ලෝගෝ තෙරපි හෙවත් අර්ථ ගවේෂී ප්‍රතිකාරය ඔස්සේ ජීවිතයේ අර්ථය සොයා යාම සාංදෘෂ්ටික දර්ශනයේ උපදේශන හරයයි. (3 කොටස)
⚈ සම්මානිත මහාචාර්ය රෝලන්ඩ් අබේපාල - Prof. Roland Abepala
2021 ජනවාරි 28

Rolo May
|
ජීවිතයේ අර්ථය සොයා ගැනීම
රෝලෝ මේ ගේ චින්තනයේ මූලික හරය හෝ තේමාව නම් මනෝ ප්‍රතිකාරය මිනිසුන්ට තමන් ගතකරන ජීවිතයේ අර්ථය සොයා ගැනීමට උපකාරී විය යුතුය යන්නය. එසේම පුද්ගලයාගේ 'සද්භාවය' හෙතෙම අගය කළේය. එනම් මනසේ පැන නගින විවිධ අභිලාසවලින් මිදී තමන්ගේ නියම වූ සත්‍ය ස්වභාවයෙන් ම පෙනී සිටීමට පුද්ගලයාට ඇති හැකියාව මින් අදහස් කළේය. මීට අමතරව ගැටලු ගැන මෙනෙහි කරමින් ඒවා විශ්ලේෂණය කරනවාට වඩා ස්වකීය සද්භාවය අනාවරණය කර ගැනීමට උපකාරී වීම වඩා වැදගත් බව රෝලෝ මේ අදහස් කළේය. ඔහුට අනුව සත්භාවය හා සම්බන්ධ පුද්ගල ගැටලු නම් මානව සම්බන්ධතා වෙනස්වීම හා ගොඩනංවා ගැනීම, වයස්ගත වීම, රෝග ව්‍යාධිවලට මුහුණ දීම, විශේෂයෙන්ම මරණයට සූදානම් වීම හා ඊට මුහුණ දීම යනාදිය වේ. මනෝවිද්‍යා උපදේශනය සම්බන්ධයෙන් බලන විට චර්යාවාදයත්, මනෝවිශ්ලේෂණවාදයත්, සියල්ල දෛවෝපගතව සිදුවන බැවින්, පුද්ගලයාට ස්ව කැමැත්තෙන් ඒවා වෙනස් කළ නොහැකිය යන පූර්ව විනිශ්චයේ පිහිටා ඇති බව පෙනී යයි. තොන්ඩයික්, පැව්ලෝ, වොට්සන්, ස්කිනර් හා ගාත්‍රි ඇතුළු චර්යාවාදීන්ට අනුව පරිසරය ආශ්‍රිත ව පැනනගින උත්තේජන හමුවේ ප්‍රබෝධක දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගල චර්යාව සැකසේ. සිග්මන් ප්‍රොයිඩ්, කාල්යුංග්, ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්, ඇතුළු මනෝවිශ්ලේෂණවාදීන්ට අනුව මනසේ යටිහිත හෙවත් අවිඥානය මගින් පුද්ගලයා මෙහෙයවනු ලබයි. මේ අනුව මෙම ප්‍රවේශ දෙකම මනුෂ්‍යයාගේ ස්වාධීන බව හෝ ස්වච්ඡන්දතාව (Free will) නො පිළිගනී. මෙහි කිසියම් අඩුපාඩුවක් තිබෙන බව පෙනී යා යුතුය. අපේ ජීවිතයේ කතුවරයා අප විය යුතුය. |
සාංදෘෂ්ටිකවාදී එළඹුම මේ සඳහා විකල්ප ප්‍රවේශයක් විය. තමා විසින්ම තමන් ව තේරුම් ගැනීමට හැකි කමත්, තමා විසින් ම තමන් වෙනස්කර ගැනීමට හෝ පාලනය කර ගැනීමට හැකි කම ඇති බවත් සාංදෘෂ්ටිකවාදීහු විශ්වාස කරති. ෆ්‍රොයිඩ්ට අනුව අවිඥානය ඉච්ඡාභංගත්වය, ප්‍රේරණ, අතීත අත්දැකීම් යනාදී අතාර්කික ආවේගවලින් පුද්ගලයා දෛවෝපගත වී ඇත. චර්යාවදීන්ට අනුව පරිසරය, සංස්කෘතිය, ප්‍රබෝධක ප්‍රතිචාර මගින් පුද්ගලයා දෛවෝපගත වී ඇති බැවින් 'ස්වාධීනත්වය' අහිමි වී ඇත. සාංදෘෂ්ටිකවාදීන්ගේ මතය නම් එහි කිසියම් සත්‍යයක් දැකිය හැකි නමුත් අවශ්‍ය නම් මිනිසාට කවර හෝ තත්ත්වයක් යටතේ වුව ස්වාධීන විය හැකිය. "අපි බාහිර පරිසරයේ හෝ අවස්ථාවන්ගේ වහලුන් නොවෙමු. අපට අපේ නිදහස තෝරාගත හැකිය. සතුට ද වේදනාව ද හෝ ගැටලුව ද පිළියම ද යන්න අප විසින්ම තෝරා ගනී. අවසාන විග්‍රහයේදී අපි වනාහී අප විසින්ම තෝරාගනු ලැබූ දේවල ප්‍රතිඵල වෙමු.” අපගේ ජීවිතවල කතුවරුන් අපි ම වෙමු. සාංදෘෂ්ටිකවාදී දර්ශනය මානසික උපදේශනය සඳහා පිවිසෙන්නේ මෙම දෘෂ්ටියෙනි. මනුෂ්‍යයාගේ සැබැ ගැටලු පිළිබඳ මූලික අවධානය යොමු කරන එය දර්ශනවාදී මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් වශයෙන් සැලකිය යුතු වේ.
උපදේශන සේවාලාභීන් නෛසර්ගික රෝගීන් නොවේ.
වෛද්‍ය විද්‍යාවේ එන රෝග සුවකිරීමේ ආකෘතිය මානසික උපදේශනයේදී බැහැර කරනු ලබයි. මන්ද යත් උපදේශනය සඳහා එළඹෙන සේවාලාභීන් එවැනි නෛසර්ගික රෝගීන් නොවන බැවිනි. ජීවිතයෙන් විඩාවට පත්වූ හෝ ජීවිතය අවුල්කර ගත් අයවලුන් ලෙස ඔවුන් සලකනු ලබයි. සාංදෘෂ්ටිවාදී පිවිසුම අනුව ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් වඩා වැදගත් වන්නේ, නැතහොත් පළමුවෙන් ම කළ යුත්තේ තමන් සිටින තැන පෙන්වා දීමය. එසේ කිරීමේදී උපදේශකයා විසින් ජීවිතයේ වටිනාකම අර්ථය හා පැවැත්ම ගැන ගවේෂණය කිරීමට සේවාලාභියා යොමු කරනු ලබයි. මෙහිදී සේවාලාභියා තමන් විසින්ම එය තේරුම් ගැනීම වැදගත්ය. මානසික ගැටලුවක් ඇති පුද්ගලයා ජීවිතය දෙස අක්‍රීයව බලා ගැටලුව හමුවේ අක්‍රීිය වී සිටී. එය එසේම පිළිගෙන ඒ අනුව චර්යා හැඩගස්වාගෙන ජීවත් වෙයි. මෙහිදී උපදේශකවරයාගේ කාර්යභාරය විය යුත්තේ, අභියෝග හමුවේ ක්‍රියා කිරීමට තමන්ට අවශ්‍ය විසඳුම තෝරාගෙන එය ක්‍රියාත්මක කරවීමට සේවාලාභියා දිරිගැන්වීමය.
වික්ටර් ෆ්‍රැන්කල් (Viktor Frankl (1905 - 1997)

සාංදෘෂ්ටිකවාදී මානසික උපදේශනය මනෝප්‍රතිකාර ක්‍රමයක් ලෙස සංවර්ධනය කිරීමට දායකවූ වික්ටර් ෆ්‍රැන්කල් 1905 දී ඔස්ට්‍රියාවේ වියානාවල උපත ලැබීය. 1930 දී වෛද්‍ය උපාධිය ලද හෙතෙම 1949 දී වියානා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය දිනාගති. මුලදී මනෝවිශ්ලේෂණවාදයට ඇල්ම දැක්වූ වික්ටර් ෆ්‍රැන්කල්, සිග්මන් ප්‍රොයිඩ්ගේ අනුගාමිකයෙක් බවට පත්විය. ඉන් අනතුරුව සාංදෘෂ්ටිකවාදී ලේඛකයින්ගේ පොතපත කියවා හටගත් ප්‍රබෝධය හේතුකොටගෙන හෙතෙම එම දර්ශනය ආශ්‍රිත ව මනෝප්‍රතිකාර ක්‍රම ශිල්ප සංවර්ධනය කිරීමට දායක වූයේය. ෆ්‍රෙඩ්රික් නීට්ෂේ නැමැති සුප්‍රකට දාර්ශනිකයාගේ අදහස් මතවාද ෆ්‍රැන්කල්ට බෙහෙවින් බලපෑවේය. "යමක් සඳහා ජීවත්විය යුත්තේ ඇයිදැයි දන්නා පුද්ගලයාට කවර හෝ කෙසේද යන්න දරාගත හැකිය" යන නීට්ෂේගේ කියමන ෆ්‍රැන්කල් සාංදෘෂ්ටිදවාදී උපදේශනයට ආදේශ කළේය. ඉහත කී ප්‍රකාශය පහත දැක්වෙන නිදසුන මගින් පැහැදිලි කරනු ඇත.
|
Viktor Frankl
|
''මම ඉගෙනගත යුත්තේ ඇයි?
මගේ සමාජ තත්ත්වය උසස් කර ගැනීමටය.''
එය හරියට තේරුම් ගත් පුද්ගලයාට ඊළඟට එළඹෙන්නේ ' කළ යුත්තේ කෙසේද' යන්නය. එනම් Why දන්නවා නම් How දරාගත හැකිය. එනම් ජීවිතයේ අරමුණු පැහැදිලි කරගත් පුද්ගලයාට කවර හෝ තත්ත්වයක් යටතේ එම අභිප්‍රාය සාක්ෂාත් කරගත හැකිය.
නීට්ෂේගේ තවත් කියමනක් ෆ්‍රැන්කල්ට බලපෑවේය. එනම් “මා නොමරන දේ, මා ශක්තිමත් කරයි’ යන්නය. දෙවැනි ලෝක යුද්ධයේදී නාසි සිරකඳවුරක ප්‍රැන්කල් සිරගත කරනු ලැබීය. එහිදී ඔහුට කොතරම් වද වේදනා ගෙන දුන්නාද යනු '' මා මරන්නේ නැතිව නොමර නොමරා තියාගත්තා. එහි ප්‍රතිඵලය වූයේ මම ශක්තිමත් වීමයි.'' යන ඔහුගේම ප්‍රකාශයෙන් පැහැදිලි වේ. මින් ගම්‍ය වන්නේ ජීවිතයේ අභියෝග දුෂ්කර වන තරමට ඒ අත්දැකීම් පුද්ගලයෙකු වශයෙන් ඔහු ශක්තිමත් කරනු ලබන බවයි. ෆ්‍රැන්කල් නාසි සිර කඳවුරේ සිටි අවදියේ ඔහුගේ දෙමාපියන්, බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනා අමු අමුවේ මරා දමනු ලැබීය. මේ සිරකඳවුරේ ජීවිතය මිනිසුන් දුක් වේදනා විඳින වධ විඳින ආකාරය සියැසින් බලා පසක් කර ගැනීමට ෆ්‍රෑන්කල්ට හැකි විය. ජීවිතයේ අර්ථය, මනුෂ්‍යයාගේ වටිනාකම හා පැවැත්ම යන සාංදෘෂ්ටිකවාදී මූලධර්ම මෙනෙහි කරමින් ඇස් පනාපිට ඒවා යථාර්ථයෙන් තේරුම් ගැනීමට ෆ්‍රෑන්කල්ගේ රැඳවුම් කඳවුරු ජීවිතය බෙහෙවින් ඉවහල් විය.
ෆ්‍රෑන්කල් යුරෝපයේ විවිධ විශ්ව විද්‍යාලවල දේශන පැවැත්වූ අතර ඉතා දක්ෂ ලේඛකයෙක් ද විය. ඔහුගේ ඉතාම වටිනා කෘතීන් දෙකක් 1962 වසරේදී ප්‍රකාශයට පත්විය. ඒවානම්, Man's search for meaning (මිනිස් බවෙහි අර්ථ සෙවීම) හා The will to meaning (අර්ථවත් වීමේ කැමැත්ත) නම් විය. ෆ්‍රෑන්කල්ට අනුව අර්ථවත් වීමේ කැමැත්ත යනු මනුෂ්‍යයාගේ පැවැත්ම පිළිබඳ කේන්ද්‍රීය බලවේගයයි. එනම් සාංදෘෂ්ටිකවාදී චින්තනයේ හරයයි.
අර්ථය සොයා යාමේ මානව ප්‍රවණතාව
මනුෂ්‍යයා තුළ අර්ථය සොයා යාමේ සහජ ප්‍රවණතාවක් ඇත. මිනිස් මොළයට නිෂ්ඵල නිරර්ථක දේ දරාගත නොහැකිය. නිදසුන් වශයෙන් උත්තර නොඑන තර්කානුකූල නොවන විකාර ගණන් සෑදිය නොහැකිය. එසේම අර්ථ විරහිත නිරර්ථක දේවල් මතක තබාගත නොහැකිය. මේ අනුව මොළය වඩාත් අර්ථවත් දේ සොයා යයි. එය සැබැවින්ම ප්‍රායෝගික ක්‍රියාවලියකි. ෆ්‍රෑන්කල්ට අනුව වත්මන් ලොව පවත්නා ප්‍රශ්න අනුව මිනිසා සත්තාවී රික්තයක සිරවී ඇත. ඔවුන්ගේ ජීවිතවල කිසියම් හිඩැසක් හෝ අඩුවක් ඇත. සත්තාවී භාවයෙන් තොර අවස්ථාවලට මූලික හේතුව එය බව ෆ්‍රෑන්කල් දක්වයි. එනිසා, මිනිසා තම ජීවිතයේ අර්ථය තෝරාගත යුතුය. මිනිස් සබඳතාවල අර්ථය තමන්ගේම පෞද්ගලික ජීවිතයේ අර්ථය, සෞඛ්‍යමය ජීවිතයේ අර්ථය, ආර්ථිකමය ජීවිතයේ අර්ථය ආදී වශයෙන් ජීවිතයේ සෑම අංශයකම අර්ථය සුවිශේෂ වශයෙන් දැකිය යුතු වේ.
අර්ථ ගවේෂණ ප්‍රතිකාරය
Sigmund Freud
|
සිග්මන් ප්‍රොයිඩ්ගේ අවිඥානගත දෛවවාදය පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කළ වික්ටර් ෆ්‍රැන්කල් ඒ වෙනුවට නිදහස වගකීම අර්ථවත් වීම හා ජීවන හරය, සෙවීම පදනම් කරගත් ප්‍රතිකාර ක්‍රමයක් ගොඩ නැගීය. ‘ලොගෝ තෙරපි’ (Logo therapy) නමින් හැඳින් වූ එය ජීවිතයේ අර්ථය ගවේෂණය කිරීමේ අධිෂ්ඨානය අරමුණු කොට ගත්තකි. එය අර්ථ ගවේෂි ප්‍රතිකාරය නමින් හැඳින්වේ. මෙයින් අදහස් කළේ අර්ථ ගවේෂණ ප්‍රතිකාර ක්‍රමයකි. සේවාදායකයාට සිය ජීවිතයේ අර්ථය සොයා ගැනීමට සැලැස්වීම තුළින් මානසික ප්‍රතිකාරය ලබාදෙයි. මානසික ගැටලු සහිත ව පැමිණෙන සේවාදායකයන්ට බොහෝ විට තාවකාලික වශයෙන් ජීවත්වීමේ අගය නොදන්නා හෝ නොපිළිගන්නා අය වශයෙන් සැලකිය හැකිය. ෆ්‍රෑන්කල්ට අනුව ජීවත්වීමේ අගය ඔවුන්ට පහදා දුන් විට ගැටලුව නැතිවී යයි. සාංදෘෂ්ටිකවාදී උපදේශන ප්‍රතිකාරයෙන් සිදුවන්නේ නිස්සාර අර්ථ රහිත ජීවිත ගත කිරීමෙන් වෙහෙසට පත් වී ඇති වූ මානසික ගැටලු හටගත් අයට ජීවිතයේ අර්ථය හා පරමාර්ථය සොයා යාමට උපකාරී කිරීමයි. ඒ කුමන ආකාරයෙන් ද යත්, එදිනෙදා වැඩ, ජීවන කම්කටොලු, හැල හැප්පීම්, ජය ගනිමින්, ආදරය, සෙනෙහස, අන්‍යෝන්‍ය සම්බන්ධතා ආදිය තුළින් ජීවන අර්ථය සොයා යාම තුළිනි.
|
භද්දවග්ගිය කුමාරවරුන් සෝවාන් වීම
භද්දවග්ගිය කුමාරවරුන් සඳහා බුදුන් වහන්සේ අනුගමනය කළේ ද මෙවැනි ප්‍රතිකාර ක්‍රමයකි. භද්දවග්ගිය කුමාරවරු විනෝදාස්වාදය පිණිස නළඟනන් සමග උයන් කෙළි සංචාරයක නිරත වූහ. කුමාරවරු ඇඳුම් උනා තබා දියකෙළි අවස්ථාවේ එක් නළඟනක් කුමාරවරුන්ගේ අගනා වස්ත්‍රාභරණ සොරාගෙන පලා ගියාය. අනතුරුව කුමාරවරු ඒ සෙර සොයමින් යන විට බුදුන් වහන්සේ හමු වී " බඩු පොදියක් රැගෙන පලා යන ස්ත්‍රියක් දුටුවේදැ" යි විමසූහ. මෙම සංවාදයේදී බුදුන් වහන්සේ පෙරළා කුමාරවරුන්ගෙන් අසන ලද්දේ, වඩා වැදගත් ස්ත්‍රියක් සොයා යාමද ජීවිතයේ අර්ථය සොයා යාමද? යනුවෙනි. ඉක්බිති ජීවිතයේ අර්ථය සොයා යාම වඩා වැදගත් යයි කුමාරවරු පිළිගත් පසු බුදුන් වහන්සේ දෙසූ බණ අසා ඔවුහු සෝවාන් වූහ.
මානුෂික වීමේ අර්ථය
සාංදෘෂ්ටිකවාදය මුළුමනින් ම පාහේ ගොඩනැගී ඇත්තේ මානුෂික වීමේ අර්ථය අවබෝධ කර ගැනීම හෙවත් මනුෂ්‍යත්වයේ වටිනාකම හුවා දැක්වීමට යැයි කිව හැකිය. පුද්ගලයා කෙරෙහි ගෞරවය පෙරදැරිව මනුෂ්‍ය චර්යාවේ නව පැතිකඩ ගවේෂණය එහි මූලික කර්තව්‍යයකි. ඒකාකාරී හැසිරීම වෙනුවට වෙනත් අර්ථවත් හැසිරීම් ගවේෂණය කරමින් නව චර්යාවන් අනාවරණය කිරීම එමගින් සිදු විය. මනුෂ්‍ය ජීවිතයේ පැවැත්ම, ඒකාකාරී ස්ථාවර ලෙස පවතින්නක් නොවේ. එය වෙනස්වන සුළු ගතික ස්වභාවයක් දරයි. ජීවත් වීමේ දී බොහෝ විට අප විසින් කරනු ලබන්නේ නිරන්තරයෙන්ම ජීවිතය ප්‍රතිනිර්මාණය කර ගැනීමකි. දිනපතා අලුත් වැඩ, විවිධ රාජකාරී, ව්‍යාපෘති අරඹන්නේ එසේ ජීවිතය ප්‍රතිනිර්මාණය කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ අනුව අපගේ මුළු ජීවිතයම ප්‍රතිනිර්මාණ ක්‍රියාවලියකි. මේ අයුරින් මනුෂ්‍යයා නිරන්තරයෙන්ම වෙනස්වන, නිර්මාණය වන, පරිවර්තනය වන, අලුත් වන, හා පරිණත වන තත්ත්වයෙන් ජීවත්වන සත්වයෙකි.
ජීවත්වීමේ දී අප සොයන්නේ කුමක් ද? අප සොයන්නේ අපේ ජීවිත අර්ථවත් කරගත හැකි ආකාරය යි. එහි ලා අප නිරන්තරයෙන්ම අපෙන්ම විමසා ගන්නා ප්‍රශ්නාර්ථයක් නම්, මම කවුද? මම කවුරුන් වෙම්ද? මා යන මග හරිද? මේ ආකාරයෙන් මනුෂ්‍යයාගේ පැවැත්ම තුළ තල 6ක් දැකිය හැකිය. ඒවා නම්:-
1. ස්වයං සවිඥානය හෙවත් ආත්ම සවිඥානික හැකියාව
(The Capacity for self awareness)
තමා දෙසම සිහි බුද්ධියෙන් බලා තේරුම් ගැනීමේ හැකියාව මින් අදහස් කෙරේ. එනම් නිතරම තමා පිළිබඳ සතිමත්ව, සිහියෙන් යුක්තව, තමාගේ සිතිවිලි, චේතනා හා හැඟුම් හඳුනාගෙන ඒ තුළින් තමා පිළිබඳ අවබෝධ කර ගැනීමයි. එසේ තමා අවබෝධ කර ගැනීමත් සමගම පුද්ගලයා තව තවත් නිදහස් ස්වාධීන බවට පත් වේ. එසේම ආත්ම සවිඥානය හේතු කොට ගෙන ජීවිතයේ ගැඹුර පෙනී යන නිසා පරිපූර්ණ ලෙස ජීවත්වීමේ හැකියාව ද වර්ධනය වේ.
තමා කවුරුන්දැයි අවබෝධ කරගන්නා තුරු පුද්ගලයා ජීවත් වන්නේ අන්ධයකු මෙනි. එහි ප්‍රතිඵලය වන්නේ බාහිර බලවේගවලට යටත් වීමය. පුද්ගලයාගේ නිදහස සෙවීම ඇරඹෙන්නේ තමා කවුරුන්දැයි අවබෝධ කර ගැනීම තුළිනි. ආත්ම අවබෝධය පුළුල් හා ගැඹුරු වීමත් සමග පූර්ණ ව ජීවත් වීමේ හැකියාව ද වර්ධනය වේ. ජීවිතය කෙටිය, අපේ පැවැත්ම තාවකාලික ය යන්න මෙහිදී පුද්ගලයාට අවබෝධ වේ. එසේම යමක් පිළිබඳ ක්‍රියා කළ යුතු ද නැද්ද කළ යුත්තේ නම් ඒ කුමන ආකාරයෙන් ද යනාදී වශයෙන් තම තමන්ට අදාළ වන ක්‍රියාකාරකම් පුද්ගලයාට තෝරාගත හැකිය. මෙසේ තම චර්යාවන් තමා විසින් ම තෝරාගැනීම තුළින් තමාගේ දෛවය තමා විසින්ම නිර්මාණය කරයි. මෙලෙස ජීවිතයේ අර්ථය ආත්ම ගවේෂණය තුළින් සොයාගත යුත්තකි.
ජීවන කාංසාව(භව කාංසාව)
මනුෂ්‍ය ස්වභාවය අනුව පුද්ගලයා තම ජීවිතයට සීමා පනවා ගනියි. තමන්ට උවමනා හැම දෙයක්ම කළ නොහැකි වෙයි. එසේම හුදෙකලා බව, නිස්සාර බව, හිස් බව, වැරදිකාර හැඟීම්, පරාරෝපණය වැනි අපගමන පෞරුෂ ලක්ෂණ හේතු කොට ගෙන පුද්ගලයා තුළ ජීවන කාංසාව ජනිත වෙයි. මෙය භව කාංසාව යනුවෙන් ද සඳහන් කළ හැකිය. සාංදෘෂ්ටිවාදය අනුව ජීවන කාංසාව අපේ ජීවිත සමග බැඳුණු ඉන් වෙනස් කළ නොහැකි තත්ත්වයකි. මෙම ජීවන කාංසාව වැදගත් වන්නේ ඉන් මිදීම සඳහා ජීවිතයේ අර්ථය සොයා යන ලෙස එමගින් පුද්ගලයා අභිප්‍රේරණය කරන බැවිනි. නිදසුන් වශයෙන් ජීවිතයේ උපරිම සැප සම්පත් අනුභව කළ සිද්ධාර්ථ කුමාරයා පවා ගිහි ජීවිතය අතහැර යාමට පොලඹවන ලද්දේ මෙම ජීවන කාංසාව මගිනි. හැමදේම තිබුණත් ජීවිතය නිරර්ථක බව ඔහුට පෙනී යන්නට ඇත. විමුක්තිය සොයා යාමේ අදහසට සිදුහත් කුමරු පොලඹවන ලද්දේ ජීවන හෙවත් භව කාංසාව මගිනි.
භව රික්තය
සමහරුන්ගේ ජීවිතවලට අර්ථකථන හෝ නිර්වචන දෙන්නේ වෙනත් අය විසිනි. තමන්ට යම් කිසිවක් පුළුවන්ද බැරිද යන්න පවා තීරණය කරවන්නේ වෙනත් අය විසිනි. එම පුද්ගලයන්ගේ දුර්වල පැවැත්ම හෝ අපගාමී පෞරුෂ ලක්ෂණ නිසා මෙසේ අන්‍ය පුද්ගලයින් මත යැපෙන්නට සිදු වෙයි. සාංදෘෂ්ටිකවාදීන් මෙය පරාරෝපණය යනුවෙන් හැඳින්වීය. එසේම තවත් සමහරු තමන්ගේ ජීවිතය තුළ තමන් ම හිරකාරයෙක් වී සිටිති. තමන්ට කරන්න බෑ, දියුණු වෙන්න බෑ, හිතන්න බෑ ආදී වශයෙන් සීමා පනවා ගනී. මෙයද අපගාමී ලක්ෂණයකි. මෙයින් සිදුවන්නේ සාංදෘෂ්ටික භව රික්තය තව තවත් වැඩිවීමයි.
සාංදෘෂ්ටිකවාදීන්ට අනුව මිනිසා තුළ උපතින් ම සිදුරක් පවතී. එසේ වන්නේ ලොව යථාර්ථය තේරුම් ගත නොහැකි වීමෙනි. මෙම භව රික්තය හෙවත් ආධ්‍යාත්මික සිදුර හටගන්නේ පුද්ගලයා සිය ආධ්‍යාත්මික ජීවිතය දියුණු කර නොගන්නා බැවිනි. ලොව පවතින සැබෑ තත්ත්වය හරිහැටි තේරුම් නොගැනීමෙන් මෙම ආධ්‍යාත්මික හිඩැස ලොකු වේ. ඔවුන්ට අනුව මිනිසා දුක් විඳින්නේ අධ්‍යාත්මික ලෝකය ගැන අවබෝධයක් නැතිකම හේතුවෙනි. ලෝකයේ පැවැත්ම, ජීවිතයේ පැවැත්ම හා එහි අර්ථය ජීවත්වීම මරණය හා නොපැවැත්ම වැනි ධර්මතා පිළිබඳ අවබෝධය අඩුවීමත් සමග ආධ්‍යාත්මික සිදුර විශාල වේ. එය කුඩා කර ගත හැක්කේ ආධ්‍යාත්මික ලෝකය ගැන අවබෝධය වැඩි කර ගැනීමෙනි. ආධ්‍යාත්මික සිදුර අඩුකර ගත් පමණට මිනිසාට යහපත් විය හැකිය. මේ සිදුර මුළුමනින්ම වසා දැමිය හැකි නම් මිනිසාට මුනිවරයකු හෝ විය හැකිය. එසේ කළ හැක්කේ ආධ්‍යාත්මික ලෝකය දියුණු කර ගැනීමෙන් පමණි.
2. නිදහස හා වගකීම
Freedom & Responsibility)
මෙහි නිදහස යනු තෝරා ගැනීමේ නිදහසයි. එනම් තමාගේ ජීවිතය තම අනාගතය තමා විසින් ම තෝරා ගත යුතුය. එසේ නිවැරදි ව තෝරා ගත්තේ නම් නිදහස් ජීවිතයක් ගත කළ හැකිය. එසේම සෑම තෝරා ගැනීමක් සමග ම වගකීමක් ද දැරීමට සිදුවනු ඇත. එසේ තමාගේ තෝරා ගැනීම හෙවත් තම ජීවිතයට වගකීමට බැඳීම යහපත් ලක්ෂණයකි. තමා වෙනුවෙන් හරි දේ තෝරා නොගැනීම තම වරදකි.
සාංදෘෂ්ටික වරද පිළිබඳ හැඟීම දෙයාකාරයකින් සිදුවිය හැකිය. කාර්යබද්ධ වරදකාරීත්වය ඉන් එකකි. එනම් සමාජයේ පවතින නීති රීතීවලට පටහැනි ව කටයුතු කිරීමෙන් ඇතිවන වරදකාරී හැඟීමයි. නිදසුන් වශයෙන් අන්සතු දෙයක් සොරකම් කිරීමෙන් ඇතිවන වරදකාරීත්වයයි. දෙවැන්න නම් තමාගේ මානසික ලෝකය තුළ තම අභිලාෂයට එරෙහිව කටයුතු කිරීමෙන් ඇති වන ස්වයං වරදකාරීත්වයයි. ඇතැමුන් තම තෝරා ගැනීමේ වගකීම නොදරයි. එයද අපගාමී ලක්ෂණයකි. එසේ වගකීම් නොදරන අය වැරදි සහගත හැඟීමෙන් පෙළෙයි. ඔවුහු ව්‍යාජ සමාව ඉල්ලති. මෙය සාංදෘෂ්ටික වරදකාරී බව හෙවත් භව සාවද්‍යතාව යනුවෙන් හැඳින්වේ.
සාංදෘෂ්ටික වරදකාරී බව
නිවැරදි දේ තෝරා නොගැනීමෙන් ඇති වන දෝෂාරෝපණය භව සාවද්‍යතාව නම් වේ. විරාගයේ අරවින්දට පෙම් කළ සරෝජිනි තෝරා නොගැනීමේ භව සාවද්‍යතාව හෙතෙම පසුකල සිය ජීවිතයෙන් වන්දි ගෙවීය. එසේම ගම්පෙරළියේ මහගෙදර බෑනනුවන් ලෙස පියල් ප්‍රතික්ෂේප කරමින් ජිනදාස තෝරාගැනීමද නිවැරදි තෝරාගැනීමක් නොවීය. ඔබත් ජීවිතයේ වැරදි සහගත තෝරා ගැනීම්වලට පසුතැවී හෝ වන්දි ගෙව්වා නොවේද? ෆ්‍රැන්කල් පවසන්නේ නම්, ඇතැම් විට තමන් මුහුණපාන තත්ත්වයන් තමන්ට ම පාලනය කරගත නොහැකි නමුදු ඒවාට මානසික ව යට වෙනවා ද? නැද්ද යන්න තමාට තීරණය කළ හැකිය. නිදසුන් වශයෙන් නාසි වධකාගාරයක දෑවුරුදු දහ දුක් විඳීම ෆ්‍රැන්කල්ට වළක්වා ගත නොහැකි වුවද එහිදී මානසික වශයෙන් බිඳ වැටීම වළක්වා ගැනීමට ඔහුට හැකි විය.
මානසික උපදේශනය පතා එන අය නිදහස, වගකීම, නොයෙක් ආකාරයෙන් පැහැර හැරීම හා සාවද්‍ය ලෙස පරිහරණය කළ අය බව පෙනී යයි. සාංදෘෂ්ටිකවාදී ප්‍රවේශයෙන් එබඳු අයට උපදේශනය දෙන්නේ නම් කළ යුතු වන්නේ ඔවුන්ගේ නිදහස හා වගකීම පිළිබඳ සම්ප්‍රජානනය සවිඥානගත කිරීමය.
3. ස්ව අනන්‍යතාව හා අන්‍යයන්ට සම්බන්ධ වීම සඳහා දරන ප්‍රොත්සාහය
(Striving for Identity and relations to others)
සෑම පුද්ගලයෙක්ම ස්වකීය අනන්‍යතාවෙන් යුතු ව ජීවත් වීම අවශ්‍ය වේ. එහෙත් විවිධ මානසික ප්‍රශ්න, ගැටලු මතුවීම, නිසා ස්වකීය අනන්‍යතාව දෙදරා යයි. මා කවුද? යනාදී වශයෙන් තමා විසින් තම අනන්‍යතාව හෙවත් තමා පිළිබඳ සත්‍ය ස්වභාවය සොයා ගැනීම අවශ්‍ය වේ. මේ සඳහා ආත්ම ගවේෂණයක යෙදීම අවශ්‍ය වේ. පුද්ගලයා පරාරෝපණයෙන් මිදෙන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
මෙහිදී පුද්ගලයා යථාර්ථවාදී විය යුතු වේ. ආත්ම සංකල්පය හා යථාර්ථවාදී බව අතර ගැළපීමක් ඇති කර ගත යුතු වේ. මේ දෙක අතර ගැළපීම වැඩි වන තරමට පුද්ගල පෞරුෂය ප්‍රබල වන අතර ගැළපීම අඩු වන්නට වන්නට ජීවිතය අවුල් සහගත වේ. මෙවැනි මානසික ප්‍රශ්නවලින් පෙළෙන අයට සාංදෘෂ්ටිකවාදී උපදේශනයේදී තමා තුළ හරයක් නැත යන්න වෙනුවට හරයක් ඇත යන්න ආරෝපණය කළ යුතුවේ. පුද්ගලයාගේ නැති වී ගිය ස්ව අනන්‍යතාව නැවත ගොඩනගා ගැනීමට උදව් කිරීම උපදේශකවරයාගේ කාර්යභාරය විය යුතු වේ.
අංගුලිමාල එසේ ස්ව-අනන්‍යතාව නැති කර ගත් අයෙකි. අහිංසක ජීවිතයක් ගත කළ ඬඬඅහිංසකඬඬ නම් වූ හෙතෙම මාරක ගුරු පක්‍ෂුරක් පුදන්න වී පරාරෝපණයට පත් විය. අන්‍යයන් විසින් පාලනය කරන්නෙකු බවට පත්විය. ඔහුට ප්‍රතිකාර කිරීමේදී බුදුන් වහන්සේ අනුගමනය කරන ලද්දේ තමා කවුරුන්ද යන්න පසක් කර දීමය. අවසානයේ දී හෙතෙම ස්ව අනන්‍යතාව නැවත ගොඩ නගාගති.
4. ජීවිතයේ අර්ථය සොයා යාම
(The search for meaning)
ජීවිතයේ අර්ථය, පරමාර්ථය, හරය හෝ නිෂ්ඨාව සොයා යාම මින් අදහස් කෙරේ. මා මේ සිටින්නේ කොතැනද? මා මෙතැන සිටින්නේ ඇයි? ජීවිතයේ මගේ උරුමය කුමක් ද? මට අයිති මුලාශ්‍ර කවරේද? ආදී වශයෙන් පුද්ගලයා තම ජීවිතයේ අර්ථය සොයා ගත යුතුය. අර්ථයක් නොපෙනීම හෝ නොදැනීම නිසා ඇතිවන වික්ෂිප්තභාවයට පුද්ගලයා මුහුණ දෙයි. සිදුහත් කුමරුද එසේ ජීවිතයේ අර්ථය සොයා ගිය කෙනෙකි. පැරණි සිරිත හෝ මතවාදය හෝ අතහරින්න කියා හුදු උපදෙස් දීමෙන් පලක් නැත. පැරණි දේ අතහරින්න කියනවා නම් අලුත් දෙයක් හෝ ඊට වඩා හරවත් යමක් හඳුන්වා දිය යුතුවේ.
වත්මන් පුද්ගලයාට ජීවත්වීමේ ඉඩ ප්‍රස්තා හා මං පෙත් බොහෝමයක් උපචිතව පවතී. එසේ වුවද තමන් ජීවත්විය යුත්තේ කවරක් සඳහා දැයි බොහෝ දෙනාට පැහැදිලි අර්ථයක් හෝ අරමුණක් නොමැත. මේ නිසා ජීවිතයේ අරුත් සුන් බව හෙවත් නිරර්ථක බව වර්තමානයේ ඛේදවාචකයක් බවට පත් වී ඇත. මේ නිරර්ථක බව ෆ්‍රැන්කල් හඳුන්වා දෙන්නේ භව රික්තයක් වශයෙනි. පුද්ගලයාට නිරතවීමට තරම් අර්ථවත් කාර්යයක් නොවන විට ඔහු එකී භව රික්තය අත්දකී.
තමා තුළ හරයක් නැත යන හැඟීමෙන් පෙළීම හේතුකොට ගෙන භව රික්තය හෙවත් ආධ්‍යාත්මික හිඩැස හට ගනී. සාංදෘෂ්ටිකවාදීන්ට අනුව සෑම මානසික රෝගියෙක් ම මෙවැනි අධ්‍යාත්මික රික්තයකින් පෙළෙයි. ෆ්‍රැන්කල් හඳුන්වා දුන් ලොගෝ තෙරපි (Logo therapy) එවැනි භව රික්තයෙන් පෙළෙන අයට ජීවිතයේ නව අර්ථ සොයා ගැනීමට හා නිර්මාණය කර ගැනීමට උපකාර කිරීමකි. ලෝගෝ තෙරපි යන්නට අර්ථ ගවේෂණය ප්‍රතිකාරය හෙවත් අර්ථ ගවේෂී ප්‍රතිකාර යනුවෙන් හඳුන්වන්නේ මෙම හේතුවෙනි.
5. කාංසාව ජීවන තත්ත්වයක් වශයෙන්
(Anxiety as a condition of living)
සාංදෘෂ්ටිකවාදීන්ට අනුව කාංසාව ජීවන තත්ත්වයක් වශයෙන් හෙවත් ජීවන කාංසාව ගැන සලකා බලන විට එය ජීවත්වීම සඳහා පුද්ගලයාට අත්‍යවශ්‍ය වන මානසික පීඩන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. එය පුද්ගල සංවර්ධනයට අවශ්‍ය වේ. අන් ලෙස පවසන්නේ නම් එය මර්දනය නොකළ යුතු වේ. වර්ධනය වීමෙන් සාක්ෂාත් කර ගැනීමට ඉඩ නොදී මර්දනය කළහොත් එය ස්නායු ගත කාංසාව බවට පරිවර්තනය විය හැකිය. (මනෝවිශ්ලේෂණ න්‍යායයෙන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් හඳුන්වා දෙන ලද කාංසාව ස්නායුගත නියුරෝසියා තත්ත්වයකි. එනම් ඉඩ් හා ඊගෝ ගැටීමෙන් ඇතිවන ඝර්ෂණයයි. එකී ස්නායුමය කාංසාව අඩු කළ යුත්තකි.) මේ අනුව සාංදෘෂ්ටිකවාදීන් හඳුන්වා දුන් භව කාංසාව නිර්මාණශීලි වන අතර ජීවිතය ගොඩනගා ගැනීමට, අර්ථ ගවේෂී වීමට එයින් පුද්ගලයා අභිප්‍රේරණය කරනු ලබයි. එය ඵලදායි පැත්තට හැරවිය යුත්තකි. එසේ නොවී එය මර්දනය කරන්නට යාමෙන් ප්‍රොයිඩ්වාදී නියුරෝසියා කාංසාව බවට පරිවර්තනය විය හැකිය. එය නම් අනතුරුදායක තත්ත්වයකි.
6. මරණය හා නොපැවැත්ම පිළිබඳ සවිඥානය
(Awareness of death and nonbeing)
මහා ව්‍යසනයක්, ඛේදවාචකයක්, හෝ දුඃඛදායක සිදුවීමක් ලෙස ඍණාත්මක සංසිද්ධියක් ලෙස මරණය දෙස බලන්නට පුරුදු වී සිටි අයට, එය ජීවිතයේ සාමාන්‍ය හා මූලික එසේම ධනාත්මක තත්ත්වයක් ලෙස අර්ථකථනය කිරීම සාංදෘෂ්ටිකවාදී මූලධර්මයකි. මරණය ගැන අවධානය යොමු නොකිරීම, කතා නොකිරීම, නොසිතීම, හා එහි යථාර්ථයට මුහුණ නොදී මඟ හැරීමෙන් සිදුවන්නේ මරණයේ බියසුලු බව වැඩි වීමය. මරණය නියතය, වැළැක්විය නොහැකිය යන්න මෙනෙහි කරන විට අද හෙවත් වත්මන් ජීවිතයේ වටිනාකම වැඩිවන බව සාංදෘෂ්ටිකවාදී අදහස වේ. එනම් හැමෝම මැරෙන නිසා ජීවත්ව සිටින්නා අද දවසේ අර්ථවත් ලෙස වැඩදායක ලෙස ජීවත්විය යුතුය යන්න ඉන් ගම්‍යමාන වේ. මේ අනුව ජීවිතය හා මරණය අතර අන්‍යෝන්‍ය යැපීමක් සිදුවේ. එනම් වර්තමාන ජීවිතය අර්ථවත් ලෙස ගත කළේ නම් මරණය යහපතකි. එසේම මරණය යහපත් වූයේ නම් ගත කළ ජීවිතය අර්ථවත් වී ඇත. මේ අනුව මරණය දෙස ධනාත්මකව හා නිර්මාණාත්මක ලෙස බැලීමෙන් සාංදෘෂ්ටිකවාදීහු මේ දෙකම අර්ථවත් ලෙස දකිති. "අප්පමාදෝ අමතපදං- පමාදෝ මච්චුනෝ පදං" යන බුදු වදනින් ද මේ යථාර්ථය ධ්වනිත වේ.
⚈ මිනිස් ජීවිතයට වටිනාකමක් නැති සමාජයක ජිවත්වනු කුමට ?
(සාංදෘෂ්ටික දර්ශනය; 1කොටස)
⚈ මිනිසා පරාරෝපණයෙන් මුදා චින්තනය බලවන්ත කරවන මනෝචිකිත්සාවකි.
(සාංදෘෂ්ටික දර්ශනය; 2කොටස)
⚈ ලෝගෝ තෙරපි: ජීවිතයේ අර්ථය සොයා යාම
(සාංදෘෂ්ටික දර්ශනය-3)