ෂෝපන්හවර්; සුන්දරත්වය මෙන්ම අසුන්දර දේවල්ද සෞන්දර්යාත්මක වෙයි.
Schopenhauer: Beauty as well as ugly things become aesthetic
Arthur Schopenhauer
|
1870 දශකය වන විට ආතර් ෂෝපන්හවර් (Arthur Schopenhauer) ගේ දර්ශනය “යුරෝපය තුළ ඉහළ ස්ථානයක්” දිනාගෙන තිබුණේය. 19 වන සියවසෙහි මුල්භාගයහි දාර්ශනිකයන්,ලේඛකයන්,ගීත රචකයන් සහ කලාකරුවන් බොහෝ දෙනකු කෙරෙහි ඔහුගේ දර්ශනය බල පා තිබුණේය. නිට්ෂේ, ෆ්‍රොයිඞ්,හාඩි, ටෝල්ස්ටෝයි, මෑන් සහ ප්‍රවුස්ට් ඔවුනතරින් කිහිප දෙනකු පමණකි. ෂෝපන්හවර්ගේ දර්ශනයට අනුව, ලෝකය එකම කාසියක දෙපැත්ත මෙන් එකිනෙකට සම්න්බන්ධ වන අංග දෙකකින් සමන්විතය. එනම්,
අභිමතය සහ නියෝජනය 1. අභිමතය (the will) එක් මූලික පදනමකි. එය අන්ධ වූ පරමාර්ථයකින් තොර පෙලඹුමක් හෙවත් අභිප්‍රායකි. 2. නියෝජනය (representation) ෂෝපන්හවර් කියා සිටියේ සජීවී සත්වයන්ගේ සහ අජීවී ද්‍රව්‍යමය බලවේගයන්හි සදාකාලික ප්‍රයත්න මගින් ප්‍රකාශ වන්නේ එම අභිමතය හෙවත් අන්ධ පෙලඹුම බවය. ඔහු ස්වභාව ධර්මය සැලකූවේ සජීවී සත්වයන් තම පැවැත්ම සහ වර්ගයා බෝ කිරීම සඳහා තරඟ වදින්නා වූද, පරිසරයට අනුකූලව හැඩගැසෙන්නා වූ සහ ඒ සියල්ලටම වඩා, ජීවිතය සඳහා වන අභිප්‍රායයෙහි නියම වහලුන් සේ, සචේතනික සත්වයන් දුක්විඳින්නා වූද, රංග භූමියක් ලෙසටය. |
ෂෝපන්හවර් අධ්‍යාත්ම විද්‍යාව (metaphysics) සහ ස්වභාව ධර්මය පිළිබඳ දර්ශනය ද සර්ව අශුභවාදය (Pessimism) වෙතද යොමු වූවකි. අතලොස්සක් හැර, අනෙක් සියලුම සචේතනික සත්වයෝ කිසිදු අත්‍යන්ත පරමාර්ථයක් හෝ සාධාරණ හේතුවක් හෝ නොමැතිව අතිශය වෙහෙස වීමට සහ දුක්විඳීමට බැඳී සිටිති. ඒ අනුව ජීවිතය යනු ජීවිත්වීමට තරම් වටිනා එකක් නොවෙයි.
සර්ව අශුභවාදය තරමක් යටපත් කරගනිමින් ෂෝපන්හවර් මානව ජීවිතය තුළ බුද්ධිමතා විසින් ඉටුකරනු ලබන ප්‍රශංසනීය භූමිකාවක් ද දකියි. අභිප්‍රායට සහ එහි සහායක මමායනයට (Egoism) ද බැඳුණු දාසභාවයෙන් බුද්ධිමතා යම්තාක් දුරටක හෝ මිදෙන ක්‍රම තුනක් හේ හඳුනා ගනියි. ඒවා නම්,
1. සෞන්දර්යාත්මක අත්දැකීම් සහ කලාත්මක නිෂ්පාදනය තුළින්.
2. සානුකම්පිත ආකල්ප සහ ක්‍රියාවන් තුළින් සහ
3. සාමාන්‍ය ලෞකික ජීවිතයෙන් මිදී තවුස් දිවියට එළඹීමෙන්, යනුයි.
කාන්ට්ගේ මතය ඉක්මවයි.
සමස්තයක් වශයෙන් දර්ශනවාදයට අදාළව මෙන්ම, සෞන්දර්යවේදයට අදාළවද, කාන්ට්ගේ මගට වඩා වෙනස් මගකට ෂෝපන්හවර් පිවිසෙයි. කෙසේ වුවද, දාර්ශනික සෞන්දර්යෙහි පුද්ගල නිශ්‍රිත නැඹුරුව ගැඹුරු කරගනිමින්, එය නිවැරදි මඟට යොමු කිරීම පිළිබඳව හේ කාන්ට් වෙත තම ප්‍රශංසාව පුදකරයි. සුන්දරත්වයේ ප්‍රපංචය ආලෝකමත් කළ හැක්කේ, පුද්ගලයා කෙරෙහි එය බලපාන අන්දම ප්‍රවේශමෙන් විමර්ශනය කිරීමෙන් විනා, සුමුදු බව සියුමැලි බව සහ කුඩා බව වැනි වස්තූන්හි ගුණ (Properties) සොයා බැලීමෙන් නොවන බව ඔහු ද විශ්වාස කරයි.
ෂෝපන්හවර් විශ්වාස කරන අන්දමට, සෞන්දර්යවේදියා තම කාර්ය ආරම්භකළ යුත්තේ පුද්ගලයාගේ සෞන්දර්යාත්මක විනිශ්චයෙන් නොවේ. පුද්ගලයා තම අත්දැකීම පිළිබඳව තීරණය ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ආසන්නතම සෞන්දර්යාත්මක අත්දැකීමෙහි සිටය. “අන්තර්ගතයකින් තොර චින්තනයහිස්ය. සංකල්පයන්ගෙන් තොර ප්‍රතිභානය අන්ධය.” යනුවෙන්කාන්ට් විසින් කරන ලද ප්‍රකට ප්‍රකාශයෙහි ඇතුළත් පළමුවන කොන්දේසිය ෂෝපන්හවර් තරයේ පිළිපදියි. එසේ වුවද,
“සංකල්පීය නොවන අන්තර්ගතයන්” (non-conceptual contents)
“සංජානනය පිළිබඳ දැනුම” (Knowledge of perception), ප්‍රතිභානීය ප්‍රජානනය(Intuitive cognition) හෝ “හැඟීම” (feeling) ලෙසින් නූතන දාර්ශනිකයන්විසින්හඳුන්වනු ලැබිය හැකි දෙයක් ද තිබෙන බැව් හේ තරයේ විශ්වාස කරයි.
සොබා දහමෙහි කලාව අත්විඳීම
මානවයන් වන අපට මෙන්ම, මානව නොවන බොහෝ සතුන්ටද සංකල්පයන්ගෙන් තොරව ලෝකය තුළ සැරිසැරීමට සහ ක්‍රියාකිරීමට ද මෙම ප්‍රජානනය ඉඩ සලසයි. ෂෝපන්හවර් විශ්වාස කරන අන්දමට, සොබාදහමෙහි සහ කලාවෙහි සෞන්දර්ය අත්විඳීම මගින්, අප අත්කරගන්නා විශිෂ්ටතම ඥානය එයයි. එහෙත් එම දැනුම සංකල්පීය (Conceptual)නොවෙයි. නැතිනම්, තවම සංකල්පීය බවට පත්ව නැත.
ප්‍රතිභානීය දැනුම අප සඳහාම සුරක්ෂිතව තබාගැනීම හෝ අන්‍යයන්ට සන්නිවේදනය කිරීම හෝ සඳහා අප එය පෙන්වීමට හෝ වචනයෙන් කියා සිටීමට හෝ උත්සාහ දරන්නට පුළුවන. ඔහු හෝ ඇය කලාකරුවකු නම්, එම දැනුම කලා නිර්මාණයක් ඔස්සේ ප්‍රකාශ කිරීමට ඔහු/ඇය උත්සාහ ගනු ඇත. කලාකරුවන් නොවන අය එම දැනුම වචනයෙන් ‘කීමට’ උත්සාහ දැරීම යනු එම දැනුම ප්‍රස්තුතයක් ලෙසින් (Propositionally) ග්‍රහණය කර ගැනීමට උත්සාහ දැරීමකි. ෂෝපන්හවර් කියන අන්දමට එසේ කිරීමේ දී සිදුවන්නේ වියුක්තිකරණය ඔස්සේ, ප්‍රතිභානීය දැනුම, සංකල්පීය දැනුමක් බවට පරිවර්තනය වීමය. අවාසනාවකට මෙන්, එම පරිවර්තනයේදී යම් දෙයක් අනිවාර්ය ලෙස අහිමිවෙයි. එවිට සෞන්දර්යාත්මක විනිශ්චයය සත්‍ය සෞන්දර්යාත්මක අත්දැකීමෙන් ඈත් වූවක් බවට පත්වෙයි. සාධාරණයක් ඉටු නොවෙයි.

සෞන්දර්යාත්මක අත්දැකීමේ ප්‍රභේද
ෂෝපෙන්හවර් කියා සිටින අන්දමට සෞන්දර්යාත්මක අත්දැකීමෙහි ප්‍රභේද දෙකක් වෙයි. සුන්දර අත්දැකීමක් සහ උත්කෘෂ්ට අත්දැකීමක් (The beautyful and sublime) වශයෙනි. සොබාදහම සහ කලාව සංජානනය කිරීම මගින් එම අත්දැකීම් ලබාගත හැකිය.
සෑම මනුෂ්‍යයෙකුටම පාහේ සෞන්දර්යාත්මක අත්දැකීම් ලබාගැනීමේ හැකියාව තිබෙන බවද, එසේ නොවෙයි නම්, ඔවුන් “සුන්දරත්වයට සහ උත්කෘෂ්ටභාවයට මුලුමනින්ම අසංවේදී පුද්ගලයන්” බවද “එම වදන් යුගල ඔවුන්ට අර්ථ විරහිත”බවද ෂෝපන්හවර් කියයි. සෞන්දර්යාත්මක අත්දැකීම් ලබාගැනීමේ හැකියාව සර්ව භෞමිකව පවත්නා දෙයක් වුවද, වැඩි දෙනකු එය ප්‍රයෝජනයට ගන්නේ ඉඳහිට පමණක් සීමිත අන්දමින් බවත්, එය ඉතා ඉහළ මට්ටමින් විඳගනු ලබන්නේ විබුද්ධයන් විසින් පමණක් බවත් ෂෝපෙන්හවර් කියා සිටියි. ඕනෑම නිසියාකාර සෞන්දර්යාත්මක අත්දැකීමක් සඳහා අවශ්‍ය කොන්දේසි දෙකක් වන අතර ඉන් එකක් පුද්ගලානුබද්ධය, අනෙක විෂයානුබද්ධය.
පුද්ගලයා සුන්දරත්වය අත්විඳීම
පුද්ගලයා, පහසුවෙන්ම, නිසල, අභිප්‍රායෙන් තොර, සෞන්දර්යාත්මක සම්භාවනා තත්ත්වයට පත්වෙමින් සිටින විට සහ ඒ අතර මැදදී වස්තුව නෙත ගැටෙන විට, පුද්ගලයා සුන්දරත්වය අත්විඳියි. ස්වභාවික වස්තූන් විශේෂයෙන්ම වෘක්ෂලතා, පහසුවෙන් සුන්දරත්ව අත්දැකීමට බඳුන් වෙයි.
කෙසේවුවද, ප්‍රධාන ක්‍රම දෙකක් ඔස්සේ, වස්තූන් සෞන්දර්යාත්මක සම්භාවනාවට ප්‍රතිරෝධය දැක්වීමට ද ඉඩ තිබේ. එනම් එක්කෝ ඒවා මගින් කායික රුචිය උත්තේජනය විය හැකිය. නැතිනම් කිසියම් අන්දමකින් ජීවිතය පිළිබඳ මානව අභිප්‍රායට පටහැණි විය හැකිය.
සම්භාවනාවට ප්‍රතිරෝධය දක්වන වස්තූන් අතරින් පළමුවන ප්‍රවර්ගය ෂෝපන්හවර් විසින් හඳුන්වනු ලබන්නේ ‘උත්තේජනකාරක දේ’ නැතිනම්, “ආකර්ෂණීය දේ” (the charming) යනුවෙනි. මේවා ධනාත්මකව හෝ ඍණාත්මකව හෝ උත්තේජනකාරී විය හැකිය. සූදානම් කරනු ලැබ ඇති කෑම මේසයෙහි දක්නට ලැබෙන මස්, මාළු, බිත්තර, පාන් සහ බටර්, බීර, වයින්, විස්කි ආදිය ධනාත්මක උත්තේජකකාරකයන්ට නිදසුන්ලෙස හේදක්වයි. මේවා මගින් අනිවාර්ය වශයෙන්ම රුචිය අවුස්සනු ලබන හෙයින්, සෞන්දර්යාත්මක සම්භාවනාවට දැඩි සේ හානිකර වෙයි. එහෙයින් අජීවි ද්‍රව්‍ය සිතුවම් (still-life)වැනි කලා නිර්මාණ තුළින් එවැනි දේ ඉදිරිපත් කිරීම අයෝග්‍ය බව ෂෝපන්හවර් කියයි.
නිරුවත සුන්දර නොවෙයි
ඒ අන්දමින්ම, නිරුවත් රූ අන්තර්ගත වීම හේතුවෙන්ද, අනිවාර්ය ලෙසම කාමරාගය ඇවිස්සෙන හෙයින්, සෞන්දර්යාත්මක සම්භාවනාවක් සිදු නොවෙයි. ඍණාත්මකව උත්තේජනකාරී වනුයේ පිළිකුල උපදවන වස්තූන්ය. ධනාත්මක උත්තේජනයට අදාළව ඉහත දක්වන ලද හේතූන් අනුවම පිළිකුළ දනවන වස්තූන් කලා නිර්මාණ තුළට වැද්ද නොගත යුතු බව ෂෝපන්හවර් කියයි. ඒ එවැනි දේ මගින් දැඩි ඍණාත්මක අභිලාෂයන් හටගන්වනු ලබන හෙයිනි. අසංගතභාවයක් (repugnance)හටගන්වනු ලබන හෙයිනි.
අවලස්සන බවට කලාව තුළ සුජාත භාවය
කෙසේ වුවද, විරූපීභාවය හෙවත් අවලස්සනභාවය (Ugliness), පිළිකුල දනවන වස්තූන් හා සමාන නොවෙයි. ඒවා මගින් අසංගතතාවක් හටගැනීම සිදු නොවෙයි. ෂෝපන්හවර්ගේ විශ්වාසයට අනුව විරූපීභාවයට හෙවත් අවලස්සනභාවයට කලාව තුළ සුජාතභාවයක් අත්වෙයි.සම්භාවනවාට ප්‍රතිරෝගී වන අනෙක් “වස්තූන්” හෝ සංසිද්ධි වර්ගය නම්, මානව අභිලාෂයන්ට පසමිතුරු සබඳතාවයක් දක්වන ඒවාය. කාන්තාරභූමි දර්ශන, ඇද හැලෙන මහා ජලධාරා සහ තාරකා පිරුණු රාත්‍රී ආකාශය යනාදිය ඊට නිදසුන් ලෙස ෂෝපන්හවර් දක්වයි. ඔහු විශ්වාස කරන අන්දමට, උත්තේජක දේවල් මෙන් නොව, මෙම දේවල් ගැන සෞන්දර්යාත්මක සම්භාවනාව පහසුය. සම්භාවනාව අවසානයේ අත්වන අත්දැකීම උත්කෘෂ්ට (Sublime) වර්ගයේ එකකි.
ශෝකාන්තය
ශෝකාන්තයක් පිළිබඳ ෂෝපන්හවර්ගේ න්‍යාය තුළ උත්කෘෂ්ටභාවයට සුවිශේෂ ස්ථානයක් හිමි වෙයි. “ශෝකාන්ත නාට්‍යයක සුවිශේෂ ලක්ෂණ වන භීතිය, ශෝකය වැනි වේදනා කාරී චිත්තවේග හටගන්වන දර්ශන නැරඹීමෙන් අප සන්තුෂ්ටිය අත්කරගන්නේ කෙසේ ද?” යන තාර්කණික ගැටලුවට ඔහු දෙන පිළිතුරෙහි ද උත්කෘෂ්ටභාවයට විශේෂ තැනක් අත්වෙයි. ශෝකාන්තයක් තුළින් ලබන සන්තුෂ්ටිය ඔහු සලකන්නේ
උත්කෘෂ්ටභාවය ඉහළම මට්ටමින් අත්විඳීමක් ලෙසටය. ෂෝපන්හවර්ගේ සෞන්දර්යාත්මක න්‍යායට අනුව, සෞන්දර්යාත්මක අත්දැකීමකින් අත්වන සන්තුෂ්ටිය හටගන්නේ මූලාශ්‍ර තුනක් ඔස්සේය. එනම්,
1. අභිලාෂයකින් තොර වීමේ (will-lessness) නිසලතාවයි. (සුන්දර දෙයකින් අත්වන ප්‍රධානතම සන්තුෂ්ටිය මෙයයි.)
2. ජීවිත අභිලාෂය අභිබවා මතුවන ස්වසවිඥානික උද්දාමය (Self-Conscious exaltation)සහිත සන්තුෂ්ටියයි.
3. සන්තුෂ්ටිය අත්වනුයේ කල්පන සංජානනය (Perception of ideas)තුළිනි. එය නිසලතාවන් මෙන්ම කැපී පෙනෙන්නකි.
සෞන්දර්යාත්මක ආකල්පය
සෞන්දර්යාත්මක ආකල්පය යනු, කිසියම් වස්තුවක් දෙස අප බලන ආකාරයයි. අප තුළ සෞන්දර්යාත්මක අත්දැකීමක් (සුන්දරත්වය, උත්කෘෂ්ටභාවය මෙන්ම අසුන්දරත්වය සම්බන්ධ අත්දැකීමක් වුවද, විය හැකිය. හටගන්නේ එසේ අප වස්තුවක් දෙස බලන ආකාරය අනුවය. බොහෝ සෞන්දර්යවේදී න්‍යායන්ට අනුව, සුන්දර සහ අසුන්දර වස්තූන් අතර වෙනස තීරණය කෙරෙන්නේ එම සෞන්දර්යාත්මක ආකල්පය මගිනි.සෞන්දර්යවේදී න්‍යායන්(aesthetic theories) ලෙසින් හැඳින්වෙන මෙම න්‍යායන් මගින් ඉදිරිපත් කරනු ලබන මතය නම්, කිසියම් වස්තුවක් කෙරෙහි අප දක්වන ආකල්පය සෞන්දර්යාත්මක එකක් වේ නම්, එම වස්තුව සෞන්දර්යාත්මක වස්තුවක් (aesthetic object)වන බවයි.
සෞන්දර්යාත්මක ආකල්පය කොටස් දෙකකින් යුක්තය. එනම්, සෞන්දර්යාත්මක පාර්ශ්වය සහ ආකල්ප පාර්ශ්වය යනුවෙනි. මෙහිදී ආකල්පයක් යනු, මනසෙහි හටගන්නා එක්තරා මානසික තත්ත්වයකි. විශේෂයෙන්ම එය අප අත්දැකීම් ලබාගන්නා හෙවත් ලෝකය දෙස බලන ආකාරයයි. එය වඩාත් පැහැදිළිව තේරුම් ගැනීම සඳහා ශුභවාදී ආකල්පයක් සහිත පුද්ගලයෙකු ගැන අපි සිත යොමු කරමු. එම පුද්ගලයාගේ ප්‍රවණතාව වන්නේ, සෑම දෙයක් දෙසම ධනාත්මක අන්දමින් බැලීමය. ඉන් අදහස් වන්නේ සෑම දෙයක් දෙසම සෞන්දර්යාත්මක ඇසකින් බලන මිනිසුන් සිටින බවක් නොවේ. විශේෂ අවස්ථාවක් හෝ වස්තුවක් දෙස වඩාත් ශුභවාදී ආකල්පයකින් හෙවත් වඩාත් ධනාත්මක අන්දමින් බලන මිනිසුන් සිටින බවය. අප යමක් දෙස බලන්නේ අපටම විශේෂ වූ එක්තරා අන්දමකටය.ශුභවාදී ආකල්පයක් ඔස්සේ කිසියම් අවස්ථාවක් හෝ වස්තුවක් දෙස බලන විටදී අප අවධානය යොමු කරන්නේ එහි ධනාත්මක යැයි සිතිය හැකි ලක්ෂණ වෙතය. එවිට එහි ඇති අයහපත් ලක්ෂණ සැබැවින්ම අයහපත් ඒවා නොවන බැව් අපට වැටහෙයි. එවිට අපට පෙනී යන්නේ එම අවස්ථාවෙහි හෝ වස්තුවෙහි ඇති ධනාත්මක අගයයි.
සෞන්දර්යාත්මක ආකල්පය යනු, අපට අවශ්‍ය විටකදී ඇතිකරගත හැකි චින්තන විලාශයකි. එහෙත් බොහෝ හේතූන් නිසා ඊට අවහිරතා ඇතිවිය හැකිය. සංගීත සංද්වනියකට අවධානය යොමු කර සිටින විටදී අපගේ සෙල්ෆෝනය නාද වුවහොත් එය අවධානයට අවහිරයකි. එය සෞන්දර්යාත්මක ආකල්පය ගොඩනඟා ගැනීමට බාධාවක් වෙයි. කුසගින්න, රැකියා ස්ථානයේ ප්‍රශ්න සිතෙහි මතුවීම ආදිය හේතුවෙන් ද, සෞන්දර්යාත්මක ආකල්පය ඇතිකර ගැනීමේ දී බාධා හටගනියි. ශුභවාදී ආකල්ප ඇතිකර ගැනීම බොහෝ මිනිසුන්ට වඩා ඇතැම් මිනිසුන්ට පහසු බව, දාර්ශනිකයෝ විශ්වාස කරති.
සොබා දහමේ සෞන්දර්ය
අප තුළ සෞන්දර්යාත්මක ආකල්පය හටගන්නා විශේෂ අවස්ථා තිබේ. එනම් කෞතුකාගාරයක් නරඹන විටදී හෝ රඟහලක් තුළ ප්‍රේක්ෂකයකු වී සිටින විටදී වැනි අවස්ථාවන්ය. එහෙත් සෞන්දර්යාත්මක ආකල්පය යන්න කෞතුකාගාරයට හෝ රඟහලට පමණක් සීමා වන්නක් නොවන බවද සැලකිය යුතුය. සොබා දහම පිළිබඳව ද කෙනෙකුට සෞන්දර්යාත්මක ආකල්පයක් ඇතිකරගත හැකිය. සැඳෑ අහසේ විචිත්‍ර පැහැය හෝ මකුළුවෙකු දැල වියන විලාශය හෝ කෙරෙහි හටගැනෙන ආකර්ශනය ද, සෞන්දර්යාත්මක ආකල්පයක් හටගැනීමට අදාළ නිදසුන්ය. ඕනෑම දෙයක් කෙරෙහි අපට සෞන්දර්යාත්මක ආකල්පයක් ඇතිකරගත හැකි යැයිද, එවිට එයද සෞන්දර්යාත්මක වස්තුවක් බවට පත්වන්නේ යැයිද, බොහෝ දෙනා තර්ක කරති. ඒ අනුව කලබලකාරී වීදියක දර්ශනයක් කලාව හෝ සොබාදහම ලෙසින් පිළිගත නොහැකි වුවද, සෞන්දර්යාත්මක ආකල්පයකින් යුතුව කෙනෙකුට එය නැරඹීමට පුළුවන් විය හැකිය. සෞන්දර්යාත්මක ආකල්පය යන්න ඒ තරමටම පුළුල්ය. මායිම් රහිතය.අසීමිතය.
අවලස්සන දේවල සෞන්දර්ය
අපට, කලාව නොවන දේවල් පිළිබඳව වුවද සෞන්දර්යාත්මක ආකල්පයක් ඇතිකර ගත හැකි වනු පමණක් නොව, ලස්සන හෙවත් සුන්දර (beautiful) නොවන දේවල් පිළිබඳවද එම ආකල්ප ඇතිකර ගතහැකිය. ඇතැම් කලානිර්මාණ අවලස්සනය/කැතය (Ugly) එම කැත හෙවත් අසුන්දරභාවය නිසාම ඇතැම් කලා නිර්මාණ අගය කරනු ලබයි.ඇත්ත වශයෙන්ම යම් දෙයක් කැත හෙවත් අසුන්දර යැයි නම් කිරීම මගින්ම සිදුවන්නේ එය සෞන්දර්යාත්මක ඇගැයීමට ලක් කරනු ලැබීමය. එවිට ඒ දෙය පිළිබඳව සෞන්දර්යාත්මක ආකල්පයක් ඇති කර ගැනීම අවශ්‍ය වෙයි. හිරු බැස යන සැඳෑ අහස පිළිබඳ සෞන්දර්යාත්මක ඇගයීමකට ලක්කරනු ලැබීම නිදසුන් කොට ගනිමු.
පළමුව ඒ පිළිබඳව සෞන්දර්යාත්මක ආකල්පයක් ඇතිකර ගැනීම අවශ්‍ය වෙයි. හිරු බැස යන සැඳෑ අහස පිළිබඳ සෞන්දර්යාත්මක ආකල්පයක් ඇතිකර ගැනීමේ දී ඔබ සොයා බලන්නේඑම අහසෙහි දක්නට ලැබෙන සෞන්දර්යාත්මක ලක්ෂණය. ඇතැම් විට ඔබ අවධානය යොමු කරන්නේ අහසේ වර්ණ සංකලනය සහ අවට පරිසරය වෙත විය හැකිය. පහතින් ගලා බසින මාර්ගයෙහි වාහන තදබදයක් ද, පත්‍ර ගිලිහුණු රුක් ගොන්නක් සහ ජෙට්යානා මගින් අහසේ ඇඳුණු වාෂ්ප රේඛා ගණනාවක්දඔබේ අවධානයට යොමු වනු ඇතැයි සිතන්න. තව දුරටත් පරීක්ෂා කිරීමේ දී, එය එතරම් සුන්දර නොවන දර්ශනයක් යැයි ඔබ නිගමනය කරනු ඇත.
සෞන්දර්යාත්මක ආකල්පයක් ඇති කර ගැනීම
මෙවන් නිගමනයකට ඔබට එළඹිය හැක්කේ, අදාළ දර්ශනය දෙස සෞන්දර්යාත්මකව බැලීමෙන් පමණකි. එනම්සෞන්දර්යාත්මක ආකල්පයක් ඇතිකර ගැනීමෙන් පමණකි. මෙයින් පැහැදිළි වනුයේ, සුන්දර දේ පමණක් නොව අසුන්දර දේ පිළිබඳවද අප සෞන්දර්යාත්මක ආකල්පයක් ගොඩනඟා ගන්නා බවය. ඇත්ත වශයෙන්ම යම් දෙයක සුන්දරතාව හෝ අසුන්දරතාව පිළිබද’ නිගමනයකට පැමිණීමට, අපි සෞන්දර්යාත්මක ආකල්පය ඇතිකරගත යුතු වෙමු.
යම් දෙයක් පිළිබඳව සෞන්දර්යාත්මක ආකල්පයක් ඇති කර ගැනීම යනු, එම දෙය සුන්දර හෙවත් ලස්සන යැයි පිළිගැනීම නොවන බැව් ඉහත සඳහන් විස්තර මගින් පැහැදිලි වෙයි.ඊළඟ ප්‍රශ්නය නම්, සෞන්දර්යාත්මක ආකල්පය මගින් කිසියම්ආකාරයක සන්තුෂ්ටියක් ගෙනදෙනු ලබන්නේ ද යනුයි. එමඟින්අනිවාර්ය ලෙසින්ම සෞන්දර්යාත්මක වින්දනයක් හෝ ධනාත්මක සෞන්දර්යාත්මක අගැයීමක් සිදු නොවන බව අපි දුටිමු. එසේ වුවද, එමඟින් එක්තරා අන්දමක පුළුල් වූ වින්දනයක්, සන්තුෂ්ටියක් හෝ තෘප්තියක් ඇතිවිය හැකිය.