පශ්චාත් නූතන ඥාන මීමාංසාවේ ලාංකීය සන්දර්භය පිළිබඳ අදහස් කීපයක්.
(Some views on the Sri Lankan context of postmodern cognition)
⚈ කථිකාචාර්ය චින්තක රණසිංහ - CHINTHAKA RANASINGHE
2020 නොවැම්බර් 27
2020 නොවැම්බර් 27
නූතන සිංහල සාහිත්‍ය කතිකාව තුළ මේ සිද්ධ වෙමින් පවතින්නේ මොනවාද? පශ්චාත් නූතනවාදී නිර්මාණ හා විචාර ද? නැත්නම් සාහිත්‍යමය වශයෙන් අවවර්ධිත හාත්පසින්ම පරාධීන වූ පරිපූර්ණ අසරණභාවය පිළිබිඹු වීමද? එසේත් නැතිනම් සූක්ෂ්ම ප්‍රකාශක මාෆියාවක් අභිමුව දීන පෞරුෂයකින් හා මුදල් සහ කීර්තිනාමයට ඇති ලෝලිත්වය නිසා නිහඬව යටපත් වී සිටින උගතුන් හා ලේඛක පිරිසකගේ මුග්ධත්වය ප්‍රදර්ශනය වීමද? එසේත් නැත්නම් මේ සියල්ලේම සංකලනයක් ද?
මේ ලිපියේදී මා උත්සාහ දරන්නේ යථෝක්ත ප්‍රශ්න රාශිය මගින් මතු කරන දේවල්වලට පිළිතුරු සැපයීමටයි. එම උත්සාහය මගින් යම් ආකාරයක විචාරාත්මක සංවාදයක් මතුකර ගැනීමටයි. |
රස නිෂ්පත්තිය, සංවේදීතාවය හා ඒ ඔස්සේ ගොඩනැගෙන ප්‍රබුද්ධත්වය
පෙරදිග විචාර සිද්ධාන්ත පිළිබඳ කතිකාව මගින් මෙන්ම ඇරිස්ටෝටල්ගෙන් ඇරඹී අයි. ඒ. රිචර්ඩ්ස් (1893-1979) හා එෆ්. ආර්. ලීවිස්(1895-1978) දක්වා යුග ගණනාවක් තිස්සේ විහිදෙන බටහිර විචාර සිද්ධාන්ත පිළිබඳ කතිකාව මගින්ද මතු කරන ලද එක් මහා පොදු සාධකයක් වූයේ සාහිත්‍ය නිර්මාණය සෙසු ලේඛනවලින් වෙන්වූ ප්‍රඥා විශේෂයක් නැතහොත් චින්තන විශේෂයක් යන කාරණයයි. එම වෙන්වීම සටහන් කරන ලද්දේ වාර්තාමය සංනිවේදනයකින් ඔබ්බට සිදුවන රස නිෂ්පත්තිය හා ඒ හා බැඳුණු සංවේදීතාවක් නිපදවීමේ සුවිශේෂ ක්‍රියාවලියක් සාහිත්‍ය නිර්මාණය විසින් භාර ගෙන තිබූ නිසාවෙනි. එම සුවිශේෂතාව නිරන්තරයෙන්ම බැඳී තිබුණේ ප්‍රබුද්ධ භාවයක් සමගය.( මා මෙහිදී ප්‍රබුද්ධ භාවය ලෙස අදහස් කරන්නේ 16 වන සියවසෙන් පසු යුරෝපයේ කේන්ද්‍ර කොටගෙන වැඩුණු enlightenment නමින් හඳුන්වන සුවිශේෂ ව්‍යාපෘතිය නොවේ. එහෙත් එම ව්‍යාපෘතියේ මූලික චින්තන පදනම සකස් කළ තාර්කික චින්තනය, විද්‍යාත්මක ඥානය, ප්‍රගතිය වෙත ගමන් කිරීමේ අධිෂ්ඨානය, ඥානය සියල්ලටම වඩා වැදගත් යැයි සැලකීම යනාදිය සෑම කලකම, සෑම සම්ප්‍රදායකම සාහිත්‍ය විචාර කතිකාව සමඟ බැඳී පවතින බව නිරීක්ෂණය කළ හැකි නිසා ඒ අනුව යමින් යථෝක්ත ගුණාංග සියල්ලම හෝ ඒවායින් එකක් හෝ ඇඟවීමට මා මෙම ලිපියෙහි ප්‍රබුද්ධ යන වදන යොදා ඇත.)
ඒ නිසාම පෙරදිග මෙන්ම අපරදිග සෞන්දර්ය විචාරය සලකන ලද්දේ ප්‍රබුද්ධ ඥාන මීමාංසාවක අනන්‍යතාව කියාපාන සලකුණක් ලෙසත්, ප්‍රබුද්ධ ඥානමීමාංසාවක ප්‍රධාන පෙළේ සංරචකයක් ලෙසත් ය. ලීවිස් හා රිචර්ඩ්ස්ගේ නායකත්වය යටතේ විසිවන සියවසේ මුල් දශකවල එංගලන්තය කේන්ද්‍රකොටගෙන පැනනැගි භාවිත විචාරය( practical criticism) හෙවත් ලිබරල් මානවවාදී විචාර කතිකාවට සෘජුවම දායකත්වය නොදෙන ටී. එස්. එලියට් (1888-1965) එයට සමාන්තරව යම් ආකාරයක එම කතිකාවම නියෝජනය කරන භූමිකාවක් දැක්වුවද ඔහුගේ විචාර චින්තනයේ කේන්ද්‍රීය අක්ෂය වනුයේ සම්ප්‍රදාය වර්තමානයට ගළපා ගැනීමේ අසීරුතම ඉලක්කය ජය ගැනීමයි.
කවියෙකු ලෙස නුතනවාදී සාහිත්‍යයට පදනම දමන එලියට් විචාරකයකු ලෙස සම්ප්‍රදාය වෙත කැපවීමකින් නැඹුරු වී සිටි සාහිත්‍යධරයෙකි. ඒ අනුව නූතනවාදී ප්‍රවණතාව දක්වා සාහිත්‍ය විචාරය තුළ කැපී පෙනෙන මුඛ්‍ය ලක්ෂණය වන්නේ ප්‍රබුද්ධ කතිකාව හා සම්භාව්‍ය බව කෙරෙහි ඇති ලැදියාව හා බැඳියාව යි.

පශ්චාත් නූතනවාදය
පශ්චාත් නූතනවාදයේ කේන්ද්‍රීය අක්ෂය වන්නේ සම්භාව්‍ය හා ප්‍රබුද්ධ දේට එරෙහි වීම හා එම එරෙහි වීම මහත් උත්කර්ෂයෙන් සැමරීමයි. එය එක්තරා අන්දමකට මානව ශිෂ්ටාචාරයේ විශිෂ්ටතාව මත යකා නැටීමකි. ශිෂ්ටාචාරයේ අසීරු ගමනට තුච්ඡ ලෙස සිනාවෙමින් නිශ්චිත කතිකාවන් සියල්ලම අවිනිශ්චිත කිරීමකි. මෙහි පවතින භයානකත්වය වන්නේ මෙය නිර්මාණය වූයේ ඉතා බරපතළ දාර්ශනික ඥාන ගවේෂණ ක්‍රියාවලියක සංකීර්ණ ඓතිහාසික විකාශනය ඔස්සේ වීමයි. ජර්මානු මහා දාර්ශනිකයකු වූ ප්‍රෙඩ්රික් නීට්ෂේගේ(1844-1900) විශාල දායකත්වය ඒ පසුපස විශාල වශයෙන් පවතින අතර විසිවන සියවසේ දෙවන භාගයේදී නව අනන්‍යතාවකින් යුතුව දාර්ශනික ක්ෂේත්‍රය තුළ තම දර්ශනය නිර්මාණය කළ ෂාක් ඩෙරීඩා (1930-2004), මිෂෙල් ෆුකෝ(1926-1984) වැනි චින්තකයන් ද සාහිත්‍ය විචාරයේ නව ඥාන මීමංසා ගොඩනැගීමෙහි ලා උර දුන් රෝලන්ඩ් බාත (1915-1980) වැනි විචාරකයන් ද නිර්මාණකරුවන් ලෙස ජනප්‍රිය වූ මිලාන් කුන්දේරා, ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස් වැන්නන් ද විවිධ තලවලදී මෙම පශ්චාත් සම්ප්‍රදාය නියෝජනය කළ බව නිරීක්ෂණය කළ හැකිය. |
Friedrich Nietzsche
|
මේ අනුව පශ්චාත් නූතනවාදය වූකලි දර්ශනය, ඉතිහාසය, සාහිත්‍යය යනාදී විවිධ ක්ෂේත්‍රවල ඇති වූ ඥාන පෙරළියකි. එහෙත් එසේ නම් එය ශිෂ්ටාචාරයේ විශිෂ්ටතාව මත යකා නැටීමක් වන්නේ ඇයි?
ඇත්තෙන්ම නිවැරදිව වටහා ගත යුතු කාරණය වන්නේ හැම ඥාන මීමාංසාවක්ම සමාජගත වූ කල එය සමාජය තුළ විවිධ පිරිස් අතට පත් ව ප්‍රතිනිර්මාණය වීම සිදුවන බවයි. එසේම එම ප්‍රතිනිර්මාණයේදී එහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය විවිධ තලවලට විහිදී යන බවයි.
පශ්චාත් නූතනවාදී ඥාන මීමාංසාව ද සමාජගත වූයේ ඒ අනුව ප්‍රායෝගික භාවිතයේදී ශිෂ්ටාචාරය මත යකා නැටීමක් ලෙසය. එය ප්‍රායෝගිකව භාවිත කළ පිරිස් ෆූකෝගේ හෝ ඩෙරීඩාගේ හෝ ප්‍රතිපාදනයන් ඓතිහාසික දැනුම් පද්ධතියක විකාශනය ලෙස වටහා ගනිමින් ඉතිහාසය තුළ තබා වටහාගැනීමට උත්සාහ නොකළ අතර වඩාත් ජනප්‍රිය සැහැල්ලු ප්‍රබුද්ධත්ව විරෝධී දේවල් සමූහයක් ලෙස සමාජගත කිරීමට පෙළඹුණි. විනෝදයක වේශයෙන් සීඝ්‍රයෙන් පැතිර ගිය මෙම භාවිතය ලෝකයේ බුද්ධිමය හා නිර්මාණාත්මක සංස්කෘතිය විශාල ප්‍රමාණයක් විනාශ කර දැමූ අතර සම්භාව්‍ය ශ්‍රේෂ්ඨ ඥානය ඊට ගොදුරු වූ පරපුරෙන් මුළුමනින්ම ඉවත් කොට දැමීය.
‘පශ්චාත් නූතනවාදය පරම්පරාවක්ම ඉවර කළා’ යැයි එක් විචාරිකාවක ප්‍රකාශ කළේ ඒ නිසාය. ඒ යුරෝපයේ තත්ත්වයයි. දැන් අපි ලංකාවට එමු.

ලාංකීය සන්දර්භය
ලංකාවේ නූතන බුද්ධි සම්ප්‍රදාය බටහිරට පමණක් නොව ඉන්දියාවට සාපේක්ෂව වුවද අතිශය පුළුල් වූවක් නොවේ. අධිරාජ්‍යවාදී අධ්‍යාපනය හා ප්‍රාචීන අධ්‍යාපනය යම් කලක දී යම් ආකාරයක බුද්ධිමය සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා දායකත්වය ලබාදුන් අතර පසුව මෙය දේශීය පරිමණ්ඩල රාශියක් තුළ විවිධාකාරයෙන් සංවර්ධනය වූ බව පෙනේ. පශ්චාත් නූතනවාදය සම්බන්ධයෙන් පමණක් නොව ලිබරල් මානවවාදී කතිකාව හා මාක්ස්වාදී කතිකාව සම්බන්ධයෙන් ද අතිශයින් පළල් විශිෂ්ට ගණයේ ශාස්ත්‍රීය සංවාදයක් නිර්මාණය කර ගැනීමට අපි අපොහොසත් වීමු. එහෙත් පශ්චාත් නූතනවාදී කතිකාවට සාපේක්ෂව මුලින් කී කතිකා වඩාත් විශිෂ්ටකාර බුද්ධිමය ස්වරූපයකින් වර්ධනය කරගැනීමට අපට යම් හැකියාවක් ලැබුණු අතර වඩාත්ම දරුණු ඛේදවාචකයකට අප මුහුණ දුන්නේ පශ්චාත්-නූතන කතිකාව පෙරට පැමිණි යුගයේදීය.සරලව කිවහොත් අපට ලුඩොවයික්, සරච්චන්ද්‍ර,සරොජා ධර්මසිරි ඒකනායක වැනි චරිත ගොඩ නැඟුණි. මාක්ස්වාදය, විශේෂයෙන් ට්‍රොට්ස්කිවාදය හරහා සුචරිත ගම්ලත්, කීර්ති බාලසූරිය හා පියසීලි විජේගුණසිංහ වැන්නෝ බිහිවූහ. එහෙත් පශ්චාත් නූතනවාදය සමාජගත වූයේ එවැනි සුධීමතුන් ගේ මැදිහත්වීමෙන් තොරව නිර් බුද්ධිමය තරුණ පරපුරක් වෙතය. පනස් හයේදී ඇති කළ ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම 70 -77 ආණ්ඩුව විසින් සිදුකල නිර් බුද්ධිමය අධම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නියම ප්‍රතිඵල සමාජගත වෙමින් පැවති වකවානුවත් පශ්චාත්-නූතනවාදය මෙරට සමාජයට කඩා පැමිණීමත් සමාන්තරව සිදු විය.
70 -77 දී සිංහල මාධ්‍යයෙන් උගත් ශිෂ්‍යයාගේ සියලුම විශිෂ්ටතාවන් මුළුමනින්ම විනාශ කිරීම ඇරඹුණි. බිම්ගෙයි සිරකරුවා පරිවර්තනය කරමින් සිංහල ශිෂ්‍යයා විශ්ව සංස්කෘතියට ගෙනයාමට කේ. ජී. කරුණාතිලක ගත් උත්සාහය 70- 77 කොමියුනිස්ට් පක්ෂයේ නිල ලේඛක පෙරමුණ වන ජනතා ලේඛක පෙරමුණ විසින් අහෝසි කර දමන ලද අතර පාසල් පොත් ජාවාරමට පාර කැපුණු අතර ඒ තුළ තෝරා ගත් ලේඛකයන් කීප දෙනෙකු පමණක් ශිෂ්‍යයාගේ ලෝකය තුළට කැඳවාගෙන පැමිණියේය.
මේ අනුව 80 හා 90 දශකවල සිංහල මාධ්‍ය අධ්‍යාපනය ඉතා භයානක පටු මිනිසෙකු ගොඩනඟමින් සිටි අතර පශ්චාත්- නූතන මතවාද ග්‍රහණය කරගන්නෙත් ඒ ග්‍රහණයේ අවිචාරවත් ගොදුරු බවට පත්වන්නේත් මෙම පිරිසයි.

විශ්ව විද්‍යාලවල සිංහල අංශ බිඳ වැටීම හා ඉංග්‍රීසි අංශවලින් සිංහල අධ්‍යාපනයට ලැබුණු දායකත්වය අහෝසි වීම.
දිගින් දිගටම අති විශාල පරිමාණයෙන් කළ වැරදි බඳවා ගැනීම නිසාත් කුල, ප්‍රාදේශීය වාද වැනි නිර්ණායක මුල් කොට ගනිමින් බලකඳවුරු තනා ගනිමින් නව දැනුම නිෂ්පාදනය හා නව චින්තන සම්ප්‍රදානයන් ගොඩනැගීම මුළුමනින්ම පාහේ නවතා තිබූ නිසාත් 80 දශකය වන විට සිංහල අංශය විශාල වශයෙන් පරිහානියට යමින් තිබුණි. ව්‍යාකරණය, වාග් විද්‍යාව වැනි විෂයයන් සම්බන්ධයෙන් ඒවා තුළ ගොඩනැඟුණු පඬිවරුන් පවා නූතන සාහිත්‍ය න්‍යාය වෙත අවධානය යොමු නොකර ප්‍රාචීන සීමාවේ නතර වූ අතර ඒ. වී. සුරවීර වැනි අතිශය සීමිත කීප දෙනෙක් පමණක් සාහිත්‍යය ඥාන සම්පාදනයේ නිරතව සිටි බව පෙනේ. එමෙන්ම සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ තිබූ විධිමත් හා නිරවුල් මාවත අතහැර වඩා පශ්චාත්-නූතන මාතෘකා තෝරාගත් ඉංග්‍රීසි අංශද හුදෙකලා බුද්ධිමතුන්ගේ මහ පොළොවෙන් ඉහළ නැඟුණු කඳවුරක් බවට පත්වෙමින් තිබුණි. සරච්චන්ද්‍ර වික්‍රමසූරිය වැනි සිංහල ඉංග්‍රීසි සාහිත්‍ය දෙකටම අර්ථසම්පන්න දායකත්වයක් පළ කළ උගතුන් හිගවීම මෙහිදී කැපී පෙනෙන අඩුවක් විය. සිංහල ඉංග්‍රීසි අතර ඉතා නරක තරාතිරම් බෙදීමක් ඇති වූ අතර 50- 60 දශකවල එම අධ්‍යයන අංශ අතර පැවති න්‍යායාත්මක හා අන්තර් පෝෂිත සංවාදය නිමා වෙමින් පැවතියේ ය. ඉංග්‍රීසි අංශ හා ඉංග්‍රීසි උගත් බුද්ධිමතුන් අතර ද න්‍යාය මතුපිටින් රැගෙන එය ඉහළ දමා තම අනන්‍යතාව ගොඩනඟා ගැනීමෙන් ඔබ්බට ගමන් කරමින් ප්‍රායෝගිකව විචාරය සඳහා ඒවා යොදා ගන්නා පිරිස් සිටියේ ඉතා අවම වශයෙනි. ඉහළ ඉංග්‍රීසි උගතෙකු වූ විල්ප්‍රඩ් ජයසූරිය 1995 දී පළකළ ‘ sri lanka’s modern english literature - a case study in literary theory’ වැනි කෘතියක් අගයකළ හැකි ආකාරයෙන් ලෙවී ස්ට්‍රවුස්, රෝලන්ඩ් බාත වැනි චින්තකයන්ගේ අදහස් උපයෝගී කොට ගනිමින් සාහිත්‍යය විග්‍රහ කිරීමට යම් උත්සාහයක නිරත වූ බව පෙනේ.එහෙත් ඉංග්‍රීසි අංශවල විසූ උගතුන් අතර සරත්චන්ද්‍ර වික්‍රමසූරිය තරම් සිංහල සාහිත්‍යය අධ්‍යයනයෙහි ලා තත්පර වූ උගතකු නොවන බව නිරීක්ෂණය කළ හැකිය.
රෙජී සිරිවර්ධන, අජිත් සමරනායක වැනි උගත්තු විශ්වවිද්‍යාලවලින් බාහිර අය ලෙස සිටිමින් ඉංගිරිසියෙන් විශිෂ්ට දේවල් ලියන ලද අය අතර ප්‍රමුඛස්ථානය ගනිති. මේ අතරින් අජිත් සමරනායක සිංහල සාහිත්‍යය පිළිබඳ ලියූ ලිපි ඉතා වැදගත්ය.
එහෙත් විශ්වවිද්‍යාලය තවදුරටත් ශාස්ත්‍රීය සම්ප්‍රදායක් වර්ධනය නොකරන ස්ථානයක් වූ නිසා තරුණ පරපුරට න්‍යායික සංවාදයක් සඳහා කේන්ද්‍රීය ආයතනික ජවයක් එය විසින් සැපයුනේ නැත.
මෙබඳු සන්දර්භයක් තුළ පශ්චාත්- නූතන සංවාදය ඉතා ලද බොළඳ මට්ටමින් මෙරට ව්‍යාප්ත වූ අතර එහි පැවති දරුණුම අලාභය වූයේ සම්භාව්‍ය චින්තනය හා සම්භාව්‍ය නම ගෑවුණු සියලුම දේට විහිළු කරන්නට පිරිසක් බිහිවීමයි. පශ්චාත්- නූතනවාදයේ දාර්ශනිකයන් තම න්‍යාය ඉදිරිපත් කළේ සම්භාව්‍ය කතිකාව සමග දිගු කලක් හැලහැප්පීම්වලට ලක්වී එම මූල ඥානය සාරාර්ථ වශයෙන් ග්‍රහණය කරගෙන වූ නමුත් මෙරට පශ්චාත් නූතනවාදයෙන් ගිනි කන වැටුණු පිරිස් හැසුරුණේ ඊට හාත්පසින්ම වෙනස් නිර් බුද්ධිමය ප්‍රවේශයකින් යුක්තවය. මෙය ඊළඟ පරම්පරාවේදී එයටත් වඩා අන්ත වූ අතර මේ තත්ත්වය එන්න එන්නම මහා ප්‍රපාතයක් කරා ගමන් කළ බව පෙනේ. ඇත්ත වශයෙන්ම මෙතන සිදු වුයේ වඳුරන් රැල අතු හොලවන්නාක් මෙන් ඩෙරීඩා ෆුකෝ ආදීන්ගේ නම් ගම් කියමින් ඔහේ කෑ ගැසීම පමණි . දිගින් දිගටම අවම වශයෙන් හෝ ගලා ගෙන එමින් පැවැති සංවාදයේ තිබූ හරය ද මෙයින් නැති වී ගියේය.
මේ නිසා ජනිත වූයේ කිනම් නව තත්ත්වයක් ද?
90 දශකයේ විභවිය නව සංස්කෘතික සංවාදයකට පදනම දැමූ නමුත් එය මුළුමනින්ම වියවුලට පත් වූ සංවාදයක් විය. එම වියවුලේ මූල මණ්ඩලය වුයේ ඉන්ද්‍රජාල යථාර්ථවාදය හා යථාර්ථවාදය නමින් අතිශයින් බොරු බෙදීමක් ඇති කර ලෝකයේ ශ්‍රේෂ්ඨ කෘතීන් වෙනුවට ප්‍රවණතාත්මක කෘතීන් අගය කරමින් සිංහල තරුණයාගේ චින්තන වින්දන ලෝකය පටු කිරීමයි. මෙහි ප්‍රධාන න්‍යායාචාර්යවරයා වූයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයි. ඔහු පශ්චාත් නූතනවාදියෙක් නොවුණු නමුත් කිසිදු නිරවුල් අදහසක් නැති ව්‍යාකුල සාහිත්‍යය න්‍යාය තොග පිටින් දේශනා කළ අයෙකු වූ අතර මාර්කේස්, රුෂ්ඩි වැන්නන් පිළිබඳ අන්ධ භක්තියකින් හා අවිචාරයෙන් කතා කළ ප්‍රමුඛයකු විය.
නූතන සිංහල සාහිත්‍යයේ නමින් අද පළවන ඉන්ද්‍රජාල භූත පල්වලත් ඒ පල් වල රසවිඳින නිර්බුද්ධිමය පාඨකයාත් නිර්මාණය කරන ලද්දේ මෙම ව්‍යාපෘතිය විසිනි. පාඨකයාට රෙඩිමේඩ් ඉන්ද්‍රජාල සපයන ප්‍රකාශකයන් ද බිහි කිරීමට විජේසිරිවර්ධන සමත් වූ අතර සුචරිත ගම්ලත්, පියසීලි විජේගුණසිංහ ප්‍රමුඛ ට්‍රොට්ස්කිවාදී සාහිත්‍ය විචාරක පිරිස පවා මෙම අනතුර සමඟ සාර්ථකව ගැටෙන්නට දැක්වූයේ අසමත් කමකි.
පශ්චාත්-නූතන ඥාන මීමංසාවේ සැබෑ වැදගත්කම
පුරාණෝක්ති, සංඥා, අධිපති කතිකාවෙන් යටපත් කළ ඉතිහාස ධාරා යනාදී පළල් කතිකා ගණනාවක් සම්බන්ධයෙන් පශ්චාත්- නූතන කතිකාව නියෝජනය කරන ඥානමීමාංසාව විශාල වැදගත්කමක් දරන බව සත්‍යයකි. එහෙත් මෙරට ඇති වූ කතිකාව තුළ ඒ සියලු වැදගත්කම් යටපත් වූ අතර එය යථාර්ථවාදයට හා එහි විශිෂ්ටතම ඵලයක් වන දහනමවන සියවසේ රුසියන් සාහිත්‍යයට එරෙහිව පිහිටුවන ලදී. සිංහල පාඨකයාට විශාල වශයෙන් අත දුන් සිංහල සාහිත්‍ය කතිකාව පුළුල් කළ මුනිදාස සෙනරත් යාපා, සිරිල් සී. පෙරේරා, කේ. ජී. කරුණාතිලක වැනි විශිෂ්ට පුරෝගාමින් ඔවුන්ගේ පරිවර්තන මාර්ගවල පැවති යම් යම් අඩු පාඩු මුල්කොට ගනිමින් දැඩි ලෙස විවේචනයට ලක්කොට තරුණයන්ගේ අවධානය ඔවුන්ගේ නිර්මාණවලින් ඉවතට ගන්නා ලදී. එහෙත් මෙම විචාරකයෝ ඔවුන්ගේ අතක ඇඟිලි ගණනටවත් පරිවර්තනවල නිරත නොවූ අතර තම මුළු ජීවිතයම මෙබඳු අප්‍රායෝගික විචාරවලට සහ මුදල් සඳහා ලියනු ලබන ප්‍රොපෝසල් සඳහා ගෙවා දැමුවෝය.
මේ අතර සිරිල් සී. පෙරේරාගේ පරිවර්තන මාර්ගයේ අඩුපාඩු පවා නිවැරදි කරමින් ආනන්ද අමරසිරි වැනි අය අතිදැවැන්ත මෙහෙවරක් සිංහල පාඨකයා වෙනුවෙන් ඉටු කළෝය.එහෙත් ඒවා පිළිබඳ තරුණ පරපුර අතර සංවාදයක් නොමැත්තේ පශ්චාත්-නූතන යයි ඔවුන් සිතන ඇත්තෙන්ම එසේ නො පවතින යම් සම්භාව්‍ය විරෝධී තත්ත්වයක් නිසා බව පෙන්වා දිය හැකිය.
මේ තත්ත්වය දිගින් දිගටම නඩත්තු කරන්නේ ග්‍රන්ථ ප්‍රකාශකයන් හා ඔවුන්ට සේවය කරන බොළඳ ප්‍රබන්ධ කතා ලියන පිරිසක් වන අතර මේ වනාහි ලාංකීය පශ්චාත්- නූතන ඛේදවාචකය යැයි හඳුනා ගැනීමේ හැකියාව පවතින්නකි.
මේ අනුව වර්තමාන සිංහල සාහිත්‍යය තුළ ඇතිවී පවතින නිර්- සම්භාව්‍ය ඛේදවාචකය එක් මූල මණ්ඩලයකින් පැනනැගි එකක් නොව මූල මණ්ඩල කීපයකින් පැනනැගි ඓතිහාසික ඛේදවාචකයක් ලෙස හඳුනාගත හැකිය. ඒවා මෙසේ සංක්ෂිප්තව ඉදිරිපත් කළ හැකිය.
1. විශ්වවිද්‍යාලවල සිංහල අංශවල බිඳවැටීම.
2. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශාස්ත්‍රිය සංවාදය බිඳ වැටීම.
3. යථාර්ථවාදී සංකල්පය හා යථාර්ථවාදී සාහිත්‍යය පිළිබඳ පැතිර වූ දුර්මත.
4. සුනිල් විජේසිරිවර්ධන ප්‍රමුඛ විභවි ආයතනයේ ඉන්ද්‍රජාල මතවාදයට පැහැදිලි න්‍යායික පිළිතුරක් දීමට සමකාලීන විද්වතුන් අසමත්වීම.
5. පශ්චාත් -නූතන සංකල්පය යටතේ පැවති ඥාන මීමාංසාව වෙනුවට එහි පසුගාමී භාවිතය රැගෙන සම්භාව්‍ය සංකල්පයට පහරදීම.
6. පොත් වෙළඳාම මගින් උපයන ලාභයට මුල් තැන දුන් කණ්ඩායමක් පාසල් දරුවන් සඳහා පෙළපොත් සැපයීම භාර ගැනීම.
යනාදී වශයෙන් සාධක ගණනාවක් මෙහිදී පෙන්වා දිය හැකිය. එසේම මෙහිදී මා අවධාරණය කරන්නේ මේ එක් එක් සාධක සෙසු සාධක සමඟ බැඳී ඇති ආකාරයත් ඒවා අතර ඉතා පැහැදිලි අන්තර් පෝෂණයක් ඇති බවත් ය. මේ ඓතිහාසික සාධක සියල්ලේම අන්තර් ක්‍රියාකාරීත්වය විසින් සිංහල සාහිත්‍යයේ වර්තමානය නිර්මාණය වී තිබේ.
සමාලෝචනය
පශ්චාත්- නූතන ලේබලය යටතේ, පශ්චාත්-නූතන ඥාන මීමාංසාව යටතේ මෙතරම් පහළ තත්ත්වයකට වැටුණේ සිංහල බුද්ධිමය කතිකාව තුළ පැවති කිනම් අඩුලුහුඩුකම් නිසා ද යන්න තවදුරටත් විමසා බැලිය යුතුය. නිර්මාණාත්මක හා විචාරාත්මක භාවයට පශ්චාත්- නූතන සංකල්ප මගින් ලොව පුරා ම පහරක් වැදී ඇති මුත් එම පහර යම් පශ්චාත් තර්ක සමූහයක් තුල හා ඥාන ගවේෂණයක් තුළම සිදු වී තිබේ. ඉන්දියාවේ වුවද සාහිත්‍යය සම්බන්ධයෙන් මෙම අධ්‍යයන බොහෝ විට හඳුන්වා ඇත්තේ සංස්කෘතික අධ්‍යයන පිළිබඳ නැවත සිතීම ( rethinking cultural studies) යන තේමාව ඔස්සේ ය. මිහායිල් භක්තින් තම විග්‍රහය සඳහා රුසියන් මහා ගත්කරු පියදෝර් දොස්තයෙව්ස්කි ගේ කෘති බරපතළ ආකාරයෙන් විග්‍රහ කළේය. බල්සාක්ගේ කෘති විග්‍රහ කරමින්රෝලන්ඩ් බාත් තම විචාරය ගොඩනැගීය. ජිජැක් තම සංවාදයන්හිදී ග්‍රීක දර්ශනයෙන් ලැබූ ආලෝකය සටහන් කරයි.
එහෙත් සිංහල භාෂාත්මක කතිකාව එයට පටහැනිව බොළඳ නිර්මාණම තෝරාගත් අතර සම්භාව්‍ය කෘතිවලට පරිහාස කළේය. මෑත භාගයේ පළ වූ හොඳම නවකතා කෙටිකතා පාඨකයන්ගෙන් දූරස්ථ කළේය. කවිය ව්‍යාජ සංකල්පරූප වාදයක ගිල්ලුවේය.
මේ සියල්ලටම මූලය වන්නේ අපගේ ජාතික- රාජ්‍ය බුද්ධිමය කතිකාව තුළ තිබූ අප ඉහත සඳහන් කළ කාරණා සමූහයයි. මේ පිළිබඳ මෙයට වඩා විග්‍රහාත්මක අධ්‍යයනයක් කළ යුතු අතර මා මේ ලිපියෙන් උත්සාහ කර ඇත්තේ මේ කරුණු පිළිබඳ සංක්ෂිප්ත විග්‍රහයක නිරත වීමට පමණකි.