන් මෙන් 2009 වසරේ දී දැව ජාවාරම්කරුවෝ වැදි නායක වන්නියැත්තන්ට තර්ජනය කළෝ ය. තමන් නොරිසි ස්ථානයක පදිංචි කරවීම යනු බලය පාවිච්චි කර භෞතික වශයෙන් සිදු කෙරෙනා ජනපදකරණයක් පමණක් නොව මනෝවිද්‍යාත්මක ජනපදකරණයක් ද වේ.
3. වැදි ප්‍රජාව හා ඔවුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා දේශපාලකයන් විසින් භාරයක් ස්ථාපිත කෙරිණි. එය නම් කරන ල්දදේ “වන්නියැත්තෝ භාරය” නමිනි. එහෙත් එම භාරයෙන් ප්‍රතිලාභ ලද එකදු වැදි සාමාජිකයෙකු හෝ නැත.
4. අවසාන වශයෙන් අපේ අවධානය දේශපාලකයන් විසින් වැදි ප්‍රජාවට හානි කිරීම සඳහා උපයෝගී කර ගැනෙන අසාධාරණ උපක්‍රම 03ක් වෙත යොමු කරනු වටී.
(අ) 2006 වසරේ දී වැදි ප්‍රජාව යළිත් වරක් වාස භූමි වෙනස් කිරීම සඳහා ඉලක්ක කරනු ලැබිණි.
(ආ) 2007 වසරේදී දළදා මාලිගාවට මී පැණි සැපයීමේ රාජකාරිය ඔවුන්ට තහනම් කෙරිණි.
සියවස් ගණනාවක් තිස්සේ පරපුරෙන් පරපුරට වශයෙන් දළදා මාලිගාව හා අනෙකුත් පන්සල් වලට මී පැණි සැපයූ ප්‍රධාන සැපයුම්කරුවන් වූයේ ඔවුන් ය.
(ඇ) ඉතා මෑතක එනම් 2007 වසරේ දී වත්මන් රජය ඔවුන්ගේ උන්හිටි තැන් පිළිබඳව සුපරික්ෂාකාරි වීමට (Keep track of their whereabouts) පියවර ගත්තේ ය.
රාජ්‍ය නොවන ආයතනයක් වන ‘සංස්කෘතික ශ්‍රී ලංකා ආයතනය’ වැද්දන්ට හිරිහැර නොකරන මෙන් වරින් වර රජයෙන් ඉල්ලා සිටියේ ය. (වඩා නිවැරදිව නමි ‘අයැද සිටියේය’). එහෙත් දේශපාලකයන් මේ අයැදුම් වලට කන් දුන්නේ නැත.. ඔවුහු ඇඟවූයේ තමන් බිහිරන් බවයි. (Cultural Survival) විසින් අවසන දැක්වුන අදහස මෙබඳුය. “නිළධාරිවාදී කකුලෙන් ඇදීම හේතුවෙන් වැදි ප්‍රජාව දින දින පුළුල් වන වියවුලකට ඇද දමා තිබේ.” මේ තත්ත්වය අද වන විට තවත් නරකට හැරී තිබේ.
ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගේ (Aborigines) ඉරණම ද මීට නොදෙවෙනිය. ඔවුහු ද 19 වැනි සියවසේ පමණ පටන් දේශපාලකයන්ගේ අකටයුතුකම් වලට ගොදුරු වෙමින් සිටිති. ආදිවාසීන් දහස් ගණනකින් පීඩාවට ලක් කෙරෙති, පරත්වාරෝපිත බවට පමුණුවකි. ආන්තීකරණයට ලක් කෙරෙති. සුරා කනු ලබති. ඝාතනය කරනු ලබති. ආක්‍රමණයට පෙරාතුව ආදිවාසීන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවූයේය. 1930 වසරේ දී සිදු කරන ලද සංගණනය අනුව ස්වදේශික ජන සංඛ්‍යාව 70,000 දක්වා පහත වැටී තිබේ. දහස් ගණනක් මරා දමා තිබේ. එවන් ක්‍රියාවන් මගින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ දේශපාලනික හා ආර්ථික අරමුණු මත මෙහෙයවන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ස්වදේශිකයන්ගේ ජීවිත කෙරේ දෙනු ලබන වටිනකාමේ තරමයි.
දැන්, තුරන්ව යන සංස්කෘතීන් සම්බන්ධයෙන් ඊට බලපාන හේතු සාධක සැලකිල්ලට ගැනීමට දැරෙනා ප්‍රයත්නයේ දී අප විසින් නොතකා නොහැරිය යුතු තවත් වැදගත් කරුණක් සාකච්ඡා කිරීමට මම කැමැත්තෙමි. මේ වනාහි ඉතා භයානක, ඉතා විෂැති එමෙන්ම ඉතා අනර්ථකාරී ප්‍රපංචයකි. එය අන් කිසිවෙක් නොව ගෝලීයකරණය යි.

ගෝලීයකරණය විසින් ස්වදේශික සංස්කෘතීන් කෙරේ ඇති කෙරෙන බලපෑම :-
ස්වදේශික ප්‍රජාවන් (Indigenous Communities) බිඳී විසිරී යාමෙන් වලකාලීමට අප අපේක්ෂා කරන්නේ නම් හා ඔවුන්ගේ සංස්කෘතික විවිධත්වය ආරක්ෂා කෙරෙන සාධනීය ක්‍රමවේදයන් කෙරේ අප ගැඹුරින් සිතන්නේ නම් ගෝලීයකරණ ක්‍රියාවලියේ හා ස්වදේශික සංස්කෘතීන් කෙරේ ඉන් වන බලපෑමේ බරපතලකම අධ්‍යයනය කිරීම හැර අන් විකල්පයක් අපට නැත්තේ ය. ගෝලීයකරණයේ එක් ප්‍රධාන බලපෑමක් වනුයේ ජාතික හා/හෝ ස්වදේශික සංස්කෘතීන්ගේ පසුකාලීන අභාවය හෝ තුරන්ව යාමට හේතු වන්නාවූ අයුරින් ඒවාට තර්ජනය එල්ල කරනා අලුතින් මතු වන ගෝලීය සංස්කෘතියකට අයත් පුද්ගලයන්ගෙන් සමන්විත නව එමෙන්ම පැහැදිලිව හඳුනාගත හැකි පංතියක් නිර්මාණය කිරීමට පසුබිම සැකසීමයි.
ඒ වනාහි ගෝලීයකරණ ව්‍යාපෘතිය මගින් බලපෑමට ලක්වන්නා වූ ද සමස්ථ ලෝකයම වෙලා ගනිමින් පවත්නාවූද සුලභ සත්‍යයකි. ගෝලීයකරණය යන සංකල්පය ඉතා සංකීර්ණ වන අතර, එහි යටින් දිවෙනා තර්කනය නිරතුරුව ම චලිතයනට බඳුන් වන හෙයින් එක්තරා ආකාරයකට එය නිර්වචනය කළ නොහැකි වේ. එසේ ම ගෝලීයකරණයේ සිව් ආකාර ප්‍රකාශමානවීම් එනම් ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හා දෘෂ්ඨිවාදාත්මක පාර්ශ්වයන් නිර්වචනය කිරීමට දැරෙන ප්‍රයත්නයන් වඩා දුෂ්කර බවට පමුණුවන අතර ඒවා එකිනෙකින් වෙන් කළ නොහැකි වන සේම කිසියම් එකඟතාවයකින් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් මේ ගෝලීයකරණය යනු කුමක් ද? ඒ සඳහා බොහෝ නිර්වචන තිබුණ ද මගේ කර්තව්‍යය සඳහා ගැලපෙන්නා වූ ප්‍රධාන නිර්වචන කීපයක් වෙත පමණක් අපි මෙහි දී යොමු වෙමු.
“ගෝලීයකරණය සමාජ සබඳතාවයන්හි කාල හා අවකාශ පාර්ශ්වයන් එකට හකුලා දමයි (Compress) ” - මහාචාර්ය ජේම්ස් මිට්ල්ටන්, ජාත්‍යන්තර සබඳතා, ඇමරිකානු සරසවිය.
“ගෝලීයකරණය සංකල්පයක් වශයෙන් ගත් කල සමස්ථයක් ලෙස ලෝකය එකට හකුලා දැමීමට හා ලෝක සවිඥානත්වය තීව්‍ර කිරීමට අදාළ වේ.”- රෝලන්ඩ් රොබට්සන්, සමාජ විද්‍යා මහාචාර්ය, පීටර්ස්බර්ග් සරසවිය.
“ගෝලීයකරණය යන සංකල්පය මගින් ලෝක පරිමානයෙන් සන්නිවේදනයේ යෝධ වර්ධනයක් මෙන් ම ලෝක වෙළඳපොළේ නිම් වළලු සුවිසල් ලෙස පුළුල් කිරීමත් පරාවර්තනය වන අතර මේ ද්විත්වයම නූතනත්වයේ මුල් අවධීන්ට වඩා බෙහෙවින් සීඝ්‍ර හා ප්‍රත්‍යක්ෂ සේ පෙනේ.”- ෆෙඩ්රික් ජේම්සන්
මේ නිර්වචන මෙන්ම තවත් බොහෝ නිර්වචන මගින් සාමාන්‍ය ජනයා පමණක් නොව ප්‍රකට විද්වතුන් පවා ව්‍යාකූලත්වයට ඇද හෙලනු ලබයි. ඉදින් මට මේ සංකීර්ණත්වය සරල බවට හැරවීම සඳහා අවසර දෙනු මැනවි. මා ගෝලීයකරණය සාරාංශගත කරනුයේ පහත අයුරිනි.
1. එක් ලෝකයක්, එක් භාෂාවක් (ඉංග්‍රීසි යැයි කියමු)
2. එක් ලෝකයක්, එක් පවසක් (කොකා කෝලා යැයි කියමු)
3. එක් ලෝකයක්, එක් අහරක් (මැක්ඩොනල්ඞ් යැයි කියමු)
4. එක් ලෝකයක්, එක් රාජ්‍යයක් (ලිබරල්වාදය යැයි කියමු)
5. එක් ලෝකයක්, ලෝක දර්ශනයක් (දේශසීමා නොමැති ලෝක දැක්ම, සියළු ආකාර සීමා මායිම් එනම් ආර්ථික, සංස්කෘතික දේශපාලනික හා දෘෂ්ඨිවාදාත්මක සීමා ඉවත් කිරීම)
මේ වනාහී එකට හකුලා දැමීීමයි. එනම් සෑම සියලු දේම එකට මිරිකා තෙරපාලීමයි. කැටි කරලීමයි.
පොදුවේ පිළි ගැනෙන බොහෝ නිර්වචන හකුලා දැකීම (Compression) යන වචනය මේ ක්‍රියාවලිය මතුකර දැක්වීමට භාවිතා කරයි.
‘හකුලා දැමීම’ යන්නට අනුව ගෝලීයකණය නිර්වචනය කරන්නේ නම් සංස්කෘතික විවිධත්වය යන්නේ ඉරණම කුමක් ද? එසේම මේ හකුලා දැමීම හමුවේ ඊට කොතෙක් කල් ගැලවී සිටීමට ඉඩ ලැබේ ද? ගෝලීයකරණය සමඟ අපට ගණුදෙනු බේරා ගැනීමට අවැසියයි මා අවධාරණයෙන් කියා සිටීමට නියම හේතුව මෙයයි. දැන් අප ඉදිරියේ ඇත්තේ විකල්ප දෙකකි.
1. කවර වෙහෙසක් දරා හෝ අප ස්වදේශික ප්‍රජාවන් සුරකින්නේද? සංස්කෘතික විවිධත්වය සුරකින්නේ ද ?
එසේ නැතිනම්,
2. අප ගෝලීයකරණයට සංස්කෘතික විවිධත්වයන් හකුලා දැමීමට ඉඩ හරින්නේ ද?
අපට කෙසේවත් ඉහත දෙවැන්නට බලවත් වීමට ඉඩ දිය නොහැකිය. එසේ නම් අපට ඉතිරිව ඇත්තේ එකම එක විකල්පයක්, එනම් පළමුවැන්න පමණි. ඒ කවර වෙහෙසක් දරා හෝ ස්වදේශික ප්‍රජාවන් හා සංස්කෘතික විවිධත්වය සුරැකීමයි.
ඒ කුමක් නිසාද?
ස්වදේශික ප්‍රජාවන්ට පමණක් නොව පොදුවේ මනුෂ්‍යත්වයටම මේ ගෝලීයකරණය තර්ජනයක් වන බැවිනි. එසේම එය සංස්කෘතික විවිධත්වයේ සෘජු ප්‍රතිපක්‍ෂය වන හෙයින් එය සංස්කෘතික විවිධත්වය පිළිබඳ සංකල්පයට අනර්ථකාරී වන්නේය. ගෝලීයකරණය යනු කෙසේවත් ලොව පවත්නා සංස්කෘතීන්හි විවිධත්වය පරාවර්තනය කරනා සංස්කෘතික දේදුන්නක් වෙත යොමු වන්නක් නොවේ. ඒ වෙනුවට එය වර්ධනය වන සමජාතිය ජනප්‍රිය සංස්කෘතියක (ගෝලීය සංස්කෘතිය) නැගී සිටීම පිළිබඳව සාක්‍ෂි දරයි. මේ වනාහී ජාතික / ස්වදේශික සංස්කෘතීන් කෙරේ එල්ලවන ගෝලීයකරණයේ තර්ජනයයි. (මම එය ගෝලීය තර්ජනය ලෙස හඳුන්වනු කැමැත්තෙමි.) ඒ ගෝලීයකරණය ගෝලීය සංස්කෘතියත් ස්ථාපිත කිරීමට සැලසුම් කරන හෙයිනි. එහෙයින් එය කවර ප්‍රජාවකට වුව සංස්කෘතිකමය, දේශපාලනමය, ආර්ථිකමය, දෘෂ්ඨිමය හෝ අන් කවර ආකාරයක ස්වාධීනත්වයක් ළඟා කර ගැනීමට ඉඩ නොදෙයි. ප්‍රකට ප්‍රගතිවාදී සමාජ විද්‍යාඥයෙක් වන ‘ඇන්තනී ගිඩන්ස්’ ගෝලීයකරණය පිළිබඳ තම නිර්වචනයේදී මේ අනතුර ඉස්මතු කර දක්වයි.

මෙසේ ගෝලීයකරණය යන්න, යම් ප්‍රදේශයකට සිදුවන දෙයක් ඊට සැතැපුම් බොහෝ ගණනකට එපිට සිදුවන දේවල් මගින් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් හැඩ ගැස්වෙන ආකාරයට දුරස්ථ ප්‍රදේශයන් (අපි දඹාන වැදි කලාප හෝ ඕස්ට්‍රේලියානු ආදිවාසී කලාප කියමු) එකිනෙක සම්බන්ධ කරනා ලෝක පරිමාණ සමාජය සබඳතා තීව්‍ර කිරීමක් ලෙස නිර්වචනය කළ හැකිය. ඉදින් අප ගෝලීයකරණයට අභියෝග කිරීමට හා ඊට එරෙහිව සටන් වැදීමට උපාය මාර්ග නොසකසන්නේ නම් අපට ස්වදේශික සංස්කෘතීන් සහ සංස්කෘතික විවිධත්වය සුරැකීමේ අපේ මූලික අරමුණු කරා ළගා වීමට කිසිදාක හෝ නොහැකි වනු ඇත්තේය. ගෝලීයකරණය යනු අසමතුලිත ක්‍රියාවලියක් බවත් සමාජ ව්‍යුහයන්ගේ හා සංස්කෘතික කලාපවල සිදු කෙරෙන මේ යෝධ පරිවර්තනයන්ගෙන් ලොව විවිධ ප්‍රදේශවල වෙසෙනා ජනයාට එකිනෙකට ඉතා වෙනස් ආකාරයේ බලපෑම් ඇතිවන බවත් අප අමතක නොකළ යුතුය, ඉදින් අපි ගෝලීයකරණයේ මේ නෛසර්ගික දුබලතාවයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු වෙමු. මගේ පුද්ගලික අදහස වනුයේ අපට මෙම ප්‍රජාවන්ට උපකාර කිරීමට හා ඔවුන්ගේ සංස්කෘතිය සුරැකීමට මෙන්ම ඔවුන්ගේ පරිහානිය / තුරන්වීම වලකාලීමටද, ගෝලීයකරණයේ දෘෂ්ඨිය වන ධනවාදය හා අධිරාජ්‍යවාදයේ මූලයන් හා තර්කණයන් සහමුලින්ම උදුරා දමනු පිණිස ලෝක පරිමාණ දේශපාලන ක්‍රියාමාර්ගයන් ඉදිරිපත් කිරීමටද හැකියාව තිබෙන්නේය යන්නයි.
|
Charles Gabriel Seligman
(1873 –1940) |
ප්‍රජාතන්ත්‍රවාදයේ හා නිදහස් වෙළඳපොල ව්‍යාප්තිය සමග ලෝකය ඇමරිකානුකරණයට ලක් කිරීම සමපාත කරමින්, ගෝලීයකරණයේ බරෑරුම් බව අවබෝධකොට නොගෙන ඇමරිකානු සමාජ විද්‍යා න්‍යායාචාර්ය ප්‍රැන්සිස් ෆුකුයාමා ඉතා විවෘතව ඇන්ග්ලෝ - ඇමරිකානු හරයන් හා ජීවන රටා ගෝලීය මට්ටමින් ව්‍යාප්ත කිරීම පිළිගනී. මා දකිනා ආකාරය නම් ෆුකුයාමා මනුෂ්‍ය සංස්කෘතිය කෙරෙහි අසංවේදීව සිටී. ඇමරිකානුකරණය අන් රටවල ජාතික සංස්කෘතීන්ට කෙසේ බලපානු ඇතිදැයි ඔහු කිසිදා වටහා ගත්තේ නැති. එහෙයින් ෆුකුයාමා යනු සංස්කෘතික විවිධත්වය ප්‍රවර්ධනය කරන්නන්ගේ සතුරෙකි. ස්වදේශික ප්‍රජාවන්ගේ ජීවන රටාවන් සුරක්‍ෂිත කිරීම සඳහා බුද්ධිමය මෙන්ම කායික ශ්‍රමය වගුරන අයගේ සතුරෙකි.
සමාප්තිය
දැන් අප ඉදිරියේ ඇති වැදගත් එමෙන්ම හදිසි කාර්යය වනුයේ මේ ගැටළුවෙන් මිදීමට හැකි මගක් සෙවීම සහ සංස්කෘතිකමය වශයෙන් දූෂිත වූත් , වාණිජමය වශයෙන් අභිප්‍රේරිත වූත්, ඊනියා නූතන, වඩා නිවැරදිව කියන්නේ නම් පශ්චාත් නූතන පුද්ගලයන් හා සසඳන කල්හි මේ ප්‍රජාවන් යහපත් මානව හරයන් හා ගුණයන් අත්කරගෙන හා අත්කර ගනිමින් සිටිනා හෙයින් ඔවුන් හා ඔවුන්ගේ සංස්කෘතීන් ආරක්‍ෂා කරගැනීමට උත්සාහ දැරීමයි.
මට වැටහෙන පරිදි නම් සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ මෙන්ම, මෙහි රැස්ව ඉන්නා බහුතරයකගේද අරමුණ හා ඉලක්කය වන්නේ දේශීය දේශපාලන සූරාකන්නන් හා ගෝලීය ආර්ථික හා අධිරාජ්‍යවාදී විනාශකයන් යන දෙපාර්ශවයෙන්ම ස්වදේශික සංස්කෘතීන් රැක ගැනීමට සැලසුම් සැකසීම යි. එහෙත් ස්වදේශික සංස්කෘතීන් තුරන් කරදැමීමේ ක්‍රියාවලියේ මූල හේතූන් දෙක, එනම් ස්වදේශිකයන්ට තර්ජන පවත්නා වූ රටවල අභ්‍යන්තර දේශපාලන බලපෑම්, (මම එය විශේෂිත (Specific) යනුවෙන් හඳුන්වමි) හා ගෝලීයකරණය යන කුරිරු යක්‍ෂයාගෙන් එල්ල වන බාහිර තර්ජන (මම එය විශ්ව (Universal) බලපෑම් යනුවෙන් හඳුන්වමි) පිළිබඳව අප නොසලකා හරින්නේ නම් හෝ ඒ සැහැල්ලුවට ගන්නේ නම් අපට මේ අරමුණ ලඟා කර ගත නොහැක්කේය. එහෙයින්, පරීක්‍ෂාකාරීව හා සූදානම්ව සිටිනු මැනවි.
දැන්, මට මගේ පඨිතයේ වරෙක කල සඳහන යළි සිහිපත් කරමින් මේ දෙසුම හමාර කිරීමට අවසර දෙනු මැනවි.
“අප යක්ෂයා සෙවිය යුත්තේ ඌ සිටිනා තැන මිස නොසිටිනා තැන නොවේ.”