නූතන සිංහල සාහිත්‍ය විචාරය පශ්චාත් නූතන පාදඩකරණයට ලක් වූයේ කෙසේද ?
මේ ලිපියෙන් මා අපේක්ෂා කරන්නේ නූතන සිංහල සාහිත්‍ය විචාරය පිළිබඳ කෙටි සාකච්ඡාවක නිරත වීමයි. මා සිතන ආකාරයට නූතන සිංහල සාහිත්‍ය විචාරය යනු කිහිපදෙනකු විසින් පාළු ගෙයක වළං බිඳීමක් වැනි නිරර්ථක අභියෝග විරහිත කාර්යයකි. මේ කාර්යයෙන් මූලික කාරණා දෙකක් ඉටුවෙමින් පවතී.
මින් පළමු කරුණ රටේ සාහිත්‍ය කතිකාව කෙරෙහි එතරම් අහිතකර බලපෑමක් එල්ල නොකරයි. මක්නිසාද යත්, බොල් ප්‍රතිරූප නිර්මාණය වීම සමාජ මාධ්‍ය ප්‍රසාරණය වූ මෙවන් යුගයක වැළැක්විය නොහැකි සාධකයක් වන බැවිනි. එහෙත් දෙවන කාරණය විසින් සාහිත්‍ය ක්ෂේත්‍රයට විශාල ඛේදවාචකයක් උදාකරයි. මක්නිසාදයත්, මෙම බාලයන් රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම සාහිත්‍ය කතිකාව සමග සම්බන්ධ වන බැවිනි. ඔවුන්ගේ මැදිහත්වීම සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට නොයෙක් ආකාරයේ අනාගත බලපෑම් එල්ල කරන බැවිනි. |
එනිසා, මෙම කතිකාවේ න්‍යායාත්මක පාර්ශවය මෙන්ම ප්‍රායෝගික පාර්ශවයද පිළිබඳ සාකච්ඡා කරමින් ම් ප්‍රතිවිචාර කතිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බව අපගේ අදහසයි. මේ ලිපියෙන් එම කාර්යය ඉටු කිරීම බලාපොරොත්තු
වෙමු.
න්‍යායාත්මක පාර්ශ්වය
වර්තමාන සිංහල සාහිත්‍යයේ විචාර සංවාදයක් නොපෙනෙන අතර බෙහෙවින්ම දක්නට ඇත්තේ පශ්චාත් නුතනවාදී වචන හා සංකල්ප අවිධිමත් ලෙස උපුටා ගනිමින් සිදු කෙරෙන හෙළා දැකීම් හා වර්ණනා කිරීම් ය. මේ සඳහා උපයෝගී කරගන්නා න්‍යාය පද්ධතීන් මේ පහත සංරචක වලින් සමන්විත වන බව පෙනේ.
1. ව්‍යුහවාදය
2. පශ්චාත් ව්‍යුහවාදය
3. මනෝ විශ්ලේෂණය
4. පශ්චාත් යටත්විජිතවාදය
5. ස්ත්‍රීවාදය
6. සංඥාර්ථවේදය
මෙම මතවාදය එකිනෙක වරින් වර වාක්‍ය කීපය බැගින් ගෙන තමන්ට මතු කිරීමට අවශ්‍ය පොත් ඉස්මතු කිරීමත්, මෙම මතවාද කෘතිය සමග ප්‍රතිබද්ධ කරගනිමින් කතා කිරීම වෙනුවට තම දැනුම ප්‍රදර්ශනය කිරීම සඳහා ව්‍යාජ විචාරයක නිරතවීමක් මෙහිදී දැකිය හැකිය.
මේ අනුව මේ විචාර කතිකාව අනුව ‘සාහිත්‍යමය අංශය’ නමැති සාහිත්‍ය කෘතියක් අගය කිරීමේ මූලික සංකල්පය පිළිබඳ කිසිදු උත්සාහයක් නොමැත. එසේ අවශ්‍ය යැයි ද සිතන්නේ නැත. ඒ වෙනුවට මෙම විචාරකයන් විමසා බලන්නේ කෘතිවල පවතින චරිත වල මනෝවිශ්ලේෂණය තමා දන්නා මනෝවිශ්ලේෂණාත්මක විග්‍රහ සඳහා යොදා ගත හැකිද? තමා කැමති පශ්චාත් යටත් විජිතවාදී අදහස් මෙහි චරිතවලින් කියවා ගත හැකිද? තමා යම් දුරකට ප්‍රගුණ කළ ව්‍යුහවාදී බෙදීම් මෙම කෘති ඔස්සේ නිරූපණය වී ඇත්තේ කෙසේද වැනි සාධකයි. පශ්චාත් නූතනවාදය සමස්ත පරපුරක් විනාශ කළා යැයි කැමිලියා පාග්ලියා ප්‍රකාශ කර ඇත්තේ මෙබදු නිරර්ථක අදහස් මුල් කොට ගනිමින් විය හැකිය. මේ වන විට දියුණු ලෝකය මෙම බොල් බව ගැන ප්‍රති සාකච්ඡාවක් අරඹා ඇති අතර ලංකාවේ බාලයා පමණක් තවමත් මෙම පශ්චාත්-නූතන දේව භාෂිතය අදහමින් තම රසඥතාවය විනාශ කරගනිමින් සිටින බව පෙනේ. මෙම දැනුම් පද්ධතිය දේව රහසක් බවත් මෙය තම මැජික් පෙට්ටියේ පමණක් ඇති බවත් පසුගිය කාලයේ බොහෝ විචාරක සක්විත්තන් කෑ මොර දුන්නත් දැන් එම තත්ත්වය වෙනස් වී ඇති බව පෙනේ. දැනුම යනු සුලබ දෙයකි. එහෙත් ගැටලුව ඇත්තේ දැනුම ලබාගැනීම පිළිබඳ නොව ඒ මත පදනම්ව විචාර න්‍යාය ගොඩනඟා ගැනීම පිළිබඳවය.
සාහිත්‍ය කෘතියක් විවේචනය කිරීම සඳහා පමණක් නොව යම් ආකාරයකින් රසවිඳීම සඳහා ද විවිධ විෂයන් ගැන දැනුමක් තිබීම අතිශයින් ම වැදගත් ය. එහෙත් සාහිත්‍ය රස විඳීමේදී ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ භාවාත්මක කම්පනයයි. භාව මණ්ඩලය තුළ අව්‍යාජ කම්පනයක් ලබාගැනීමේ හැකියාව නොමැත්තා ඉදිරියේ කෘතියක් මුළුමනින්ම ගඩොල් ගොඩක් වැනි තත්ත්වයකට පත් වේ. එය වැළැක්විය නොහැකි ය. ඒ නිසා දැනුම යනු සාහිත්‍ය විචාරයේ දී භාවාත්මක කම්පනයට පසුපසින් තිබෙන භාවාත්මක කම්පනයකින් තොරව යොදා නොගත යුතු දෙයක් යැයි මගේ අදහසයි. සාහිත්‍ය කෘති රසාස්වාදනය හා විචාරය පිළිබඳ ඓතිහාසික තත්වය විමසා බැලීමේදී පෙනී යන්නේ සෑම යුගයකම එම ක්‍රියාවලියේ ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ සාහිත්‍ය කෘතියට බවයි. ඇරිස්ටෝටල් කෘතිය මුල්කරගෙන න්‍යාය විස්තාරණය කරන අතර භරතමුණි කෘතියේ විවිධ අංගෝපාංග ගැන දිගින් දිගටම පවසන්නේ මේ නිසාය. එහෙත් වර්තමාන සාහිත්‍ය විචාර ක්‍රියාවලිය තුළ සාහිත්‍ය කෘතිය වෙනුවට ඉස්මතු වී ඇත්තේ කෘතිය නොව න්‍යාය වන අතර කෘතිය දෙවන තැනට ඇතැම් විට තුන්වන තැනට ඇද වැටී තිබේ. මෙය සාහිත්‍ය නම් විෂයය පැත්තෙන් ගෙන බලන විට පසුගාමී තත්වයකි. බරපතල ඛේදවාචකයකි. එමෙන්ම එය තිබිය යුතු ස්ථානයෙන් බලහත්කාරී ලෙස ඇද දමා අවතක්සේරුවකට ලක් කිරීමකි.

මෙයට ප්‍රධාන න්‍යායාත්මක කාරණය ලෙස පෙනී යන්නේ සාහිත්‍ය යනු රසවින්දනාත්මක ප්‍රපංචයක් යන අදහස පසෙක ලා සාහිත්‍ය යනු සාහිත්‍යයට වඩා ඉහළින් සලකන දෙයක් විසින් විශ්ලේෂණය කළ යුතු විෂයක් ලෙස දැකීමය. ඒ අනුව සාහිත්‍යයට වඩා වටින්නේ දැනුම සහ න්‍යායයි. එම න්‍යාය විසින් සාහිත්‍යය විශ්ලේෂණය කළ යුතු අතර එම විශ්ලේෂණය සිදු කරන්නේ සාහිත්‍යයට ප්‍රමුඛත්වය ලබා දෙමින් නොව යොදා ගන්නා දැනුමට ප්‍රමුඛත්වය ලබා දෙමිනි.
මෙම තත්ත්වය විශ්ලේෂණය කරමින් එක් වර්තමාන විචාරකයෙක් මෙසේ පවසයි.
මනෝ විශ්ලේෂණය පමණක් ඉස්මතු කරන, එය අධිනිශ්චය කරන විචාරකයන් සාහිත්‍ය සලකන්නේ මනෝවිශ්ලේෂණයේ කීර්තියක් එහි බලයත් වෙත ඉදිරිපත් කෙරෙන සබඳතාවයක් ලෙසයි. සාහිත්‍ය භාෂා සමුච්චයක් ලෙස සලකනු ලබන අතර අර්ථකථනයට නියමිතය. මනෝ විශ්ලේෂණය දැනුම් සමුච්චයක් ලෙස සලකනු ලබයි. එහි ඇති කාර්යක්ෂමතාව විශ්ලේෂණයට ලක් කළ යුතුව ඇත. වෙනත් වචන වලින් කිවහොත් මනෝවිශ්ලේෂණය කිසියම් විෂයක තැන හොබවයි. සාහිත්‍යයේ කාර්යභාරය වනුයේ වහලාගේ කාර්ය භාරය හා සමානව, මනෝවිශ්ලේෂණ න්‍යායේ අභිලාෂයට සේවය කිරීමය.
(Shoshan Felman සංස්කරණය කළ Literature and Psychoanalysis The Question of Reading Otherwise’ නම් කෘතියෙනි.)
සාහිත්‍ය වහලාගේ තත්ත්වයට පත් කිරීමත් සමඟ රසාස්වාදනය හා ඒ හා බැඳුණු භාව ලෝකය සාහිත්‍ය අධ්‍යයනයෙන් ක්‍රමයෙන් ඉවත් වී ගිය අතර දැනුම හා න්‍යාය සාහිත්‍යය වෙනුවට ආදේශ වූ බව පෙනේ.
සිංහල සාහිත්‍ය කතිකාව තුළ ද මෙම තත්ත්වය විශාල වශයෙන් සිදු වූ අතර එම ප්‍රවණතාවේ ප්‍රමුඛයකු වූයේ සමන් වික්‍රමාරච්චි ය. ඔහු ඇතුළු එවැනි විචාරකයන් රසඥතාවය හා වින්දනය මුළුමනින්ම විනාශ කිරීමක නිරත වූ බවත් ඔවුන් ඉහත ලිපියේ සඳහන් ආකාරයටම සාහිත්‍ය රසවින්දනය මහා පරිමාණව විනාශ කළ බවත් පෙන්වා දිය හැකි උදාහරණ රැසකි. බොහෝ අවස්ථාවලදී වික්‍රමආරච්චිගේ විචාරවල ව්‍යුහවාදය පශ්චාත් ව්‍යුහවාදය, සංඥාර්ථවේදය, මනෝවිශ්ලේෂණය වැනි හැම විචාර න්‍යායකම කොටස් කිසිදු ශාස්ත්‍රීය පටිපාටියකින් තොරව භාවිත වන අතර ඒවා ක්‍රියාත්මක වී ඇත්තේ නිශ්චිත එල්ලයක් හෝ පැහැදිලි අරමුණක් මත පිහිටා සාහිත්‍ය රසාස්වාදනය වර්ධනය කරලීම වෙතට නොව, යම් යම් කුඩා කොටස් කෘතියෙන් උපුටා තම දැනුම ප්‍රදර්ශනය කිරීම සඳහා පමණි.
සාහිත්‍ය කෘතිය සාහිත්‍ය කෘතියක් ලෙස අවප්‍රමාණ කරමින් මේ සියලු විචාර අරඹන අතර ඉහත අප උපුටා ගත් විචාරකයා නිවැරදිව පෙන්වා දුන් ආකාරයට එහිදී සිදු කර තිබෙන්නේ සාහිත්‍යයේ කාර්යය වහලාගේ කාර්යභාරය හා සමාන කරමින් මනෝවිශ්ලේෂණ නම් අභිලාෂයට සේවය කිරීම පමණි. මෙම ඛේදවාචකය සාහිත්‍ය රස විඳීම හා අධ්‍යයන යන දෘෂ්ටිකෝණයෙන් ගත් කළ සාහිත්‍ය විශාල වශයෙන් අවතක්සේරුවට ලක් කිරීමකි. එපමණක් නොව සාහිත්‍ය කෘතියක් වෙනත් විෂයන්ගේ අභිලාෂයන් සඳහා බිහිසුණු ලෙස අපහරණය කිරීමකි.
මෙහිදී කැපී පෙනෙන එක් ලක්ෂණයක් වන්නේ මෙම විචාර භාවිතයේ යෙදෙන්නා සතු සාහිත්‍යමය නොවන රළු මනස හා සමාජමය වශයෙන් සාහිත්‍ය විෂය කෙරෙහි ඇති දරුණු වෛරීය ස්වභාවයයි. සමන් වික්‍රමාරච්චිගේ විචාරවල එම වෛරීය ස්වභාවය කැපී පෙනෙන අතර තමා තුළ ඇති දැනුම ඉදිරියේ සාහිත්‍ය හා සාහිත්‍ය කරුවන් වහලුන් මෙන් ගැති විය විය යුතු බව පැවසෙන ග්‍රාම්‍ය පසුගාමී සිතිවිල්ල ද ඒ තුළ ප්‍රබල ව ඉස්මතු වේ.

වර්තමානයේ ලෝකය මුහුණ දී සිටින දයා විරහිත භාවය හා මිනිසත් බව බිඳ වැටීමේ අභියෝගය නිර්මාණය කිරීමේ එක් ප්‍රධාන මූලයක් ලෙස සාහිත්‍ය කලාව මේ ආකාරයෙන් විනාශ කර දැමීම හඳුනාගත හැකිය. මෙය ලෝක පරිමානව දිගින් දිගටම සිදුවෙමින් පවතින අවාසනාවන්ත, බිහිසුණු ක්‍රියාවලියකි. පශ්චාත් නූතන විචාර මතවාදී පද්ධතියේම දකින්නට ලැබෙන පොදු ලක්ෂණය නම් විද්‍යාත්මක විෂයක් සේ සලකමින් සාහිත්‍ය තුළ පවතින මානවීය වින්දනය විනාශ කිරීමත්, ඒ වෙනුවට වින්දනීය භාවයෙන් තොර නීරස සාහිත්‍ය කලාව ඉමහත් අභිරුචියෙන් යුක්තව අගය කිරීමත් ය.
සිංහල සාහිත්‍ය දශක දෙකකට ආසන්න කාලයක් මෙම කුරිරු විපතින් බැට කමින් සිටින අතර, එහි අනිටු විපාක ලෙස බෙහෙවින් හීන දීන රසඥතාවයක් අප සමාජය තුළට මුදා හැර තිබේ. එය මේ වනවිට පරම්පරා දෙකක පමණ රසඥතාව හා විචාර බුද්ධිය මුළුමනින්ම විනාශ කොට දමා ඇති අතර සාහිත්‍ය විචාරයේ නාමයෙන් මෙරට දියත් වූ අව-වර්ධිත කතිකාවේ බිහිසුණු ස්වභාවය පිළිබඳ බුද්ධිමය සංගායනාවක් අවශ්‍ය යුගයක අපි දිවි ගෙවමු.
පියරේ ඕගස්ටස් රෙනෙපයින් වරක් සඳහන් කළේ ‘Art is about emotion; if art needs to be explained it is no longer art’ යනුවෙනි. රෙනෙපයින්ගේ අදහස ‘ කලාව යනු හැඟීම්/ භාව පිළිබඳ දෙයකි. කලාව විස්තර කළ යුතු දෙයක් වන්නේ නම්, එය තවදුරටත් කලාව වන්නේ නැත’ යනුවෙන් සිංහලට පෙරළිය හැකිය. පශ්චාත් නූතන යුගයට පෙර එනම් නූතනවාදී යුගයේ සිටම බුද්ධිය ප්‍රමුඛ කරගත් අටුවා ටීකා, ටිප්පනිවලින් විග්‍රහ කරගෙන අවබෝධ කරගත යුතු නිර්මාණ පවතිතත් ඒවායේ වින්දනීය පාර්ශවය බෙහෙවින්ම හීන තත්ත්වයක පවතී.
පශ්චාත් නූතන යුගයේ දී සිදුවන්නේ, නිර්මාණාත්මක කෘතියක් තුළ පවතින වින්දනාත්මක ගුණය පවා නොසලකා හැරීමේ සවිඥානක න්‍යායවාදයක් ඉස්මතු කිරීමයි. එසේම පශ්චාත් නූතන නිර්මාණ කෘති ලෙස හඳුන්වන බොහෝ නිර්මාණවල දැකිය හැක්කේ ව්‍යාකූලත්වය හා එම ව්‍යාකූලත්වය නිසාම ඇතිවන දරුණු නීරස තත්ත්වයකි. එම තත්ත්වය න්‍යායාත්මක ප්‍රවේශය ඔස්සේ අගය කිරීම යනු ව්‍යාකූලත්වය වසා දමමින් ප්‍රති ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමකි. ප්‍රති ව්‍යාකූලත්වයේ පදනම වනාහි සාහිත්‍යය, සාහිත්‍ය වශයෙන් ඇති කරගෙන තිබෙන ශක්‍යතාවය විනාශ කිරීමයි.
භාෂා හැකියාව නොමැති වූවන් විසින් භාෂා ගේම් සංකල්පය ද්වේශසහගතව රැගෙන ඒම
ලංකාව තුළ පශ්චාත් නූතන මතවාද කට ගා ගනිමින් සිංහල සාහිත්‍ය විචාරය කිරීමට පැමිණි බහුතරයක් උසස් සාහිත්‍ය කෘති විවේචනය කිරීමට, විශේෂයෙන් විවේචනයේ නාමයෙන් විනාශ කිරීමට යොදා ගත්තෙ මේවායේ තිබෙන්නේ ‘භාෂා ගේම්’ යන අදහසයි. මේ භාෂා ගේම යන වචනය ඔවුන්ගේ ඩෙරීඩා නම් දාර්ශනිකයා ගෙන් ගත් බව පැවසුවද ඩෙරීඩාගේ දර්ශනය තුළ එම සංකල්පය කුමනාකාරයෙන් ගැබ් වෙන්නේ ද යන්න පැහැදිලි කොට නොමැති බව මෙම විචාර පරික්ෂා කිරීමෙන් පෙනී යයි.
සාහිත්‍ය යනු භාෂා ගේමක් වන අතරම එම ගේම දීම ඒ පිළිබඳ සුවිශේෂ පුහුණුවක් ලැබූ අයෙකුට මිස කළ නොහැකි බව පෙන්වා දිය යුතුය. මේ අනුව ලංකාවේ පශ්චාත් නූතනවාදය ගත් බොහෝදෙනාට සාහිත්‍ය රචනා කිරීමට නොහැකි වීමත් එම නිසා හටගත් අතිමහත් ද්වේශයත් මෙම විවේචන පසුපස තිබෙන ප්‍රධාන හේතුව බව පැහැදිලිව පෙන්වා දිය හැකිය. ඔවුන් තමාට රමණීය කාව්‍යමය භාෂාවක් නිර්මාණය කර ගැනීමට ඇති නොහැකියාව සාධාරණීකරණය කර ගැනීමටත්, එබඳු විශිෂ්ට භාෂා භාවිතයක් ඇති අයට ද්වේශසහගතව පහර දීමටත් මෙම ‘ භාෂා ගේම්’ නම් සංකල්පය අවිචාරයෙන් භාවිතා කළ බව පෙනේ. ( මෙහිලා අවශ්‍ය නම් එබඳු අවස්ථා කිහිපයක් පිළිබඳව ප්‍රායෝගික උදාහරණ ඉදිරියේදී දක්වමි)
බොහෝ විට මෙම පිරිසගේ ඉමහත් ද්වේෂයට ලක් වුණේ මාර්ටින් වික්‍රමසිංහ, ජී බී සේනානායක, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි ද්විභාෂික ලේඛක පරපුරයි. මෙම ලේඛකයන් නියෝජනය කළ පරපුර ද්විභාෂික ඥානයකින් යුක්ත ව සිංහල සාහිත්‍යයට හා කලාවට පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමත්, ඒ සඳහා එම පිරිස නිර්මාණය කරගෙන තිබූ ව්‍යක්ත, නිරවුල් සිංහල භාෂාවත් මෙම විචාරවල දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර එම විචාරවලට ශාස්ත්‍රීය පදනමක් නොවීය. නැත්නම් එම විචාර ඉතාමත් දුර්වල තර්ක මත පදනම් විය.
නිදසුනක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ ගැන පවසමින් දීප්ති කුමාර ගුණරත්න x කණ්ඩායමේ මුල්ම ප්‍රකාශනයක් වන හෙජමොනිය හි පැවසුවේ මාර්ටින් වික්‍රමසිංහ යථාර්ථවාදය නැමැති ගූ ගොඩ ලංකාවට රැගෙන ආ බවයි. යථාර්ථවාදය ගූ ගොඩක් වූයේ මන්ද යන්න ගැන එම පොතෙහි ප්‍රමාණික පැහැදිලි කිරීමක් නොවීය.
මෙබඳු අතාර්කික හා ද්වේශ සහගත අදහස් සමන් වික්‍රමාරච්චි වැන්නවුන් විසින් ඉදිරියට ගෙනයන ලද අතර ඔහුගේ විශේෂ ද්වේෂයට හසුවූයේ ලෝක පරිමාණ ශ්‍රේෂ්ඨ ලේඛකයන් බව පෙන්වා දිය හැකිය.
මේ අනුව චෙකෝෆ්, ගෝර්කි, මෝපසාං වැනි ශ්‍රේෂ්ඨ ලේඛකයන් මෙරට තරුණයන්ගේ මනසින් ද්වේශ සහගතව ඉවත් කරන ලද්දේ එම ලේඛකයන්ට අපහාස කරමින් මතුපිට දේවල් පිටපත් කරන්නන් ලෙස අතිශය වැරදි හංවඩුවක් ගසමිනි. එය දැවැන්ත අපරාධයක් විය. මෙම තත්ත්වය පසුගිය වසර 10, 15 තුළ තරුණ පරපුර වෙත විශාල වශයෙන් බලපෑ අතර ඔවුන් පාඨකයන් වශයෙන් තම ජීවිතය ආරම්භ කරන්නේ මෙම ද්වේශ සහගත භයානක තත්ත්වය තුළය. එනිසා ප්‍රාමාණික පාඨකයන් බවට පත්වීමට නොහැකි වූ අතර අවසානයේ සිදුවූයේ ඔවුන් ප්‍රකට ලේඛකයන් බවට පත්වී අතිශයින්ම නොදියුණු නිර්මාණ පාඨක ප්‍රජාව වෙත තිළිණ කිරීමයි.
මෙම තත්ත්වය නිර්මාණය වීමට බලපෑ ප්‍රායෝගික හේතු ද පවතින බව මෙහිදී පෙන්වා දිය යුතුය. ඒවා ද මෙම පරිහානිය වටහා ගැනීම සඳහා අවශ්‍ය යැයි සිතමි.

ප්‍රායෝගික පාර්ශවය
අතලොස්සක් ද්වේශ සහගත චරිත කීපයකට මෙබඳු විනාශයක් සිදු කිරීමේ හැකියාව ලැබුනේ ඕපපාතිකව නොවන බව මෙහිදී අවධාරණය කළ යුතුය. ඒ සඳහා ප්‍රායෝගිකව බල පෑවේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ සිදු වූ භයානක පරිහානිය සහ එය ජනමාධ්‍ය ක්ෂේත්‍රය ඇතුළු අනිකුත් මතවාද නිෂ්පාදනය කරන ලද අතුරු ආයතනවලට කරන ලද බලපෑමයි.
පේරාදෙණි යුගයේ සිටම අඛණ්ඩව සාහිත්‍ය විචාරයේ නිරත වන පුළුල් අඛණ්ඩ ක්‍රියාවලියක් මෙරට ශාස්ත්‍රාලය තුළ නොතිබූ අතර නූතන සාහිත්‍ය විචාරය සඳහා ශාස්ත්‍රාලීය පදනම නිර්මාණය කළ සරච්චන්ද්‍රගේ සිටම එය කීප දෙනෙකු විසින් අලස ලෙස නඩත්තු කළ කතිකාවක් විය. මෙහි වඩාත් භයානක පාර්ශවය වූයේ පන්ති කාමරය හා දේශන තුළ ඉතා දිළිඳු තත්ත්වයක් ජනිත වීමයි. 1959 නව සිංහල විශ්ව විද්‍යාල දෙක බිහිවීමත් සමග මෙම තත්ත්වය නව රූපාකාරයකින් ඉදිරියට ගියේය.
ඇත්තෙන්ම මෙම විශ්ව විද්‍යාල පෙරළියත් සමග පුළුල් ලේඛක හා පාඨක පිරිසක් බිහි වූ බව සත්‍යයකි. එහෙත් අවාසනාවකට මේ විශ්වවිද්‍යාලවල සිංහල හා සාහිත්‍යය පාඨමාලා අන්තර්ගතයන්ගෙන් සියයට අසූවකටත් විශාල ප්‍රමාණයක් ඇතුළත් වූයේ පිරිවෙනකට උචිත ප්‍රාචීන පතපොත මිස නූතන ලෝකයට උචිත පතපොත නොවේ. නූතන සාහිත්‍යයේ නිරත වූ එම ආයතනවල සිටි ශාස්ත්‍රඥයන් සිදු කර තිබෙන්නේ එම ආයතන තුළ නූතන සාහිත්‍යයේ වෙනුවෙන් හෝ නූතන සාහිත්‍යයේ නව විෂය ප්‍රදේශයක් වෙනුවෙන් සටන් කිරීම නොව සමාජයේ වෙනම භූමිකාවක් ලෙස නිදහසේ හැසිරීම පමණි. එය එක් අතකින් සුවපහසු ජීවිතයක් උරුම කරගත් ඇට නොරිදෙන අනුන්ගේ සිත් නොරිදවන වැඩපිළිවෙළකි. අනෙක් අතට තම තමන්ට සාහිත්‍ය ලෝකයේ සුවිශේෂී අධිකාරී බලයක් හිමිකරගත හැකි අනභිභවනය වීමේ ක්‍රියාවලියකි. මේ අනුව 1956 සිට මේ දක්වා සිදු වෙමින් පැවතෙන්නේ විශ්වවිද්‍යාල තුළ විශාල වශයෙන් විශ්ව සාහිත්‍යයට ඉඩ නොලැබුණු තත්වයක් වන අතර මේ විෂයයන් පිළිබඳ බොහෝ දෙනා උපාධි හා පශ්චාත් උපාධි ලබා ගත් නමුදු ඒවායින් බහුතරයක විෂය ප්‍රදේශ විශ්ව සාහිත්‍යයෙන් දුරස්ථ වූ බෙහෙවින් දිළිඳු තත්ත්වයක පවතී. (බටහිර සම්භාව්‍ය සාහිත්‍යය ආයතනික වශයෙන් සිංහල මාධ්‍ය ශිෂ්‍යයා වෙත ලබාදීමේ විශාල කාර්යභාරයක් සිදු කොට ඇත්තේ පේරාදෙණිය සරසවියේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයෙන් බව පෙන්වා දිය යුතුය. මහාචාර්ය මර්ලින් පීරිස් මෑතකදී මිය ගිය මහාචාර්ය ඩී.පී.එම් වීරක්කොඩි හා දැනට ජීවතුන් අතර නොමැති ඩී.පී පොන්නම්පෙරුම හා රෝහණ පොන්නම්පෙරුම නම් එවකට බෞද්ධ විශ්වකෝෂය කර්තෘ මණ්ඩලයේ සේවය කළ දෙසොහොයුරන් මේ පිළිබඳ විශාල කාර්යභාරයක් ඉටු කර තිබේ)

මෙම දිළිඳු භාවය තුළ ගොඩනැගුණු ස්වභාෂික සාහිත්‍ය කතිකාව බෙහෙවින් ම රඳා පවතින්නේ බාහිර ලෝකයේ පවතින අවිධිමත් සංවාදවල න්‍යායික ශක්තියෙනි. එනිසා පශ්චාත්නූතන ඛේදවාචකය ඉදිරියේ සිදුවන්නේ මෙම කතිකාව ඒකාංග වීමත් සමගම සමස්ත සිසු පරපුර ම මේ මහා උගුලේ ඇද වැටීමයි. ප්‍රායෝගික වශයෙන් සියලු මාධ්‍ය පශ්චාත්-නූතන ව්‍යාප්තියට යටත් වීමට ගතවූයේ වසර 10ක පමණ කාලයක් වන අතර එම යටපත් වීම අවරගණයේ පොත් වෙළෙන්දන් විසින් වඩාත් තීව්‍රකරණය කරන ලදී. සිංහල සාහිත්‍යය හුදු ලාභ ඉපයීමේ ක්‍රියාවලියක් බවට පත් කිරිමේ ඔවුන්ගේ ඉලක්කය පශ්චාත්-නූතන පාදඩත්වය විසින් මුළුමනින්ම සපුරාලූ අතර එය ලාභ ඉපයීම සඳහා යන්තමින් හෝ ශේෂව පැවති ‘සම්භාව්‍ය’ ධාරාව මුළුමනින්ම බිඳ දැමීමක් විය. වෙළඳ ප්‍රජාව මෙම වාසිය උපරිම ලාභය සඳහා දක්ෂ ලෙස කළමනාකරණය කළ අතර ස්වර්ණ පුස්තකය හා රජත පුස්තකය එහිදී බිහි වුණු ව්‍යාපෘතීන් ය. මේ වන විට විශ්වවිද්‍යාල තුළ හා බාහිර ලෝකයේ විසූ විද්වතුන් විශාල ප්‍රමාණයක් හුදු තනතුරුවලට- විශේෂයෙන්ම පරිපාලන තනතුරුවලට නතු වීම ශාස්ත්‍රීය පෞරුෂය විශාල වශයෙන් බිඳ වට්ටාගෙන තිබූ නිසා ඔවුන්මෙමව්‍යාපෘති සඳහා අඩු ගාණට හයර් කිරීම බෙහෙවින් පහසු වූ අතර වෙළඳ ප්‍රජාව එය තම සාහිත්‍යය ඒජන්තයන් ද උපයෝගී කොට ගනිමින් මැනවින් සිදු කළෝය.
|
මාධ්‍ය කරුවන් මෙහිදී පශ්චාත් නූතනවාදීන්ගේ පසුගාමි ව්‍යාපෘතියට විශාල ශක්තියක් ලබාදුන් අතර වර්තමාන සාහිත්‍ය විචාරයේ ප්‍රායෝගික පක්ෂය සකස් වුණේ ඒ ආකාරයෙනි.
සමාලෝචනය
වර්තමාන සිංහල සාහිත්‍යයේ හා විචාරයේ බිඳවැටීමක් තිබෙන බවත් එයට න්‍යායාත්මක හා ප්‍රායෝගික හේතු සාධක පවතින බවත් මෙම ලිපියේ දී සාකච්ඡා කෙළෙමි. මෙම සාකච්ඡාව සඳහා තවත් විශාල කරුණු හා උදාහරණ රැසක් එක් විය යුතුය.
එසේම පශ්චාත්-නූතනවාදීන් ඉවක් බවක් නොමැතිව අවිචාරී ව ප්‍රතිමා බිඳදමමින් මහා කාලගෝට්ටියක් කරන්න සමයේ විශිෂ්ට සාහිත්‍ය විචාරකයකු මෙන්ම අද අප අතර නොමැති ජේෂ්ඨ ද්විභාෂික මාධ්‍යවේදියෙකු ද වූ අජිත් සමරනායක 2003 ජනවාරි 5 දින sunday observer පුවත්පතට ලියූ The ecstasy and danger of iconoclasm නම් ලිපියේ සිංහල පරිවර්තනය වූ ‘ ප්‍රතිමා නාශයේ ප්‍රහර්ශය හා අනතුර’ ( බලය සඟරාව 2003 ජනවාරි පිටු 31- 33 පරිවර්තකයා මධුක වික්‍රමාරච්චි) නම් අගනා ලිපියෙන් පහත කොටස මෙසේ උපුටා දක්වමි.
‘නිවැරදි දෘෂ්ටිවාදයකින් හෝ වටිනාකම් පිළිබඳ සැලැස්මකින් තොරව එය (= මෙම විවේචන) සිදුවුවහොත් කණ්ඩායමේ ප්‍රතිරූප නාශනය ( එනම් මෙම පශ්චාත් නූතනවාදී විචාර ක්‍රියාවලිය) ශුන්‍යතාවාදයකට ද එහි විවේචනය නිශේධනාත්මක ද්වේෂයකට ද පත්විය හැකිය.

‘X කණ්ඩායමේ ක්‍රියාකලාපය තුළම එයද නව ලුම්පන් පන්තිය සමග මඩ ගොහොරුවේ ගිලී යාමේ අනතුරක් තිබෙනවා නොවේද?’ (බලය- අදාල කලාපය 53 පිටුව)
අජිත් සමරනායක එදා පුරෝකතනය කළ සිදුවීම අද යථාර්ථය බවට පත් වී තිබේ. එම යථාර්ථය ඉතිහාසය ගවේෂණය කරමින් එම කුරිරු යථාර්ථය සමඟ අරගල කිරීම හැර වෙන විකල්පයක් අප ඉදිරියේ දක්නට නොමැත.

අප ගැන.
වර්තමාන නවකතාව, කෙටිකතාව, කවිය, සිනමාව සහ නාට්‍ය ආදිය පිළිබඳ න්‍යායික සහ විචාරාත්මක රචනා අඩංගු වේදිකාවකි. ඊට අමතර ව මෙහි සමාජ විද්‍යාත්මක ලිපි, දාර්ශනික කතිකාවන් සහිත විවාදාත්මක ලිපි පළ වේ. පුළුල් අනාගත සංස්කෘතික සංවාදයකට දොරටු හැරීම අපේ අරමුණයි.. |
Contact Us
071 800 99 55 071 441 48 55 |
Copyright © 2021 www.kinihiraya.com All rights reserved.