මානව සම්භාව්‍ය සංස්කෘතිය හා මර්ලින් පීරිස් මහාචාර්යතුමා
Professor Merlin Peiris
|
මගේ දැනීමේ හැටියට බටහිර සම්භාව්‍ය සංස්කෘතිය කියන්නෙ මිනිසා කියන සත්වයාගෙ වාර්ගික බලයන්, හැසිරීම්, අපේක්ෂා, සබඳතා,සෞන්දර්ය මානයන් ඉගෙනගන්න තියෙන හොඳම විශය ක්ශේත්‍රය. කොපමන ආකර්ශනීය වුවත් මෙම විශය ක්ශේත්‍රයට සමීප වෙන්න දුප්පතුන්ට, පහල මධ්‍යම පන්තිකයන්ට බැරි වුනා. ඒ කාරනා දෙකක් නිසා. එකක් ඉංග්‍රීසි භාශාව. අනෙක එම විශය ක්ශේත්‍රයෙන් රැකියා සඳහා රුකුලක් නොලැබීම. ඒ නිසා මේ විශය විශ්ව විද්‍යාලවල කලේ ඉහල මධ්‍යම පංතික දූදරුවන් හා ආගමික පූජකයන් අතලොස්සක් පමනයි. පාරම්පරික ලාංකිකයන් වුවත් මුලින් මේ විශය ඉගැන්නුවෙ සිංහල නොදන්න කතිකාචාර්යවරු හා මහාචාර්යවරු. ඔවුන් ග්‍රීක ලතින් ඉංග්‍රීසි හොඳින් දැන ගෙන සිටියත් තම මව්බස නොදැනීම ඛේදවාචකයක්. හැබැයි ඉංග්‍රීසි කතා කරන අතලොස්සකට පමනක් නෙමෙයි සිංහල බහුතරයකටත් විශය දැනීම බෙදාදීමේ අවංක වුවමනාවයක් ඔවුන්ට තිබුනා. උදාහරනයක් වශයෙන් මර්ලින් පීරිස් මහාචාර්ය තුමා ලියූ ‘සොක්‍රටීස් ජීවන චරිතය’ ට ප්‍රස්ථාවනාව සපයන මහාචාර්ය සී. ඩබ්ලිව්. අමරසිංහ මහතාගේ පහත ප්‍රාර්ථනය බලන්න.
|
‘මා මේ ව්‍යායාමය හෘදයංගමව පසස්නා අතර සොක්‍රටීස් සිංහල ගැමියන්ගේ දූපුතුන්ගේ සිත් සතන් කෙරෙන් ගැඹුරු සංකල්ප ප්‍රසූත කරවන දිනය දැකීමට පුල පුලා සිටිමි.’ (මහාචාර්ය මර්ලින් පීරිස් , ඩී.පී.පොන්නම්පෙරුම - සොක්‍රටීස් ජීවන චරිතය, ගුනසේන මුද්‍රනය 1999 x පිට)
බටහිර සම්භාව්‍ය සංස්කෘතිය සිංහල දූපුතුන් කරා ගෙනගිය ස්වල්ප දෙනා අතර ප්‍රමුඛයා වෙන්නෙ මර්ලින් පීරිස් මහාචාර්යතුමා. ඔහු තම කුලුපග පරිවර්තකයන් සමග සිය දැනුම සමාජගත කලා. අදටත් විවිධ දුශ්කරතා මැද ඔහු එම සත්කාර්යයෙහි නියැලී සිටීම සිංහල සහෘදයන්ගේ අමන්දානන්දයට හේතු වෙනවා.
ඉපැරනි මානව සංස්කෘතිය කෙරෙහි සිංහල සහෘදයන් තුල ගැඹුරු අවබෝධයක් හා වින්දනයක් ඇති කිරීමෙහිලා ඔහු දුන් දායකත්වය ඇත්තටම ආශ්වාදජනකයි. බටහිර සංස්කෘතිය යැයි නොලිව්වෙ ආරම්භයෙදිමත් පෙර අපර දෙදිග එකට මුහුවුනු නිසා. පසුවත් වෙලදාම, සංග්‍රාම, විදේශීය ජනපදකරනය නිසා සංස්කෘතිය මුසුවුනු බවට ඉතිහාසය සාක්ශි දරනවා.
ආදි පංති විරහිත මානව සමාජය පිලිබඳ දල අදහසකුත් එම මානව සමාජය පංති සමාජය දක්වා සංක්‍රමනය වූ දීර්ඝ වකවානුව ගැන වර්න පින්තූරයකුත් මෙම සම්භාව්‍ය සංස්කෘතිය හැදෑරීමෙන් ලබාගන්න පුලුවන් වෙනවා. ආදි මිනිසාගේ ආහාරපාන, ඇඳුම් පැලඳුම් , ඇවතුම් පැවතුම්, නිශ්පාදන ක්‍රම, ඔවුන්ගේ සමාජ භාවිතය, දේශපාලන භාවිතය, මනෝගමනය ආදිය පිලිබඳ බොහෝ කරුනු කාරනා මෙමගින් ලබාගන්නට පුඵවනි. මානව ඉතිහාසයේ යටගියාව අපට හාර අවුස්සන්න වෙන්නෙ පුරාවිද්‍යාව, පුරා ජීවවිද්‍යාව, ඉතිහාසය හා ඉපැරනි සාහිත්‍යය ඇසුරෙන් පමනයි.
මහාචාර්යතුමා ඉපැරනි වංශකතාකරුවන්, පරම්පරා ප්‍රවෘත්ති සංස්කාරකයන්, සාහිත්‍යකරුවන්, ඉතිහාසඥයින් ලවා ග්‍රීක මූලාශ්‍රයන් ඇසුරින් සම්භාව්‍ය ඉතිහාසයේ යටගියාව පිලිබඳ වඩාත් විශ්වාසදායී තොරතුරු අපට ලබා දෙනවා.
‘ඓතිහාසික ගණයේ ලා සැලකියහැකි මුල් ඒ ග්‍රීක රචනා නම් ග්‍රීකයන්ගේ ආදිතම ලේඛන වන ඉලියඩ් හා ඔඩිසි යන වීර කාව්‍ය දෙකය. මෙම වීර කාව්‍යයන්ට වස්තු වූයේ ඓතිහාසික සිද්ධියක් බව දැන් නිසැකව පිළිගනු ලැබේ. එනම් ක්‍රි.පූ. පහළොස්වැනි හා දොළොස්වැනි සියවස් අතර ග්‍රීකයන් හා ට්‍රෝජන්වරු අතර සිදු වූ සිද්ධියයි. ට්‍රෝයි පුරයත් ග්‍රීක ශිෂ්ටාචාරයත් ගැන හෝමර් කවියාගේ වර්ණනාවන්හි එන තොරතුරු පුරාවිද්‍යා ගවේෂණ වලින් මනාව හෙළිදරව් වී තිබේ. එසේම සිද්ධියෙන් ශතවර්ෂ හතරකට හෝ පහකට හෝ පසුව විසූ හෝමර් යුද්ධය ගැන සාක්ෂි ලබා ගන්නේ වීරකාව්‍ය ශෛලියෙන් එම විෂයය ප්‍රබන්ධයට නැගූ ජනකාව්‍යයන්ගෙනි.’ (මර්ලින් පීරිස් - තුසිඩ්ඩීස් හා ග්‍රීක ඓතිහාසික සම්ප්‍රදායය 17 පිටුව. රණවීර ලෙස්ලි ගුණවර්ධන- ඉතිහාසයේ අතීතය- ගොඩගේ ප්‍රකාශන 2005)
හෝමර් යථාර්තවාදී දෘෂ්ටියෙන් ප්‍රවෘත්ති පරීක්ශා කිරීම වෙනුවට ජනකාව්‍ය සම්ප්‍රදාය අනුගමනය කරමින් මිත්‍යා කතා හා අපූර්ව සිද්ධි සත්‍ය ප්‍රවෘත්ති හා මිශ්‍ර කල නිසා එම වීර කාව්‍යයන්ගෙන් ඓතිහාසික තොරතුරු උකහා ගැනීම අසීරු බවත් ලබා ගත හැක්කේ ග්‍රීක ජීවිතය පිලිබඳ සාමාන්‍ය අවබෝධයක් පමනක් බවත් ඔහු එහි සඳහන් කරනවා.
ඔහුට අනුව මුල්ම ග්‍රීක ඉතිහාසඥය වෙන්නෙ ලැම්ප්සේකසයේ කේරෝන්ය. ඔහු පර්සියාවෙ ඉතිහාසය ලිව්වා. ඊලඟ ඉතිහාසකරු මෛලීටස්හි ඩියොනීසියස් ය. ඔහු ග්‍රීකයන් විසින් පර්සියන්වරුන් මැරතන්හි පරාජයට පත්කිරීමේ ඉඳල ඩේරියස්ගෙ මරනය දක්වා පර්සියාවෙ ඉතිහාසය ලිව්වා. ඒ වුවත් ඉතිහාස
ග්‍රන්ථයක් හැටියට විචාරාත්මක ඉතිහාස ග්‍රන්ථයක් ලියූ මුල්ම තැනැත්තා වශයෙන් මහාචාර්යතුමා හඳුන්වා දෙන්නේ මෛලීසියානු හෙකාටෙයස්. හෙකාටෙයස් ග්‍රීකයන් අතර පැවතුනු බොලඳ කතා අත්හැරල තමාට සත්‍යයැයි හිතුනු කරුනු පමනක් තම ඉතිහාසයට ඇතුල් කරනවා. ඉතිහාසයේ පියා යැයි විරුදාවලිය ලත් හෙරඩෝටස්ට ඉතිහාසය සඳහා පාර කැපෙන්නෙ එහෙම.
මේ ආදි කාලීන ඉතිහාසකරුවන් ග්‍රීක ඉතිහාසය ලියනවිට වැඩිට උනන්දුවුනේ අසල්වැසි පර්සියාවෙ ඉතිහාසය ලියන්න. මහාචාර්යතුමා කියන්නෙ ඒ පර්සියානුවන් පිලිබඳ ඇති වූ කුතුහලය නිසා වූවක් විය හැකි බවයි.

හෙරඩෝටස්ට වුවත් චිරන්තන ඉතිහාස සම්ප්‍රදානයෙන් මිදෙන්න බැරි වූ බව කියන මහාචාර්යතුමා මැරතන්, සලාමිස්,තර්මෝඑෛලී හා ප්ලටියා යන යුද්ධයන් අරභයා හෙරඩෝටස් කරන විස්තර ගැටලු සහගත බවත් සඳහන් කරනවා. නාට්‍ය ධර්ම ස්වරූපයෙන් වර්නනාවන් ඉදිරිපත් කිරීමට දැරූ වෑයම නිසා ඔහු කාලවිරෝධී දෝෂයට බඳුන් වන බව පෙන්වා දෙනවා. අවධි දෙකක් ජීවත් වූ සෝලොන් හා ක්‍රීසස් එකිනෙකා මුනගැස්වීම ඔහු උදාහරන වශයෙන් දක්වනවා. තමා විශ්වාස නොකලත් ජනතාව කියන දේ තමා ලිවිය යුතු යැයි හෙරඩෝටස් ප්‍රතිපත්තියක් වශයෙන් සැලකූ බව ඔහුගේම උපුටාගැනීමකින් මහාචාර්යතුමා පෙන්වා දෙනවා. ඔහුට අනුව ඉතිහාසඥයෙකු වශයෙන් හෙරඩෝටස්ගෙ ප්‍රධානම දුර්වලකම ප්‍රස්ථාව හා හේතු අතර වෙනස අවබෝධ කර නොගැනීම. මේනිසා වැදගත් ඓතිහාසික ව්‍යාපාරයන්ට මූලයන් වශයෙන් සුඵ සිදුවීම් හා පෞද්ගලික් අභිමතාර්ථයන් දැක්වීමෙන් ඔහු සෑහීමකට පත්වෙනවා.
තුසිඩිඩීස් මගින් ඉතිහාස සංකල්පය විපර්යාසයන්ට භාජනය වෙමින් වැදගත් විශයක් බවට පත්වූ බව පෙන්වාදෙන මහාචාර්යතුමා කරුනු වල අභ්‍යන්තරයට කිදාබැස සියල්ල තත්වාකාරයෙන් දර්ශනය කල බැවින් තුසිඩිඩීස් ගැන වැඩි අවධානයක් යොමු කරනවා. හෙරඩෝටස්ගෙ ඉතිහාස සිදුවීම් වලට දෙවියන් සහභාගි වුවත් තුසිඩිඩීස්ගෙ ඉතිහාස සිදුවීම් දෙවියන්ගේ මැදිහත්වීම් වලින් තොරයි. හෙරඩෝටස්ට ග්‍රීක ඛේදාන්ත නාට්‍ය කරුවන් බලපෑව නම් තුසිඩිඩීස් කෙරෙහි බලපෑවෙ ග්‍රීක දාර්ශනිකයන් බව ඔහු අවධාරනය කරනවා. යුද්ධයට හේතු දැක්වීමේදී තුසිඩිඩීස් විද්‍යානුකූල වුනා. තුසිඩිඩීස්ගේ හේතු දිව්‍යමය හෝ පෞද්ගලික හේතු නොව හැම විටම දේශපාලන හේතු වුනා. |
මර්ලින් පීරිස් මහාචාර්යතුමා ආදි ඉතිහාසකරුවන් ලවා ග්‍රීක මූලාශ්‍ර මගින් එම ඉතිහාසයේ යටගියාව පිලිබඳ වඩාත් විශ්වාසාදායි තොරතුරු අපවෙත ලබා දෙනවා. ඒ විතරක්මත් නෙමෙයි ආදි ලිඛිත සාහිත්‍යකරුවන් සංස්කාරකයින් ආදීන්ගෙ ග්‍රීක සාහිත්‍ය මූලාශ්‍රයන්ට අනුව ඒ තොරතුරු ගැලපෙන නොගැලපෙන අයුරු සාකච්ඡා කරනවා. පසුකාලීන ග්‍රීක සාහිත්‍යකරුවන් ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් උදහස් විවේචන අහුමුලු හාරා අවුස්සා මූලාශ්‍ර මගින්ම ගෙනහැර පානවා.
අවුරුදු දහස් ගනනකට පෙර සිදුවීම් හා අවස්ථා සම්බන්ධයෙන් යම්යම් මතභේද පැවතීම සාධාරනයි. සමහර සම්භාව්‍ය ග්‍රන්ථවල වුවත් තමන් නොදුටු සිද්ධි හා අවස්ථා වාර්තා අනුව සටහන් කල තැන් හමුවෙනවා. එවන් සිද්ධි හා අවස්ථා විශ්වාස කරන්න වෙන්නෙ වෙනත් අයගේ වාර්තා හා සටහන්, නිර්මාන සමග සැසදීමෙන්. සිද්ධි හා අවස්ථා කෙතරම් ආකර්ශනීය වුවත් මහාචාර්යතුමා ඒවට යටවෙන්නෙ නැහැ. ඔහු සමකාලීන අනෙක් ග්‍රන්ථ පෙරලනවා. සමකාලිනයන්ට ඇහුම්කන් දෙනවා. පසුකාලීන ග්‍රන්ථවල ඒ සම්බන්ධයෙන් එන කරුනු සොයා බලනවා. නිගමනයකට එන්නෙ බොහෝ කරුනු කාරනා සලකා බලා. තර්කානුකූල මනසකින් නිගමනයකට එන්න තරම් කරුනු කාරනා ප්‍රමානවත් නැත්නම් ඔහු ඒ සම්බන්ධයෙන් විවෘත අදහසකට එලඹෙනවා. අනෙක් අයට වගේම ඔහුටත් ඔහුගේ ස්වකීය වූ දෘෂ්ටියක් තිබෙනවා. ඒත් අනවශ්‍ය ආකාරයට ඒ දෘශ්ටියට ඉස්මතුවෙන්න ඉඩදෙන්නෙ නැහැ. කරුනු කාරනා තුලනාත්මකව සලකා බලනවා. ඔහුගේ ලිපි ග්‍රන්ථ පරිශීලනය කරද්දි අපට හමුවෙන්නෙ නියම ශාස්ත්‍රාලීය විද්වතකු මිස කටට ආ පලියට කතා කරන හිතලු ජනප්‍රිය කරන මහාචාර්යවරයෙක් නෙමෙයි. විශයෙහි ඇලුනු ගැලුනු, විශය අරා සිටින, විශයෙහි විශේශඥ දැනුම් සම්භාරයකට උරුම කියන විද්වතෙක්. මානව සම්භාව්‍ය සංස්කෘතිය පිලිබඳ අර්ථ පූර්ණ විශ්ව කෝශයක් බඳු විද්වතෙක්.
ඔහු සිංහල විශ්ව කෝශයට ඉලියඩ් ගැන ලියද්දි එහි කතුවරයා වශයෙන් ප්‍රකට හෝමර් ගැන කතා කරනවා. හෝමර් ජීවත් වූ කාලය ගැන අධානග්‍රාහී නොවී, ඉතිහාසඥ හෙරඩෝටස්ට පමනක් සීමානොවී, සමකාලීන හා පසුකාලීන ලේඛකයන්ගේ අදහස් තුලනාත්මකව සලකා බලනවා.
‘හෝමර් කවියා කවර කලෙක විසුවෙක් දැයි පුරාණ ග්‍රීකයෝ පවා ඉඳුරා නොදැන සිටියහ. ඔහුගේ කෘතියක් ලෙස ගැනෙන මේ කවෙහි කාලය ද එහෙයින් නිසැකව දැක්විය නොහැකිය. හෝමර් උඩත් පිරිසෙයින් තමාට වඩා අවුරුදු හාරසියයකට පෙර මුත් ඉන් ඈත විසුවකු නොවෙතැයි හෙරඩෝටස් පවසයි. ක්‍රි.පූ. 484 හරියේ උපන් මේ ග්‍රීක ඉතිහාසඥයා මෙසේ හෝමර් ක්‍රි.පූ. නවවෙනි ශතකයෙහි ලා සලකයි. අන්‍යතර පුරාණ ලේඛකයන් ද මේ අඳ කවියා ක්‍රිස්තු පූර්ව සත්වෙන ශතකයෙන් ඔබ්බට ලා සැලකූ බව නිසැකය.’ (මර්ලින් පීරිස් - සිංහල විශ්ව කෝශය 232 පිට.)
පුරාන ග්‍රීකයන් පවා නොදැන සිටි හෝමර් උපන් වර්ශය අපි දැනගන්නේ කොහොමද? හෝමර් ක්‍රිස්තු පූර්ව සත්වන ශතකයත් නවවන ශතකයත් අතර ජීවත් වූ බව අපට හිතාගන්න වෙනවා.
මහාචාර්යතුමාට අනුව ඉලියඩ් කවෙහි වීර යුගය වර්නනා කෙරුනත් එය වීර යුගයෙහි පැබැදුනක් නෙවෙයි. එහි වර්නනා වලින් මතුවෙන්නෙ ලෝකඩ යුගයේ චිත්‍රයක්. ප්‍රකටව පෙනෙන කාලවිරෝධී පරස්පරතාවන් ගෙන් එය වර්නිත සිද්ධියෙන් බොහෝ කලකට පසුව පබැදුනක් බව ඔහු සඳහන් කරනවා. හෝමර්ට එහි කර්තෘත්වය පැවරුවත් එහි කර්තෘ නිගමනය කිරීම ගැටලුකාරී බව ඔහු කරුනු සහිතව පෙන්වා දෙනවා.
‘වර්ජිල් කවියාගේ ඊනිඩ් කව මෙන් ඉලියඩ් කව මුඵමනින්ම එක ම කවියෙකුගේ කෘතියක් නොවේය යනු පිළිගැනීමය. සන්දර්භයට පවා හානිකර අඩු ලුහුඬුකම් හා පරස්පර විරෝධතා කාව්‍යයේ ඒක කර්තෘකත්වයට විරුද්ධව නැඟී එයි. එක්තර පොදු සබැඳියාවක් ඇතිව මුඛපරම්පරාවෙන් පැවත ආ පුරාණ ආඛ්‍යාන සමූහයක් එක් කොට එකම කවක් වන සේ හෝමර් විසින් ගෙතුණක් ලෙසය ඉලියඩ් කාව්‍යය අද සැලකෙනුයේ.’ (මර්ලින් පීරිස්- සිංහල විශ්වකෝශය 232 පිට)
ඇකිලීස්ගේ බලවත් කෝපය ආශ්‍රිතව පබැදුන නොයෙක් ආඛ්‍යානයන් එකට ගොනු කිරීමට අමතරව හෝමර් විසින් අලුතින් යමක් එකතු කරන්නට ඇති බව ඔහු හේතු සාධක මගින් පෙන්වා දෙනවා. මෙසේ සංස්කරනය කිරීමේදී මුල් ඉයෝලික් වාග් ව්‍යවහාරය අයෝනික් වාග් ව්‍යවහාරයට පෙරලුනු බවත් එම අයෝනික් වාග් ව්‍යවහාරයට අනුරූප නොවූ තැන් මුල් ඉයෝලික් වාග් ව්‍යවහාරයෙන්ම තැබූ බවත් ඔහු සියුම්ව නිරීක්ශනය කරනවා.
ඔහුගේ නිරීක්ශන දීප්තිමත් වන අතර විවේචනයන් අර්ථාන්විත වෙනවා. සැසදීම් විශිශ්ට වන අතර එකතු කිරීම් පුලුල් පරාසයක් කරා විහිදෙනවා.

ඔහුගේ ලිපි ලේඛන හා ග්‍රන්ථයන්ගෙ අනර්ඝත්වය රැඳී තියෙන්නෙ ඒවා ග්‍රීක ලතින් මූලාශ්‍ර අනුව කල නිසාම නෙමෙයි. එම කාරනාවත් සමග ඒවායේ හැඳින්වීම හා සටහන් තුල ඇති පරිපූර්නත්වය හා පැහැදිලිකම නිසා ඔහුගේ කිසිම කෘතියක් ලිපියක් ආවට ගියාට කලබලයට කල ඒවා නෙමෙයි. විශේශයෙන්ම මුදල් හබාගිය නිර්මාන නෙමෙයි, හැම අතින්ම පොහොසත් ශාස්ත්‍රීය පර්යේශන.
ඔහු 1978 දී තරම් ඈත ග්‍රීක ඊසොපීය මූලාශ්‍රයන්ගෙන් ඊසොප්ගෙ උපමා කතා සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් පලකරනවා. සිංහල පරිවර්තන සහාය ඩී.පී.පොන්නම්පෙරුමගෙන්. ඒ නිකම්ම නිකම් ඊසොපීය උපමා කතා එකතුවක් නම් නෙමෙයි. උපමා කතා පිලිබඳ පරිපූර්න ශාස්ත්‍රීය පර්යේශනයක්. උපමා කතා කියන්නෙ මොනවද? ග්‍රීක සාහිත්‍යයෙ උපමා කතා ඇරඹුනේ කවර වකවානුවකද? එම උපමා කතා ග්‍රීකයන්ගෙමද? එහෙම නැත්නම් පිටින් ගෙනාවක්ද? පිටින් ආවනම් එන්න ඇත්තෙ කවර කාල වකවානුවකද? ඇත්තටම ඊසොප් කියන්නෙ කවුද? එහෙම කෙනෙක් හිටියද? ඔහු ප්‍රබන්ධයක්ද? එහෙම කෙනෙක් හිටිය නම් හිටියෙ කොහෙද? කොයි කාලෙද? ඔය වගේ දහසක් දේ ගැන මහාචාර්යතුමා එම කෘතියෙහි සාකච්ඡා කරනවා. ඔහුගෙ සාකච්ඡාව හරිම විධිමත්. එනිසාම සුපැහැදිලියි. මොනයම්ම ව්‍යාකූලත්වයකටවත් ඔහු ඉඩ තියන්නෙ නැහැ. ඊසොප් සාකච්ඡාව ගැඹුරු කරමින් ඔහු හෙරඩෝටස්, සොක්‍රටීස්, ඇරිස්ටෝටල්, ඇරිස්ටෝෆනීස්, ඊලියස්, තියෝන්, බැබි්‍රයස්, ෆීඩස් වේදිකාවට කැඳවනවා. උපමා කතාවෙ සම්භවය ගැන සාකච්ඡා කිරීමේදී ඔහු උපමා කතා හා සත්ව කතා අතර ඇති සම්බන්ධය හා වෙනස සිත් කාවදින ආකාරයෙන් විස්තර කරනවා. ඔහුට අනුව සත්ව කතා ඇරඹුනේ ප්‍රාථමික මිනිසුන්ගෙ ජීවන අත්දැකීම් ආශ්‍රයෙන්. |
‘මනුෂ්‍ය වර්ගයාත් තිරිසන් ලෝකයාත් අතර වෙනසක් නොදැක නැත හොත් මද වෙනසක් දකිමින් සතුන් දඩයම් කරමින් හෝ සතුන්ට ගොදුරු වෙමින් කැළෑවල ජීවත් වූ ප්‍රාක්තම සමාජයන්හි මෙබඳු කතාවල ප්‍රභවය දැකිය හැකිය.’
(මර්ලින් පීරිස් - ඊසොප් උපමා කතා අංක 27 xiii පිටුව, ගුණසේන මුද්‍රණය 1978)
සත්ව කතා උපමා කතා නොවන බව පවසන ඔහු අවශ්‍ය කොන්දේසි සැපිරීමෙන් පසු වඩා දියුනු මානව සමාජයක සත්ව කතා පරිනාමයෙන් උපමා කතා බිහිවු හැටි මනාව පෙන්වා දෙනවා.
‘උපමා කතාවේ මේ විශේෂ අරමුණ, එනම් මනුෂ්‍ය පැවැත්ම හැදෑරීම, එය විවේචනය කිරීම හා මෙහෙයවීම, සෑහෙන තරම් දියුණු වු සමාජයක, වෙනත් වචනවලින් කියතොත් සත්ව කථා තේරුම් ගෙන අගය කිරීමට තරම් ග්‍රාම්‍යව සිටිමින් මිනිසා හා මෘගයා අතර වු සුවිශාල වෙනස දැකීමටත් මෘග සමාජය හා ඔවුන්ගේ ක්‍රියා තම සමාජයෙන් හා ක්‍රියා කෙරෙන් මැදහත් ලෙස ඈත්ව තබාගෙන අප මානව ලෝකය පිළිබිඹු කොට දක්වන අරුම පුදුම කැඩපතක් සේ ඒ සත්ව සමාජය ගිනීමටත් තරම් ලෞකික දැනුමෙන් ප්‍රබුද්ධ වු හිරිඔතප් සහිත ආත්ම විවේචක සමාජයක විනා අන් පහත් සමාජයක ඇතිවිය නොහැකිය.’
(එම අංක 45 xix පිටුව)
ග්‍රීක උපමා කතාවේ ආරම්භය ගැටලුකාරී බවත් ඊසොප්ට පෙර පවා ග්‍රීසියෙහි උපමා කතා ප්‍රචලිතව තිබූ බවත් එහෙයින් උපමාකතා ග්‍රීසියෙහි බිහි වී වර්ධනය වූවක් විය හැකි බවත් බැහැරින් එය පැමිනියා නම් ඒ ඊසොප්ට කලින් විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා. කොහොම වුවත් ආසියාතික සතුන් ඊසොප්ගෙ උපමා කතාවල ඇතුලත්ව ඇති නිසා ඊසොපික උපමා කතා කෙරෙහි ආසියාතික බලපෑම ඔහු එකහෙලා පිලිගන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදයේ සම්භවය, පරිනාමය, එහි ප්‍රබලතා හා දුබලතා, ඇද වැටීම් හා බිඳ වැටීම් සම්බන්ධයෙන් ඇතන්ස් පුර රාජ්‍ය හරහා ‘ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදයේ පැතිකඩ’ යන කෘතියෙහි ඔහු සවිස්තරව, ගැඹුරින් හා ශාස්ත්‍රීය ශික්ශනයකින් යුතුව සාකච්ඡා කරනවා.
අසැල්වැසි ස්පාර්ටාවෙ හැමදාම වගේ පැවතුනේ රාජාන්ඩු වුවත් ඇතනස් පුරය රාජාන්ඩු ප්‍රතික්ෂේප කලා. එය අති විශාල බුද්ධිමතුන් පිරිසක් බිහිකල පුරයක්. බොහෝ අසල්වැසි පුර රාජ්‍යවල බුද්ධිමතුන් එහි බුද්ධි ප්‍රබෝධය නිසා එහි නතර වුනා. මුල් ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය වංශවතුන් අතලොස්සකගෙ පාලනයක් වුවත් එහි සාපේක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පැවතුනා. ඒත් වංශවතුන් හා දිලින්දන් අතර අරගල නොතිබුනා නෙමෙයි. ඒ අරගල නිසාම සෝලෝන්ට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන කරන්න සිදුවුනා. දෙපැත්තෙන්ම විවේචන මතුවුනා. කොහොම වුවත් වංශවතුන්ගෙ පාලනය සම්පූර්නයෙන් අහෝසිකරන ප්‍රතිසංස්කරන වලට යන්න සෝලෝන් ඉදිරිපත් වුනේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ දුර්වල තැන් තමයි, බලයට ඒම සඳහා පෙට්ට්‍රාස්සිට් ප්‍රයෝජනයට ගත්තේ. හැබැයි වංශවතුන් අතලොස්සගෙ පාලනය බහුතර පාලනයකට ගෙනාවෙ සෝලෝන්. උපතින් ධනයෙන් අසම වුවත් දේශපාලනයෙන් සම බව ප්‍රජාතන්ත්‍රවාදයට දායාද කලේ සෝලෝන් කියලයි මහාචාර්යතුමා කියන්නේ.
මහා ප්‍රජාතන්ත්‍රවාදියා ලෙස ප්‍රකට පෙරික්ලීස් කිව්වෙ ඔවුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය සුලුතරයට නොව බහුතරයට අනුග්‍රහ දක්වන බවයි. ඒ කියන්නෙ බහුතර පාලනයක්. ඒ වුවත් එක්තරා කාලෙක ඇතන්ස්වල පුරවැසියන් කියල ගනන් ගත්තෙ මව්පිය දෙපාර්ශයෙන් ඇතිනියානුවන් වූ අය පමනක් බව මහාචාර්යතුමා පෙන්වා දෙනවා. මෙසේ කලේ වෙන කව්රුවත් නෙමෙයි මහා ප්‍රජාතන්ත්‍රවාදියා වන පෙරික්ලීස් ම බව ඔහු පවසනවා. සමහරු මේක ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුවක් ලෙස දැක්කත් මහාචාර්යතුමා ඒ දෙස බලන්නෙ සාපේක්ශව. ඒ කාලෙ රට වෙනුවෙන් යුද්ධ කරන්න පුලුවන් අය පමනයි පාලනයට සුදුස්සන් විධියට සැලකුවෙ.
ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුකාරී සොබාවය එකල දාර්ශනිකයන්ගෙ කවියන්ගෙ, දේශකයන්ගෙ විවේචනයට බදුන් වුන ආකාරය සම්බන්ධයෙන් ඔහු අවධානය යොමු කරනවා.
‘...... ප්ලේටෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මෙසේ පවසයි. ‘එය සෑම මිනිසාම, ඔවුන් එකිනෙකාට සමවුවත් නැතත්, සම හැටියට සලකයි.’ මෙහි නෛතික සිද්ධාන්තය වුයේ මිනිසුන්ගේ ඔලු ගණනය කිරීම බැවින් වංශවත් ග්‍රීකයෝ ප්‍රජාතන්ත්‍රවාදය දිලින්දන්ගේ පාලනය හැටියට සලකන්නට වූහ. ඇරිස්ටෝටල් මේ ගැන මෙසේ පවසයි. ‘හැම පුරවැසියා අතරම වරප්‍රසාද සමසේ බෙදී යා යුතුයැයි යන සිද්ධාන්තය වූ විට එහි ප්‍රතිඵලය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක දිළින්දන් පොහොසතුන්ට වඩා වැඩි බලයක් ක්‍රියාත්මක කිරීමයි. ඊට හේතුව ඔවුන් ජනගහණයෙන් බහුතරය වීමයි. තවද බහුතරයේ කැමැත්ත අධිශ්වරත්වයක් ගනියි.’
(මර්ලින් පීරිස් සහ ඥාණසිරි ගුණරත්න - ග්‍රීක ප්‍රජාතන්තවාදයේ පැතිකඩ 5 පිටුව, ගුණසේන මුද්‍රණය 1997)
ඇතන්ස් ප්‍රජාතන්ත්‍රවාදයේ කතා කිරීමේ නිදහස ගැන සාකච්ඡා කරන මහාචාර්යතුමා ඒ සඳහා කවියන්, දාර්ශනිකයින්, දේශකයින් හා දේශපාලඥයින් වේදිකාවට කැඳවනවා. ඒ අනුව සාපේක්ශ වශයෙන් මොන තරම් අඩුපාඩු තිබුනත් ඇතන්ස් ප්‍රජාතන්ත්‍රවාදය තුල කතා කිරීමේ නිදහස උපරිමයෙන් භාවිතා වූ බව පේනවා. එය සාධනය කිරීම සඳහා ඔහු යුරිපිඩීස්ගෙ නාට්‍යයන්ගෙන් තැන් දෙකක් උපුටා දක්වනවා.
‘බැඳුම්වලින් මිදුන දිව ඇතිව ඔවුහු වෙසෙත්ග ඔවුන්ගේ නිවස අර පෙනෙන කීර්තිමත් ඇතන්ස් පුරයත තවත් තැනක ඔහුගේ චරිතයත් මෙසේ පවසයි. ඇතනස් පුරයේ දූවරුන් ගෙන් මගේ මව පැවතේවා. ඒ මගින් මව නිසා මගේ භාෂණයද නිදහස් වනු පිණිසයි.’ (එම අංක 15 - 9 වන පිටුව)
‘බැඳුම් වලින් මිදුන දිව’ මොන තරම් නම් අපූරු ප්‍රානවත් අලංකාරෝත්තියක් ද?
‘ මිනිසෙකුට අදහසක් තිබේ නම් එය පැහැදිලිව ප්‍රකාශ කිරීමට බැරිනම් ඒ අදහස තිබීමේ පලක් නැත’ යන මහා ප්‍රජාතන්ත්‍රවාදියා වන පෙරික්ලීස් ගේ මතයක්ද ඇතන්ස්හි කතා කිරීමේ නිදහස සම්බන්ධයෙන් ඔහු උපුටා දක්වනවා. ඒ අනුව බලන කොට අවුරුදු දහස් ගනනක් ගිහිල්ලත් මේ දියුනුය කියන ලෝකේ අපට කතා කිරීමේ නිදහස අරභයා අරගල කරන්නට වීම සම්බන්ධයෙන් ලජ්ජාවෙන්න සිදුවෙනවා.

කතා කිරීමේ නිදහස හා අන්තර් සම්බන්ධිත තවත් පැතිකඩක් කෙරෙහි ඔහු සහෘද අවධානය යොමු කරනවා. කතා කිරීමේ නිදහස අමන දේශපාලඥයන් ජනතාව රැවටීම සඳහා යොදා ගත් අකාරය ඇරිස්ටෝෆනිස් උපුටා දක්වමින් ඔහු පැහැදිලි කරනවා.
‘ජනතාවෙනි, ඔබ පහසුවෙන්ම මුලා වන්නහුය. ඔබ රවටනු ලැබීමටත් චාටු බස් කියනු ඇසීමටත් කැමැත්තාහු ය. හිස් බැල්මකින් ඉදිරිය බලමින් ඔබ හැම කථිකයකුම විශ්වාස කරන්නාහුය. ඔබට මොලේ ඇත. නමුත් ඔබ ඔබගේ කන් පාවිච්චි කරන විට එය කොහාට ද පියඹා ඇත.’ (එම අංක 9 - 37 පිටුව) දේශපාලඥයින් ජනතාව ගොනාට අන්දවන ආකාරය ඇරිස්ටෝෆනීස් උපුටා දක්වමින් ඔහු තවදුරටත් පැහැදිලි කරනවා. ‘ජනතාවෙනි, මම ඔබේ පෙම්වතා වෙමි. මම පමණක් ඔබ ගැන සොයා බලමි. මම පමණක් ඔබ වෙනුවෙන් උපාය කුමන්ත්‍රණය කරමි, ඔබ බලා ගන්නෙමි. ඔබට පෙම් කරමි.’ (එම අංක 21 - 61 පිටුව) ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් බලයට පත්වන අමන වාචාල දේශපාලඥයින් ප්‍රජාතන්ත්‍රවාදය අපයෝජනය කිරීම ඇරිස්ටෝෆනිස් සදය උපහාසයට බදුන් කරනවා. ‘මහජනයාගේ නායකයෙක් වීම තව දුරටත් උගතුන්ට හෝ අවංක මිනිසුන්ට නොව කපටියන්ට හා අමනයින්ටයි.’ (එම අංක 22 - 61 පිටුවට) මහාචාර්යතුමා එය ශ්‍රී ලංකාවට අදාල නොකලත් එය උපුටා දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ අමන දේශපාලනය බලපා තිබෙන බව පෙනී යනවා. |
වංචාව, දූශනය, නාස්තිය අතින් උපරිමයට ගිය අපට පෙරික්ලීස් අවමංගල දේශනයේ මේ කොටසින් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා.
‘.....තවත් වෙනත් අංශවලින් වගේම ඉක්මවා වියදම් නොකරන අපි, එහෙත් සෞන්දර්යයේ ප්‍රේමවන්තයෝ වමු. අපි ප්‍රඥාවේ ප්‍රේමවන්තයෝ වමු. එහෙත් ඒ අපේ පිරිමිකම නැති නොකරගෙනයි, අප පාවිච්චි කරන ධනය අප එසේ කරන්නේ අල්ලාප සල්ලාපයේ පුරසාරමකට වඩා ක්‍රියාවේ මාධ්‍යයක් හැටියටයි. අප දුප්පත් යැයි කීම ලජ්ජාවට හේතුවක් නොවන බවට සලකන අතර, ඉන් මිදීමට කිසිවක් නොකිරීම
ලජ්ජාවට කරුණක් යැයි හිතමු.’ (එම අංක xi - 73 පිටුවට)
ප්‍රජාතන්ත්‍රවාදය තුල සත්‍යයට වඩා කථන හැකියාව වැදගත් වුනා. බොරුව වුවත් ඇත්ත වගේ පෙන්වන්න පුලුවන් නම් ඒ කථනයට අමුතු බලයක් ලැබුනා. සමහරවිට විතන්ඩවාදීන් (කුතාර්කිකයින්) නිර්දය ලෙස විවේචනය වුවත් ඔවුන්ට සමාජයෙන් හොඳ ඉල්ලුමක් තිබුනෙ ඒ නිසා. විතන්ඩවාදියෙක් ලෙස ප්‍රකට ගොර්ගියැස් සත්‍ය වශයෙන් ගත හැකි දෙයක් නැති බව කිව්වා. තිබුනත් දැනගත නොහැකි නිසා සංනිවේදනය කල නොහැකි බව ඔහු වැඩි දුරටත් කිව්වා. ඒ නිසා වැදගත් වෙන්නේ නොදන්න සත්‍ය නෙමෙයි කෙනෙක් තම අදහස් වලට නතුකර ගැනීම කියලයි ඔහු කිව්වෙ. ඒ කියන්නෙ වැදගත් වෙන්නෙ සත්‍ය නෙමෙයි කථන හැකියාව.
ප්‍රොටගොරස්ට අනුව හැම දෙයකම ප්‍රමිතිය වෙන්නේ මිනිසා. පවතින දේවල් ඒවා පවතින බවටත්, නොපවතින දේවල් ඒවා නොපවතින බවටත් ප්‍රමිතිය මිනිසා මිසක් සත්‍යය නෙමෙයි. ඒ නිසා වැදගත් වෙන්නෙ සත්‍ය නෙමෙයි මිනිසාගේ අදහස් අධ්‍යයනය කිරීම. ඒ කියන්නේ අදහස් අන් අයට බලපෑම් පිලිබඳ අධ්‍යයනයක්. අදහස් ඒත්තු ගැන්වීමේ බලය, දක්ශ කතිකත්වය, තාර්කිකත්වය ආදිය.
විතන්ඩවාදීන් දිහා වුවත් මහාචාර්යතුමා නිශෝධනාත්මකව බලන්නෙ නැහැ. අනෙක් කොයි දේත් දිහා බලන සාරාත්මක දෘශ්ටියෙන් තමයි විතන්ඩවාදීන් දිහා වුවත් බලන්නෙ. ඒ නිසාම විතන්ඩවාදීන්ගෙන් සමාජමය වශයෙන් සිදු වු දායකත්වය ඔහු ඇගයීමට බදුන් කරනවා.
සොෆිශ්ට් යන පදය මුලින් ගෞරව වාචිකව භාවිතා කල බවත් එයින් ඥානවන්තයා, විශේශඥයා වැන්නක් ඇඟ වු බවත් ඔහු පවසනවා. පින්ඩාර්, හෙරෝඩෝටස් වැනි අය පැරනි ලේඛකයන්, සංගීතඥයන්, ඉසිවරුන් පඬිවරුන් හැඳින්වීමට මේ පදය යොදා ගත් බවත් මෙය නිග්‍රහාත්මක පදයක ස්වරූපය ගන්නේ ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ පමන නගරයෙන් නගරයට යමින් සෑම විශයක් සඳහාම මුදල් අයකොට දේශන පැවැත්වු ඉගැන්වීම වෘත්තියක් කර ගත්තවුන් බිහිවීමත් සමඟ බවත් වැඩි දුරටත් ඔහු පෙන්වා දෙනවා.
ග්‍රීක මූලාශ්‍රයන් අනුව විතන්ඩවාදීන් ගැන අපක්ෂපාතී විග්‍රහයකට යන මහාචාර්යතුමා ඔවුන් කෙරෙහි එල්ල වු දෝශාරෝපනයන් හා විරෝධයන් සහෘදයන් හමුවේ දිග අරිනවා. මුල්ම විරෝධය එල්ල වුනේ දාර්ශනික ප්ලේටෝගෙන්.
එහෙම වුවත් ඔවුන් පුර රාජ්‍යයේ වැදගත් තනතුරු හෙබවු බව ඔහු පෙන්වා දෙනවා. ප්‍රොඩිකස්, හිටියෑස් ගෝර්ගියැස් වැනි විතන්ඩවාදීන් තානාපතිවරු ලෙස සේවය කලා. ප්‍රොටගෝරස් වැනි විතන්ඩවාදියෙක් ව්‍යවස්ථා සම්පාදකයෙක් ලෙස ක්‍රියා කලා. අනෙක් අතට ඔවුන් ඉගැන්වීම් ක්‍රමයක් විධියට දේශන ක්‍රමය වෙනස් කලා.
‘ඔවුන්ගේ අවධානයට ලක් වූයේ භෞතික ලෝකයට නොව මානව අගය යන්නටය. එයින් ඔවුහු දර්ශනය අලුත් මඟක් කරා එනම් ආචාර ධර්ම පිළිබඳ අදහස්වල ස්වභාවය කරා යොමු කළහ. කුතාර්කිකයන් ගේ මේ නව සංශයාත්මක අදහස් වලින් පැන නැගුණු ප්‍රශ්න නිසා මුලු මහත් ග්‍රීසිය ම බුද්ධි විප්ලවයකට යොමු විය.’ (මර්ලින් පීරිස් - සිංහල විශ්ව කෝෂය 7 කාණ්ඩය 2 වන කලාපය 408 පිටුව)
මහාචාර්යතුමාට අනුව අති විශිශ්ට බුද්ධිමතුන් වන විතන්ඩවාදීන් මානවවාදයේ ආරම්භකයින්ය. අපර දිග ලෝකයේ වාග්විද්‍යාව, මනෝවිද්‍යාව, සාහිත්‍යවිවේචනය, අධ්‍යාත්මික විද්‍යාව, අලංකාර ශාස්ත්‍රය ආදියෙහි පුරෝගාමීන්ය. දැනුම සංවර්ධනය කර ගැනීමේ විවේචනාත්මක ආකල්ප හෙලිකලේ ඔවුන් ය. සාර්ථකව ජීවත්වීමේ කලාව ඉගැන්වුයේ ඔවුන්ය.
දර්ශනය, සාහිත්‍යය, සදාචාරය, ආගම, දේශපාලනය, භීතිය, සමාජය ඔය කෝක වුවත් මහාචාර්යතුමාගේ කියවීම හුදු කියවීමකට වඩා වැඩි පරිපූර්න අධ්‍යයනයක් බවට පත්වෙනවා. විශයෙහි විශේශඥ දැනුම, පරිචය හැම විටම ඔහු අපක්ෂපාතී විචාරකයකු බවට පත් කරනවා. උදාහරන වශයෙන් ඇරිස්ටෝටල්, ඊස්කලස්, ඇරිස්ටෝෆනීස් ආදීන් ගැන ඔහුගෙ දීප්තිමත් නිරීක්ෂනයන් උපුටා දක්වන්න පුඵවන්.
‘දාර්ශනිකයකු වශයෙන් ඇරිස්ටෝටල් ඔහුගේ පුරෝගාමීන් සියල්ලන්ට ම වඩා නොයෙක් අතින් වෙනස් ය. පඬුවකු සේ ලියූ පළමුවැන්නා ඔහුය. ඔහුගේ ග්‍රන්ථ ක්‍රමවත්ය. ශීර්ෂවලට බෙදා ඇති ඔහුගේ සාකච්ඡා දේවානුභාවයෙන් දැනුම ලත් වක්තෘවරයෙකුගේ නොව ගුරු වෘත්තියෙහි යෙදුණු ඇදුරකුගේ දේශන බඳුය. ඔහු භාවෝත්කර්ෂයෙන් ඔද වැඩී ගියා වු හෝ ආගම භක්තියෙන් උදම් වු හෝ තැනැත්තෙක් නොවීය. ඔහු අත්‍යුක්කෘෂ්ට වුයේ විශ්ලේෂණයෙහි දී හා විවේචනයෙහි දීය’
(මර්ලින් පීර්ස් - සිංහල විශ්වකෝෂය 3 කාණ්ඩය 269 පිටුව)
‘ඇරිස්ටෝටල්ගේ මනසෙහි මැනවින් කැපී පෙනෙන ලක්ෂණද්වයක් වෙයි. එකක් නම් කවර අන්තයකට හෝ බැසගැනීමෙන් ඔහු වළක්වන ඔහුගේ අපූර්ව සාමාන්‍ය වැටහීමයි. අනික නම් ක්‍රමවත් වූද පැහැදිලි වූද චින්තනය කෙරෙහි ඇති ඇල්මයි.’ (එම 271 පිටුව)
ඇරිස්ටෝෆනීස්, ඊස්කිලස් සම්බන්ධයෙන් වුවත් ඔහුගේ නිරීක්ශන හා මතවාද සාරගර්භය, හරවත් විවේචනශීලියි. සිංහල විශ්වකෝශයේ ඇරිස්ටෝෆනීස් ගැන සාකච්ඡා කරන ඔහු ඇරිස්ටෝෆනීස්ට ආවේනික වූ සියුම් උපහාසාත්මක විවේචන අක්ශයන් සහෘදයන් ඉදිරියේ තබනවා.
‘..... ඒ හැම නාට්‍යයකම පසුබිම වුයේ සමකාලීන ඇතන්ස් නගරයයි. එහි සමාජ තත්ත්වය ද දේශපාලන හා අධිකරණ කටයුතු ද විෂය කොට ගෙන විරචිත ඒ නාට්‍යයන්හි එකල එනුවර විසු බොහෝ ප්‍රභූවරයන් ප්‍රකටව ම උපහාසයට ලක් කොට තිබේ. සාහිත්‍යයෙහි සහ කලාවෙහි උපදේශනාත්මක මුහුණුවරක් නිත්‍ය යෙන්ම තිබිය යුතු බව ඔහුගේ අදහස විය.’ (එම 267 පිටුව)

නිර්දෝශීවූවන්ට ඔවුන්ගේ පියවරුන්ගේ පව් වලට දඬුවම් විඳීමට සිදුවීම අසාධාරන බව කියන කියෝග්නිස්, සෝලන් වැනි කවියන්ගේ අදහස් වලට විරුද්ධව, මුතුන්මිත්තන් කල වරදට දුක්විඳින දරු මුනුපුරන් පරම්පරාව මුලුමනින්ම නිර්දෝශී නොවන බවත් මුතුන්මිත්තන්ගේ පව් දූදරුවන් ද පවට නැඹුරු කරන බවත් ග්‍රීක පුරානෝක්ති විග්‍රහ කරමින් ඊස්කිලස් පෙන්වා දුන් බවත් මහාචාර්යතුමා සඳහන් කරනවා. ඊට අමතරව ඊස්කිලස් ගෙ නාට්‍යකරනය ගැන සාකච්ඡා කරන ඔහු ඒවායේ ව්‍යුහය, චරිත නිරූපනය, ගැටුම පාත්‍රයන්ගෙ මනෝ ගමනය ගැන සඳහන් කරනවා.
‘ඔහුගේ පාත්‍රයෝ ද තරමක් දුරට එක් රටාවකට (විශේෂ වර්ගයට) වැටෙති. දෘශ්‍යකාව්‍යාකාරයෙන් ලියන ලද්දේ වී නමුත් ඔහුගේ නාට්‍ය වීර කාව්‍ය ලක්ෂණයන්ගෙන් මුලුමනින්ම මිදී නැත. අනුගායක පිරිස් මුල්තැන් ගනිති. චෙෂ්ටාවෝ නිරූපණය කරනු ලබනවාට වැඩියෙන් වාර්තා කරනු ලැබෙති. සිද්ධීන් පිළිබඳ ඝට්ටනයට වඩා චිත්තවෘත්තීන් පිළිබඳ වූ ඝට්ටනයට මුල්තැන දීම සැබවින් ම ග්‍රීක ශෝකාන්ත නාට්‍යයේ ගරුගම්භීරත්වයට හේතු විය.’ (මර්ලින් පීරිස් - සිංහල විශ්වකෝෂය 4 කාණ්ඩය 358 පිටුව) ග්‍රීක පුරානෝක්ති ග්‍රීක කලාවේ කම්මල විතරක් නෙමෙයි එහි පදනම ම වන බව මාක්ස් පෙන්වා දෙනවා. ග්‍රීක ලේඛන කලාව, චිත්‍ර කලාව, මූර්ති කලාව, නාට්‍ය කලාව ආදිය ගොඩනැගෙන්නෙ ග්‍රීක පුරානෝක්ති හා ග්‍රීක මිත්‍යා කතා පදනම් කරගෙන. ග්‍රීක පුරානෝක්ති වල මූලය ග්‍රීක ශිෂ්ඨාචාරයට සම්බන්ධ මයිසීනියානුවරුන් ගෙන් ඔබ්බට දිවෙනවා. |
හයිජීනස්ගෙ ‘ෆැබියුලයි’ ලතින් බසින් පරිවර්තනය කරන මහාචාර්යතුමා එහි ග්‍රීක මිත්‍යා කතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. මිත්‍යා කතා වල ප්‍රභවය, සම්ප්‍රදාය ආකෘතිය, තේමා, විකාශනය, මිත්‍යා කතා රචකයින්, ඉතිහාසය හා මිත්‍යා කතා අතර සම්බන්ධය ආදී බොහෝ කරුනු කෙරෙහි ඔහු එහි අවධානය යොමු කරනවා.
‘සමහර ග්‍රීක දේවතාවුන් සහ ඔවුනට සම්බන්ධ මිත්‍යා කථාවලට අදාල තොරතුරු ඛණ්ඩ ඉන්දු යුරෝපියානු ප්‍රභවයක් දක්වා දිවෙන අතර හෝමර් දැන සිටි බව සොයාගෙන තිබෙනු පමණක් නොව මයිසීනියානු ලබ්ධිය දක්වා පැරණිය. මේවාට ඇනටෝලියාව සහ මෙසපොටේමියාව යන පෙරදිගින් ආගමනය වුණු මිථ්‍යා කථා ද එකතුවේ.’
(මර්ලින් පීරිස් - ඩී.ආර්. පොන්නම්පෙරුම - ග්‍රීක මිථ්‍යා කතා හයිජිනස්ගේ “ෆැබියුලාර්” අංක 15 xx පිටුව ගොඩගේ ප්‍රකාශන 2002)
‘මිථ්‍යා කථාව නිර්මාණය කොට සම්ප්‍රේෂණය කරන ලද්දේ වාචිකවය. මේ නිසා එය විවිධාකරණය වීමට, පොහොසත් කිරීමට, අමුතු කිරීමට හා කථාවස්තුවෙහි සහ විස්තරවල තමනට අවශ්‍ය පරිදි හසුරුවනු ලැබීමට ඉඩ තිබුණි. ලිවීමේ පරිචය සමග මිත්‍යා පුරාණවල සම්ප්‍රදායයන් ක්‍රමානුගත කිරීමත් විවේචනයත් ආරම්භ විය. සම්ප්‍රදායයේ බර මිථ්‍යාපුරාණය ප්‍රාක්කම සහ මුඪ මනඃ කල්පනයන් හැටියට එක හෙළාම ප්‍රතික්‍ෂේප නොකළ යුතු දෙයක් වශයෙන් ස්ථාපනය විය.’ (එම අංක 18 xxii පිටුව)
‘ සියලු පුරානොක්ති සොබා දහමේ බලවේග පරිකල්පනය තුල පරිකල්පනය මඟින් දමනය කරයිත පාලනය කරයි. හැඩ ගස්වයි ....... ග්‍රීක කලා ඇතිවීමට ග්‍රීක පුරානෝක්ති තිබිය යුතුය. වෙනත් වචන වලින් කිවහොත් ජනතාවගේ පරිකල්පනය ස්වභාවික හා සමාජීය ප්‍රපංච නිරියාසයෙන් කලාත්මකව ස්වීකරනය කරගත යුතුවිය.’ (Marx -A CONTRIBUTION TO THE CRITIQUE OF POITICAL ECONOMY P.216 PROGRESS PUBLISHERS 1978)
ග්‍රීක සංස්කෘතිය කියන්නේ මිනිසාට යලි ලඟාවිය නොහැකි ඉහල මුදුනක් කියල මාක්ස් එම ග්‍රන්ථයෙහි සඳහන් කරනවා. ග්‍රීක පුරානෝක්ති වලින් නියෝජනය වෙන්නෙ මානව ලමා අවධිය කිසිම වැඩිහිටියෙකුට ආපිට ලමයකු වෙන්න බැහැ. වැඩිහිටියො පවා මේ ඓතිහාසික ලමාවියට ආකර්ශනය වෙන්නේ ඒ නිසා. මාක්ස්ට අනුව කුරුවලු වු ලමයින් ඉන්නවා. ඒත් ග්‍රීකයො එහෙම නැහැ. ඔවුන් සාමාන්‍ය ලමයි. සිංහල සහෘදයන්ට ඒ සාමාන්‍ය ලමයි හා ඇසුර ගොඩනගා දෙන්නෙ මහාචාර්යතුමා.
සාමාන්‍ය වැඩිහිටියො පමනක් නෙමෙයි සමාජ විද්‍යාඥයො, මනෝ විද්‍යාඥයො, මානව විද්‍යාඥයො, වාග් විද්‍යාඥයො, ශ්‍රේශ්ඨ කලාකරුවො මේ ඓතිහාසික ලමා වියෙන් ආවේශ ගැන්වෙනවා. ඒ තරමටම ඒ මානව ලමා විය සුන්දර වෙනවා. සොබාදහමෙම කොටසක් විධියට සොබාදහමට වඩාත් සමීප වෙනවා. හැබැයි ඒ සුන්දරත්වය තුල මානව ලාලාසයන් අපේක්ශා, අවශ්‍යතා නොතිබුනා නෙමෙයි.
ෆොයිඩ් තමන්ගෙ සමහර සංකල්ප උකහා ගැනීම සඳහා මේ ග්‍රීක පුරානෝක්ති කෙරෙහි හැරෙනවා. ඔහුගේ ඊඩ්පස් සංකීර්නය, ඉලෙක්ට්‍රා සංකීර්නය, නාසිසස් සංකීර්නය ඊට උදාහරන. කාල්යුංග්ගෙ පසු කාලීන මනෝවිද්‍යාත්මක සංකල්ප සඳහා ග්‍රීක පුරානෝක්ති ඉවහල් වෙනවා. එ පමනක් නෙමෙයි හෙගල්,
තියෝඩෝර්, වොම්සන්, ග්‍රාන්ස් ක්‍යුමොන්ට්, එම්.පී. නිල්සන්, මැක්ස් මුලර්, මැලිනොව්ස්කි, ෆ්‍රෙඩ්රිච් ෂ්ලීමාකර්, ක්ලෝඩ් ලෙවි ස්ට්‍රාවුස්, කාර්ල් කොරෙන්යි ආදී බුද්ධි ජීවීන් ග්‍රීක පුරානෝක්ති කෙරෙහි ආසක්ත වෙනවා.
මහාචාර්යතුමා, ඉතිහාසය පුරානෝක්ති සමග මිශ්‍රවීම සම්බන්ධයෙන් වැදගත් නිරීක්ශනයක යෙදෙනවා. ඔහුට අනුව බොහෝවිට ඉතිහාසය පුරානෝක්ති, මිත්‍යාකතා හා මිශ්‍රවෙනවා. ඊනියස් සමග ට්‍රෝජන්වරු ඉතාලියට පැමිනීමත්, විජය සමග ආර්යයන් ලංකාවට පැමිනීමත් ඔහු සසදනවා. ඔඩ්සියස්ට සරසි වැනි මායාකාරියක් මුන ගැසීමත් විජයට කුවේනි නම් වු මායාකාරිය මුන ගැසීමත් සිද්ධි හා අවස්ථා වශයෙන් බොහෝ දුර සමීප වෙනවා. ඒ කොහොම වුවත් නියම ඉතිහාසය නිශ්චිත සාක්ශි කීපයක් ආරක්ෂා කරන බවත් ඔහු පෙන්වා දෙනවා.
තෙයොග්‍රැස්ටස්ගෙ ‘චරිත’ සහෘදයන් වෙත හදුන්වා දෙමින් එකම කාලයක, එකම දේශගුනයක වුවත් මානවයා එකම අච්චුවක නොවැටීම ගැන සතුටු වන ඔහු, ග්‍රීක නව ප්‍රභවයන්හි වෙස් මුහුනු භාවිතය පිලිබද අදහසක් හා අවබෝධයක් සහෘදයා තුල ඇති කරනවා. එපමනක්ම නෙමෙයි. ඒතුලින් අපේම චරිත සොභාවය දෙස ගැඹුරින් බලන්නත් අවශ්‍ය නම් අපේ චර්යාව යලි අලුතින් සැලසුම් කරන්නත් එමගින් අවස්ථා උදාවෙනවා.
‘චරිත’ කෘතියෙහි සඥාපනකරු තෙයොග්‍රැස්ටස් නොවන බව කරුනු සහිතව ඔහු පෙන්වා දෙනවා. ‘චරිත’ ග්‍රීක නව හාසෝත්පාදක නාට්‍ය හැඳින්වීම නිදර්ශන උප ග්‍රන්ථයක් විය හැකිය යන විචාරක මතය උපුටා දක්වන ඔහු තෙයොග්‍රැස්ටස්, ග්‍රීක නව හාසෝත්පාදක නාට්‍යකරු වෙනැන්ඩර් ගේ ගුරුවරයා හා මිත්‍රයා බවත් මතක්තර දෙනවා.
ඔහු ‘චරිත’ පටන්ගන්නේම තෙයොග්‍රැස්ටස් කව්ද කියලා හොඳ හැඳින්වීමක් සමගින්.
තෙයොෆ්‍රැස්ටස් ඇතන්ස්වලට එන්නෙ ක්‍රි.පූ.371 දී ලෙස්බොස් දුපතේ ඉඳලා. හෙරෝඩෝටස් හා අනෙක් බුද්ධිමතුන් ආව වගේ ඇතන්ස්වල බුද්ධි ප්‍රබෝධය නිසා. ඔහුගෙ තාත්ත මෙලැන්ටාස් නම් ධනවත් රජකයෙක්. ඔහු එන්නෙ ඇතන්ස්වල ප්ලේටෝගෙ ඇකඩමියට. ඇවිත් දර්ශනය හදාරනවා. ප්ලේටෝ මිය
ගියාම ඇරිස්ටෝටල්ට එකතු වෙනවා. ඔහු ඇරිස්ටෝටල්ගෙ ලයිසියමෙ පර්යේශන වලට දායක වෙනවා. ඇරිස්ටෝටල් මිය ගියාම ලයිසියමෙ ප්‍රධානත්වය භාර ගන්නවා. මියයනතුරුම ඔහු එම තනතුර හෙබවු බව මහාචාර්යතුමා සඳහන් කරනවා.
ඒනිසා අපට පේනවා තෙයොග්‍රැස්ටස් කියන්නෙ නිකම්ම නිකන් ලේඛකයෙක් නෙමෙයි ගැඹුරු මූලයන් සහිත පර්යේශකයෙක්.
හොද හා නරක මිනිසුන් අධ්‍යයනය කිරීමෙන් පසු ‘චරිත’ රචනා කල බව සංඥාපන කරු පැවසුවත් අප අතට පත්වී ඇත්තේ නරක චරිත පමනක් බව සඳහන් කරන මහාචාර්යතුමා නරක චරිත මෙන් හොඳ චරිත සිත්ගන්නා අයුරින් සටහන් කිරීමේ අපහසු බව පෙන්වා දෙනවා.
‘තෙයොග්‍රැස්ටස් ‘හොඳ’ චරිත වර්ග ගැනද අධ්‍යයනයක් කළේ නම් අප අතට පත්වී ඇති ‘නරක’ චරිත සටහන් තරම් ඒවා සිත්ගන්නා සුලු අන්දමට කළ හැකිව තිබිණියි මම නො සිතමි. හාස්‍ය හා උපහාස මාත්‍රය ඔහුට අහිමි වු විට ඔහු කෙසේ නම් එය කරන්නද? ’ (මර්ලින් පීරිස් - ඥානසිරි ගුණරත්න - චරිත xxxv පිටුව ගුණසේන මුද්‍රණය 1993)

චරිත වල ස්ත්‍රී චරිත නොවීමේ අඩුව පෙන්වා දෙන ඔහු ක්‍රි:පූ: හත්වෙනි ශතවර්ෂයේ මැද විසු ඇමොර්ගස්හි සෙමොනිඩීස්, එක් එක් සත්ව වර්ගයාට ගැහැනිය උපමා කරමින් ස්ත්‍රී චරිත දහයක් විවරනය කල බව පවසනවා. ඌරු ගැහැනිය, අශ්ව ගැහැනිය, මී මැසි ගැහැනිය ආදී වශයෙන්. ඌරු ගැහැනිය ගේ දොර සියල්ල අවුල් කර ගන්නවා. අපිරිසිදුයි. කුනු කසල මැද ජීවත් වෙනවා. අශ්ව ගැහැනිය ලස්සනට ජීවත්වෙන්න ආස කරනවා. අහංකාරයි. දවසට දෙපාරක් නානවා. කොන්ඩේ මල් ගහනවා. ඇඟ සුවඳ කරනවා. ඒවගේ ගැහැනු අන්‍යයන්ට ප්‍රියවුවත් තමන්ගේ සැමියට නම් ව්‍යසනයක්. හොඳ ගැහැනිය විධියට සෙමොනිඩීස් දක්වල තියෙන්නෙ මී මැසි ගැහැනිය බව මහාචාර්යතුමා සඳහන් කරනවා. ඒ අනුව ඔහු අඩුව අඩුවක් ලෙස දැකීමේ හේතුව සහෘදයන්ට පසක් වෙනවා.
බටහිර නවකතාවෙ ආරම්භය, ඉතිහාසය අඳුරු යුගයෙන් ඔබ්බට, ඒ කියන්නෙ ක්‍රිස්තු පූර්ව 100 දක්වා දිවෙන බව ඔහු කරුනු කාරනා සහිතව පෙන්වා දෙනවා. ‘කැඩී බිඳීගිය කොටස් වශයෙන් වුවද අපට සොයා ගැනීමට ඇති. පැරණිතම ග්‍රීක නවකතාව ක්‍රි:පූ: 100 සහ ක්‍රි:ව: 50 අතර කාලයේදී ලියන ලද ‘තීනස් රොමැන්ස්’ ලෙස හැඳින්වෙන නවකතාවයි. ඉන් අනතුරුව ක්‍රි:ව: 150 සහ ක්‍රි:ව: 300 අතර කාලය තුළ ලියන ලද නවකතා අතුරින් සම්පූර්ණ කෘති 6ක් දැනට ඉතිරිව තිබේ.’ (මර්ලින් පීරිස් සහ රෝහන් පොන්නම්පෙරුම - ඩැෆ්නීස් සහ ක්ලෝඊ iv පිටුව ගුණසේන මුද්‍රණය 1992) |
මේවා බොහොමයක් ප්‍රේම කතන්දර වන අතර මානව ළමා වියේ අතිශයෙන් සුන්දර පෙම් හැඟුම් මේවායේ අන්තර්ගත වෙනවා. පෙරදිග අපරදිග කියලා වෙනසක් නැහැ මුල්ම මානව කතන්දර වල දෙදෙනෙකු දෛවෝපගතව එක්වීම, කුමක් හෝ හේතුවක්, සිදුවීමක් කරන කොට ගෙන ඒ දෙදෙන වෙන්වීම යලි කතාව අවසානයේ දෙදෙනා දෛවෝපගතව එක්වීම දකින්න ලැබෙනවා.
ක්‍රි:ව: 3 වෙනි ශතවර්ෂයේදී (මත භේදපවතී) පමන ලොංගස් විසින් ලියන ලද වඩාත් සුන්දර එඩේර ප්‍රේම වෘතාන්තය වන ඩැග්නීස් සහ ක්ලෝඊ, මහාචාර්ය තුමා සහෘදයන්ට තිලින කරන්නෙ 1992 දී. එදා මෙදා තුර සිංහල සමාජය, විචාරකයින් ඒ ගැන මොනයම්ම සඳහනක් කරනවා මම දැකලා නැහැ. එය මානව යොවුන් වියේ ආදර හැඟීම් චිත්තාවේගයන් ප්‍රකට කරන වඩාත් සොඳුරු ප්‍රේම වෘතාන්තයක්. ලමා වියේ සිට ආදරය මෝදුවන ආකාරය, ලිංගික ආශ්‍රය හා මානවකරනය වු ලිංගික බලය, ඒ කියන්නෙ ලිංගික බලය හා ලිංගිකත්වය අතර වෙනස ඉතාමත් සංයමයෙන් හා ගැඹුරින් ලොංගස් සාකච්ඡා කරනවා. ඒ තෝරාගැනීම අනුව මහාචාර්යතුමාගෙ සම්භාව්‍ය සංස්කෘතිය හා සාහිත්‍යය පිලිබද විශාරද දැනුම හා ඇල්ම ප්‍රකට වෙනවා. ඔහු පසුව හඳුන්වා දුන් අනෙක් පරිවර්තනයන් වන කරිටොන්ගේ කගිරියෑස් -කැල්ලිරෙයී, ඇපොලොනියස්ගේ ආර්ගෝ නැවියන්ගේ වීර චාරිකාව, ලූශියස් ඇපුලෙයියස්ගේ පරිණාමයන් නොහොත් රත්තරන් බූරුවා සම්බන්ධයෙන්ද මෙය එකසේ අදාලය.
ඔහු විසින් ග්‍රීක මුල් බසින් පරිවර්තනය කරන ලද කරිටොන්ගේ කයිරියෑස් - කැල්ලිරෙයී ඔහුගේ වචනයෙන්ම මන බදනා සුලු ප්‍රථම යුරෝපීය නවකතාව වෙනවා. එයද ප්‍රේම වෘතාන්තයක්. එහෙත් බොලද ප්‍රේම කතාවට හාත්පසින් වෙනස් සුන්දර ප්‍රේම කතාවක්. ශේක්ස්පියර්ට බොහෝ කලට පෙර ලියූ ශේක්ස්පියරියානු රෝමියෝ ජුලියට් වර්ගයේ ප්‍රේමනීය නවකතාවක් වෙනවා. හුදු ප්‍රේමය පමනක් නොව ප්‍රේමයට අතිශයින් සම්බන්ධ සුන්දරත්වය, සැකය, ඊර්ශ්‍යාව, කුහකකම, අරගලය දාර්ශනිකව සාකච්ඡාවට බදුන් කරන කුතුහලයෙන් සපිරි නවකතාවක් වෙනවා. ග්‍රීක රෝම සාහිත්‍යයේ එන එවන් මිනිකැට සිංහල සාහිත්‍යයට දායාදකොට සිංහල සාහිත්‍යය සම්භාව්‍ය සාහිත්‍යයෙන් පෝශනය කිරීම මහාචාර්යතුමාගෙන් සිදුවු සුවිසාල මෙහෙවර වෙනවා.
එදත් සාහිත්‍යය ඇතුලෙ අත්තනෝමතික ඒකාධිපති පාලකයන්ගෙ නරුම චර්යාව විවේචනයට හසුවු ආකාරය කයිරියෑස් කැල්ලිරෝයි කදිමට පෙන්වනවා.
‘දැන් රජතුමාට අනික් සෑම දේකටම ඉහළින් හීනත් පේන්න පටන් අරගෙන. මෙතෙක් ඔහු හැමදාම පුදපූජා පවත්වපු දෙවිවරුන් දැන් ඔහුගෙන් පුදපූජා ඉල්ලනවා! ඒකෙ තියෙන ලැජ්ජ නැතිකම! තමාගෙ මාලිගාවෙ අනෙකකු සතු භාර්යාවක් තියාගෙන නඩු විභාග දිග්ගස්සනවා! මේ වාගේ මිනිහෙක් තමුන් විනිශ්චය කරුවෙකැයි කියාගන්නවා!’ (මර්ලින් පීරිස් සහ ඩී.ආර්. පොන්නම්පෙරුම - කයිරියෑස්- කැල්ලිරෝයි 154 පිටුව. ගොඩගේ ප්‍රකාශන 2003)
ආර්ගෝ නැවියන්ගේ වීර චාරිකාව නමින් ඔහු මුල් බසින් පරිවර්තනය කරන ඇපොලොනියස්ගේ අර්ගෝනෞටිකා අතිශයෙන් මන බඳින සම්භාව්‍ය යුගයෙන් පසු බිහි වූ නවකතාවක්. රස ජනිත ග්‍රීක පුරානෝක්ති අනුගමනය කරමින්, සම්ප්‍රදායික වීර කාව්‍ය අනුව ඇපොලෝනියස් තමන්ගේ ස්වාධීන පරිකල්පන ශක්තියෙන් කල එය අගනා නවකතාවක්. රන්මුවා ලොම් කැටිය සොයා ගෙන ජේසන් සහ පිරිස කල ත්‍රාසජනක වීර චාරිකාව එයට විශය වෙනවා. අතිශයයෙන් බිහිසුනු නාගයෙකු විසින් රැකවරනය දුන් රන්මුවා ලොම් කැටිය ජේසන් ලබාගන්නෙ මීඩියාගෙ උදව් උපකාරයෙන්. ඈ ඇගේ මතුරන ලද මහෞශධයෙන් නාගයා නිදි ගන්නනවා. ප්‍රේමයෙන් ආසක්තව විදේශිකයෙකුට උදව් උපකාර කිරීම නිසා මීඩියාට තම පියාවන රජතුමාත්, රජ ගෙදරත් මව්බිමත් අතහැර ජේසන් සමඟ යන්න වෙනවා. ඒ සඳහා තම සොහොයුරා පවා මරන්න ඇය ජේසන්ට උදව් වෙනවා. මේ නිසා දෙවියන් කිපෙනවා. පලා යන
ගමන අතිශයෙන් බිහිසුනු ත්‍රාසජනක ගමනක් වෙනවා. කියනව සහෘදයන් ඒ ගමන සඳහා සහභාගී කරගන්න ඇපොලෝනියස්ගෙ චිත්තාකර්ශනීය සංකල්ප රූපයන් හොඳටම ප්‍රමානවත්.
ඔහු පරිවර්තනය සඳහා තෝරා ගන්නා නවකතා එකට එකක් නොදෙවෙනියි. ඔහු ලතින් බසින් පරිවර්තනය කල පරිණාමයන් නොහොත් රත්තරන් බූරුවා, කුතුහලයෙන් සපිරි සමාජ විවේචනයන් ගෙන් අනූන රසවත් ඉපැරනි ප්‍රබන්ධයක්. අපේ සමහරු කැමැත්තෙන්ම බූරුවො වුවත් ලුශියස් බූරුවෙක් වෙන්නෙ අත්වැරදීමකින්. ඒක වෙන්නෙ රට මේ වගේ මහාපරිමානයෙන් ගුප්ත විද්‍යාවට නතු වු කාලයක. බූරුවෙක් වු ලුශියස් ගෙ විස්මිත, අභූතජනක අත්දැකීම් විස්තර අලංකාරෝක්ති සහිතව විචිත්‍රව මෙහි ඉදිරිපත් කරනවා. මානව ලදරු අවධියෙහි මිත්‍යා විශ්වාස, ඇදහිලි, සිතිවිලි, අභිලාශ, ඇවතුම් පැවතුම් සිත් ගන්නා ලෙස දැක්වෙනවා. ඇපුලෙයියස් මිත්‍යාව මිත්‍යාවෙන්ම උපහාසයට හසුකරනවා. ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියලා කපනවා වගේ. මහාචාර්යතුමා කියන්නේ කතාවට උත්ප්‍රේරක බලය ලැබෙන්නෙ ආදරය කියන මනෝභාවයෙන් කියලයි.
ඔහු ඇපුලෙයියස්ගෙ ලතින් ශෛලිය හදුන්වා දෙන්නෙ මෙහෙම. ‘ඇපුලෙයියස් ගේ ලතින් ශෛලිය ‘ආසියාතික’ ශෛලියක් හැටියට වර්ගකළ හැකිය. අලංකාරෝක්තියෙන් යුක්ත වු එය අතිශයෙන් විචිත්‍රවත් ය. පද්‍යයෙන් පොහොසත්ය. අපූර්ව වචන වලින්ද ග්‍රීක වදන් වලින් ද පැරණි යෙදුම් වලින් සහ භාෂිත
ලතින් භාෂාවෙන් උපුටා ගන්නා ලද වාග් ව්‍යවහාරයෙන් ද ගහණය. ඔහුගේ කෘතිවල කථා ශරීරය පුරා සිය පෞරුෂය. එනම් උකහා නොගත් හා නො ගැඹුරු දැනුම් සම්භාරයක් සහිත උඩඟු ආටෝපාකාර දාර්ශනිකයෙකු ගේ වෙස් ගත් වාග් වියතෙකු ගේ පෞරුෂය ප්‍රතිබිම්බනය කරයි.’ (මර්ලින් පීරිස් සහ ඩී.ආර්. පොන්නම්පෙරුම - පරිණාමයන් නොහොත් රත්තරන් බූරුවා ix පිටුව ගොඩගේ ප්‍රකාශන 2003)
ආදී ග්‍රීසිය රෝමය වෙත පමනක් නොව ආදී ලෝකයේ මිසරය, පර්සියාව වෙතද මහාචාර්යතුමා සිංහල සහෘදයන් කැඳවාගෙන යනවා. මිසරය කියන්නෙම නයිල් නදියෙ තිලිනයක් කියන හෙරඩෝටස්ගෙ මතය මිසරය හදුන්වා දීම සඳහා අතිශයෙන්ම යෝග්‍ය බව සඳහන් කරන ඔහු නයිල් නදියේ පිටාර ගැලීම් ගැනත් එය මිසරය සරුසාර කරන හැටිත් ‘පැරණි මිසරය’ ග්‍රන්ථයෙහි සවිස්තරව සාකච්ඡා කරනවා. කොහොම වුවත් මිසරය සම්බන්ධයෙන් හෙරඩෝටස් සඳහන් කරන කරුනු කාරනා අවිචාරයෙන් ගන්න ඔහු සුදානම් නැහැ. හෙරඩෝටස්ගෙ කාර්ය අගය කරන ගමන්ම ඇතැම් කරුනු සම්බන්ධයෙන් හෙරඩෝටස් සාවද්‍ය බව ඔහු පැහැදිලි කරනවා. මිසරය පිලිබඳ අසම්මත විස්තර, විශය හැසිරවීමේ අඬුලුහුඬුකම්, මිසරියානු භාෂාව නොදැනීම, තමන්තුල ඇති පහසු විස්වාසනීයත්වය, දුර්වල කාල නිර්නය, නිස්සාර පුවත්වලට වැඩි සැලකිල්ලක් දැක්වීම ආදිය ඔහුගේ විවේචනයට බදුන්වෙනවා.
‘පැරණි මිසරය’ කෘතියේ ක්‍රි:පූ: 3200 සිට මහා ඇලෙක්සැන්ඩර් මිසරය ආක්‍රමනය කිරීම දක්වා මිසරයෙහි යටගියාව අන්තර්ගතයි. මිසර රාජවංශ, ඇදහිලි විශ්වාස, අවමඟුල් පූජස්ථාන, පිරිමීඩ මමීකරනය, චිත්‍රාක්ශර හා අක්ශර, මූර්ති චිත්‍ර ආදී බොහෝ දේ ඔහු එහි සාකච්ඡා කරනවා.
මිසරය පුරාවිද්‍යාඥයින් සොයා ගත් චිත්‍ර සටහන් ඇසුරින් දුර්වල පාලනයක් යටතේ මිසරයේ දේශපාලනික අවුල් සොභාවය හා කැරලිකාරී සොභාවය පිලිබඳ සිත් කාවදින විස්තරයක් ඔහු උපුටා දක්වනවා.
‘කුලීනයින් දුක් අදෝනාවලින් පිරී සිටින මුත් දුගීහු ප්‍රීති ප්‍රමෝදයෙන් පසුවෙති. වරෙව් බලවතුන් එලියට ඇද දමව් යැයි සැම නගරයකම කෑගසති. මුඵ දේශයම කෝලහල කරති. ගොවියා වැඩට යනවිට පලිහද රැගෙන යයි. ජල ගැලීම (නයිල් ගඟ) ගැන සැලකීමක් නැත. කෘෂිකර්මය ඇනහිට තිබේ. ගවයෝ වල් වැදී සිටිති. සෑම තැනකම බෝග වර්‍ග කුණුවෙමින් පවතී. මිනිස්සුන්ට වස්ත්‍ර නැත. කුලුබඩු, තෙල් නැත. සියලු දෙයම ජරාවට ගොස් ඇත. මේ දිනවල පිරිසිදු හණ රෙදියැයි කිවහැකි දෙයක් නැත. මළ සිරුරු ගඟට විසිකරනු ලැබේ. මිනිස්සු නගර අතහැර ගොස් කූඩාරම්වල ජීවත් වෙති. මාලිගාව ඉතිරි කර තිබුණත් අන් ගොඩනැගිලි ගිනිබත් වෙයි. ෆේරෝ පැහැරගනු ලැබ කළහකාරීන්ගේ අත්අඩංගුවේ පසුවෙයි. දුගීන් ධනවත් වී ඇත. පාවහන් නැතිව ගමන්කල මිනිසා වස්තු හිමියකු වී සිටියි. තම මුහුණ බැලීමට දියවලක් දෙස බැලු ගැහැනියට දැන් ලෝකඩ කැඩපතක් තිබේ. වහලුන්ට රත්තරන් ලාපිස්, ලසුලි, රිදී මැලකයිට් සහ කාර්නේලියන් වලින් සැදූ ආභරණ පැළදීමට ඇත. සුඛ විහරණය (ඔවුන් සඳහා) බහුලව තිබේ. නමුත් ‘අනේ අපට කෑමට දෙයක් ඇත්නම්’ යැයි කුලීන කාන්තාවෝ කෑගසති. ඔවුහු කඩමාලු ඇඳ අනුන්ට දක්නට සිටීමට ලැජ්ජාවෙති. කිසිවෙකු ඔවුන් පිළිගත් විට ඔවුහු ව්‍යාකූල වෙති. තම දූවරු ගණිකා වෘත්තියෙහි යෙදවීමට ඔවුනට සිදුවී ඇත. ගැහැණියක් ගැනීමට තරම් වත්කමක් නොතිබුණු මිනිසුන් සමඟ ඔවුන්ට නිදා ගැනීමට සිදුවුණු තත්ත්වයකට පත් වී ඇත.’ (මර්ලින් පීරිස් ඩී.ආර්. පොන්නම්පෙරුම - පැරණි මිසරය 82 පිට. ගොඩගේ ප්‍රකාශන 2002)
මෙවැනි කැරලිකෝලාහල වලට හේතුව අනාවරනය වන අවස්ථාවකුත් එහිම සඳහන් වෙනවා. තුතන්කාමන්ගෙ සොහොන් ගෙය සොයා ගත් ඉංග්‍රීසි ජාතික පුරා විද්‍යාඥ හවර්ඩ් කාටර්, එහි කාමර හතරක පුරවා තිබුණ රන් මුතු මැණික් ආදී වස්තු සම්භාරය ගැන විශ්මය පලකරනවා. මේ අනුව එකල පාලකයන් හා පාලිතයන් අතර අරගලය තේරුම් ගන්න පුඵවන්.
ආදී ග්‍රීක හා රෝම සම්භාව්‍ය සංස්කෘතිය පිලිබඳව ආදී ග්‍රීක හා රෝම ලේඛකයන් ගෙන්ම කරුනු කාරනා සිංහල සහෘදයන්ට සෘජුව ලැබෙන දුල්ලභ අවස්ථාවක් වශයෙන් මහාචාර්යතුමාගෙ ‘ග්‍රීක හා රෝම ලේඛන’ හඳුනවා දෙන්න පුලුවන්.
එම කෘතියෙහි හෙරෝඩෝටස්ගේ ‘විමර්ශන’ ග්‍රන්ථයෙන් මිසරය පිළිබඳ විස්තර කරන ලිපියක මිසර පිරමීඩ ගැන හෙරෝඩෝටස් මිසරියානුවන් ගෙන් අසා දැනගත් තොරතුරු අන්තර්ගත වෙනවා. පිරමීඩ නිර්මානය කොයිසා දුශ්කර කාර්යයක් ද යන්න ඒ විස්තර වලින් පැහැදිලි වෙනවා.

‘ඔහු (කෙයොප්ස්) සිය බලය යොදා අරාබියානු කඳුකරයේ සිට ගල්වලවල්වලින් ගල් කුට්ටි නයිල් ගං ඉවුරට ඇද්ද වීය. මෙම ගල් කුට්ටි ගඟ ඔස්සේ පහුරුවලින් රැගෙන ආ විට, ඒවා බාරගෙන ලිබියානු කඳුකරය යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයට ඇද ගෙන යන ලෙස ඔහු නියෝග දී තිබුණේය. තෙමසකට වරක් මාරුවන වැඩමුර යටතේ මෙහි සියක් දහසක් මිනිසුන් නිරන්තරයෙන් වැඩෙහි යොදවනු ලැබුණි. භාරදූරත්වයෙන් පිරමීඩය ඉදිකිරීමේ කාර්යයට වඩා නොඅඩු කාර්ය භාරයක් වූ මෙම මාවත දිගින් පර්ලෙම් 5ක් වු අතර පළලින් අඩි 60ක් විය.’ (මර්ලින් පීරිස්-ඩී.ආර්. පොන්නම්පෙරුම - ග්‍රීක හා රෝම ලේඛන 4 පිටුව ගොඩගේ ප්‍රකාශන 2001)
ඒ විතරක් නෙමෙයි අමානුශික ලෙස බර වැඩ නියෝග කරන මේ පාලකයන් කෙරෙහි පාලිතයන්ගෙ තිබුන වෛරය හා කෝපයත් හෙරෝඩෝටස් සිත් කා වදින අකාරයෙන් විස්තර කරනවා.
‘........ මේ නිසා ඒ මුලු මහත් එකසිය හයක කාලපරිච්ජේදයම තුළ මිසර දේශවාසීන් අතර අන්ත දුඃඛදායක තත්වයක් පැතිර පැවති අතර ඔවුන්ගේ දේවස්ථාන පවා කිසි විටෙක විවෘත නොකොට වසා දමා තිබුණේ ය. මිසර වාසීන් තුළ මොවුන් කෙරෙහි වූ වෛරය හේතු කොට ගෙන ඔවුන්ගේ නම් සඳහන් කිරීමට පවා
තම සිත එකඟ කර ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. එබැවින් මෙම පිරමීඩයන් එකල එම ප්‍රදේශවල සිය බැටලුවන් තණ කැවූ පලිටිස් නම් එඩේරකුගේ වැඩකැයි ඔවුහු පවසන්නට වූහ.’ (එම 7 පිටුව)
මහාචාර්යතුමා 2001 දී පලකල එම ග්‍රීක හා රෝම ලේඛන පැරනි ග්‍රීසියෙහි හා රෝමයෙහි දේශපාලනය, සමාජය, නීතිය, සදාචාරය, සිරිත් විරිත්, මිත්‍යා විශ්වාස, වෛද්‍ය විද්‍යාව ආදී බොහෝ කරුනු කාරනා අඩංගු ග්‍රීක රෝම ලේඛකයන්ගෙ මුල් කෘතිවලින් උපුටා ගත් කොටස්. ඒ නිසා සිංහල සහෘදයන්ට හෙරෝඩෝටස්, තුසිඩිඩීස්, ලිසියාස්, හිපොක්‍රටීස්, ඩෙමොස්තිනීස්, තියෝග්‍රැස්ටන්, සිසරෝ, වැඩිමහල් ප්ලිනි, ලුශියස් ඇපුලෙයියස්, බාල ප්ලිනි, ඇරිස්ටොෆනීස්, ප්ලේටෝ, සෙනෙකා, ටැසිටස්, සුවෙටෝනියස් ආදීන් මුල් කෘතිවලින්ම හදුනාගන්න පුලුවන් වෙනවා.
තුසිඩිඩීස්ගෙ ‘පෙලොපොනේසියානු යුද්ධය’ ග්‍රන්ථයෙන් උපුටාගත් ඇතන්ස් වසංගතය, බිහිසුනු මහාමාරිය රෝගය ඇතන්ස් කරා පැමිනීම, රෝගයට ගොදුරුවූවන්ගෙ දෛනික ජීවිතය හා රෝග ව්‍යාප්තිය පිළිබඳ ඉතා වැදගත් විස්තරයන්ගෙන් සමන්විත වෙනවා.

ලිසියාස්ගෙ ‘පරපුරුෂයෙකුගේ ඝාතනය පිළිබඳ නඩු විභාගය’ අධිකරන දේශනයක්. එය අධිකරන ක්‍රියාවලිය ගැන පමනක් නෙමෙයි ග්‍රීකයන්ගෙ පවුල් ජීවිතය, පරදාර සේවනය බොරු නඩු ඇටවීම ආදිය ගැන වදන් චිත්‍රයක් බදුයි.
වෛද්‍ය විද්‍යාවේ පියා වශයෙන් හැඳින්වෙ හිපොක්‍රටීස් ගෙ ලිපි තුන එකල ශාරීරික හා මානසික සෞඛ්‍ය පිලිබද මතිමතාන්තරයන් හෙලිකරන කදිම නිශ්පාදනයක් වෙනවා. මිනිස් සිරුර හා සොබා දහම අතර අන්තර් සම්බන්ධය හිපොක්‍රටීස් ලෙඩ රෝග සම්බන්ධයෙන් විද්‍යාත්මක ආකල්පයක් කරා තල්ලු කරන බව පේනවා. දෙය්යන්ගෙ ලෙඩක් වශයෙන් සැලකුන අපස්මාරය ඔහු විද්‍යාත්මකව නිර්වචනය කරනවා. ඊට බොහෝ කලකට පසු සිග්මන් ෆ්‍රෙයිඩ්ටත් ඒකම කරන්න සිදුවීම මඟින් එකල ග්‍රීසිය විද්‍යාත්මක දැනුම අතින් කොයිතරම් ඉහල තලයක වැජඹුනාද යන්න පැහැදිලි වෙනවා. |
‘ඊනියා ‘දෙයියන්ගේ ලෙඩේ’ ස්වභාවය වෙන අන් රෝගයකට වඩා කිසියම් දිව්‍යමය හෝ පාරිශුද්ධමය බවක් ඇති රෝගයක් හැටියට මට නොපෙනේ. එය ස්වාභාවික නිශ්චිත හේතුවක් නිසා වැළදෙන්නකි.’ (එම 42 පිටුව 1 අංකය)
‘මගේ පෞද්ගලික මතය නම් මෙම අස්වස්ථතාවට (අසනීපයට) දිව්‍යමය ප්‍රකෘතියක් පළමුවෙන් ම ආරෝපණය කළෝ අපේ ම කාලයේ විසූ මායාකාරයින්, පරිශෝධකයින්, කූට වෙදුන් සහ වංචනිකයින් වැනි තමන් අති භක්තිමත් බහුශ්‍රැතයින් සේ හඟවනු ලබන පුද්ගලයෝය.’ (එම 43 පිටුව 4 අංකය)
මෙහි දැක්වෙන හිපොක්‍රටීස් ගේ සමාජ විවේචනය අදටත් වලංගු වෙනවා.
හිපොක්‍රටීස්ගෙ ‘වෛද්‍ය විනය පහන’ ලිපියෙහි විද්‍යාව හා මතය පිළිබදව අදහස් දැක්වෙනවා.
‘විද්‍යාව හා මතය යනු එකිනෙකට ඉතාමත් වෙනස් කාරණා දෙකකි. විද්‍යාව යනු ඥානයේ පියා ය. මතය අඥානකම බිහි කරවන්නකි.’ (එම 51 පිටුව අංක 4)
නූතන වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම පද්ධතිය හිපොක්‍රටීස් ගේ දිවුරුම හා බැඳී ඇති ආකාරයෙන් ඔහුගේ ආචාරධර්මීය බලපෑම හා දායකත්වය මනාව පැහැදිලි වෙනවා.
සිසරෝ ගෙ මහලු විය සහ මරණය මහලු වියේදී අනිවාර්යයෙන් ලඟාවන මරණය හා මහලුවිය ගැන සාර්ථක විවරනයක් සපයනවා.
‘ස්වභාව පිළිබඳ පර්යේෂණ’ නැමැති වැඩිමහල් ප්ලිනිගෙ ග්‍රන්ථයෙන් උපුටා ගත් ‘තැප්‍රොබානි දිවයින’ ලිපියෙහි ලංකාවෙ අතීතය ගැන අපට තොරතුරු සපයනවා.
‘ඇත්ත වශයෙන් එරට දක්නට ලැබෙන හුදු මහත් සුඛෝපභෝගී වස්තූන් රැස අප අතර ඇති සියල්ල අබිභවා යන්නේ ය. ..... කිසිවෙක් වහලෙකු සේවයෙහි නොයෙදූහ. කිසිවෙක් හිරු උදාවෙන තෙක් හෝ දිවා කාලයේ දී නිදා නොගනිති. ඔවුන්ගේ ගොඩනැගිලි මධ්‍යස්ථ උසින් යුක්ත ය. ධාන්‍ය මිල ගණන් කිසිදිනෙක වැඩි නොකෙරිණ. අධිකරණයන් හෝ නඩු හබ කර ගැනීම් දක්නට නොලැබිණ’ (එම 88 පිටුව අංක 9)
මහාචාර්යතුමාගෙ ග්‍රීක හා රෝම ලේඛන කෙටියෙන් අගය කලහැකි ග්‍රන්ථයක් නෙමෙයි. එහි පසුවට එන ලිපිත් මුල් ලිපි වැනිම කරුනු කාරනා වලින් සරුසාර ලිපි. එහෙත් ලිපිය දිගුවීම කරන කොට ගෙන ඉතිරි ලිපි ගැන සාකච්ඡා කිරීමේ අශාව මැඩ ගැනීමට සිදුවෙනවා.
කොහොම වුවත් මහාචාර්යතුමා සිංහල සහෘදයන්ට තිලින කල දැනුම් සම්භාරය අති විශාලයි. මෙවැනි ලිපියකින් එය හකුලා දැක්වීම අසීරු වෙනවා විතරක් නෙමෙයි එවැන්නකට මා සුදුසු ද යන ගැටලුවක් මතු වෙනවා. ඒත් එතුමාගෙ අති විශිශ්ඨ සේවාවෙන් බිංදු මාත්‍රයක් හෝ ඔබ සමඟ බෙදා හදා ගන්න
ලැබීම මගේ භාග්‍යයක් කොට සලකනවා. (මහාචාර්යතුමාගේ අති විශිශ්ඨ නාට්‍ය පරිවර්තන බොහොමයක් මම ඇසුරු කරල තිබුනත් ලිපිය දීර්ඝ වන නිසා ඒ කිසිවක් ගැන සඳහන් නොකල බව සලකන්න.)

අප ගැන.
වර්තමාන නවකතාව, කෙටිකතාව, කවිය, සිනමාව සහ නාට්‍ය ආදිය පිළිබඳ න්‍යායික සහ විචාරාත්මක රචනා අඩංගු වේදිකාවකි. ඊට අමතර ව මෙහි සමාජ විද්‍යාත්මක ලිපි, දාර්ශනික කතිකාවන් සහිත විවාදාත්මක ලිපි පළ වේ. පුළුල් අනාගත සංස්කෘතික සංවාදයකට දොරටු හැරීම අපේ අරමුණයි.. |
Contact Us
071 800 99 55 071 441 48 55 |
Copyright © 2021 www.kinihiraya.com All rights reserved.