සිංහල සාහිත්‍යයේ වර්තමාන මුහුණුවර (Facets of contemporary Sinhalese literature)
⚈ කථිකාචාර්ය චින්තක රණසිංහ - CHINTHAKA RANASINGHE
2020 ජුනි 15
2020 ජුනි 15
කවුරුත් දන්නා ආකාරයට වර්තමාන සිංහල සාහිත්‍ය සංවාදයේ ප්‍රධානතම න්‍යායික අණුව බවට පත්ව ඇත්තේ පශ්චාත් නූතනවාදය සමඟ පැමිණි මතවාදී හා නිර්මාණාත්මක මෙවලම් සමූහයයි. මෙය එක් අතකින් මතවාද පද්ධතියක් වශයෙන් විචාරයට සේවය කරන අතර අනික් අතින් නිර්මාණකරණයට ආකෘතික හා මතවාදී පදනම සපයමින් නව නිර්මාණ සාහිත්‍යයක් ගොඩ නැඟීමට සේවය කළ බව පෙනේ. ඊට සමාන්තරව විශ්ව විද්‍යාල මාධ්‍ය ජාල, ෆේස්බුක් අඩවි හා පොත් ප්‍රකාශන ජාලා ව්‍යාප්ත වූ අතර ඒවාට සරිලන නව නියෝජිතයන්ගේ ආගමනයත්, එකිනෙකා අතර අන්තර් සම්බන්ධතාවකින් යුක්ත බල රටාවකුත් නිර්මාණය වූ බව නිරීක්ෂණය කළ හැකිය. මෙම සමස්තයම නව සාහිත්‍ය කතිකාව ලෙස නාමකරණය කිරීම වරදක් නොවන අතර එම කතිකාවේ කැපී පෙනෙන තීරණාත්මක අංග මෙසේ පෙළගැස්විය හැකිය.
|
1. යථාර්ථවාදය සීමාසහිත බහුවිධ කියවීම් නොමැති, සංකීර්ණ මානසික හා පුද්ගල අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා විනිවිදිය නොහැකි පටු සාහිත්‍ය ක්‍රමවේදයක් ලෙස ඒත්තු ගන්වමින් රුසියන්, ප්‍රංශ, ඉංග්‍රීසි, වංග ප්‍රමුඛ විශ්ව සාහිත්‍යයේ විශාල භූමි ප්‍රදේශයක් තරුණ හා බාල පරපුරෙන් ඉවත් කර දැමීම.
2. ඒ වෙනුවට සංකීර්ණ, විශිෂ්ට, පරම ලේඛකයන් ලෙස ගබ්රියෙල් ගාර්සියා මාකේස්, මිලාන් කුන්දේරා, ඉසබෙල් අයියන්දේ, මාරියා වාර්ගාස් ලෝසා ආදීන් අතිවිශාල උද්යෝගයකින් හා වර්ණනාවකින් යුතුව ඉදිරියට ගෙන ඒම.
3. සාහිත්‍ය රසාස්වාදනය තුළ ගැබ්වන මූලික විභවතා දැඩි ලෙස නොසලකා හරිමින් සාහිත්‍ය ක්‍රියාවලිය න්‍යායන්ට, විශේෂයෙන්ම මනෝවිද්‍යා හා මනෝ විශ්ලේෂණ න්‍යායන්ට ලඝු කිරීම.
4. යථෝක්ත ක්‍රියාවලිය සඳහා පවතින මුද්‍රිත, විද්‍යුත් හා සයිබර් අවකාශ ඉතාමත්ම සංවිධිත හා සවිඤ්ඤාණික ලෙස තම ආධිපත්‍යයට නතු කර ගැනීම.
5. ප්‍රකාශන ආයතන පිහිටුවීම, විවිධ සම්මාන උත්සව මඟින් තමන්ට අභිමත සාහිත්‍ය කෘති සම්මානයට ලක් කරගත හැකි ආකාරයේ සම්මාන උළෙලවල් හා විනිශ්චය මණ්ඩල පිහිටුවාගැනීම.
6. ජනමාධ්‍යවල සාහිත්‍ය පිටු හා වෙනත් අවකාශ සඳහා තමන්ට පාලනය කරගත හැකි චරිත පත්කර ගැනීම හා ජනමාධ්‍ය බලයක් සහිත චරිත තමන් යටතේ පාලනය වන සම්මාන උළෙලවල විනිශ්චය මණ්ඩලවලට පත්කර ගනිමින් එම චරිත පාලනය කිරීමට සැලකිය යුතු උත්සාහයක නිරත වීම.
මේ මූලික ලක්ෂණ සහිත නව සාහිත්‍ය කතිකාවේ ප්‍රධාන පිරිස් 3ක් දැකිය හැකිය. ඒ තෙපිරිස මෙසේ පෙළ ගස්වාලමු.
1. විශ්ව විද්‍යාල ඇදුරන් හා විවිධාකාරයෙන් ආයතන වලට සම්බන්ධ නිලබල සහිත මේ විෂයයන්ට අයත් ව්‍යුහ හසුරවන පිරිස.
2. කවිය, නවකථාව වැනි සාහිත්‍යාංග නිර්මාණය කරමින් තමාම ප්‍රකාශන ආයතන පවත්වා ගනිමින් , තම මුළු කාලයම ගම්බද පාසැල් ප්‍රමුඛ අවවර්ධිත තරුණ පිරිස් සිටින ස්ථානවල සැරිසරමින් මාධ්‍යකරුවන් විවිධ වංචනික ක්‍රමවලින් තම ග්‍රහණයට ගනිමින්, තම ප්‍රකාශන ආයතන ඔස්සේ තරුණ කවියන් ග්‍රහණයට ගනිමින්, ෆේස්බුක් ජාලා ඔස්සේ තම නිර්මාණ තමාම වර්ණනා කරගනිමින් හෝ වර්ණනාවට ලක් කර ගනිමින් ක්‍රියාත්මක වන පිරිස.
3. තම සාහිත්‍ය ලැදියාවට සරිලන අදීන පෞරුෂයක් හා දැනුමක් නොමැති කමින් ඉහත කී දෙපිරිස පසුපස යමින් මතවාදීව අනාථව අසරණව සිටින පිරිස.
යථෝක්ත පිරිස් විසින් ක්‍රියාවට නංවන ලද සාහිත්‍ය කතිකාව අධම, බාල, මුග්ධ, වරදින් ගහන එකක් බව මගේ අදහසයි. එහෙත් වර්තමානයේ සිංහල සාහිත්‍යයේ ප්‍රබල හා බහුව්‍යාප්ත කතිකාව මෙය බව ප්‍රථමයෙන් පිළිගැනීමට සිදු වේ. එසේ පිළිගනිමින් එම කතිකාව මුග්ධ හා බාල එකක් වන්නේ මන්ද යන්න තර්කානුකූලව හා සවිස්තරාත්මකව විමසිය යුතුය. එසේ විමසීමේදී අප ආරම්භයේ ගෙනහැර දැක් වූ කරුණුත් දෙවනුව සඳහන් තෙපිරිස එම කරුණු ක්‍රියාත්මක කරන ආකාරයත් පිළිබඳ අන්තර් සබඳතාවල ස්වරූපය විදාරණය කරමින් සාකච්ඡා කරන්නට සිදු වේ.
මුග්ධ කතිකාවට පසුබිම සැකසුණේ කෙසේද?
මුග්ධ කතිකාව ලෙස මා මෙම කතිකාව හඳුන්වන්නේ මන්ද යන්න ප්‍රථමයෙන් පැහැදිලි කරමි. ඉන්පසු එවැනි මුග්ධත්වයක් සඳහා පසුබිම සැකසුණේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරමි. මෙම කතිකාව මුග්ධ එකක් වන්නේ අප ප්‍රථමයෙන් සඳහන් කළ එම කතිකාවේ මූලික පදනම් වැරදි හා විකෘති කරන ලද අදහස් මත නිර්මාණය වූ ඒවා නිසාය. දෙවනුව එකෙකු දෙන්නෙකු හැර මේ කතිකාව ගොඩනංවන්නන් ඉතා අඩු විෂය දැනුමකින් හා ප්‍රජාතාන්ත්‍රීය සංවාද භාවිතයකින් තොර වූ වාණිජ අරමුණුම පෙරදැරි කොටගත් ඉතා බොළඳ පිරිසක් වූ නිසාය. තවද එම කතිකාව හැසිරවූ පිරිස් තමන්ට එරෙහිව ප්‍රබුද්ධයන් වෙතින් එල්ලවූ විවේචන ජනප්‍රිය මාධ්‍ය අවකාශවලින් සියුම්ව වසංගමින් තම ආධිපත්‍යය දැනුමෙන් අඩු ළාබාල පිරිස් වෙතම පැතිරවූ නිසාය. සරලව කිවහොත් මෙම කතිකාව හසුරවන්නේ බුද්ධිමය සංවාද පිළිබඳ ආචාරධර්ම මුළුමනින්ම නොතකන පිරිසක් නිසාය.
සිංහල සාහිත්‍යය පමණක් නොව මෙරට සමාජයේ සියලුම පැතිකඩවලට බලපාන සමාජ ව්‍යුහය තුළ සිටින පරම්පරා කීපය පිළිබඳව කෙටියෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි.
පරම්පරා සහ ඔවුන්ගේ අනන්‍යතා.
ඕනෑම විෂයයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී මතවාදී ගැටුම වැදගත්ය. එම මතවාදී ගැටුම සමඟ දැඩි ලෙස බැඳී තිබෙන්නකි පරම්පරා භේදය. මෙම භේදය මඟින් චින්තනය හා ක්‍රියාකාරිත්වය තීන්දු කරන බව පෙනේ. ඒ නිසා සිංහල සාහිත්‍යය පිළිබඳ සංවාදයේ එක් පාර්ශ්වයක් හඳුනාගැනීම සඳහා මෙම භේදය හඳුනාගැනීම ඉතා වැදගත්ය. මගේ නිරීක්ෂණය අනුව අප ගනුදෙනු කරන සමාජයේ පරම්පරා කීපයකට අයත් ප්‍රජාවන් මෙසේයි. (මගේ නිරීක්ෂණ බෙහෙවින් පදනම් වන්නේ විශ්වවිද්‍යාල ගුරුවරයෙකු ලෙස තරුණ පරම්පරාවේ රුචිකත්ව හා ආකල්ප සමඟ විවිධාකාරයෙන් සම්බන්ධ වීමෙන් හා සාහිත්‍ය හා සමාජ කටයුතුවල දී විවිධ වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයන් සමඟ විවිධාකාර ගනුදෙනුවල නිරත වීමෙනි.)
1. මුද්‍රිත මාධ්‍ය හා ගුවන් විදුලි මාධ්‍ය මුල්කොට ගනිමින් ගොඩනැඟුණු මුල් පරපුර.
2. මුද්‍රිත මාධ්‍ය හා ගුවන් විදුලි මාධ්‍ය මුල්කොට ගනිමින් ගොඩනැඟුණු දෙවෙනි පරපුර.
3. මුද්‍රිත මාධ්‍ය,ගුවන් විදුලි මාධ්‍ය හා රූපවාහිනිය යන තුනම මුල්කොට ගනිමින් ගොඩනැඟුණු මුල් පරපුර.
4. මුද්‍රිත මාධ්‍ය,ගුවන් විදුලි මාධ්‍ය හා රූපවාහිනිය යන තුනම මුල්කොට ගනිමින් ගොඩනැඟුණු දෙවෙනි පරපුර.
5. රූපවාහිනිය හා මොබයිල් ෆෝන් මුල්කොටගෙන ගොඩනැඟුණු පරපුර.
6. මොබයිල් ෆෝන් පමණක් මුල්කොටගෙන ගොඩනැඟුණු පරපුර.
මෙම පරම්පරා හය දළ හා සරල බෙදීමක් බව මම පිළිගනිමි. එමෙත් මෙම බෙදීම බැහැර කළ නොහැකි අතර එහි යම් සමාජ සංස්කෘතික පදනමක් පවතින බව මගේ අදහසයි. දැන් මේ කාණ්ඩ විස්තරාත්මකව සලකා බලමු.
1.
මගේ වර්ගීකරණයට අනුව පළමු කාණ්ඩය එක්දාස් නමසිය තිහ හතළිහ කාලයේ ඉපදුණු පිරිසකි. මේ අය නිදහස ලබාගැනීම හා 56 පෙරළිය ඇසුරෙන් වැඩුණු අතර ගුවන් විදුලියටත් වඩා පුවත් පත, සඟරාව හා පොත යන මාධ්‍ය වලට මානසිකව ලොල් වන පිරිසකි. එක් අතකින් යටත් විජිතවාදී හර පද්ධතියෙන්ද අනෙක් අතින් 56 ප්‍රමුඛ දේශීය හර පද්ධතියෙන්ද සුපෝෂණය වූ මොවුහු සාහිත්‍ය කලාවන්හිදී බොහෝ නිරවුල් බසක් භාවිත කරති. එවැනි භාවිතයක් සෙස්සන්ගෙන්ද අපේක්ෂා කරති. මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට ජීවතුන් අතර නැත. ( උදා. රෙජී සිරිවර්ධන,හේමරත්න ලියනාරච්චි, සුචරිත ගම්ලත්, විනී විතාරණ) මේ අයගෙන් යම් පිරිසකට ඉංග්‍රීසි හා සිංහල හොඳින්ම වැහැරීමේ හැකියාව ඇති අතර තවත් පිරිසක් පෙරදිග භාෂා පිළිබඳව ප්‍රමුඛස්ථානයේ වැජඹෙති.
විවිධ මතවාද සංස්කෘතීන් නියෝජනය කරන නමුත් මේ පිරිස ඔවුන්ගේ පූර්ව පරම්පරාව වූ මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී.සේනානායක ආදීන් මෙන්ම බැරෑරුම් ශාස්ත්‍රීය වැඩ කරන කැප වූ පිරිසකි. වර්තමාන සාහිත්‍ය සංවාදයේ ඇති කලබගෑනිය ඔවුන්ගේ බැරෑරුම් කැපවීම්වලට කිසිසේත්ම බාධාවක් කර නොගනිමින් ඔවුහු තම දායකත්වය සපයති. (උදා. මහාචාර්ය මර්ලින් පීරිස්, පණ්ඩිත සිරි තිලකසිරි)
2.
මගේ වර්ගීකරණයට අනුව දෙවෙනි කාණ්ඩය 1950-1960 අතර උපන් පිරිසකි. මොවුන් වැඩුණේ වාමාංශික මතවාද පරම ප්‍රගතිශීලී යැයි සලකන යුගයකය. එමෙන්ම ස්වභාෂා අධ්‍යාපනය උච්ච කූඨයටම නැඟුණු යුගයකය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට හොඳ මට්ටමේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් නොලැබුණු අතර ඇතැමෙක් එය වෙර වඩා ලබාගත් බව පෙනේ. පුවත්පත් සඟරාවල සංස්කෘතික අංග වෙනුවෙන් බෙහෙවින්ම දායක වූයේ මේ පිරිසයි. පැරණි පරම්පරාව ගෞරවයෙන් අදහන ඔවුන්ට පැරණි පරම්පරාවට සාපේක්ෂව ලෝක ඥානය ලැබුණේ නැත. ඔවුහු නියමාකාරයෙන් බණ්ඩාරනායක දරුවන් යයි හැඳින්වීමේ වරදක් නොමැත. මොවුන් පසුව ටෙලිවිෂනය වෙත යොමු වූ නමුත් මොවුන්ගේ සංකල්ප ලෝකය ද බෙහෙවින් නිර්මාණය වී තිබෙන්නේ මුද්‍රිත මාධ්‍ය ඔස්සේය. මුල් පරපුරට වඩා ගුවන් විදුලියට සමීප වීම ඔවුන්ගේ විශේෂත්වයයි.
වර්තමානයේ මොවුන්ගෙන් බහුතරයක් රටේ ඉහළම නිලතල හොබවන අතර දේශීය බව හා බණ්ඩාරනායක චින්තනය (මේ චින්තනයේ මූලික හරය තීරණාත්මක අවස්ථාවල ලංකාව ලෝකයෙන් හුදෙකලා කොට සිතමින් ගැමි බව, අව්‍යාජ බව මතම තීරණ ගැනීමයි.) මුල්කොට ගෙන කටයුතු කිරීමක් ඔවුන්ගෙන් දක්නට ලැබේ.
3.
මෙම කාණ්ඩය මුද්‍රිත මාධ්‍ය, ගුවන් විදුලිය මෙන්ම රූපවාහිනිය (විශේෂයෙන් මුල්කාලීන) යන මාධ්‍ය තුනම මුල්කොට ගෙන ගොඩනැගුණු පිරිසකි. මොවුන්ගෙන් බහුතරයක් 70 දශකය තුළ උපන් පිරිසක් වන අතර ඔවුන් දරුවන් ලෙස වැඩෙන්නේ විවෘත ආර්ථිකය මෙරට පැතිරෙන, රූපවාහිනී යුගය ඇරඹෙන 80 දශකයේදීය. මෙම දශකයේදී ජවිපෙ ප්‍රමුඛ වම ජේ.ආර්.ගේ ප්‍රතිපත්ති වලට එරෙහිව ගෙනයන මතවාදී අරගලය නිසා තමන් නුදුටු පැරණි සමාජය වෙත තදබල ආශාධික හැඟීමක් මොවුන් තුළ ඇති විය. මේ යුගයේ අධ්‍යාපනය තදබල ඒකභාෂී බවකින් යුක්ත වීමත්, වම ජවිපෙ හරහා සංකල්පීයව නැගී සිටීමත් නිසා ඔවුන්ගෙන් බහුතරයක් විශේෂයෙන්ම ඔවුන්ගේ මුල් පරම්පරාව ජවිපෙ වෙත ඇදී යාමත්, 88 කැරැල්ලට විවිධාකාරයෙන් සම්බන්ධ වීමත් දැකිය හැකිය.
කෙසේ නමුත් මේ පරපුරටද විශාල වශයෙන් බලපෑම් ඇති කළේ 80 දශකයේ හා 90 දශකයේ මුල් භාගයේ පැතිරී ගිය මුද්‍රිත මාධ්‍ය නිසා පැරණි පරම්පරාවල අය ලියූ කියූ භාෂා රටා හා ඔවුන්ගේ සංස්කෘතිය වෙත සමීප වීමේ හැකියාව ඔවුන් සතු විය.
4.
මෙම කාණ්ඩය උපදින්නේ 80 දශකයේ අග භාගයේ යැයි පෙන්වා දිය හැකිය. දළ වශයෙන් 86-91 මෙහිදී නම් කිරීමේ හැකියාව පවතී. මොවුන් උපදින විට රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පැවතුණි. ඒත් මුළුමනින්ම මුද්‍රිතය විනාශ වී නොතිබූ අතර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය අතර තියුණුම තරගට ඇරඹෙන්නේ මේ පරපුර සමාජයට අවතීර්ණය වන 90 දශකයේ අග භාගයේය. කෙසේ නමුත් මේ පරපුර තම පූර්ව පරම්පරාව වන 80 දශකයේ පරම්පරාවෙන් යම් ආභාෂයක් ලබාගෙන තිබෙන බව පෙනේ. මොවුන් ඉතා තදබල විපර්යාස දෙකක ගැටුමට ලක් වූ පිරිසක් ලෙස හඳුනාගත හැකිය.
5.
මොවුන් උපදින්නේ 90 දශකය නිමා වනවාත් සමඟය. මොවුන් දරුවන් හා තරුණයන් ලෙස සමාජගත වන්නේ ජනප්‍රිය රූපවාහිනී නාලිකා සහ මොබයිල් ෆෝන් සමඟය. මුද්‍රිත දේවල් ඔවුන්ගේ ලෝකය තුළ භාවාත්මක වස්තූන් බවට පත්වූයේ ඉතා අල්ප වශයෙනි. ඔවුන්ගේ පරිකල්පනයෙන් විශාල කොටසක් නිර්මාණය කරන ලද්දේ ජනප්‍රිය රූපවාහිනී නාලිකා වැඩසටහන් මඟිනි.
මේ පිරිස බොහෝ විට සාහිත්‍ය දෙස බැලුවේ උපයෝගිතා වටිනාකමක් සහිත රූපවාහිනී තිරරචනාවලට වඩා දෙවන ස්ථානයක් හිමිකර ගන්නා වස්තුවක් වශයෙනි. ඇත්තටම ඔවුන්ට මූලික බලපෑම ලැබෙන්නේ රූපවාහිනියෙනි, තිරරචනා වලිනි. නවකතා ආදියට ඔවුන් අවතීර්ණ වන්නේ රූපවාහිනිය ඔස්සේය. එනිසා ඔවුන්ගේ පරිකල්පන ශක්තිය පවතින්නේ උසස් සම්භාව්‍ය හා හරවත් දෙයක් සමඟ ගනුදෙනුවක් නිර්මාණය කරගැනීමට නොහැකි ඉතා නරක තත්වයකය.
6.
මේ පිරිස මත මුළු ජීවිත අර්ථයම සාක්ෂාත් කරගන්නේ මොබයිල් ෆෝනය උපයෝගී කොට ගනිමිනි. සරලව කිවහොත් මේ අය ජීවත් වන්නේ මොබයිල් ෆෝනය හා ෆේස්බුක් අඩවිය මුල්කොට ගනිමිනි. ඒවා ඔස්සේ යම් කාලයකදී සාහිත්‍ය කලාවට අවතීර්ණ වූ මේ පිරිසට සම්භාව්‍ය හරවත් කෘති කියවීමේ හැකියාව බෙහෙවින් අඩු අතර තමන් විසින් නිර්මාණය කරන ලද වීරයන්ගේ කෘති හා දෙන ලද විචාරවලින්ම පමණක් සෑහීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. මේ පරපුර බොහෝ විට පශ්චාත් නූතනවාදයේ ප්‍රධාන හරය වන හොඳ නරක නිර්මාණ කෘති නැත, සම්භාව්‍ය කියා දෙයක් ශේෂ වී නැත යන අදහස දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රතිරාවය කරන්නෝය.
ඉහත වර්ගීකරණය පිළිබඳ විශේෂයෙන් සැලකිය යුතු දේ.
මෙහිදී මා අවධාරණය කළ යුත්තේ ඉහත මා සඳහන් කළ පරම්පරා බෙදීම අතිශය නිවැරදි හා මුළුමනින්ම පිළිගත යුතු මට්ටමේ ඒවා නොවන බවය. එමෙන්ම මේ පරම්පරා ගුණාංග හා හර පද්ධතීන් මේ පරම්පරාවල සියලුම දෙනා තුළ ඒ ආකාරයෙන්ම පවතින බවක් මෙයින් අදහස් නොවේ. මෙවන් පොදු තත්වයක් තිබෙන බව පමණක් මම මෙහි ලා අවධාරණය කරමි. එහෙත් මා මෙහිදී පෙන්වා දීමට උත්සාහ කරන්නේ වර්තමාන සාහිත්‍ය කතිකාව වටහාගැනීමේ දී හා එය විග්‍රහ කිරීමේ දී මෙම පරම්පරා බෙදුම හා ඔවුන් තුළ පවත්නා රුචිකත්වය කුමනාකාර වැදගත්කමක් දරන්නේද යන්න පිළිබඳවය.
දැන් මම නැවතත් ලිපියේ ආරම්භක කොටසට ගමන් කරමි. එනම් වර්තමාන සාහිත්‍ය කතිකාවේ දක්නට ලැබෙන ලක්ෂණ එම කතිකාව නියෝජනය කරන පිරිස පිළිබඳව මා මුලින් දැක්වූ අදහසයි. දැන් මා යෝජනා කරන්නේ එම කොටස් දෙක සමඟ සමාන්තර ලෙස මා සඳහන් කළ පරම්පරා බෙදීමද සම්බන්ධ වන බවයි. ඒ සියල්ලම එක සටහනක් මඟින් පෙන්නුම් කළොත් පහත ආකාරයෙන් පෙන්වා දිය හැකිය.

අප විස්තර කළ වර්තමාන සිංහල සාහිත්‍යයේ මුහුණුවර හා නූතන සාහිත්‍ය කතිකාව නිර්මාණය වන්නේ මෙම ප්‍රධාන අංග තුන අතර පවතින අන්තර් සම්බන්ධය මඟින් බව පෙනේ. එය යථා තතු වටහා ගැන්මට ඇති ගුරු යතුරකි.
සංස්කාරක සටහන
කථිකාචාර්ය චින්තක රණසිංහ අප වෙත එවා තිබූ ලිපිය පිටු 30 කින් යුත් දීර්ඝ ලිපියකි. මෙහි පළවන්නේ සිංහල සාහිත්‍යයේ වර්තමාන තත්වය ගැන ඔහු කර තිබූ මූලික විග්‍රහය පමණක් බව කරුණාවෙන් සලකන්න.